|
|
|
|
|

තුනෙන් දෙක
අභියෝගය ජයගත හැකිද?
මෙවර මහා මැතිවරණය මෙරටේ තිරසාර සුබ අනාගතයක් තීරණය කරන
තීරණාත්මක මැතිවරණයක් විය යුතුය යන්න මෙරට බහුතර මතයයි. 1978
දී එවකට පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ රජය විසින් ඇති කළ
ආණ්‌ඩුක්‍රම පනත හා ඒ හා සම්බන්ධ විධායක ජනාධිපති ක්‍රමය සහ
මැතිවරණ කොට්‌ඨාස මට්‌ටමින් පැවති ඡන්ද ක්‍රමය වෙනුවට
හඳුන්වාදුන් දිස්‌ත්‍රික් අපේක්‍ෂක අනුපාත ක්‍රමය සහ මනාප
ක්‍රමය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙරට විශාල පරිහානියකට ලක්
වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය නිසා රට තුළ ඒකාධිපති ස්‌වරූපයක් ඇති
විය. එහි අඩු වැඩිවීම සිදුවූයේ පත් වූ ජනාධිපතිවරුන්ගේ
පෞද්ගලිකත්වයත් ඔවුන් වැඩුණු පරිසරයත් ඔවුනගේ අධ්‍යාපන
පසුබිමත් රට ජාතිය ගැන ඔවුන් දැරූ මතයත් යන කරුණු මතයි. එසේම
රටේ යහපත වෙනුවෙන් ඊනියා බලය යොදාගත් එකම ජනාධිපතිවරයා වශයෙන්
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැඳින්විය හැක.
30 අවුරුදු යුද ශාපය අවසන් කිරීමට එතුමාට මේ බලය උපකාරී විය.
දිස්‌ත්‍රික්
අපේක්‍ෂක අනුපාත ක්‍රමය සහ මනාප ක්‍රමය ක්‍රියාත්මකවීම නිසා
මෙයටත් වඩා බරපතල ප්‍රශ්න රාශියකට අද සැමටම මුහුණ පෑමට සිදුවී
තිබේ. විශේෂයෙන් මැතිවරණ කොට්‌ඨාසයකට මන්ත්‍රීවරයෙක් නැති
තරමටම කරුණු යෙදී තිබේ. මන්ද මන්ත්‍රීවරයා පත්වන්නේ
දිස්‌ත්‍රික්‌කයටය. මේ හේතුව නිසා මන්ත්‍රීවරයා කොට්‌ඨාස
මට්‌ටමේ වැඩවලින් මඟහැර යති. මනාප ක්‍රමය නිසා එකම පක්‍ෂයේ
අපේක්‍ෂකයන් ඇන කොටා ගන්නා පොරයක් නැතිනම් මහා රංඩුවක් බවට
පත්ව තිබේ. මේ තත්ත්වය කෙතරම් ඔඩු දුවා තිබේද යත් විවිධ දූෂණ
ක්‍රියා, එකිනෙකාට මඩ ගසා ගැනීම්, තුවාල කරගැනීම් සහ මිනීමරා
ගැනීම් දක්‌වා වර්ධනය වී තිබේ. එසේම එකම පවුලේ අයගේ මනාපයන්ද
එකිනෙකාට වෙනස්‌වන අවස්‌ථා ඇත. මේ හේතුව නිසා පවුල් තුළද
ආරවුල් හටගෙන ඇත.
මැතිවරණ කොට්‌ඨාස මට්‌ටමේදී කොට්‌ඨාසයේ මන්ත්‍රීවරයා සියලු
ඡන්දදායකයන්ව හඳුනයි. මාසයක් ඇතුළත අවශ්‍ය නම් ගෙන් ගෙට වුවද
යා හැක. තමන්ගේ ප්‍රතිරූපය පිම්බීමට එතරම් අවශ්‍යවන්නේ නැත.
