මගේ තෝරා ගැනීම නිවැරදියි දරුවනේ..!

11 කොටස

නන්දිමිත්‍රගේ ගර්¨ජනය ඇසෙන විට කෝඳුරුවා දොරින් එපිට බව සැබෑ ය. එහෙත් කෝඳුරුවාගේ දේහ ලක්‍ෂණයෙන් ද ඔහුගේ හැසිරීමෙන් ද නන්දිමිත්‍ර තුළ පැනනැගුණු සහ නොවිසඳුණු කිසියම් ගුප්ත ගැටලුවක්‌ තවමත් දොරින් මෙපිටය.

කාවන්තිස්‌ස රජු මෑතකදී තම සේනාවට සහ රාජ්‍ය සේවයට බඳවා ගත් මිනිසුන්ගේ තීක්‍ෂණ ස්‌වභාවයන් කෝඳුරුවා මවිතයට පත්කළේය. එතැනම නතර වුණු ඔහු ඒ සියලු දෙයටමද, සියලු දෙනාටම ද ශාප කළේය.

නන්දිමිත්‍රගේ හැසිරීම වේළුසුමන තුළ ද යළි යළිත් මතු කෙළේ


විශ්මයකි. එහෙයින් ඔහු, නැගිට දොර හැර යැමට සැරසෙන නන්දිමිත්‍රගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

"මොකද දරුවා?"

"මට අරූගෙ කුටියෙන් බුලත් විටක්‌ කන්න දොළදුකක්‌ ආවා මාමාෘ"

වේළුසුමනගේ කුටියෙන් පිටතට පැමිණෙන නන්දිමිත්‍ර, තම අණ පරිදි ගල් ගැසී නතරව හිඳින කෝඳුරුවාගේ පිටට සන් කළේය.

"බොලාගෙ කුටියට ගිහින් විටක්‌ හපමුෘ"

"එහෙමයි"

ඵ ඵ ඵ

මේඝගේ මළ සිරුර දළ පොරෝනයකින් වසා තිබෙන අතර හදිසියේ කුටිය තුළට පිවිසෙන්නකුට මේඝ බරපතළ උණ රෝගයකින් පෙළෙන බව හැඟවීමට භාතික විසින් දුම් කබලක්‌ පිළියෙළ කොට සිරුරට දුම් අල්ලමින් තිබිණි.

එහෙත්, මේ දැන් කුටිය තුළට පිවිසුණු කෝඳුරුවාත් සමඟ වූ නන්දිමිත්‍ර සෙනෙවියා දුටු භාතික කෙතරම් තිගැස්‌සුණේ ද යත් ඔහුට හුනස්‌නෙන් නැඟිටුණේය. එසේ වුවද, පළපුරුදු ප්‍රහාරක චරපුරුෂයකු වූ ඔහුට මෙබඳු අවස්‌ථාවලදී ගණදෙවි නුවණ පහළ වන්නේය.

"හොඳටම අමාරුයි, වෙදනා ළඟට ගෙනයන්නයි හැදුවේ."

භාතික දැඩි උනන්දුව මුසු කලබලයකින් කීවේය. කෝඳුරුවා ඉක්‌මනින් ම නන්දිමිත්‍ර අතට සිරිසාර බුලත් වට්‌ටිය පිරිනැමුවේය. ඒ සුලබ ආගන්තුක සත්කාරය විඳින අතරේ නන්දිමිත්‍රගේ තීක්‍ෂණ දෙනෙත යොමු වූයේ භාතිකගේ දැත් වෙතටය. ඒ දැත්වල අසාමාන්‍ය පැතලි බවකින් යුක්‌ත ඇඟිලිද, මුෂ්ටියෙහි වූ තද කළු පැහැය ද දීර්ඝ කාලීන සටන් අභ්‍යාසවල යෙදුණු රාක්‍ෂස අංගම්කරුවන් පමණක්‌ සතු ලක්‍ෂණයක්‌ විය. එය වහා හඳුනාගත් නන්දිමිත්‍ර කිසිදු ලෙසකින් තම අවබෝධය නොහඟවනු පිණිස වික්‌ෂෝප ස්‌වරයකින් මෙසේ කීවේයත

"අම්මපා මිනිහෙක්‌ මැරුණත් මෙච්චර තමයි ඉතිං නේද?"

