අගමැති අවුල ලිහන්න ජනපතිට අලුත් යෝජනාවක්‌

මහ මැතිවරණ ඡන්ද සටනට දිනෙන් දින ළංවන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂයෝ ද කාර්යබහුල කෙනෙක්‌ වූහ. පසුගිය 19 වැනි සිකුරාදා සිටම ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කොළඹින් බැහැරව වටේ යමින් සිටියේය.

19 වැනි සිකුරාදා උදේ පාන්දර ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදකින්නට ගියේය. අස්‌ගිරි මහනායක හිමියන්ගේ උපන් දිනය ද එදිනට යෙදී තිබුණෙන් ජනාධිපති මහින්ද ඊළඟට ගියේ අස්‌ගිරි මහනාහිමියන් බැහැදැක සුබපතන්නටය.

මෙහිදී ජනාධිපතිවරයා මෙම මැතිවරණ ක්‍රමය වෙනස්‌ කර රටට කේවල මන්ත්‍රී කොට්‌ඨාස ඡන්ද ක්‍රමයක්‌ හා අනුපාතික ක්‍රමයක්‌ යටතේ මන්ත්‍රීවරු පත්කළ යුත්තේ ඇයිද යන කාරණය වටහා දුන්නේය.

මේ අතර මහානායක හිමියෝ ජනාධිපතිවරයාට උදෑසන ආහාර ගන්නට ආරාධනා කළහ. ආහාරයට තිබුණේ තම්බන ලද මඤ්ෙක්‌කා සංග්‍රහයකි.

වෙන කෙනකුගේ උපන්දිනයකට ගියාම නම් අපි කන්නේ කේක්‌. ඒ වුණාට මේ උපන්දින පාටියට තියෙන්නේ මඤ්ෙÆක්‌කා. ඒක හරි අපූරු කෑම කියමින් ජනාධිපතිවරයා ඉමහත් ආශාවෙන් අස්‌ගිරිය විහාරය කළ ඒ සංග්‍රහය භුක්‌ති වින්දේය.

ගැටඹේ ඝෝෂාව

ගැටඹේ විහාරස්‌ථානය අබියස පිට්‌ටනියේදී මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන ජන රැලිය පැවැත්වූයේ එදින සවසය. මේ ජනරැලිය සඳහා අතිවිශාල පිරිසක්‌ සංවිධායකවරු සමඟ පැමිණ සිටි අතර සියලුම දෙනා රැස්‌ව සිටියේ ඒ ඒ සංවිධායකවරු හරියටම අනන්‍ය වන ආකාරයටය. මන්ද ඒ ඒ අපේක්‍ෂකයාගේ නම, අංකය ඇතුළත් ටීෂර්ට්‌ හා කොඩි ඔවුන් දරා සිටියහ.

මෙහිදී ජනාධිපතිවරයා නිරීක්‍ෂණය කළ ප්‍රධාන කාරණයක්‌ වූයේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ එක්‌ එක්‌ අපේක්‍ෂකයන්ගේ ආධාරකරුවන් අනෙකුත් සමහර අපේක්‍ෂකයන්ට ප්‍රසිද්ධියේම කෑ කෝ ගසමින් විරෝධය පළ කරන බවකි. ශබ්ද විකාශන යන්ත්‍රවල යම් යම් අයගේ නම් කියන විට හූ කීම් හා කෑකෝ ගසා විරෝධය පළ කිරීම් ජනපතිතුමා වටහා ගත්තේය.

ආ.... ඇයි මේ මිනිස්‌සු කෑගසන්නේ....

දන්නෙ නැද්ද සර් මේ මනාප ප්‍රශ්නවලට නේ..... අනුරුද්ධ රත්වත්තේ කීය.

එහෙම වෙන්න පුළුවන්ද එකම කණ්‌ඩායමේ අය අතර එහෙම ප්‍රශ්න තියෙන්න බැහැ.

ජනාධිපතිවරයා ඊළඟට කතා කරන්නට පටන් ගත්තේය. ඔහු එක්‌ එක්‌ සංවිධායකවරුන්ගේ නම් කියවමින් අවසර ගනිද්දී යම් යම් නම් කියවන විටය. විරෝධතාව මතුවන්නට කෑකෝ ගැසීම් ඇති වූයේය.

