ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී
එන්.ජී.ඕ. ප්‍රධානියකුගේ වෙස්‌මුහුණ ගැලවේ!


* ප්‍රධාන යුද අපරාධවලට සම්බන්ධ අපරාධ කළ ආරක්‍ෂක නිලධාරියාට දේශපාලන රැකවරණ දෙන්නැයි එරට ශේ්‍රෂ්ඨාධිකරණය නියෝග කරයි

* කැනඩා කොටි එAජන්තවරු යාපන අර්ධද්වීපයේ

* සම්පන්දන්ලා යළි ඊළම ඉල්ලයි

* ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට සැලසුම් කළ චැනල් ෆොa රූපවාහිනියට හිටපු ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්‌?

* හිටපු නාවික නිලධාරියා ස්‌වීඩන් විදේශ අමාත්‍යාංශයට රිංගීමේ රහස්‌ මෙහෙයුමක්‌

* ඇමරිකානු මානව හිමිකම් වාර්තාව ප්‍රකාශවීමත් සමගම මාධ්‍ය මර්දන ගැන ප්‍රකාශ මතුවේ

* යුද හමුදාවට සමීප වී සිටි කේලම් කණ්‌ඩායමෙන් ත්‍රස්‌ත මර්දන අංශය ප්‍රශ්න කරයි

"නීතියට ඉහළින් කිසිවෙක්‌ නැහැ. කිසිවකුටත් වරප්‍රසාදයක්‌ හිමි නැහැ. දොරවල් වසාගෙන ජනතාවගේ වරම සමතලා කිරීමට සැලසුම් කළ අයට දැන් තමන්ට නීතිය හමුවේ පෙනී සිටීමට සිදුවී ඇත."

- ඊසප් අර්ඩෝගන් තුර්කි අගමැති

(No one is above the law. Noone has impunity those who make plans behind closed doors to crush
the peoples will must see that from now on they will face Justice. - Recep Erdogan - Turkish Prime Minister)


හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහි යුධාධිකරණ නඩු විභාග දෙක පසුගිය 16 වැනිදා සහ 17 වැනිදා නාවික හමුදා මූලස්‌ථානයේදී ආරම්භ විය. මේ නඩු විභාග ආරම්භ කිරීමට පෙර බ්‍රිතාන්‍යයේ බී.බී.සී. සේවාව එය හඳුන්වනු ලැබුවේ රහසිගත නඩු විභාගයක්‌ ලෙසනි. රහසිකගත නඩු විභාගයක්‌ නම් හිටපු ජෙනරාල් වෙනුවෙන් නීතිවේදීන් 11 ක්‌ පෙනී සිටියේ කෙසේද? (Genaral will be tried completely in secret)

ස්‌වීඩන් විදේශ අමාත්‍යාංශය වෙත රහසිගත මෙහෙයුමකට ගොස්‌ ආපසු සිය මෝටර් රිය වෙත පැමිණි හිටපු නාවික නිලධාරියාව ද්‍රවිඩ බුද්ධි අංශ චරපුරුෂයකුගේ කැමරාවට අසුවූ අයුරු

සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා වෙත ප්‍රතිචාර දැක්‌වූ හිටපු ජෙනරාල්වරයා තමා මෙම යුධාධිකරණය පිළිගන්නේ නැති බවත්, එසේම තමා සම්බන්ධව කටයුතු කිරීමට යුධාධිකරණයට බලයක්‌ නැතැයි ද කියා සිටියේය. මෙහිදී හිටපු ජෙනරාල් වෙනුවෙන් පෙනී සිටි නීතිමඬුල්ලේ මූලික විරෝධතාව වූයේ මෙකී යුධාධිකරණයේ සභාපතිවරයා හිටපු ජෙනරාල්ගේ මස්‌සිනා බවත් අනිත් නිලධාරියා අදක්‍ෂයකු නිසා නිලයෙන් පහත දමා සිටි අයකු වන අතර තෙවැනි නිලධාරියා නීති විරෝධී ක්‍රියාවක්‌ සම්බන්ධයෙන් වරදකරු වූ බවත් එම තත්ත්වය යටතේ හිටපු ජෙනරාල්ව මෙම යුධාධිකරණ මණ්‌ඩලයෙන් අගතියක්‌ වන බවත්ය. මේ විරෝධතාවයන් යුධාධිකරණ මණ්‌ඩලය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. එA අනුව අප්‍රේල් 6 වැනිදාට විභාගය කල් දමා ඇත. හයිකෝප් සමාගමට අදාළ ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා රැස්‌වූ එම යුධාධිකරණ මණ්‌ඩලය විසින් විත්තියේ නීතිවේදීන්ගේ මූලික විරෝධතා ගැන ජනාධිපතිගේ නිර්දේශ විමසීම සඳහා යුධාධිකරණ විභාගය කල් තබා ඇත. මෙලෙස හිටපු ජෙනරාල්වරයා තමා ගැන ක්‍රියා කිරීමට යුධාධිකරණයට බලයක්‌ නැතැයි තර්ක කරද්දී ඔහුව යුධ අපරාධකරුවකු කිරීමට දැඩි ලෙස උත්සාහ කළ බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනිය හිටපු ජෙනරාල් කළ බව කියන ප්‍රකාශයක්‌ විකාශනය කළේය. තමාට එරෙහිව නගා ඇති චෝදනා ව්‍යාජ බවත් තමාව රඳවාගෙන ඇත්තේ නීති විරෝධීව බවත් හිටපු ජෙනරාල් තම අත්අකුරින් ලිවූ පිළිතුරුවල දැක්‌වෙන්නේ යෑයි චැනල් ෆොa රූපවාහිනිය තවදුරටත් පවසනු ලැබීය. හිටපු ජෙනරාල් අත් අකුරින් ලියූ බව දැක්‌වූ ප්‍රතිචාර නාවික හමුදා මූලස්‌ථානයෙන් හොරෙන් ඉවතට ගෙනවිත් ඇතැයි ද එම රූපවාහිනිය සඳහන් කර ඇත. (His handwritten answers were smuggled out of Sri Lanka Naval Headquarters where Genaral Sarath Fonseka is held) පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ තමන්ගේ ජයග්‍රහණය ජනාධිපතිවරයා විසින් හිමි කරගෙන ඇතැයි ද පවසන හිටපු ජෙනරාල් තමන් සටන අත්හරින්නේ නැතැයි ද පැවසූ බව චැනල් ෆොa කියා සිටියි. හිටපු ජෙනරාල්ව රඳවා සිටින ස්‌ථානයේ පිහිටීම ගැන ඔහුගේ අත්අකුරින් ලියූ බව කියන කටු සටහනක්‌ ද චැනල් ෆොa රූපවාහිනිය විසින් විකාශනය කර ඇත. මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය මෙයයි. ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන් ඝාතනය කරන බව දැක්‌වෙන වීඩියෝ පටයක්‌ පසුගිය අගෝස්‌තු මාසයේදී ප්‍රකාශයට පත් කළේද මෙම චැනල් ෆොa රූපවාහිනියයි. එකී බ්‍රිතාන්‍ය රූපවාහිනි සේවාවට එකී වීඩියෝ පටය සැපයුවේ ජර්මනියේ කොටි හිතවාදී ඡේ.ඩී.එස්‌. නමැති කීපදෙනකුට සීමා වූ මාධ්‍ය සංවිධානයයි.

ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හිටපු හමුදා නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයකට යොමු කිරීම සඳහා කැස කැවූ මෙම බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනියට හිටපු ජෙනරාල්ගේ මේ ප්‍රකාශය දුන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්‌ විය. (exclñive - former Army Commander Genaral Srath Fonseka tells channel 4 news from his Sri Lanka prison cell that he is being set up and claims the charges he faces in Miltary Court are bogus) කොටි ඝාතක සමාගමට එරෙහිව තමන් මෙහෙය වූ හමුදාව සාවද්‍ය වීඩියෝ පටයක්‌ මගින් ලොව පුරා අවමානයට හා එම හමුදාවේ නායකත්වය යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කළ චැනල් ෆොa රූපවාහිනි සේවාව මේ අවස්‌ථාවේ හිටපු ජෙනරාල් කළේ යෑයි කියන ප්‍රකාශ විකාශනය කිරීමේ පසුබිම කුමක්‌ද?. මේ චැනල් ෆොa රූපවාහිනි සේවා වාර්තාවෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද අපරාධ කළ බවට ජෙනරාල් ෆොන්සේකා චෝදනා කරන බවද සඳහන් කර ඇත. එහෙත් හමුදා පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වන්නේ හිටපු ජෙනරාල්ට එවැනි ප්‍රතිචාර දැක්‌වීමේ අවස්‌ථාවක්‌ නොතිබූ බවයි. මේ වාතාවරණය මැද එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් ශ්‍රී ලංකා යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කළේද යන්න සෙවීම සඳහා මණ්‌ඩලයක්‌ පත් කරන බව පවසා ඇත.

එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය මෙලෙස ක්‍රියා කිරීමට එරෙහිව නොබැඳි ජාතීන්ගේ සංවිධානය විසින් තම දැඩි විරෝධය දක්‌වා තිබේ.

මෙලෙස නොබැඳි ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග එක්‌වෙමින් මහලේකම්ට ලිපියක්‌ එවීම ගැන වඩාත්ම උදානයට පත්වී ඇත්තේ ඔහුගේ උපදේශකයන්ය.

නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මූලික තර්කය වී ඇත්තේ යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ට නීතිමය බලයක්‌ නැති බවය. එහෙත් මේ තර්කය ඉවත දමා ඇති මහලේකම්වරයා තමා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට මණ්‌ඩලයක්‌ පත් කරන්නේ තමාට හිමි බලතල මත බවත් එකී මණ්‌ඩලය සෘජුවම තමන්ට කරුණු වාර්තා කරන බවත්ය.

මෙලෙස එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනය කිරීම සඳහා මණ්‌ඩලයක්‌ පත් කිරීමට ක්‍රියා කිරීමේ සිද්ධියට ඇමරිකානු කොටි ජාලයෙන් ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක්‌ ගත් ඉනර්සිටි ප්‍රෙස්‌ (Inner City Press) නමැති රාජ්‍ය නොවන මාධ්‍ය එන්.ජී.ඕ. සංවිධානය සම්බන්ධ යෑයි අනාවරණය විය.

එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ සිට මොස්‌කව් බලා යැමට පෙර බෑන් කී මූන් ඇමතූ මෙම ඉන්ර්සිටි ප්‍රෙස්‌ සංවිධානයේ මැතිව් රසල් ශ්‍රී ලංකාවට එරෙහිව මණ්‌ඩලයක්‌ පත් කිරීමට ප්‍රමාද වන්නේ මන්දැයි විමසා ඇත. මෙයට ප්‍රතිචාර දක්‌වා ඇති බෑන් කී මූන් ප්‍රමාදයක්‌ නැතැයි සඳහන් කර ඇත.
(There  will be no delay in naming the panel. - Ban ke Moon replied)

එසේම මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ සමග සාකච්ඡා කරන බවද ඔහු පවසා තිබේ.

කොටි එAජන්තවරුන් වූ වී. කිරුබාහරන්, අර්ජුන් එදිරිවීරසිංහම් සමග ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී සාකච්ඡා පවත්වන මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ හිටපු ප්‍රධානියෙක්‌.

එA වන විට ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එන්.ජී.ඕ. ක්‍රියාකාරී, ක්‍රියාකාරිනියන් පිරිසක්‌ ද ප්‍රංශයේ ද්‍රවිඩ මානව හිමිකම් සංවිධානය නමින් කොටින්ට සම්බන්ධ සංවිධානයක්‌ අටවාගෙන සිටින වී. කිරුබාහරන් නමැති කොටි එAජන්තවරයා ද කොටින්ට ආයුධ මිලයට ගැනීමට අරමුදල් සැපයූ ටී.ආර්.ඕ. සංවිධානයේ ප්‍රධානියකු වූ අර්ජුන් එදිරිවීරසිංහම් ද ජිනීවා නුවරට සම්ප්‍රාප්ත වී තිබිණි.

මේ කොටි එAජන්තවරුන් දෙදෙනා පසුගිය අඟහරුවාදා ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියකු හමුවී සාකච්ඡා පවත්වා ඇත. (ඡායාරූපය බලන්න)

මොවුන්ගේ මේ හමුවීම වීඩියෝගත වී ඇත.