කිසිවකුත් එයට හූමිටි තබන්නට ගියේ නැත. භාතිකත්, කෝඳුරුවාත් පුදුමයට පත් කරමින් නැගී සිටි නන්දිමිත්‍ර, තමන්ගේ කාර්යය ඉටු කොට ගෙන තමන්ගේ පාඩුවේ ඉවත්ව යන බෙහෙවින් සාමාන්‍ය මිනිසකු මෙන් කුටියෙන් පිටව ගියේය.

"මොනවද කල්පනා කරන්නේ?"

හදවත නැවත ස්‌පන්දනය වීම ආරම්භ වූ විගසම කෝඳුරුවා තමා දෙස මාරයා මෙන් බලා සිටින භාතිකගෙන් විචාළේය.

"මං කල්පනා කළේ තෝ මීළඟට මෙතැනට දස මහා යෝධයෝම අරගෙන එයිද කියලා."

තම නිර්දෝෂීභාවය දැක්‌වීමට සහ සිදු වූ සංගදිය විස්‌තර කිරීමට උත්සාහ ගන්නා කෝඳුරුවා භාතිකගේ එකම එක ගර්ජනයෙන් නිහඬ විය.

ඵ ඵ ඵ ඵ

කුටියේ තිබුණේ රෝගියකුගේ සිරුරක්‌ නොව මළ මිනිසකුගේ සිරුරක්‌ බව නන්දිමිත්‍රට වැටහුණේ එය දුටු සැනෙකින්ම ය.

මළ සිරුරක්‌ සමඟ මුණ ගැසෙන ශෝකාදියෙන් තොර මිනිසුන් සැක කටයුතු මිනිසුන් විය හැකි යෑයි ඔහු හදාරා තිබේ. ඇරත් ඔවුහු එය මළසිරුරක්‌ බව සැඟවීමට ද උත්සාහ කළෝය. යමකු පණ නැතියන්, පණ ඇතියන් බව පෙන්වීමට ගන්නා උත්සාහයේ අර්ථය කුමක්‌ද?

බුලත් විට සපමින්, කුටියෙන් පිටව එන අතරේ තම අත ඉතිරි හුණු ටිකකින් එහි දොර උළුවස්‌ස මත යම් සලකුණක්‌ යොදා එන්නට ද නන්දිමිත්‍ර අමතක නොකළේය.

එහෙත් කිසිවකුත් කිසිදු අමුත්තක්‌ නොනිපදවූහ. සියල්ලන්ම සාමාන්‍යය, සාමාන්‍යය තුළම ගිල්වා දැමීමට එකඟ වූ සේය. එසේ වූ කල අසාමාන්‍ය දේවල් සිදුවෙයි.

ඵ ඵ ඵ ඵ

තම වැඩිමහල් සොහොයුරාගේත්, තමාගේත් රාජකීය සැතපෙන ගබඩාව තුළ තම සයනය අසල සිටින තිස්‌ස කුමාරයෝ තම ආභරණ එකින් එක ගලවමින් සිටියහ.

නින්දට සැරසෙන ඉතාම ආසන්න මොහොතේදී ඒවා ගලවා දැමීමය ඔහුගේ සිරිත. ගාමණී අබය සාමාන්‍යයෙන් ඒවා ගලවා දමන්නේ නින්දට සැරසීමට බොහෝ වේලාවකට පෙරය. නින්දට පෙර බොහෝ වේලාවකට කලින් සියලු කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් සිරුර නිදහස්‌ කර ගන්නා ගාමණී අබය සුදෝ සුදු සැහැල්ලු වස්‌ත්‍රයකින් සැරසෙයි. අනතුරුව ඇතැම් විට ඔහු සැතපෙන ගබඩාව තුළම මහත් වූ චිත්ත ඒකාග්‍රතාවකින් යුත් සක්‌මනක නියෑලෙනු ඇත. නැතහොත් තම සයනය මත අරමිණිය ගොතා හිඳගෙන ආනාපාන සති භාවනාවේ යෙදෙනු ඇත.

