ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා රැඟුම් හෙළිවී
කොටි හිතවාදීහු කලබල වෙති!



"පලාලි හැර යාපනය අර්ධද්වීපයේ ඇති සියලු හමුදා කඳවුරු අහෝසි කරන බව විපක්‍ෂය පවසයි." - යුරෝපා කොටි වෙබ් අඩවිය

All Miltary camps in Jaffna penisula will be scrapped
- opp: says - Eruope Tiger web site

යාපනය අර්ධද්වීපයට සිංහලයන් ආගමනයවීම කෙරේ ද්‍රවිඩ සංවිධානයේ අවධානය යොමුවේ. සුරේශ් ප්‍රේමචන්ද්‍රන් (හිටපු මන්ත්‍රී)

T.N.A. highlights influx into Jaffna

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ නිල උත්සවය අද (28 දා) ලන්ඩනයේදී - බ්‍රිතාන්‍ය කොටි වෙබ් අඩවිය

ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ සහ මානව හිමිකම් ගැන සෙවීමට මණ්‌ඩලයක්‌ පිහිටු වන්නෙමි යෑයි එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් මෙයට සතියකට පෙර පවසා තිබිණි. ඔහුගේ සහයට පැමිණියේ එක්‌සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නියෝජිත මාර්ක්‌ ග්‍රාන්ට්‌ය. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා බලයක්‌ නැති බවට නොබැඳි ජාතීන්ගේ සමුළුව කළ දැනුම්දීම පිළිගන්න එපා. බ්‍රිතාන්‍ය ඔබට සහය දක්‌වනවා යෑයි ග්‍රාන්ට්‌ විගස බෑන් කී මූන්ට දැනුම් දුන්නේය.

මේ ප්‍රකාශය ඇසූ ඇමරිකානු සහ කැනඩා කොටි ජාලය අතිශයින්ම සතුටට පත් වූහ. එ සමගම කොටි ත්‍රස්‌තවාදීන්ගේ සමරු රැලි ඇමතූ ඔස්‌ටේ්‍රලියාවේ සිටින බ්‍රයන් සෙනවිරත්න නමැති කොටි හිතවාදියා ප්‍රකාශයක්‌ කරමින් දැන් තමයි නියම යුද්ධය ආරම්භ වූයේ. අපි යුද්ධය ඉදිරියට ගෙන යමු යෑයි ජාත්‍යන්තර කොටි ජාලයට කියා සිටියේය.

එ වන විට බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසම විසින් කොටි සංවිධානයට නීත්‍යානුකූල බවක්‌ ලබාදී තිබිණි. මෙයට වසර ගණනකට පෙර කොටි සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු රැවටීම සඳහා පිහිටුවා තිබූ විමුක්‌ති කොටි ජනතා පෙරමුණ නමැති සංවිධානය බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසම විසින් පිළිගැනීම යනු ත්‍රස්‌තවාදය බ්‍රිතාන්‍ය රජය විසින් පිළිගනු ලැබීමයි. (Peoples front of Liberation Tigers) මේ කොටි පක්‍ෂයේ ලාංඡනය වූයේ කොටි ධජයයි. මේ නිසා අතිශයින් ප්‍රමෝදයට පත් බ්‍රිතාන්‍ය කොටි රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිහිටුවීමේ නිල උත්සවය අද දහවල් ලන්ඩනයේ ඔලිම්පස්‌ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ හොර ආණ්‌ඩුව සඳහා මැතිවරණ කොමිසමක්‌ හා ඊට විදේශික නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ සහභාගි කර ගැනීමට ද බ්‍රිතාන්‍ය කොටි ජාලය ක්‍රියා කර තිබේ. එසේ වුවත් බ්‍රිතාන්‍යය විසින් කොටි පක්‍ෂය පිළිගැනීම හා බෑන් කී මූන් ශ්‍රී ලංකාවට එරෙහිව මණ්‌ඩලයක්‌ පත් කිරීමට ගත් තීරණය ගැන ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියේ කිසිම ශ්‍රී ලාංකික විරෝධතාවක්‌ නැගුණේ නැත.