මෙය මොහු මෙතෙක්‌ පැළඳ සිටි වෙස්‌මුහුණ ගැලවී බිමට වැටීමකි.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහිව කොටි එAජන්තවරුන් සමග සම්බන්ධකම් පවත්වන්නේ කවුදැයි මෙරට බුද්ධි අංශවලට දැන් තවදුරටත් සනාථ වී තිබේ.

පසුගිය කාලයේ මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ නගමින් ගුවන් හමුදාව, කොටි හඬ ගුවන් විදුලිය විකාශ කිරීම පිළිබඳව කම්පාවට පත්වූ මේ හිටපු නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරිකයා 1971 දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කළ හිටපු කැරලිකරුවෙකි.

මේ සමගම මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු විගස ක්‍රියාකාරීවී රජයේ බුද්ධි අංශ විසින් රජය විවේචනය කරන මාධ්‍යවේදීන් හා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් 35 ක්‌ සම්බන්ධව ලැයිස්‌තු සකස්‌ කර ඇති බවත් එම ලැයිස්‌තුව පිටවී ඇති බවත් කියා සිටියහ.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ රජය පැවසුවේ එවැනි ලැයිස්‌තුවක්‌ ඇත්නම් ප්‍රකාශයට පත් කරන ලෙස අභියෝග කරන බවයි.

මෙහි ඇති පුදුමය නම් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් වාර්තාවක්‌ ප්‍රකාශයට පත්වීමත් ශ්‍රී ලංකාවට එරෙහිව බෑන් කී මූන් මණ්‌ඩලයක්‌ පත් කරන බව පැවසීමත් සමගම රජය මර්දනයට ලක්‌ කිරීමට උත්සාහ කරන බව කියන මාධ්‍ය හා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් පිරිස ගැන ලැයිස්‌තු පිටවීමය.

මේ අතර ත්‍රස්‌ත මර්දන එAකකය විසින් වන්නි මෙහෙයුම සමයේ යුද හමුදාවේ එකම උරුමක්‌කාරයන් ලෙස ක්‍රියා කළ බොම්බඩියර් කණ්‌ඩායමේ ප්‍රධානියා වූ ගෝඨාභය රණවීර හෙවත් රුවන් ජයවර්ධන හෙවත් ලලන්ත නානායක්‌කාර හෙවත් බොම්ඩියර්ගෙන් හා තවත් තිදෙනකුගෙන් ප්‍රශ්න කර ඇත.

මොවුන් කොටි හිතවාදී ජර්මනියේ ඡේ.ඩී.එස්‌. සංවිධානය සමග එකට එක්‌ව ක්‍රියා කළ බව රහසක්‌ නොවේ. එහෙත් ත්‍රස්‌ත මර්දන එAකකය මේ මාධ්‍ය අඳබාල කණ්‌ඩායමෙන් ප්‍රශ්න කිරීම ද දැන් මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමත් ලෙස පෙන්නුම් කර තිබේ.

මේ නිසා ඇසිය යුත්තේ මොවුන් නීතියට ඉහළින් සිටින්නේද යන්නයි? ශ්‍රී ලංකාවේ හමුදාව සුදු කොඩි ඔසවාගෙන ආ කොටින් මැරූ බවට කේලම් කියා මුළු හමුදාවම ජාත්‍යන්තරයට පාවාදුන් මේ ෙද්‍රdහින්ගෙන් ප්‍රශ්න කිරීමට ත්‍රස්‌ත මර්දන එAකකයට හිමිකමක්‌ නැද්ද?.

වන්නි මෙහෙයුම සමයේ ආරක්‍ෂක ලේකම් හා දැඩි සබඳකම් පවත්වන හමුදා නිලධාරීන් ගැන කේලම් කීමේ පිළිවෙතක්‌ අනුගමනය කළ මෙකී කණ්‌ඩායම නිසා වැලිකන්ද ප්‍රදේශය භාරව සිටි එක්‌ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට සිය ධුරය ද අහිමි විය.

එහෙත් වත්මන් හමුදාපති සමයේ එම නිලධාරියා අද හමුදාවේ ඉහළ ධුරයකට පත්විය.

එසේම ආරක්‍ෂක ලේකම්වරයා චීනයේ සංචාරයක යෙදී සිටි අවස්‌ථාවේ ඩිපෙන්ස්‌ වෙබ් අඩවියේ සේවය කළ කපිතන්වරයකු ද අත්අඩංගුවට පත්වූයේ මේ කේලම් නිසාය.