දැන් දින ගණනාවකට කලින් ගාමණීගේ මේ ව්‍රතයේ වෙනසක්‌ වී තිබිණි. ඒ ඔහු රහසින් ම මාළිගයෙන් පිට වී සටන් පුහුණු කඳවුරු පිරික්‌සීමට යැම නිසා නැවත මාළිගයට පිවිසෙන්නේ පාන්දර යාමයේ වීමය.

එහෙත් ආසන්න දින කීපයේ පටන් ඔහු තම සුපුරුදු සුවබර රාත්‍රි නින්දට පෙර වූ ආධ්‍යාත්මික අභ්‍යාසයන්ට ඇතුළු වී සිටියි.

අද ද එබඳු දවසකි.

සුදු සැහැල්ලු වස්‌ත්‍රයෙන් සැරසුණු සහ තවත් එබඳු සැහැල්ලු සුදු වස්‌ත්‍රයක්‌ පොරවාගෙන සිටින ගාමණී සක්‌මන් භාවනාවේ යෙදීමට සූදානම් වන සැටි තිස්‌ස දුටුවේය.

,අයියණ්‌ඩි ආරංචිද?,

,ඔව් දීඝාභය එළාර රජු ළඟට ගිහින්" පියරජතුමාට හරිම කේන්තියි, ,මට නං කේන්තියි, දුකයි දෙකම, යනුවෙන් කී ගාමණී අබය තමන් සුපුරුදු සක්‌මනෙහි යෙදීමට සැරසෙන බව තිස්‌සට හැඟවීය.

එහෙත්

,මට නං හරිම සතුටුයි,

තම සංවාදය අවසන් නොකරමින් තිස්‌ස කීවේය.

,ඒ මොකද?,

,පියරජතුමා මට දීඝවාපියට යන්න කිව්වා. අයියණ්‌ඩිගේ යුද්ධයට අටුකොටු සරුකරන්ඩ, මට නං මේ වැඩේට හොඳටම හිනා.,

,ඒ මොකද?,

,අයියණ්‌ඩි යුද්ධ කරන්ඩ, මම වවන්ඩ,

තිස්‌ස එය ප්‍රකාශ කළ සැටියෙන් ගාමණීට සිනහ ගියේය. තිස්‌සගේ සයනය වෙත පැමිණි ගාමණී අබය කුඩා දරුවකු මෙන් තම මලනුවන් සයනයේ සැතපවීය. අනතුරුව ඔහුගේ හිස අත ගා මෙසේ කීවේය.

,මලණ්‌ඩ, දැන් මේ රටේ හැටියට ඔය දෙකම එකයි.,

සැහැල්ලු කෙළිලොල් ස්‌වභාවය ඒ මොහොතේ තිස්‌ස කෙරෙන් සම්පූර්ණයෙන් ම අතුරුදන්ව ගියේය.

දෙනෙත් නොතෙමුණද ඔහු හඬ මඳක්‌ බර, බිඳුණු එකක්‌ විය.

,"යුද්ධ කරන අය මැරෙනවා, ඔහු කීවේය.

,කමක්‌ නෑ වවන අය දිනනවනේෘ,

ගාමණී අබය තම මලනුවන් සිත් සැහැල්ලු කරමින් මහහඬින් කීවේය.

ඔවුන්ගේ සොඳුරු සැහැල්ලු සිනා හඬ අකනිටා බ්‍රහ්ම ලෝකය දක්‌වා ඈතට පැතිර ගියේය.

ඵ ඵ ඵ ඵ

"අපට පලා යන්නට සියල්ල සූදානම් ද? රාත්‍රි පාද මූලික නිලධාරීන් වශයෙන් අංගාරක්‍ෂක සක්‌මනෙහි නිරතව සිටින භාතික, උණ රෝගියකු මෙන් හැසිරෙන කෝඳුරුවාගෙන් රහසින් විමසීය.

කෝඳුරුවා "හ්ම්ෘ" ගෑවේය.