ප්‍රදේශයේ ප්‍රශ්න ගැන මන්ත්‍රීවරයාට හොඳ වැටහීමක් ඇත. ගහ මරා
ගැනීමක් නැත. එදා කුඩා දැන්වීම් පත්‍රිකාවක් කොට්‌ඨාසය තුළ
බෙදාහැරීමෙන් සෑම ගෙදරකටම ලිපියක් තැපැල්කර හැරීමෙන් කුඹුරේදී
කඩ පිලේදී හමුවී කථාකිරීමෙන් ගෙන් ගෙට යාමෙන් කොට්‌ඨාසයක්
ලෙහෙසියෙන් පහසුවෙන් දිනාගැනීමට අපේක්‍ෂකයාට හැකියාවක්
තිබිණි. එදා එසේ කළ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ තවමත්
සිටිති. එහෙත් මේ ඊනියා මනාපය නිසා මෙවර ඉදිරිපත් වී ඇති එවැනි
වයෝවෘද්ධ අපේaක්‍ෂකයන්ටත් නළුවන්ට මෙන් සිනාසෙන්ට හතර රියන් අට
රියන් දහඅට රියන් උසට කටවුට් හදල හන්දියක් හන්දියක් ගානේ
කෙලින් කරල තියන්න සිද්ධ වෙලා. මනාපෙ නිසා එදා රුපියල් සිය
ගණනකින් දහස් ගණනකින් කළ දේවල් අද ලක්‍ෂ ගණන් කෝටි ගණන්
වැයකරන්න වෙලා. එසේනම් මේ කවුරුත් අමනාප මනාපය නැති කරන්න
තුනෙන් දෙකක බලය එක් පක්‍ෂයක් විසින් ගන්නේ කොහොමද?
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දිස්‌ත්‍රික් මට්‌ටමින්
මන්ත්‍රීන් තේරීමේ ක්‍රමය වෙනස් කිරීමටත් ඒ සඳහා පැරණි
කොට්‌ඨාස ක්‍රමය හෝ ඒ හා සමාන ක්‍රමයක් ගෙන ඒමට නම් එක්‌සත්
ජනතා නිදහස් සංධානයෙන් ඉදිරිපත්වන අපේaaaaක්‍ෂකයන්ට තුනෙන්
දෙකක බලය ලැබෙන පරිදි ඡන්දය ලබාදෙන ලෙසත් ජනතාවට ආයාචනා කරයි.
මේ හොඳ ප්‍රවණතාවකි. එහෙත් ජනාධිපතිතුමාගේ මෙම කාලීන ඉල්ලීම
ගැන නොව බොහෝ අපේක්‍ෂකයන්ගේ අභිප්‍රාය වී ඇත්තේ තමාට වැඩිම
මනාපයක් ගෙන මැතිසබයට යාමයි. ඒ තුළින් තමාගේ ජනප්‍රියත්වය
තමාගේ මුදල් බලය පෙන්වීමයි. සමහර අපේක්‍ෂකයන් මොනතරම්
ආත්මාර්ථකාමීද යත් හැකිනම් තමාට මනාප තුනම දෙනමෙන්ද ඉල්ලයි.
එකම පක්‍ෂයේ අපේක්‍ෂකයෝ විශේෂයෙන් ඡන්ද ලක්‍ෂය ඉක්‌මවා ගන්ට
උත්සාහ කරන අය තම පක්‍ෂයේ අඩු මනාප ලැබෙතැයි සිතන
අපේක්‍ෂකයන්ටත් මනාපයක් දෙන්ට කියා ඉල්ලනවා නම් කොතරම් අගේද?
එකතැනකට ගොඩ ගැසී ලොකුවට සහ පොඩි ගොඩවල් කීපයක් පෙන්වනවාට වඩා
සමාන ගොඩවල් රාශියක් පෙන්වන්ට හැකිවුවහොත් ජනාධිපතිතුමාගේ
ඉල්ලීම වන තුනෙන් දෙකක බලය එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට
ලබාගත හැකිවනු ඇත. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්වන
අපේක්‍ෂකයන් සියල්ලෝ කණ්‌ඩායම් හැඟීමෙන් යුතුව මනාප බෙදාගෙන
කටයුතු කළ යුතුව ඇත.