මොකද මේ.... කාටද හූ කියන්නේ.... මටද.... ජනාධිපතිතුමා පිටුපස බලා ඇසුවේය.

නැහැ සර්..... ඔය මනාප ප්‍රශ්නවලටයි කෑගහන්නේ.

ඒ කෑගැසීම ආවේ අමුණුගම ඇමැතිවරයාගේ නම කියන විටදී බවත් ඊට විරෝධය පෑවේ කාගේ ආධාරකරුවන්ද යන බවත් ජනාධිපතිවරයා සැක හැර නිරීක්‍ෂණය කර ගත්තේය. ඉන්පසුව ජනාධිපතිවරයා කළේ පක්‍ෂ විනය, ආචාර ධර්ම හා තැනක හැසිරීම ආදී දේ ගැන කියන අවවාදාත්මක කතාවක්‌ මිස දේශපාලන කතාවක්‌ නම් නොවේ. එයද විනාඩි කිහිපයකි.

මහනුවර ඇතැම් සංවිධායකයන්ගේ ආධාරකරුවන්ගේ මෙවන් නොමනා හැසිරීම් ගැන ජනාධිපතිවරයා තරයේම දොස්‌ කීවේ අපේක්‍ෂකයන්ටය. රැස්‌වීම ඉවර වී ජනාධිපති මහින්ද ජනාධිපති මන්දිරයට ගියේය. එහෙත් වෙනදා පෙරහැර එනවා මෙන් ජනපතිතුමන් පිටුපස එන කිසිවකු එදා මන්දිරයට නොආවේ එතුමන්ට හොඳටෝම කේන්ති ගොස්‌ සිටි බැවිනි.

රනිල් යාපනේ

මේ අතරතුර 19 වැනිදා උදේන්ම රනිල් සිය බිරිඳ මෛත්‍රී ද සමඟ ගුවනින් යාපනයට ගියේය. මේ ගමනට පක්‍ෂයේ ලේකම් තිස්‌ස හා භාණ්‌ඩාගාරික ස්‌වාමිනාදන් ද එක්‌ව සිටියහ.

පලාලි ගුවන්තොටුපළේදී මේ පිරිස පිළිගනු ලැබුවේ යාපනේ හිටපු මන්ත්‍රී මහේෂ්වරන්ගේ බිරිඳ විජයකලා මහේෂ්වරන්ය.

ඇය මේ පිරිස රැගෙන කෙළින්ම ගියේ යාපනේ තිනකුරල් රෙස්‌aට්‌ හවුසිය වෙතය. එහිදී දිවා ආහාරය ගත් එම පිරිස යාපනය නගරය හරහා පා ගමනින් වීරසිංහම් උත්සව ශාලාව වෙත ගියහ. රනිල් යාපනේ ජනහමුව අමතා කතා කළේ එහිදීය.

දැන් මේ උතුරේ යුද බිය ඉවරයි. යුද ගිනි නිවිලා. ඒ වුණාට රටේ අනෙක්‌ ගින්දර නිවිලා නැහැ. මේ ආණ්‌ඩුව යටතේ රටේ අනික්‌ හැම ගින්නක්‌ම තාමත් ඇවිලෙනවා. රනිල් කීවේය.

මේ ජනහමුව නිමවා රනිල්, මෛත්‍ර, තිස්‌ස ඇතුළු පිරිස එදා රාත්‍රියේම නැවත කොළඹ බලා පිටත්ව ආහ.

පසුගිය සෙනසුරාදා (20 දා) උදේ කෙම්බ්‍රිඡ් ටෙරස්‌ කර්යාලයේදී එජාප නායක රනිල් හා තිස්‌ස අතර විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්විණි. ඊට හේතු වූයේ රනිල් තිස්‌ස කරු වැනි එජාප නායකයන් අතර ලොකු මත ගැටුමක්‌ පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති බවට පුවත් පත් කිහිපයක පළව තිබූ ප්‍රවෘතියකි. මේ පුවත පිළිබඳ විමසූ රනිල් මෙවැනි සාවාද්‍ය පුවත් පලකරන පුවත් පත්වලට වෙනම නිවේදනයක්‌ සකස්‌කර අරින්නට ද තිස්‌සට නියම කළේය.