ඇත්ත වශයෙන්ම "හ්ම්" ගෑමේ ශක්‌තියක්‌වත් කෝඳුරුවා තුළ තිබුණේ නැත. ඒ නිසා එතැන පැවතියේ කෝඳුරුවා "හ්ම්"" ගාන්නට ඇතැයි යන සිතිවිලි මාත්‍රයක්‌ පමණකි.

,භයවෙන්න එපා. ලැබෙන වස්‌තුව ගැන

හිතපංෘ,

භාතික කෝඳුරුවා දිරිමත් කළේය.

තමන්ගේ කවන්ධයට කවුදෝ භාතිකගේ කඳසුන් හිස සවිකර හැඩ බලනු ඔහු සිහිනෙන් දුටුවේ පෙරදා රාත්‍රියේය. යථාර්ථයේ සිදුවන්නේ සිහිනෙන් පෙනෙන දේට වඩා හාත්පසින්ම වෙනස්‌ දෙයකැයි කවුදෝ කියූ දෙයක්‌ මෙනෙහි කළ කෝඳුරුවා තම හද ගැස්‌ම ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ කළේය. එහෙත් තම ගෙල පෙදෙසින් එන මානසික කැපුම් රේඛාවකින් පැනනගින උලව් වේදනාවකින් ඔහු පීඩා වින්දේය.

ඵ ඵ ඵ ඵ

කුමාරවරුන්ගේ රාජකීය සයනාගාරය තුළ තරමක්‌ එකිනෙකට ඈතින් පවත්නා සයනයන් දෙකෙහි කුමාරවරු තද නින්දෙහි වෙලී සිටියහ.

විවරව ඇති කවුළුවලින් පෙරී එන සඳ එළියෙන් ඔවුන්ගේ මුහුණු බැබළිණ.

මේ රාත්‍රියේ තුන්වන යාමයයි. මනස විසින් මිනිසුනට වඩාත් අර්ථවත් සිහින ප්‍රදර්ශනය කරනු ලබන යාමයයි. මේ යාමයේ අවදි වනු තබා ඒ පිළිබඳව සිතන්නටවත් මිනිස්‌ සිරුර අකමැතිය.

කිසිදු හඬක්‌ පිට නොවන සේ විවර කරගත් යහන් ගබඩාවේ දොරින් භාතික ඇතුළට පිවිසියේ ය.

අනතුරුව සෙමෙන් සෙමෙන් ගාමණි අබය ගේ සයනය වෙතට පැමිණෙන හේ මොහොතක්‌ ඔහු දෙස බලා සිටියේය.

පළපුරුදු මනුෂ්‍ය ඝාතකයකු වූ ඔහුට මේ ඉවසීම හොඳටම පුරුදුය.

සඳ එළියෙන් නෑටී තිබෙන ගාමණී අබයගේ මුහුණ මහත් යෞවන ජවයකින් ද, ඒ සමඟ ඉතා කලාතුරකින් එක්‌වෙන මහත් උපශාන්ත බවකින් ද යුක්‌ත වූ එකක්‌ විය. ඒ මුහුණ භාතිකට සිහිපත් කළේ තමා කුඩා කල අසා තිබු බෝසත්වරුන්ගේ රූපය.

තමා මෙතැන ඕනෑවට වඩා කාලය ගත කරන්නේ යෑයි භාතිකට හදිසියේම සිතුණේය. එහෙත් මොන කරුමයක්‌ද? මෙතැන තවත් පමා වන්නට ඔහුට සිතෙයි. තමා ඝාතනයකින් ආශ්වාදයක්‌ ලබන්නෙකැයි ඔහු ඒ සිතිවිල්ල වරදවා තේරුම් ගත්තේය.

පහත අඳුරෙහි ගිලී තිබූ තම යදඬු වන් දැත් සෙමෙන් ඉහළට ගත් භාතිකට මොහොතක්‌ ඒවා දෙස බැලිණි. අසාමාන්‍ය ලෙස පැතලි ස්‌වභාවයක්‌ දරන ඒ දැත් සාමාන්‍ය මිනිසුන්ට අයිති නැත.