මේ හැර වන්නි මෙහෙයුමේ සැබෑ තොරතුරු වාර්තා කළ ජාතික රූපවාහිනියේ විශේෂ නියෝජිතයාව එකී ක්‍රියාදාමයෙන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ ද මොවුන් යෑයි පසුව හෙළි විය.

එA සඳහා එවකට ජාතික රූපවාහිනියේ සේවය කළ අයෙක්‌ ද අනියමින් සහය වී ඇත. මේ යටගියාව හෙළිවීම නිසා මේ කණ්‌ඩායම දැන් ත්‍රස්‌ත මර්දන එAකකය තමන්ගෙන් ප්‍රශ්න කළ බව කියමින් ප්‍රචාර ගෙන යති.

මෙවන් තොරතුරු මැද ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ මෙරටම සිටි පිරිස්‌ යෑයි සනාථ වී තිබේ. පසුගිය ජනවාරි 25 වැනිදා ස්‌වීඩනයේ ස්‌ටෝරේ නගරයේ නිවසක සුපිරි සාදයක්‌ පැවැත්විණි. සාදය මෙහෙය වූයේ සටන් විරාම සමයේ කොටි නායකත්වය සමග දැඩි සබඳකම් පැවැත්වූ හිටපු නාවික නිලධාරියෙකි. එA බව සනාථ කෙරෙන ලිපි අප සතුව තිබේ.

මේ නිලධාරියා ජනවාරි 27 වැනිදා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම් සිට කටුනායකට එAමට ගුවන් ප්‍රවේශ පත්‍රයක්‌ ද වෙන් කරගෙන තිබිණි. එහෙත් ඔහුගේ අවාසනාවකට වැඩපිළිවෙළ අසාර්ථක විය. පසුගිය අඟහරුවාදා ස්‌වීඩනයේ විදේශ අමාත්‍යාංශයට රිංගූ හිස්‌වැසුමක්‌ දමාගත් තැනැත්තා මේ හිටපු නාවික නිලධාරියා යෑයි ද්‍රවිඩ බුද්ධි අංශ චරපුරුෂයකු විසින් හඳුනා ගත්තේය. මොහු ස්‌වීඩන් විදේශ අමාත්‍යාංශයට රිංගුවේ කුමකටද? එසේම ස්‌ටොක්‌හෝම් සිට ශ්‍රී ලංකාවේ දුරකථන අංක දෙකකට ද ඔහු ඇමතුම් ලබාගෙන ඇත. එA වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ බෙල්ජියමේ බ්‍රස්‌ලින් නුවරට පැමිණ ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහන ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටි බව හෙළිවිය.

ශ්‍රී ලංකාවට ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහන දීම නතර කළ යුතු යෑයි තරයේ පැවසුවේ ස්‌වීඩනයේ විදේශ ඇමැති කාල් බිල්ට්‌ය. මේ නිසා හිටපු නාවික නිලධාරියා ස්‌වීඩන් විදේශ අමාත්‍යාංශයට රිංගුවේ කුමකටදැයි සනාථ නොවන්නේද?

මෙවන් තත්ත්වයක්‌ මැද එම හිටපු නාවික නිලධාරියා ස්‌වීඩනයේ සිට අපට තොරතුරු සපයන්නේ කවුරුන්ද යන්න නිරීක්‍ෂණය කර ඇත. එහෙත් නෝර්වේ කොටි එAජන්ත නෙදියවන්ට සම්බන්ධ පිරිස්‌ දැනටමත් මොහුගේ කටයුතු කෙරේ දැඩි සැක පහළ කර ඇත. මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී ද්‍රවිඩ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය කොටින් විසින් ඉල්ලා සිටි මස්‌ රාත්තලම යෑයි සනාථ වේ. "අපිට උතුර නැගෙනහිර ඉඩම් නීති බලතල, සම්පත් සහ පිස්‌කල් බතල මෙන්ම සෘජු විදේශීය ආයෝජකයන් ද අවශ්‍යයි" යෑයි ද්‍රවිඩ සන්ධානයේ එම මැතිවරණ ප්‍රකාශනයෙන් කියා සිටියේය. එසේම අභ්‍යන්තර ස්‌වයංපාලනයක්‌ ද වසර 30 කට පෙර මෙරටින් විදේශගත වූ ද්‍රවිඩයන්ට ආපසු එAමට ඉඩදෙන ලෙස ද එකී ප්‍රකාශනයෙන් ඉල්ලා තිබේ.

මේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීමට පෙර කැනඩාවේ කොටි එAජන්තවරුන් පිරිසක්‌ සංචාරකයන් වේශයෙන් යාපනයට පැමිණ සිටි බව අනාවරණය විය. මෙහිදී ද්‍රවිඩ සන්ධානය රජයට තර්ජනයක්‌ කරමින් මෙම ඉල්ලීම් දිනාගැනීම සඳහා සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක්‌ දියත් කරන බව පවසා තිබේ. (ඔගභගAග ඩදඇd එද ක්‌මබජය a Cසඩසක Dසිදඉedසැබට ජ්පච්සටබ එද චරුss a කදබට sඒබාසබජැ deප්බා දෙර රුටසදබ්ක aමඑදබදපහ)

මේ නිසා ආර්. සම්බන්දන්ගේ මෙහෙයවීමෙන් යුත් ද්‍රවිඩ සන්ධානය දැන් යළිත් වරක්‌ සූදානම් වන්නේ උතුර නැගෙනහිර ගිනි ඇවිලීමට නොවේද? මෙයට වසර ගණනකට පෙර ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක්‌ දියත් කරද්දී කොටි රහසිගතව තමිල්නාඩුවෙන් ආයුධ ගෙනඑAමට ක්‍රියා කළහ. එවකට යාපනය පොලිස්‌ අධිකාරි සුන්දරලිංගම් මේ බවට එදා සිටි පොලිස්‌පතිට අනතුරු අඟවද්දී ඔහු කිසිම පියවරක්‌ ගත්තේ නැත.

ආර්. සම්බන්දන්ලා දැන් දියත් කිරීමට සූදානම් වන්නේ අමිතර්ලිංගම්ගේ මෙහෙයුමේ අංක 2 නොවේද? මෙලෙස ස්‌වයංපාලන බලතල ඉල්ලමින් ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් පවසා ඇත්තේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව උතුර නැගෙනහිර ආයෝජන අරඹන විට ඔවුන්ට බදු සහන දිය හැකි බවයි. 2002 සටන් විරාම ගිවිසුමින් පසු කොටි ඝාතක සමාගම ඉල්ලා සිටියේ ද මෙම බලතලය. මේ සම්බන්ධයෙන් තමිල්නාඩුවේ හින්දු පුවත්පත පවා කියා සිටියේ ද්‍රවිඩ සන්ධානය ඊළාම් දේශපාලනය යළි අරඹා ඇති බවයි. (ඕපසක බ්එසදබ්ක aකකස්‌බජැ ය්s රුsමපැd එද සබඑරදාමජැ eeක්‌ප චදකසඑසජි) එසේම උතුර නැගෙනහිර එAකබද්ධ කරන ලෙස ද මේ ඊළාම්වාදීහු ඉල්ලා ඇත.

මේ අතර කොටි බුද්ධි අංශ ප්‍රධානියාව සිටි පොට්‌ටුඅම්මාන්ගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ලෙස ක්‍රියා කළ රඝූ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කොටි ත්‍රස්‌තවාදියාට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ දෙන්නැයි එරට ශේ්‍රෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

2006 දී කොළඹ සිට බ්‍රිතාන්‍යයට පැන ගිය මොහුව රටින් පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබේ.















එක්‌සත් ජාතීන්ගේ මහලේකම්

බෑන් කී මූන්



කිරුබාහරන් ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී



පොලිසිය මුදල්, උතුර නැගෙනහිර සියලු සම්පත් හා සෘජු විදේශ ආයෝජන ඇතුළු ස්‌වයංපාලනය ඉල්ලමින් යළිත් උතුර නැගෙනහිර බෙදුම්වාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ද්‍රවිඩ සන්ධානය සිය මැතිවරණය ප්‍රකාශය එළිදක්‌වද්දී.









හිටපු ජෙනරාල්වරයා විසින් තමා සිටින ස්‌ථානය පිළිබඳව සැපයූ බව කියන කටුසටහන චැනල් ෆොa රූපවාහිනිය විකාශනය කර තිබූ අයුරු.

 
Powered By -


 උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.