අනතුරුව දෙදෙනා ගුවන් මගින් වව්නියාවට ගොස්‌ එහි රැස්‌කර තිබු සිංහල කොටසේ ජනහමුවක්‌ ද අමතා ආපසු ආහ.

ඉන් පසුව 22 වැනි සඳුදා උදේ කොළඹ කෝට්‌ටේ රවී කරුණානායකගේ නිවසේ කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂකයන් එක්‌ රැස්‌කළ ලොකු හමුවක්‌ පැවැත්විණි. රනිල්, තිස්‌ස, කරු වැනි ජ්‍යෙෂ්ඨයන්ද ඊට පැමිණ සිටි අතර කතාබහ කළේ එජාපයේ ප්‍රචාරක සටන කෙසේ වේගවත් කරමු ද කියාය.

මේ අතරතුර එදින සවස රහස්‌ පොලිසිය නැවත වතාවක්‌ තිස්‌සගෙන් ප්‍රශ්න කරන්නට සිරිකොත මන්දිරයට පැමිණියේය. ඔහුගෙන් ප්‍රශ්න කළේ ජනාධිපතිවරණය පැවැති සමයේ ජෙනරාල් සරත් ෆොන්සේකා විශ්‍රාමික හමුදා නිලධාරීන් 160 දෙනෙක්‌ ආසනයට එක්‌කෙනා බැගින් පත්කර ලංකාවේ මැතිවරණ කොට්‌ඨාස තුළ ඇතිකළ මෙහෙයුම කුමන ආකාරයේ එකක්‌ ද කියාය.

අපිට අපේ පක්‍ෂයෙන් ඉන්නවා හැම ආසනයකම ආසන සංවිධායකයන් ජාලයක්‌. අපි පක්‍ෂයේ සංවිධාන කටයුතු ඔවුන් හරහා තමයි ඒ ඒ ආසනවල කරන්නේ. එහෙම නැතුව අපට නැහැ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ වෙනම සංචිතයක්‌. ඒක ගැන අහනවා නම් ජෙනරාල්ගෙන්ම අහලා බලන්න. තිස්‌ස තරයේම කියා සිටියේය.

ජනාධිපතිවරයා සෙනසුරාදා උදෙන්ම නුවරඑළියට ගියේ නුවඑළිය ජන හමුව අමතන්නටය. විශාල සෙනඟක්‌ එක්‌රැස්‌ව සිටි මෙම ජන හමුවට ජනපතිවරයා පැමිණ වාඩි වූයේ එක්‌ පැත්තකන් සීබී රත්නායකත් අනෙක්‌ පැත්තෙන් තොණ්‌ඩමන්වත් වාඩිකරවාගෙනය. ජනපති එහිදී තම කතාවේදී මහජනතාව අමතා ප්‍රශ්න කිහිපයක්‌ ඇසුවේය.

මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න.

ජනතාව විවිධ ප්‍රශ්න කියන්නට පටන් ගත්හ.

අනතුරුව ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්‌ස සමඟ පැමිණි පිරිස කීවේ බඩුමිල අපට ලොකු ප්‍රශ්නයක්‌ බවය..... බඩුමිල අඩු කරන්න බැරිද යෑයි ඔව්හු ඇසීය.

බඩුමිල අඩු කරගෙන යනවා... ඉදිරියටත් අඩුවේවි.

ඒත් ඒ පිරිස දිගින් දිගටම බඩුමිල ගැනම කතා කරන්නට පටන් ගත්හ.

හරි හරි.... නිමල් පියතිස්‌සලාගේ අයටනේ මේ ප්‍රශ්නය... මම එහෙනම් ඔයාලාගේ ලොක්‌කටම ඔය අදාළ අමාත්‍යාංශය දීල බලන්නම් කෝ බඩුමිල අඩු කරන්න.... ජනාධිපති කීවේය.