මෙවර මහ මැතිවරණයට ලියාපදිංචි වී ඇති ඡන්දදායකයෝ 14088500 කි.
මේ සියලුම දෙනා ඡන්දය පාවිච්චි කළොත් තුනෙන් දෙකක් වන්නේ
9392333 කි. තුනෙන් දෙකක බලය ගන්ට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී
සංඛ්‍යාවෙන් 133 ක් වත් එක් පක්‍ෂයක් ලබාගත යුතුය. සාමාන්‍ය
වශයෙන් එක් මන්ත්‍රීවරයෙක් මනාප 71000 ක් වත් ලබාගත යුතුයි.
එහෙත් ලංකාවේ පැවති කිසිම මැතිවරණයක ලියාපදිංචි ඡන්දදායකයන්
60% - 70% වඩා ඡන්දය පාවිච්චිකර නැත. එයට සාපේක්‍ෂව බලතහොත්
එක් අපේක්‍ෂකයෙකු ලබාගත යුතු ඡන්ද ප්‍රමාණය මෙයට වඩා බොහෝ
අඩුවිය යුතුය. මෙහිදී මුදල් බලය පිරිස් බලය වැඩියෙන් තිබෙන
50000 ඉක්‌ම වූ ඡන්ද ප්‍රමාණයක් අපේක්‍ෂා කරන ජනප්‍රිය තරු
වැනි සුපිරි අපේක්‍ෂකයෝ වැඩිම මනාපයක් ගෙන තමාගේ ගොඩ ලොකුකර
ගැනීමට නොසිතා එතරම් පිරිස් බලයක් නැති වැට උඩ සිටින මායිමේ
සිටින තම පක්‍ෂයේ අනිත් අයටත් මනාපයක් දීමට තම හිතවතුන්
පෙළඹවීම කළ යුතුව ඇත. ඒ තුළින් තුනෙන් දෙකේ නැවට ඔවුන් ගොඩකර
ගතහොත් ජනතා අපේක්‍ෂා ඉටුකරගත හැකි වනු ඇත.
බොහෝ විට ලැබෙන ඡන්ද ප්‍රමාණය දිස්‌ත්‍රික්‌කය අනුපාතය අනුව මේ
තත්ත්වයන් තවත් අඩුවිය යුතුය.
තුනෙන් දෙකක බලය ගන්ට නම් එක්‌සක් ජනතා නිදහස් සන්ධානය ඒ ඒ
දිස්‌ත්‍රික්‌ක පහත සඳහන් අයුරින් ජයගත යුතුය.
මැතිවරණ දිස්‌ත්‍රික්‌කය නියමිත මන්ත්‍රී සංඛ්‍යාව ජයගත යුතු
මන්ත්‍රී සංඛ්‍යාව
මෙම විග්‍රහයන් තුළින් මා පෙන්වාදීමට උත්සාහ කළේ එක්‌සත් ජනතා
නිදහස් සන්ධානය හෝ තනි කණ්‌ඩායමක් වශයෙන් තරගයට එන
අපේක්‍ෂකයෝ කණ්‌ඩායම් හැඟීමෙන් සහ එකිනෙකාට උදව් කරගැනීමේ
අභිප්‍රායෙන් වැඩ කළහොත් බලවත් අපේක්‍ෂකයෝ දුබලයන්ට උදව්
කළහොත් තුනෙන් දෙකේ අභියෝගය ලෙහෙසියෙන් ජයගත හැකි බවයි.
අනෙක් අතට රටේ ප්‍රබල ජාතික ප්‍රශ්න සමහරක් ඉතා දැඩි ලෙස
අවුල් වී තිබේ. අධ්‍යාපනය හා සෞඛ්‍ය මෙයට නිදසුන්ය. මේ
අමාත්‍යාංශ දැඩි විවේචනයට ලක්‌විය. අධ්‍යාපන තත්ත්වය පිරිහී
ගියා පමණක් නොව විභාගයක් පවත්වා ගැනීමට පවා අසමත් නිලධාරීහු
වූහ. අධ්‍යාපන සුදුසුකම් නැති අය ඉහළ තනතුරුවලට පත්ව සිටියහ.