එ වෙනුවට ප්‍රංශයේ සහ ඉතාලියේ සිට පැමිණි පිරිසක්‌ ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරියේ හඬ නැගුවේ හිටපු ජෙනරාල්වරයා නිදහස්‌ කරන ලෙස සහ ස්‌වාධීන පොලිස්‌ කොමිසමක්‌ ස්‌ථාපිත කරන ලෙසත් දක්‌වමිනි.

එහෙත් මේ ඝෝෂකයන් පොලිස්‌ කොමිසම සිදු කළ ක්‍රියාදාමය ගැන දන්නේද? 2002 ජනවාරි මාසයේ යුද හමුදා දිගු දුර විහිදුම් බළකාය පාවාදීමට සම්බන්ධ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොලගේ ලිපි ගොනුව මේ පොලිස්‌ කොමිසමෙන් අතුරුදන් වී තිබේ. එසේම එම කොමිසමේ කාලය පසුගිය අප්‍රේල් මස අහෝසි වනතුරුම උඩුගම්පොලට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පොලිස්‌ කොමිසම ක්‍රියා කළේ නැත.

මෙලෙස ඉතාලි හා ප්‍රංශ ශ්‍රී ලාංකිකයන් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරිපිට ශ්‍රී ලංකා රජයට එරෙහිව ඝෝෂා කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ සිට පැමිණි නීතිවේදීන් පිරිසක්‌ මහල් 18 කින් යුත් ජිනීවා ඉන්ටර්කොන්ටිනෙන්ටල් නමැති සුපිරි හෝටලයේ නවාතැන් ගෙන සිටියහ.

මෙම හෝටලය පිහිටා ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය සමීපයෙනි. කාන්තාවක්‌ ඇතුළු මෙම කණ්‌ඩායම පසුගිය සිකුරාදා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයට රිංගුවේ ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව පැවසීමටය.

මේ අන්දමට ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වෙද්දී බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් නමැති සංවිධානයේ ආසියානු වාර්තාවෙන් ඩොලර් 500,000 ක මුදලක්‌ (රුපියල් කෝටි පනහක්‌) කොටින්ගෙන් ලබාගනිමින් ඇමරිකාවේ හිටපු නියෝජ්‍ය නීතිපතිවරයකු වූ බෲස්‌ පෙයින් යුද අපරාධ වාර්තාවක්‌ කෙටුම්පත් කර ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව සනාථ විය. මේ කොන්ත්‍රාත්තුව දී තිබුණේ ටැමිල් එගේන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් නමැති කොටි හිතවාදී සංවිධානයයි. එකී කොන්ත්‍රාත්තුවේ අරමුණ ආරක්‍ෂක ලේකම් හා හිටපු හමුදාපතිවරයාව සමූහ ඝාතන යුද අපරාධ සහ වධහිංසා යන චෝදනා මත ඇමරිකානු අධිකරණයට ගෙනඑAමයි. (ඕපසකි aට්‌සබිඑ ඨැබදජසාe (Tamilsagainst Genocide (TAG) U.S based N.G.O raised over $
500,000 to retain Bruce Fein. A former U.S Associateattorney Genatal to compile a report charging defence scretary Gotabaya Rajapakshe and U.S permant resident and
former army Chief Sarath Fonseka)

මෙම ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සංවිධානයේ වාර්තාව තුළින් තවදුරටත් පෙන්නුම් කර ඇත්තේ බෲස්‌ පෙයින් විසින් සැපයූ යුද අපරාධ වාර්තාව එකී ටැග් නමැති කොටි හිතවාදී සංවිධානය විසින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත්තේ කොටි සංවිධානයට එරෙහි සාක්‍ෂි වසන් කරමිනි.

