මම හිතනවා විශිෂ්ට ජයක්‌ ලැබෙයි කියලා
බුද්ධදාස විතානාරච්චි

බුද්ධදාස විතානාරච්චි ප්‍රතිභාපූර්ණ රංග ධරයකු ලෙස ඔබ අප හඳුනාගත්තත් ඔහු වසර තිහක පමණ දේශපාලන අත්දැකීම් ඇති ජනහිතකාමී සමාජ සේවකයකු සහ දේශපාලන නියෝජිතයකු බව අප අමතක නොකළ යුතුය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙවර ජාතික නිදහස්‌ පෙරමුණ නියෝජනය කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂකයකු ලෙස ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී.

"මගේ ප්‍රචාරණ කටයුතු හැකි සෑම මොහොතකම පරිසරයට හානියක්‌ නොවන ලෙස සිදු කරන්න කටයුතු කර තිබෙනවා. කිසිම ආකාරයකින් පොලිතින් භාවිත කරන්නේ නැහැ. පෝස්‌ටර් සීමිත ප්‍රමාණයයි යොදවන්නේ. මහා පාර මැද, ගස්‌, ගල් ප්‍රචාරණ මාධ්‍යය ලෙස යොදා ගන්නේ නැහැ. අනුන්ගේ දැන්වීම් වැසෙන පරිදි මගේ ප්‍රචාරණ කටයුතු කරගෙන යන්නෙත් නැහැ. කාටවත් එරෙහිව ක්‍රියාත්මක වෙලත් නැහැ. ගමේ ගෙවල්වලට මිනිස්‌සු අතරට ගිහින් පුංචි පුංචි රැස්‌වීම් පවත්වලා සාමාන්‍ය ජනතාව අතරට ගිහින් ඒ අයගේ සහයෝගය අපේක්‍ෂා කරනවා. ඇත්තටම ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා විශිෂ්ට ජයක්‌ ලැබෙයි කියලා."

දේශපාලන කටයුතු නිසා කලා කටයුතු තරමක්‌ මගහැරී තිබෙනවා නේදැයි අපි ප්‍රශ්න කළෙමු.

"කාලය සීමා වෙලා තමයි. නමුත් මම කවදත් තෝරලා බේරලා ජනතාවට ප්‍රයෝජනයක්‌ තියෙන හරවත් නිර්මාණවලටයි දායක වුණේ. ඉදිරියේදීත් එහෙමයි. දේශපාලනය නිසා කලා කටයුතු සීමා වුවත් තෝරලා බේරලා හොඳ නිර්මාණයකට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා. මොනවා කළත් ජනහිතකාමී මානව හිතවාදී ලෙස ක්‍රියාකිරීම මගේ උත්සාහයයි.


මටත් රැස්‌වීම් කිහිපයකම ආරාධනා ලැබිලා තියෙනවා
මාලනී ෆොන්සේකා

මම ලන්ඩන් ඉඳලා ආවා විතරයි.... ඔයා කතා කළා... ලන්ඩන්වල පැවැත්වුණ ආසියානු චිත්‍රපට උළෙලක්‌. ඒ උත්සවයට ආසියාවේ හොඳම චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. "ආකාස කුසුම්" චිත්‍රපටයටත් ඒ උළෙලට වරම් ලැබුණා. මටත් ආරාධනාවක්‌ ලැබුණා. මම සන්ධ්‍යා රාණි නිසා ඉතින්. ඒ උළෙල හරිම සාර්ථකයි. අපේ රටේ අය වගේම පිsටරට අයගෙනුත් ශාලාව පිරිලා ඉතිරිලා ගියා. නිම්මි හරස්‌ගම ඉන්නවා ලන්ඩන්වල... එයා ආකාස කුසුම්වල මගේ දුවනේ. නිම්මිත් චිත්‍රපට උළෙලට ආවා. අපි දෙන්නවම ප්‍රසිද්ධියේ හඳුන්වලා දීලා අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ ගැනත් තොරතුරු ඇහුවා. ඉන්පස්‌සේ ලන්ඩන්වල මහ කොමසාරිස්‌තුමා විශේෂ උපහාර උත්සවයකුත් පැවැත්වූවා. ලන්ඩන්වල සිංහල සංගමයේ ඩග්ලස්‌ මහතා සහ ලාල් හෑගොඩ මහතා තමයි සංවිධානය කළේ...

දැන් මට ලංකාවේ දේශපාලන රැස්‌වීම් කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කතා කරන්න. ඉතින් ඒවාටත් සහභාගි වෙන්න ඕනැනේ.. ඒත් මම පවත්වන කතා ගැන ඔයාලා දන්නවානේ.. කතා පවත්වන්න මම දේශපාලකයන් තරම් දක්‍ෂ නැහැ. ඒ අතර කලා කටයුතුත් කරගෙන යනවා.


මගේ ඉදිරි කාලය මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන්
කැප කරනවා
ගීතා කුමාරසිංහ

ප්‍රවීන චිත්‍රපට නිළි ගීතා කුමාරසිංහ මහත්මිය මේ දිනවල මැතිවරණ කටයුතු සඳහා පූර්ණ කාලීනව නියෑලී සිටින බව කවුරුත් දන්නාවු කරුණක්‌. මේ නිසා පසුගිය දිනක අපි ඇයව දුරකථනයෙන් ඇමතුවා.

"මගේ ජීවිතයේ වැඩිම කාලයක්‌ ගත කළේ කලා කටයුqතු සමගයි. ඉදිරි කාලෙදි මට රටේ අහිංසක මිනිස්‌සු වෙනුවෙන් යමක්‌ කිරීමට කාලය වෙන්කළ යුතුයි. ඒ නිසයි ඇල්පිටිය ප්‍රධාන සංවිධායක ලෙස මෙවර මැතිවරණයට මම ඉදිරිපත් වුණේ.

මම අවුරුදු 5කින් කිසිම කලා කටයුqත්තකට සම්බන්ධ වෙලා නැහැ. මම දැන් පූර්ණ කාලීන නිළියක්‌ නොවෙයි. මට අවශ්‍ය මහජන සේවයට කැප වී සිටීමටයි. ඒක තමයි මගේ තෘප්තිය. ඒ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්‌ මා සකස්‌ කර තිබෙනවා. ඉන් එක්‌ අරමුණක්‌ තමයි ගාල්ල දිස්‌ත්‍රිකයේ සෑම මැතිවරණ කොට්‌ඨාශයකම ඇඟලුම් කර්මාන්ත ශාලාවක්‌ ඉදිකිරීම. ඒ නිසා මේ දිනවල වැඩි කාලයක්‌ ගත වෙන්නේ මැතිවරණ ප්‍රචාරක රැස්‌වීම් සමගින්.


අජිත් - තුෂාරී - ශෂී
 

 
Powered By -