වෙදකම් දීම

ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගේ විශ්වකර්ම වෛද්‍ය එළියත්ත වයිට්‌ගේ සමහර වෙද හෙදකම් නිසා ජනාධිපතිවරයාට මේ දිනවල එන දුරකථන ඇමතුම් හා කරදර ද අපමනය. පසුගිය සතියේ ජනාධිපතිවරයාට ඉන්දියාවෙන් දුරකථන ඇමතුමක්‌ ආවේය..... කතා කළේ තිලකරත්න ඩිල්ෂාන්ය. ඔහු ඇසුවේ සචින් ටෙන්ඩුල්කාර්ට බෙහෙත් කලා මෙන් ඉන්දියාවේ ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර්ට හා වේගපන්දු යවන අගීෂ නේරාට ප්‍රතිකාර ලබාගන්නට උදව් කළ හැකිද කියාය. ගාමභීර්ගේ පාදයක්‌ ආබාධ වී තිබිණි. නේරාගේ උරහිසේ දරුණු ආබාදයක්‌ තිබිණි. ජනාධිපති එලියන්තගේ අනුදැනුම පිට ඔවුන්ට එන්නට අවසර දුන්නේය.

මේ අනුව පසුගිය සතියේ බෙහෙත් ගන්නට ආ ඔවුහු දින දෙකකින් සම්පූර්ණ සුවය ලැබූහ. සුවය ලැබූ ඔවුහු ආපසු යන්නට පෙර පැමිණ ජනාධිපතිවරයාට මුව නොසෑහෙන ලෙස ස්‌තූති කළහ.

ජනාධිපතිවරයා හා ඔවුන් ක්‍රිකට්‌ ක්‍රීඩාව ලංකාවේ අනාගතය, ක්‍රිඩා පිටි වැනි දේ ගැන බොහෝ වේලාවක්‌ කතාකරමින් සිටියහ.

ඔයාලා 2011 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න ලංකාවට එන්න. ක්‍රිකට්‌ තරගය තියෙන්නේ අපේ ගමේ හම්බන්තොට.... ජනාධිපති කීවේය.

ලංගම ප්‍රහාර

මේ අතරතුර ඩලස්‌ අලහප්පෙරුම ඇමැතිවරයාට හදිසි දුරකථන ඇමතුමක්‌ පැමිණියේය. ඇමතුම එක්‌තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුගෙනි.

අන්න පන්නිපිටියේ තියෙන මාධ්‍ය ආයතනයකට ලංගම බස්‌ එකකින් ඇවිත් ගහනවා. දැනටමත් ඉස්‌සරහා පැත්ත කුඩු කරලා... කැලණිය ඩිපෝ එකේ බස්‌ එකකින් තමයි ඇවිත් තියෙන්නේ.

මේ පණිවිඩය සමගම ක්‍රියාත්මක වූ ඩලස්‌ වහාම සොයා බැලුවේ මේ සිද්ධියට ලංගම සම්බන්ධ වුණේ කෙසේද කියාය.

අවසානයේ ඔහු කැලණිය ඩිපෝවෙන් සොයනා විට මේ බස්‌ රථ ලබාගෙන තිබුණේ යම් කිසි පිරිසක්‌ විසින් නීත්‍යානුකූල ක්‍රමයක්‌ හරහාය. මුදල් ගෙවා පැය 6 ක කාලසීමාව යටතේ ඕනෑම අයකුට බසයක්‌ ලබාගත හැකි ලෙස සලසා තිබෙන ක්‍රමයකට අනුව මේ බස්‌රථ ලබාගෙන ඇති බව ඇමැති සැක හැර දැන ගත්තේය.

මෙම බස්‌ රථවල ගිය සෙනග පළමුව කර ඇත්තේ එම මාධ්‍ය ආයතනයට විරුද්ධව විරෝධතාවකි. ඒ විරෝධතාකරුවන්ට යම්කිසි පිරිසක්‌ විසින් වේගවත් ජල ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසුව මේ කලබලය නිර්මාණය වූ බව අනාවරණය වී තිබිණි.