(The report whien Tag subhitted to U.S justice Department aimed to initiate a grand jury investigation focus on documenting the alleged crimes of Sri Lankan officials while ignoring evidence of LTTE abuses)

ඇමරිකානු කොටි හිතවාදී සංවිධානය මෙලෙස අති විශාල මුදල් සම්භාරයක්‌ වැය කර ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා සකස්‌ කරද්දී මාර්තු 23 වැනිදා ලන්ඩනයේ බී.බී.සී. ප්‍රවෘත්ති සේවාව මෙලෙස කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පත් කිරීමට සහ මණ්‌ඩලයට විරෝධය පා ඇත. එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මාධ්‍යවලට පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට තමා සූදානම් බවයි. (Former Military Commander told Journalists in Colombo that he is Prepared to give evidence on war crimes charges against Sri Lanka. (B.B.C.)

එහෙත් ජිනීවාහි රැඟුම් දැක්‌වූ ශ්‍රී ලාංකිකයන්ට මේ ප්‍රකාශය පිළිබඳ නොපෙනුනේද? ඔවුන් ජිනීවාහි රංගනයේ යෙදෙන අවස්‌ථාවේ ඉතාලි කොටි හොර ජනමත විචාරණයක්‌ පවත්වනු ලැබීය. මේ අතර පසුගිය සිකුරාදා (19 දා) යාපනයේ වීරසිංහම් ශාලාවේදී විරුද්ධ පක්‍ෂ ප්‍රචාරක රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙහිදී තමන් මෙවර මැතිවරණයෙන් බලයට පත් වූවොත් සියලුම අධි ආරක්‍ෂක කලාප (පලාලි හැර යාපන අර්ද්වීපයේ හමුදා කඳවුරු) අහෝසි කරන බවටත් ප්‍රකාශ විය. (All high security Zones - expect Pallali will be serappd) එසේම උතුරේ ජනතාවට දුන් වේදනාව ගැන සමාව අයදින බවද ප්‍රකාශට පත් විය. (We all have to beg the forgiveness of the people for all the pain)

මෙහිදී ආරක්‍ෂක සෙබළුන් වෙතින් නැගෙන ප්‍රශ්නය නම් උතුරේ අධි ආරක්‍ෂක කලාප ඇති කිරීම සඳහා සිය වර්තමානයත්, අනාගතයත් රට වෙනුවෙන් පූර්ණ භක්‌තියක්‌ ලබා දෙමින් සෙබළුන් දිවි දුන්නේ කුමකට ද යන්නයි.

එසේම ප්‍රභාකරන් හා ඔහුගේ ආධාර කණ්‌ඩායම් දකුණේ බෝම්බ තබමින් සිවිල් ජීවිත විනාශ කිරීම ගැන උතුරේ පිරිස්‌ දකුණේ ජනතාවගෙන් සමාව අයෑද සිටියේ ද යන්නයි. සිය ස්‌වයංපාලනය හෙවත් ඊළම බිහි කර ගැනීමේ අරමුණින් උතුර නැගෙනහිර සියලු හමුදා කඳවුරු ඉවත් කරගැනීමට පුන පුනා බලා සිටින්නේ ද්‍රවිඩ සන්ධානයයි. මෙයට දින කීපයකට පෙර එළිදැක්‌වූ ඊ.පී.ආර්.එල්.එෆ්. වර්ධන් පිල ද ස්‌වයංපාලනය සිය මැතිවරණ ප්‍රකාශට ඇතුළත් කර තිබේ.

