එක්‌සත් ජාතින්ට කාම්බෝජයෙන් රතු එළියක්‌

කාම්බෝජ විදේශඇමැති හෝර් නැම්හොන් හා එක්‌සත් ජාතීන්ගේ තානාපති ඩග්ලස්‌ බ්‍රොවෙරික්




"කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතුවලට තවදුරටත් මැදිහත් වුවොත් එක්‌සත්ජාතීන්ගේ තානාපතිව රටින් පිටුවහල් කරනවා." - විදේශ ඇමැති හෝර් නැම් හොන්ග්

The Cambodian govt has threatned to expel a U.N. envoy accusing him of unaceeptable interference
in the country.

එක්‌සත් ජාතීන්ගේ තානාපතිවරු හා නේවාසික නියෝජිතයන් ආසියාවේ රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවට සනාථ වන තවත් සිද්ධියක්‌ මේ සතියේදී අනාවරණය විය. ඒ කාම්බෝජ පාර්ලිමේන්තුවේ කටයුතුවලට පවා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමයි.

දූෂණ ක්‍රියා මර්දනය කිරීම සඳහා වූ පණත් කෙටුම්පත කාම්බෝජ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය එම ක්‍රියාදාමය වඩා විනිවිද භාවයකින් පැවැත්විය යුතු යෑයි ඉල්ලා ඇත. මේ නිසා දැඩි ලෙස කෝපයට පත් කාම්බෝජ විදේශ ඇමැති හෝර් නැම්හෝන් කාම්බෝජයේ එක්‌සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත ඩග්ලස්‌ බ්‍රොaවෙරික්‌ට ලිපියක්‌ යවමින් කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වලකින්නැයි දැනුම් දුන්නේය.

කාම්බෝජ රජය විසින් පාර්ලිමේන්තුවට යොමු කළ දූෂණ මර්දන පණත සම්මතවීමට පෙර එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් එහි පනතට සිවිල් සමාජය සම්බන්ධ කරගෙන නැතැයි කියා සිටියේය.

මේ නිවේදනයත් සමඟම කාම්බෝජ විදේශ ඇමැතිවරයා බ්‍රොaවෙරික්‌ට චෝදනා කරමින් ඉදිරියටත් මෙලෙස නොහික්‌මුණු ලෙස ක්‍රියා කරන්නේ නම් කාම්බෝජයෙන් පිටුවහල් කරන බවට පවසනු ලැබීය. කාම්බෝජයේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා තමන්ට ලැබී ඇති බලය ඉක්‌මවා ක්‍රියා කරනවා යෑයිද කාම්බෝජ විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම දූෂණ මර්දන පණත යටතේa අල්ලස්‌ ගැනීමේ චෝදනාවකට වරදකරු වන රාජ්‍ය නිලධාරීන්ට වසර 15 ක සිර දඬුවමක්‌ නියම වේ.

එසේම එකී පණතට අනුව දූෂණ මර්දන කවුන්සිලයක්‌ හා දූෂණ මර්දන ඒකකයක්‌ පිහිටුවනු ලැබේ.

කාම්බෝජයේ රජයට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම එන්. ජී. ඕ. සංවිධානයක්‌ වූ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ද ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන්නේත් එකී ක්‍රියාදාමයයි. මෙයට කලකට පෙර එක්‌සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති කොසල් සී මහලේකම් බෑන් කී මූන් වෙත පැමිණිල්ලක්‌ කරමින් කාම්බෝජය සඳහා පත්කර ඇති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් තානාපති යාෂ් ගායි තවදුරටත් රටේ සිටිය යුතුද යන්න ගැන විමර්ශනය කරන්නේ යෑයි කියා සිටියේය. මෙයට හේතුව වූයේ කාම්බෝජ ජනතාව රජයට එරෙහිව නැඟී සිටිනු ඇතැයි ඔහු කියා සිටීමයි. මේ නිසා කාම්බෝජ අගමැති හුන්සෙන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් තානාපති යාෂ් ගායි ව හමුවී සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. එහෙත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කාම්බෝජ අගමැති වෙතින් ඉල්ලීමක්‌ කරමින් ගායි සමග සාකච්ඡා කරන්නැයි පවසනු ලැබීය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ කාම්බෝජ අගමැති හුන්සෙන් මේ රට එන්. ජී. ඕ. වල උපදෙස්‌ මත පාලනය කිරීමට තමා සූදානම් නැතැයි කියා සිටියේය.

එක්‌සත් ජාතීන්ගේ කාම්බෝ- තානාපති කොසල් සී තවදුරටත් ප්‍රකාශයක්‌ කරමින් කාම්බෝජය ස්‌වාධීන රටක්‌ බවත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් තානාපතිවරයා කාම්බෝජයේ සංචාරය කරමින් ජනතාවටත් රජයටත් අවමන් කරමින් රජයට එරෙහිව ක්‍රියා කරන්නේ යෑයි ඉල්ලා සිටි නිසා ඔහුගේ සේවය අනවශ්‍ය යෑයි රජය තීරණය කළ බවද සඳහන් කර ඇත.