ගෝඨාභය

අද සන්ධාන ලැයිස්‌තුවලින් තරග වදින බොහෝ අපේක්‍ෂකයෝ තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට සහාය දීමට ගෝඨාභයගේ පැමිණීම අපේක්‍ෂා කරන්නේ බලවත් ආශිර්වාදයක්‌ ලෙසය. මේ ආශිර්වාදය පසුගිය සතියේද කිහිප දෙනෙක්‌ම ලැබූහ. සැබැවින්ම ගෝඨාභය මෙවන් ගමන් යන්නේ මැතිවරණ වේදිකාවල කතා කිරීමට නොව සම්මන්ත්‍රණ ඇමතීමටය. වෙබ් අඩවි විවෘත කිරීමටය.

පසුගිය සතියේ ගෝඨාභය රත්නපුරය ප්‍රදේශයේ ලොකු රවුමක්‌ ඇවිද්දේය. ඒ අතර පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසට ගොඩවැදුණු ගෝඨාභය ඇයගේ වෙබ් අඩවියද විවෘත කළේය. සම්මන්ත්‍රණයේදී ද ඇය වෙනුවෙන් වචන කිහිපයක්‌ කතා කළේය.

ඒ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා ගෝඨාභය කළුතර ප්‍රදේශයටද ගියේය. කළුතර නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ ඔහු මෙසේ කීවේය.

අපි දැක්‌කා රෝහිත ඇමැතිතුමා පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඉතාම උද්යෝගයෙන් වැඩ කළා. කැපවීමෙන් ජනපතිතුමාට වැඩ කළා. ඒක නිසා ජනතාව ජනාධිපතිතුමා වෙනුවෙන් රෝහිතට ප්‍රති උපකාර දක්‌වාවි.

ඉන් පසුව කතා කළේ

ඡේ. ආර්. පී. සූරියප්පෙරුමයි.

ජනාධිපතිතුමාගේ ඊළඟ ආණ්‌ඩුවට ඕන යෝධ හයිය තියෙන කැපවීමෙන් වැඩ කරන තරුණයෝ. එහෙම අය තමයි මේ රටේ කැබිනට්‌ටුවට ඕන. ජනතාවගේ යුතුකමක්‌ තියනවා ඉහළම මනාපයෙන් මේ වගේ අය ජනාධිපතිතුමා ළඟට යවන්න.

උපන් දින ආසිරි

24 වැනිදා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ 61 වැනි උපන් දිනයයි. එදින උදෙන්ම ඔහුට විශේෂ දුරකථන ඇමතුමක්‌ ලැබිණි.

ඔබට සුබ උපන් දිනයක්‌ ප්‍රාර්ථනා කරන්නයි මම කතා කළේ අමුත්තා කීවේය. අමුත්තා ජනාධිපති මහින්ද රාජපක්‍ෂයි.

මොකක්‌ද ඔයාගේ අංකය. තවම ඔයාගේ අංකය ගැන කිසිම ප්‍රසිද්ධියක්‌ නැහැනේ. මගෙන් සමහරු අහනවා.

අංක 18 පෝස්‌ටර්වල ගහල තියනවා

අංකයක්‌ නම් දැක්‌කේ නැහැ. අලුත් අමුතුම තාලයේ පින්තූරයක්‌ නම් අරගෙන තියන බව දැක්‌කා...

ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම සුබ පැතුම් මෙන්ම විහිළු වලින් ද පිරුණු එකක්‌ විය.

ඉන් පසුව රනිල්, කරු, තිස්‌ස ඇතුළු පිරිස සිරිකොතට ගියහ. රනිල්ගේ උපන් දිනය නිමිත්තෙන් තිස්‌ස සිරිකොතේ වෙනමම කුඩා උත්සවයක්‌ සංවිධානය කර තිබිණි. ආගමික වතාවත්වලට පසුව පිරිස කේක්‌ කපා තේ බීහ.

සවස ඒ නිමිත්තෙන් නාග විහාරාධිපති සෝභිත හිමි සංවිධානය කළ බෝධි පූජාවක්‌ ද නාග විහාරයේදී පැවැත්විණි.