එහෙත් විරුද්ධ පක්‍ෂය කුමන පොරොන්දු දුන්නත් උතුර නැගෙනහිර ආරක්‍ෂක කඳවුරු කිසිසේත් ඉවත් කරන්නේ නැතැයි රජය කියා සිටියේය. මේ අතර උතුරේ කොටි ත්‍රස්‌තවාදී සංකේත ඉවත් කිරීම ආරක්‍ෂක බලධාරීහු විසින් ආරම්භ කර ඇත. කොටි සංවිධානය විසින් සටන් විරාම ගිවිසුමට මුවාවී කළු කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සහ මැරුම් කෑ කොටි හමුදා නායකයන්ගේ ප්‍රතිමා යාපන අර්ධද්වීපයේ හා වන්නියේ සෑම තැනම ඉදි කිරීමට ක්‍රියා කෙරිණි. කොටි ත්‍රස්‌තවාදී සංකේත, කේන්ද්‍රස්‌ථාන හා ප්‍රතිමා ඉවත් කිරීමේ මෙහෙයුම යටතේ නල්ලූර් පොයින්ට්‌ පේදුරු මාර්ගයේ තිබූ තිලීපන් නමැති ත්‍රස්‌තවාදියාගේ ස්‌මාරකය ඉවත් කෙරිණි. මේ නිසා ටැමිල් නෙට්‌ නමැති කොටි වෙබ් අඩවියට තොරතුරු සපයන යාපනයේ කොටි හිතවාදීහු සිංහල සෙබළුන් තිලීපන්ගේ ස්‌මාරකය විනාශ කර ඇතැයි කියා සිටියහ.

එහෙත් තිලීපන් පමණක්‌ නොව අනිකුත් සියලු ත්‍රස්‌තයන්ගේ ස්‌මාරක හා කොටි සංකේත මුළුමනින්ම විනාශ කළ යුතු යෑයි අපි කියා සිටින්නෙමු.

කොටි ත්‍රස්‌තවාදය සමූල ඝාතනය කළ විට ත්‍රස්‌ත ස්‌මාරක කුමකට ද? ආරක්‍ෂක ආරංචි මාර්ග දක්‌වන අන්දමට වන්නියේ හා යාපනය අර්ධද්වීපයේ ත්‍රස්‌ත ස්‌මාරක හා කොටි මධ්‍යස්‌ථාන 400 කට අධික සංඛ්‍යාවක්‌ ඉදිකර තිබිණි. 1995 දී යාපන අර්ධද්වීපය හමුදා පාලනයට නතුවීමත් සමගම තිලීපන් ස්‌මාරකය ඉවත් කෙරිණි. එය 2002 සටන් විරාමය යටතේ යළි ඉදිකිරීමට කොටි ක්‍රියා කළහ.

මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳව විමර්ශනය කරද්දී කැනඩාවේ අතිශයින්ම බලවත්ව සිටි කොටි ජාලයට එරෙහිව තනිවම සටන් වැදුණු සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කැනඩා ද්‍රවිඩ සන්ධානයේ සභාපති ලෙනින් බෙනඩික්‌ දිවයිනට සම්ප්‍රාප්ත විය. "ප්‍රභාකරන් තමන්ගේ සබ්මැරීනයකින් ඉන්දියාවට පලා ගිය බවට කැනඩා කොටින්ට වාර්තා වුණා. එය ඔවුන්ට අතිශයින්ම සතුටුදායක පුවතක්‌. ප්‍රභාකරන් මේ ලෝකයේ ජීවත් වූවා නම් ඔහු භීෂණ යුද්ධයක්‌ ගෙන යනවා. කැනඩා කොටින්ට අවශ්‍ය වුණේ ද්‍රවිඩ ජනතාවගේ විශාල සහයෝගයක්‌ තිබෙන බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට"යෑයි හෙතෙම කියා සිටියේය.