කාම්බෝජ රජය පෙරළා දැමීම සඳහා යුද හමුදාවක්‌ ආරම්භ කිරීමට සැලසුම් කළ විපක්‍ෂ දේශපාලනඥයකු මුදාහරින ලෙස මේ මානව හිමිකම් තානාපති ගායි විසින් කළ ඉල්ලීමද රජය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මේ ඉල්ලීම සම්බන්ධයෙන් කාම්බෝජ තානාපති කොසල් සී පැවසුවේ රටේ නීතිරීති පවා වෙනස්‌ කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින බවයි.

මේ නිසා සනාථ වන්නේ කාම්බෝජය හා ශ්‍රී ලංකාව යන දෙරටට අද මතුවී තිබෙන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මේ බරපතල මැදිහත්වීමට බවයි.

කාම්බෝaජ රජය එරට නීති කෙටුම්පත් ආයතනය ලවා දූෂණ මර්දන පණත පාර්ලිමේන්තුවට යොමු කිරීමෙන් පසු එරට එක්‌සත් ජාතීන්ගේ නියෝජිත බ්‍රොaaවෙරික්‌ ප්‍රකාශයක්‌ කරමින් එම පණත පිළිබඳව සියලු පාර්ශ්වවලට නිරීක්‍ෂණ කිරීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක්‌ දියයුතු බවත් ඉන්පසු එය පාර්ලිමේන්තුවට යොමු කළ හැකි බවත් සඳහන් කර ඇත.

මේ ප්‍රකාශය කාම්බෝජ පාර්ලිමේන්තුව මුළුමනින්ම හෑල්ලු කිරීමක්‌ නොවේද?

මේ විවිධ පාර්ශ්වයන් යෑයි පවසා ඇත්තේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ය.

රටක පණත් කෙටුම්පතක්‌ එන් ජී. ඕ. ක්‍රියාකාරීන්ගේ සමීක්‍ෂණයට ලක්‌ කරන්නේ කුමකටද?

ට්‍රාන්ස්‌පෙරන්සි ඉන්ටර්නැෂනල් නමැති එන්. ජී. ඕ. සංවිධානය විසින් කාම්බෝජය ලෝකයේ අතිශයින්ම දූෂිත රාජ්‍යයක්‌ ලෙස නම් කර තිබිණි.

අද මෙරට ස්‌ථානගත වී ඇති ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ එන්. ජී. ඕ. සංවිධානය ජනාධිපතිවරණයට පෙර විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ද විනාශ කිරීමට උත්සාහ කරනු ලැබිණි. මේ නිසා ඩොලර් හා ක්‍රෝන් මත යෑපෙන මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු කාම්බෝජය හා ශ්‍රී ලංකාව තුළත් කරන කාර්යභාරයේ වෙනසක්‌ නැත.

මේ මැදිහත්වීම් ගැන පුදුමයක්‌ විය යුතු නැත. සටන්විරාම සමයේ ට්‍රාන්ස්‌පෙරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ශ්‍රී ලංකා පොලිසියට උගන්වන්නට උත්සාහ කළේය.

දැන් මාධ්‍යවලට හා ජනතාවට උගන්වන්නට උත්සාහ කරන අතර හෙට අනිද්දා මෙවන් සංවිධාන බිහිවී රටේ ජනතාව ක්‍රියා කළ යුත්තේ අපි කියන අන්දමට යම් ප්‍රකාශ කිරීමටද ඉඩ ඇත.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී තිබේ. ඔහුගේ පසුපසින් සිටින්නේ එන්.ජී. ඕ. ක්‍රියාකාරීන්ය. ඇමරිකාවේ ඉනටර්සිටි ප්‍රෙස්‌ ආයතනය එවන් එන්.ජී.ඕ. ආයතනයකි. කෙසේ වෙනත්a කාම්බෝජ රජය එක්‌සත් ජාතීන්ට නීති ප්‍රතිචාර දැක්‌වීම අගය කළ යුතුය.

රටේ අභ්‍යන්තර කටයුතු සඳහා විදේශිකයන්ට මැදිහත්වීමට ඉඩ නොතබා සෘජු පිළිවෙතක්‌ අනුගමනය කිරීමෙන් කාම්බෝජ විදේශ ඇමැතිවරයා කොන්දක්‌ ඇති දේශපාලනඥයකු බවට පෙන්නුම් කර ඇත.

මෙය බටහිර බලවේගවලට අනුව ක්‍රියා කරන බෑන් කී මූන් ට පාඩමක්‌ වනු නියතය.


කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -