ශ්‍රී ලංකා ටෙලිකොම් ටොප් ටෙන් සම්මාන උළෙලේ පළමු තැනට

2008-2009 මුල්‍ය වර්ෂය වෙනුවෙන් බිස්‌නස්‌ ටුඩේ ටොප් ටෙන් සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (24 වැනිදා) කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. පසුගිය මූල්‍ය වර්ෂයේදී අනෙකුත් ව්‍යාපාරයන් අතුරින් ශක්‌තිමත් කාර්යසාධනයක්‌ ප්‍රදර්ශනය කරමින් එම විශිෂ්ටත්වය පවත්වා ගැනීමට සමත්වූ ශ්‍රී ලාංකේය සමාගම් මෙම සම්මාන උළෙලේදි ඇගයීමට පාත්‍ර විය.

පසුගිය මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන ව්‍යාපාරික විශිෂ්ටත්වයක්‌ ප්‍රදර්ශනය කළ සමාගම් ලැයිස්‌තුවේ ප්‍රථම ස්‌ථනය හිමිකර ගනිමින් ඉහළින්ම සටහන් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි. මෙරට දුරකථනයටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2008-2009 වසරේදී පිරිවැටුම රුපියල් බිලියන 47 ක්‌ සහ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.4 ක්‌ උපයා ගැනීමට සමත්විය.

බිස්‌නස්‌ ටුඩේ ටොප් ටෙන්හි දෙවැනි ස්‌ථානය දිනාගෙන ඇත්තේ කොමර්ෂල් බැංකුවයි. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ මෙහෙයුම් කටයුතුවලදී දක්‌වන ද සමස්‌ත ශක්‌තිමත් කාර්යසාධනය මෙම ස්‌ථානය හිමිකර ගැනීමට ඔවුනට පිටිවහලක්‌ විය. ජෝන් කීල්ස්‌ හෝල්ඩින්ග්ස්‌ තෙවැනි ස්‌ථානය හිමිකර ගන්නා ලදී. යළිත් වරක්‌ විශිෂ්ට ව්‍යාපාරික කාර්යසාධනයක්‌ ප්‍රදර්ශනය කරමින් බිස්‌නස්‌ ටුඩේ ටොප් ටෙන් සමාගම් අතරට එක්‌වූ ලංකා දුම්කොළ සමාගම විසින් සිව්වැනි ස්‌ථානය හිමිකර ගන්නා ලදී. පිළිවෙළින් පස්‌වන ස්‌ථානයේ සිට නවවන ස්‌ථානය දක්‌වා හිමිකර ගන්නා ලද්දේ ඇසෝසියේටඩ් ඉලෙක්‌ටි්‍රකල් කෝපරේෂන්, ඩිස්‌ටිලරීස්‌ කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා, හැටන් නැෂනල් බැංකුව, එයිට්‌කන් ස්‌පෙන්ස්‌ ඇන්ඩ් කම්පනි සහ කාගීල්ස්‌ (ලංකා) යන සමාගම්ය. දසවැනි ස්‌ථානය සඳහා සම හිමිකරුවන් වන්නේ කාසන් කම්බරåබැච් සහ සම්පත් බැංකුවයි.

2008-2009 වසර සමාගම් ක්‍ෂේත්‍රයට අභියෝගාත්මක වසරක්‌ විය. ගෝලීය ආර්ථික අර්බුදයත්, තෙල් මිෙa ච්චාවචනයත්, මෙරට පැවතියුද්ධයේ අවසන් අදියරය ක්‍රියාත්මක වීමත් යන තත්ත්වයන් දේශීය ආර්ථිකයට දැඩි බලපෑමක්‌ එල්ල කිරීමට සමත් විය. එවන් තත්ත්වයක්‌ තුළදී තිරසර සහ කැපී පෙනෙන කාර්යසාධනයක්‌ පවත්වා ගැනීම ව්‍යාපාරයන්හි විශිෂ්ටත්වය සහ ශක්‌තිමත්භාවය ප්‍රදර්ශනය කරන්නකි. තවද එවැනි වාතාවරණයක්‌ තුළදී ඊට අනුගත වෙමින්, වර්ධනය වීමේ කලාව හඳුනාගත් ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ හැකි උදාහරණ රැසකි. මෙරට විශිෂ්ටතම ව්‍යාපාරයන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක්‌ ලෙස බිස්‌නස්‌ ටුඩේ ටොප් ටෙන් හැඳින්විය හැකි අතර ව්‍යාපාරිකමය වශයෙන් ආපසු හැරී බැලීමේදී ටොප් ටෙන්හි ලැයිස්‌තුගතවීම මේ සමාගම්වලට ඉතාවැදගත් සාධකයක්‌ බවට පත්වී ඇත. එමෙන්ම මෙම සමාගම් ටොප් ටෙන් ලැයිස්‌තුවට ඇතුළත් නොවූ සමාගම්වලට ආදර්ශයකි.

ව්‍යාපාරික ලෝකයේ කීර්තිමත් සඟරාවක්‌ වන බිස්‌නස්‌ ටුඩේ සඟරාව, 1998 වසරේ සිට මෙරට සමාගම් කාර්යසාධනයන් පිළිබඳව සමීක්‍ෂණයට ලක්‌ කරමින් විශිෂ්ටයන් අතුරින් විශිෂ්ටයන් තෝරා ඇගයීමට පාත්‍ර කරනු ලබයි. මෙම සමීක්‍ෂණ මුළුමනින්ම වාගේ කොළඹ කොටස්‌ හුවමාරුවේ ලැයිස්‌තුගත සමාගම්වල ප්‍රකාශිත මූල්‍ය තොරතුරු මත පදනම් වේ.

 

 
Powered By -