හිටපු රජයේ නිලධාරියකු වූ ලෙනින් බෙනඩික්‌ කොටින් යාපනය නගරය අල්ලා ගැනීමත් සමගම සිය දිවි බේරා ගැනීමට තමිල්නාඩුවට පැන ගියේය. "කොටි සමූල ඝාතනයවීම කැනඩාවේ සිටින කොටි ජාලයට බරපතල පහරක්‌. ඔවුන් සිතුවේ වෙනම රාජ්‍යයක්‌ අත ළඟයි කියලයි. සමහරවිට හෙට නැත්නම් ඊළඟ අවුරුද්දේ වෙනම රටක්‌ බිහිවනු ඇතැයි ඔවුන් සිතුවා. නමුත් කැනඩා ජාලය දැන් දැවැන්ත දෙදරීමකට ලක්‌වී තිබෙනවා"යෑයි ලෙනින් බෙනඩික්‌ තවදුරටත් පළ කළේය.

ප්‍රභාකරන්ගේ ඉලක්‌කයක්‌ වූ ඔහු පසුගිය දිනෙක යාපනයට ගියේය. යාපනයේ හා වන්නියේ ජනතාව ප්‍රභාකරන් යටතේ අප්‍රමාණ දුක්‌ විඳිද්දී කොටි බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන් ස්‌ෂයිඩ්ලෑන්ඩ් නමින් දැවැන්ත සාප්පු සංකීර්ණයක්‌ කැනඩාවේ ස්‌කාබරෝහි පවත්වාගෙන යමින් ක්‍රියා කළ අන්දම ඔහු හෙළි කළේය.

මේ නිසා මෙතෙක්‌ උතුරේ වැසියන්ට වසන්වී තිබූ තොරතුරු රැසක්‌ අනාවරණය විය. වන්නියේ සාමාන්‍ය ජනතාවගේ දරු දැරියන් බලහත්කාරයෙන් යුද පෙරමුණට යොමු කළ කොටි නායකයා තම හිතවතුන්ව කැනඩාවට යවමින් ඔවුන්ට සාප්පු සංකීර්ණ, අවන්හල්, උත්සවශාලා හා ව්‍යාපාර රැසක පාලනය ලබාදී ඇති බව ලෙනින් බෙනඩික්‌ හෙළි කළේය.

කොටි නායකත්වයේ සැබෑ ස්‌වරූපය මෙලෙස අනාවරණය වෙද්දී යුද හමුදාව අති විශාල මුදලකට ආරක්‍ෂිත හිස්‌ වැසුම් 20000 ක්‌ ලබාගැනීමට සූදානම් වන බවට යුද හමුදා ආරංචි මාර්ගවලින් හෙළි විය. එ සඳහා පානළුව වෙඩි පිටියේදී තත්ත්ව පාලන විමර්ශනයක්‌ ද පවත්වා ඇත. කොටි ත්‍රස්‌තවාදය අවසන් වී ඇති විටෙක හිස්‌ වැසුම් 20000 ක්‌ කුමකටද? මේ නිසා මෙම හිස්‌ වැසුම් මිලයට ගැනීම වහාම නවත්වා ඊට නිර්දේශිත මුදල් වන්නි මෙහෙයුමේදී ආබාධිත තත්ත්වයට පත්වූ සෙබළුන්ගේ යහපත උදෙසා යෙදවිය යුතුවේ.

යුද්ධය නිමාවීමෙන් පසු මෙරටට ගෙන ආ අවි ආයුධ නැවක්‌ තමා ආපසු හරවා යෑවූ බව ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේය. එසේනම් හිස්‌වැසුම් ද මෙරටට අවශ්‍ය වන්නේ නැත.