ඊයේ සවස, මෙබඳුම දැතක්‌ හිමි නන්දිමිත්‍ර සෙනෙවි තමාගේ මේ දැත් නොදුටුවේද යන පැනය ඒ මොහොතේ හදිසියේ ම භාතිකගේ කල්පනාවට පැමිණියේය. ඔහු එය අවධානයට ගත්තේ නම් නපුරකි. රාක්‍ෂසයන් ගමන් ගන්නා මාර්ගය දන්නේ තවත් රාක්‍ෂසයෙකැයි යන්න ඔහු කුඩා කාලයේ පටන් ඇසූ කතාවකි.

එහෙත් මොන විකාරයක්‌ ද, මේ ඒවා හිතන්නට වේලාවක්‌ද?, භාතික තම ඉදිරියට දිගු වූ අත් යුගලය, සෙමෙන් සෙමෙන් ගැඹුරු නින්දේ පසුවන ගාමණී අබයගේ ගෙල වෙතට පහත් කළේය.

ඒවා ගාමණී අබය කුමරුගේ ගෙල ස්‌පර්ශ වීමට ඔන්න මෙන්න තිබියදී මහ පුදුම දෙයක්‌ සිදුවිණි. තමා සහ පොළොව අතර තිබූ සම්බන්ධය හදිසියේම ගිලිහී ගියාක්‌ මෙන් භාතිකට දැනුණු අතර පොළොවෙන් වෙන් කරනු ලැබූ මනුෂ්‍යයකුගේ අන්ත අසරණකම ප්‍රදර්ශනය කරමින් කායික සමබරතාව විරහිත භාතික පරඬැලක්‌ සේ දෙපසට වැනිණි.

කුමරුන්ගේ සයනය යට මෙතෙක්‌ වේලා සැඟවී රැකහුන් නන්දිමිත්‍ර තම යදඬු වන් දැත්වල ග්‍රහණය තවත් දැඩි කරමින් ඒවාට හසු ව තිබූ භාතිකයාගේ දෙපා වේගයෙන් ඉදිරියට ඇද්දේය.

"තඩ්" යන හඬක්‌ නඟමින් පර්සියානු බිම් පළස මත උඩුබැලි අතට ඇද වැටුණු භාතික ඒ නිසා බරපතල තුවාලයක්‌ නොලද්දේය.

හදිසියේ ඇසුණු ශබ්දයෙන් එකවරම අවදිවුණු ගාමණී කුමරුත්, තිස්‌ස කුමරුත් තම සයනයන් ගෙන් නොනැඟිටම එකිනෙකා දෙස බැලූහ.

දැන් ශබ්දයක්‌ තබා එබඳු දෙයක සේයාවකුදු නැත

,බළල් තඩියා රිංගලා,

සිනා සී කී තිස්‌ස කුමාරයෝ අනෙක්‌ පසට හැරී නිදන්නට පටන් ගත්තෝය. අඩ නින්දෙන් සිටි ගාමණී අබය ඉක්‌මනින් ම යළිත් පූර්ණ නින්ද විසින් වැළඳගනු ලැබිණි.

කිසිවක්‌ සිතාගත නොහැකිව, එහෙත් නිශ්ශබ්දවම වැටුණු තැන සිට වටපිට බලන භාතික දුටුවේ කුමරුන්ගේ සයනය යට සරදම් සහිත සිනහවකින් යුක්‌තව වැතිරී සිටින නන්දිමිත්‍ර සෙනෙවිය.

,කලබල නොකරන්නැයි, නිහඬවම සංඥ කළ නන්දිමිත්‍ර මෙතැනින් බඩගාගෙන එළියට යන්නැයි ද භාතිකට කාරුණික ලෙස සංඥාවක්‌ කළේය.

භාතික විසින් ඒ මොහොතේ ම තම ජීවිත ආශාව හරන ලද්දේ වුවද ඔහු නන්දිමිත්‍ර දුන් නියෝගයට අනුව බඩගාගෙනම කුමාරවරුන්ගේ රාජකීය සයනාගාරයෙන් පිටවිය.

