ලීන් පැස්‌කෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතාගේ විශේෂ තානාපති ලීන් පැස්‌කෝ මහතා අප්‍රේල් මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණේ.

ඔහු මෙරටට පැමිණෙන්නේ කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව ආරක්‌ෂක හමුදා සිදු කළ මානුෂික මෙහෙයුම යටතේ අවසන් සතියේ සිදු කළ වන්නි මෙහෙයුම ගැන සොයා බැලීමට යෑයි අනාවරණය වී තිබේ.

සිය සංචාරයේදී ඒ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා හමුවීමටද රජයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් එය රජය ප්‍රතික්‌ෂේප කර ඇත. යුධාධිකරණ දෙකකට මුහුණදී සිටින ජෙනරාල්වරයා හමුවී කටඋත්තර ගැනීමට හෝ සාකච්ඡා කිරීමට විදේශීය නියෝජිතයකුට නීතියෙන් කිසිම ඉඩක්‌ නැතැයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

 

 
Powered By -