මේ අතර ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ප්‍රංශ කොටි එජන්ත වී. තිරුබාහරන් සහ කොටින්ට ආයුධ මිලයට ගැනීමට අරමුදල් සැපයූ ටී.ආර්.ඕ. සංවිධානයේ අර්ජුන් එදිරිවීරසිංහම් සහ මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ හිටපු ප්‍රධානියකු කළ රහස්‌ සාකච්ඡාවේ ඡායාරූපයක්‌ පසුගිය ඉරිදා පල කිරීමත් සමග ඔවුහු දැඩි කලබලයට පත්වී ඇත. මෙයට අදාළ ඡායාරූප රැසක්‌ අප සතුව පවතී. මේ නිසා මෙකී ඡායාරූප සැපයුවේ කවුරුන්ද යන්න මේ කොටි ත්‍රස්‌තවාදී හිතවතුන් විසින් විමර්ශනයක්‌ පවත්වා ඇත. එ සඳහා කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ජර්මනියේ සිට ක්‍රියාත්මක වන මඩ වෙබ් අඩවියටයි.

මේ රහස්‌ සාකච්ඡාවට සම්බන්ධ කිරුබාහරන් මානව හිමිකම් මුවාවෙන් පෙනී සිටින තක්‌කඩියෙක්‌ හා කොටි එජන්තවරයෙකි. ඔහුගේ බිරිය ඩියඩි මැක්‌ඩොනල්ය. ඇය ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කීපවිටක්‌ම පවසා ඇත.

තිරුබාහරන්, අර්ජුන් එදිරිවීරසිංහම් සහ මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරියාගේ රහස්‌ සාකච්ඡාවට අදාළ ඡායාරූපය ප්‍රකාශයට පත්වීම ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත පැමිණිල්ලක්‌ යොමු කිරීමට මේ කොටි හිතවාදී කණ්‌ඩායම උත්සාහ කිරීමේ හාස්‍ය ජනක සිද්ධියක්‌ ද වාර්තා විය.

මේ තත්ත්වය මැද යුරෝපා වෙබ් අඩවිය තිරුබාහරන් හා කොටි අතර සබඳතාව සනාථ කරමින් ප්‍රකාශයක්‌ ද පළ කර තිබේ. මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරද්දී සිංහල ජනතාව උතුරේ සැරි සැරීම ගැන ද්‍රවිඩ සන්ධානයේ විරෝධය මතුවී ඇතැයි වාර්තා විය.

එසේම ශ්‍රී ලංකා හමුදාව වසර කීපයකට පෙර ස්‌ථානගතව තිබූ හමුදා කඳවුරු යළි ඉදිකිරීම ගැන ද ද්‍රවිඩ සන්ධාන අපේක්‍ෂකයන් විසින් ප්‍රශ්න කෙරෙන බව තහවුරු වී ඇත. මේ සම්බන්ධයෙන් යාපනයේ ද්‍රවිඩ සන්ධාන අපේක්‍ෂක ශ්‍රීධරන් විසිsන් සුධර්ඔලි පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් කොකාවිල්හි ශ්‍රී ලංකා හමුදාව කඳවුරු හා සෙබළුන්ට නිවාස ඉදිකරන බව පවසා තිබේ. එසේම යාපනය නගරයේ සිංහල ව්‍යාපාරිකයන් තාවකාලික කඩ ඉදිකර ඇති බවද ද්‍රවිඩ නීතිවේදියකු පවසා තිබේ. මෙහිදී යාපනයට තරග කරන සුරේශ් ප්‍රේමචන්ද්‍රන් වන්නියේ සිටින යුද හමුදා නිලධාරීන්ගේ පවුල්වල අයට නිවාස ඉදිකිරීම ගැන ද විරෝධය පා ඇත.

මින් පෙන්නුම් කරන්නේ ද්‍රවිඩ සන්ධානය යළිත් වරක්‌ ද්‍රවිඩ ජාතිවාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමක්‌ නොවේද? එහෙත් හමුදා බලධාරීහු පැවසුවේ ද්‍රවිඩ සන්ධානය උතුරේ අයිතිකරුවන් නොවන නිසා හමුදාව තමන්ගේ පැරැණි හමුදා කඳවුරු සියල්ල නැවත ස්‌ථානගත කරන බවයි.

කීර්ති වර්ණකුලසූරිය

 
 
Powered By -