අනතුරුව ආරක්‍ෂක අංගනයට පිවිස යළිත් තම දෙපයින් සිට ගන්නා භාතික දකින්නේ කුමක්‌ ද?

වේළුසුමන, ගෝඨයිම්බර, මහාසෝන, කංචදේව, ඵුස්‌සදේව, ථෙරපුත්තාභය, සුරනිමල, භරණ, ලභියවසභ. යන ගාමණී අබයගේ යුද සංවිධානය වෙනුවෙන්ම කැප වූ මහ සෙනෙවිවරුන්ය. සුරනිමලගේ ග්‍රහණයට හසුව සිටින කෝඳුරුවා ඔහු දුqටුවේ මළ කඳක්‌ පරිද්දෙනි.

තවමත් සාමාන්‍යය, සාමාන්‍යය තුළම ගිලී යමින් පැවතිණි.

සෙනෙවිවරු තමන් දෙස නිහඬව බලා සිටිති. ගෝඨයිම්බර වෙතින් පමණක්‌ දත්මිටි කන ශබ්දයක්‌ සෙමෙන් ඇසෙයි. තමා පිටුපසින් තව මොහොතකින් මතුවීමට නියමිත නන්දිමිත්‍රට කලින් තීරණයක්‌ ගත යුතුය.

එක්‌වරම තම දැත් නිකටත් හිසත් කරා යවන භාතික මොහොතකින් ඒවා මත සිර වූ තම හිස ගෙලින් අඹරවා දැමීය. උගුරු දණ්‌ඩ කැඩෙන හඬ පමණක්‌ ශ්‍රවණය වූ අතර භාතික බිම වැටෙන විටත් මළ සිරුරක්‌ බවට පත්ව සිටියේය.

ඵ ඵ ඵ ඵ

රන්හිරුරැස්‌ විඳිමින් මාළිගයට යාබද කුඩා ගෙඋයනේ ඇවිදීම කාවන්තිස්‌ස රජුගේ දිනචරියාවේ අංගයකි. විහාරමහා දේවිය සමඟ හෝ තනිව හෝ මෙතැන නිහඬව සක්‌මනේ යෙදීම ඔහු දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ සිදුකළ ක්‍රියාවක්‌ වෙයි. ඒ දීර්ඝ කාලයටම කිසිදු දිනෙක එතැනට, රාජකාරී කටයුතු සඳහා හෝ වෙනත් කටයුත්තක්‌ සඳහා හෝ කිසිවකුත් කැඳවනු නොලද්දේය. ඒ රජතුමන් විසින් තමන්වම අමතනු ලබන මොහොත වූ බැවිනි.

එහෙත්, අද ඒ සම්ප්‍රදාය මුළුමනින්ම වෙනස්‌ කෙරුණු දිනයක්‌ විය. විහාර මහා දේවියත්, ගාමණී අබය වෙනුවෙන් වෙන් කෙරුණු දස මහා සෙනෙවිවරුනුත් (වේළුසුමන පමණක්‌ තවමත් රජුගේ ප්‍රධාන සෙනෙවියා වශයෙන්ද ක්‍රියා කළේය). අද එතැනට කැඳවන ලැබ සිsටියහ. මීට පැය කීපයකට පෙර වූ සිදුවීම රජුට මහත් කම්පනයක්‌ව ඇති බව සියල්ලන්ටම හොඳින් දැනිණ. රජතුමන් රාජසභාව නොකැඳවා තම අමාත්‍යවරුන් පමණක්‌ නොව සෙනෙවිවරුන්වත් නොකැඳවා තමන් පමණක්‌ මේ සුවිශේෂ මොහොතට කැඳවීම පිළිබඳව ඔවුහු වඩා උණුසුම් හැඟීම්වලින් යුක්‌තව සිටියහ.

,මගේ තෝරා ගැනීම නිවැරදියි, දරුවනේ නුඹලා මේ රට ඒකඡත්‍රකරන අනාගත මහරජුගේ හොඳම ආරක්‌ෂකයෝ...,

රජ තම සක්‌මන නවතා සියල්ලන් වෙනුවෙන්ම නන්දිමිත්‍ර දෙස බලා කීවේය. නන්දිමිත්‍ර සියල්ලන් වෙනුවෙන්ම හිස නමා ඒ ගෞරවය භාරගත්තේය.

,එළාර, යුද්ධය අපගේ මාළිගාව ඇතුලටත් අරං ඇවිත්ද?,

විහාර මහා දේවිය පිළිවිසියාය.

කාවන්තිස්‌ස රජු මඳ සිනහමුසු කල්පනාකාරි බැල්මකින් අහස දෙස බලා සිටි අතර වේළුසුමන තම ගොරෝසු හඬ අවදි කළේය.

,කෝඳුරුවා කියන චරපුරුෂයා පාපොච්චාරණය කරපු විදිහට ඔහු එතනින් එහාට වෙන මොකවත් දන්නෙ නැහැ, ඒත් ඔහු කියනවා අර උමතු පූජකයාගේ (භට්‌ටාරගේ) චරපුරුෂයෝ මාලිගාව ඇතුලේ තව ඉන්න පුළුවන් කියලා...,

,කෝඳුරුවා හෝ ඔහුගේ චරපුරුෂ භාර්යාව හෝ ඔවුන් කවුදැයි නොහඳුනන බව අපට ප්‍රත්‍යක්‌ෂ වුණා දේවීනිෘ, ගොඨයිම්බර කීවේය.

ගොඨයිම්බරගේ ප්‍රශ්න කිරීම් යනු චරපුරුෂයකු සතු සියළුම තොරතුරු ඉස්‌පිල්ලක්‌ පාපිල්ලක්‌ නෑර භාජනයකට ගැනීමක්‌ බව එතැන සිටි සියල්ලෝම දැන සිටියහ.

,කොහොමටත් මම තිස්‌සව දීඝවාපියට යවන්න සූදානම් කරලා තිබුණේ, ගාමණීව මා ටික කලකට ගිරිඅභය ළඟට යවනවා,.

,මා ගිරිනුවර යවන්න එපා...,

සියල්ලෝම හඬ ආ දෙස හැරී බැලූහ.

සෙමෙන් එතැනට පැමිණ පිය රජුටත්, මවටත් ආචාර කළ ගාමණී අබය තමා වේගයෙන් ප්‍රකාශ කළ අසම්පූර්ණ වාක්‍යයේ ඉතිරි කොටස සෙමෙන්, එහෙත් පැහැදිළිව සම්පූර්ණ කළේය.

,... යුද පුහුණුව ලබන මිනිසුන් අධෛර්යයට පත්වෙයිෘ ,

,යුද කරන්නටත් පණ රැකගෙන තිබෙන්නට එපායෑ, රඡ්ජුරුවෝ එකෙනෙහිම කීහ.

,නැහැ යුද කළොත් පමණයි පණ රැකගන්න පුළුවන් කියන එක දැන් හොඳටම පැහැදිළියි.,

ගාමණි අබය ද පමා නොවීම කීවේය.

,ගාමණීෘ යුද්ධය කියන්නෙ හදිසි කෝපයට කරන ප්‍රතිකර්මයක්‌ නොවෙයි..,

රඡ්ජුරුවෝ කෝපයෙන් කීහ.

,.... යුද්ධය කියන්නේ හොඳටම සිතාත්, ඊට පසුව තවත් ටිකක්‌ සිතාත් කළයුතු දෙයක්‌.,

එම කෝපයෙන්ම ප්‍රකාශ කළ රඡ්ජුරුවෝ සෘජුවම වේළුසුමන මහසෙනෙවි අමතා මෙසේ නියෝග කළහ.

,මා යෝජනා කළ ආරක්‌ෂාවරණ ක්‍රියාවේ යොදවනුෘ දැන්ම යුද්ධයක්‌ නැහැ. ගඟෙන් මෙහා අපට ප්‍රමාණවත්..,

ජයන්ත චන්ද්‍රසිරි

(ලබන සතියේ තවත් කොටසක්‌)
 

 
Powered By -