දේශපාලන පළිගැනීම් නමැති ව්‍යාජය යටතේ නුසුදුස්‌සන් ඉහළ
තනතුරුවලට යැම නිවැරැදි කිරීමට රජය අසමත් වූහ. සිංහල භාෂාව පවා
අසමත් වීමේ ප්‍රතිශතය වැඩිවිය. පළමුවැනි ශ්‍රේණියට සිසුන්
ඇතුළත් කිරීමේ අවුල අධිකරණය තෙක් ගියේය. ගුණමකු දේශපාලනය අපට
ලැබිණි.
සෞඛ්‍ය සේවය ඉතා පිරීහීගිය අතර රෝහල්වල බෙහෙත් නැතිවිය. එන්නත්
කුප්පිවල අපද්‍රව්‍ය තිබුණු බාල බෙහෙත් වර්ග ගෙන්වීම් පිළිබඳ
නිබඳවම චෝදනා එල්ලවිය. අධ්‍යාපනය හා සෞඛ්‍ය යනු මේ රටේ ප්‍රබලම
ජාතික සේවාවන් දෙකක් වුවද ඒවා නිසි ලෙස ඉදිරියට ගියේ නැත.
මහාමාර්ග, වරාය, නිවාස වැනි ක්‍ෂේත්‍රවල සීඝ්‍ර දියුණුවක්
විය. නැගෙනහිර ද දියුණු විය. එහෙත් තවමත් පාරක් තොටක් හරියට
නැති ගම් තිබේ. විදුලි රැහැන් ඇද තිබුණත් විදුලිය නැති ගම් ඇත.
පානීය ජල ප්‍රශ්නය උග්‍රව තිබෙන පළාත් ඇත.
මේ දිනවල වී මිල පහළ වැටී ගොවියා අර්බුදයකය. එහෙත් හාල් මිල
අඩුවී නැත. වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය නැති කිරීමට බැරිවී
තිබේ. දේශපාලනඥයන් ඒවාට හරස් වී සිටිති. මේ වාතාවරණය යටතේ
ඒවාට වගකිව යුතු අයට ජනතා විශ්වාසය යළි ලබාගත හැකිද? දූෂණ
චෝදනා ලත් ඇමැතිවරු සිටිති. ඒ අයට ජනතාව මනාපය පළකරනු ඇතැයි
සිතිය නොහැක.
විපක්‍ෂයේ ප්‍රධාන තර්කයක් වී ඇත්තේ 2/3 ක් දීමට රජයට සාධාරණ
පදනමක් නැති බවය. ව්‍යාවස්‌ථා වෙනසකට විපක්‍ෂය සූදානම් බවද
කියති. රජය ප්‍රජාතන්ත්‍රවාදී මාවතින් බැහැරව හිතුවක්‌කාර මගකට
යොමුවී ඇතැයිද විපක්‍ෂය කියති.
අපෙA්‍රaල් 8 වැනිදාට පෙර ජනතාව මේ සියල්ල කිරා මැන බලා
තීරණයක් ගනු ඇත. රටට වැඩක් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතා පමණි. අනෙක් මැති ඇමැතිවරුන් කළේ එම තීරණයට මුවාවීම
පමණි. ජනතා මුදලින් සැප ලැබූ සමහරුන්ගේ අද ඉහ මොල රත්වී තිබෙන
බවද පෙනේ. එහෙත් එබඳු අයට පිළිතුරු දීමට ජනතාව සූදානමින්
සිටිති. බිඳීගිය ජනතා විශ්වාසය ඔවුන්ට ගොඩනැගිය හැකිද?
වග - නිමල් කරුණාරත්න
|
|
|
|