ඡන්ද ප්‍රචාරක වියදම්වලිනුත් අපේක්‌ෂකයෝ වාර්තා තබති

සමන් ගමගේ

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්‌ෂකයන් රැසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි පහකට වැඩි මුදලක්‌ වැයකර ඇතැයි එම දේශපාලනඥයන්ට සමීපතම ආරංචිමාර්ග සඳහන් කරයි. රුපියල් කෝටි දහයකට වැඩි මුදලක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා මේ වන විට වැයකර ඇති අපේක්‌ෂකයන් කිහිප දෙනකු ද සිටින බව එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

මෙලෙස මහා පරිමාණයෙන් මැතිවරණ කටයුතු සඳහා මුදල් වැයකරන ඡන්ද අපේක්‌ෂකයන්ගෙන් වැඩි දෙනෙක්‌ කොළඹ - ගම්පහ - මහනුවර සහ කළුතර යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන්නන් බවද ඉහත ආරංචි මාර්ග කියා සිටී.

පවතින ඡන්ද ක්‍රමය යටතේ මුළුමහත් දිස්‌ත්‍රික්‌කය පුරා ප්‍රචාරක හා මැතිවණ කටයුතු සිදුකරගෙන යැම ඡන්ද අපේක්‌ෂකයන්ට සිදුවීම මෙවන් තත්ත්වයක්‌ ඇතිවීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ බවද සඳහන් වේ.

ප්‍රචාරක කටයුතු, ආධාරකරුවන්ගේ ආහාරපාන සහ වාහන සඳහා වන ඉන්ධන ආදිය ඇතුළු විවිධ කටයුතු සඳහා මෙම සුපිරි අපේක්‌ෂකයන් මෙලෙස මුදල් වැයකර තිබේ.

 

 
Powered By -