කැබිනට්‌

සාමාන්‍යයෙන් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පැවැත්වෙන්නේ රාත්‍රියේ වුවත් මේ සතියේ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම තිබුණේ බදාදා උදේ වරුවේය. 10.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය ඇරැඹුණත් පැමිණ සිටියේ ඇමැතිවරු

19 දෙනෙකි. ඇමැතිවරු විශාල පිරිසක්‌ ඒ වන විට සිටියේ ගම් පළාත්වල ඡන්ද කටයුතුවල නිරත වෙමිනි. මතභේදවලට තුඩුදෙන කැබිනට්‌ පත්‍රිකා මේ මැතිවරණ සමයේ ඉදිරිපත් නොකරන්නැයි ජනාධිපතිවරයා විශේෂ නියෝගයක්‌ කර තිබූ බැවින් මේ සතියේ සලකා බැලුනේ ඉතා සාමාන්‍ය කැබිනට්‌ පත්‍රිකා 41 ක්‌ පමණය.

ඊට අමතරව මෙහිදී විශේෂ කාරණාවක්‌ ලෙස කතා කෙරුණේ ජොන්ස්‌ටන්ගේ හා ඉන්දිකගේ ඇමැති ධුර සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුවයි.

එජාපය මේ හදිස්‌සියේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ පත්කරල තියෙන්නේ විසිරවාපු පාර්ලිමේන්තුවකට. ජොන්ස්‌ටන් හා ඉන්දික හිටපු පාර්ලිමේන්තුව විසිරුවල ඉවරයි. එයාල ඇමැතිකම්වල ඉන්නවා. අපි ඒ අතරේ පාර්ලිමේන්තුව කැඳෙව්වේ විශේෂ කාරණාවකට. ඒ අස්‌සේ අර දෙන්නා වෙනුවට එජාපය කඩිමුඩියේ මන්ත්‍රීවරු පත්කිරීමට නීතියෙන් ඉඩක්‌ තියෙන්න බැහැ... ඩිව් ගුණසේකර මෙසේ අදහස්‌ පැහැදිලි කරද්දී අගමැති රත්නසිරි හා ජී.එල්. පීරිස්‌ ද එහි නීතිමය හා පාර්ලිමේන්තු වරප්‍රසාදමය තත්ත්වයන් පැහැදිලි කරමින් කතා කළහ. දිනේෂ් ද ඒ පිළිබඳව ඒ ස්‌ථාවරයේම සිටියේය.

මන්ත්‍රීවරු එදා පැමිණියේ විශේෂ කාරණයකට. හරිනම් වැටුප් ගන්න එකත් වැරැදියි.. ඇමැතිවරයෙක්‌ කීය.

මෙම කැබිනට්‌ හමුවට ජොන්ස්‌ටන්ද පැමිණ සිටියේය. ජනාධිපතිවරයා ඔහු අමතා මෙසේ කීවේය.

ජොන්ස්‌ටන් මොනව වුණත් මේකට උසාවි යන්න. එක පාරක්‌ සරත් මුත්තෙට්‌ටුවේගම වෙනුවට අබේරත්න පිලපිටිය පත් කරලත් ඔය වගේ දෙයක්‌ වුණා. නීතිඥයෙක්‌ හැටියටත් මට හිතනවා මේ කරපු වැඩේ නීත්‍යනුකූල නෑ. ඔයාට තියෙන්නේ අධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳව අධිකරණ මතය විමසලා නීතිමය විවරණයක්‌ ගන්න.

ඉන්පසුව සියලුම දෙනා කතාබහ කළේ විවිධ පුද්ගලයන් රට තුළට පැමිණෙන ගෞරවනීය වීසා බලපත් පිළිබඳවය.

විනයක්‌ නැති තක්‌කඩි කූට අරමුණු සහිත අය මේ වීසා බලපත්වල වරප්‍රසාදවලට මුවාවෙලා ලංකාවට එනවා. ඇවිල්ලා රටට අහිතකර විදියට වැඩ කරල හොරෙන්ම යනවා. අපි මේක නතර කරන්න ඕන... ඇමැතිවරු කීය.

මේ වීසා බලපත්වල ගාස්‌තුව ඉහළ නංවමු. හුඟක්‌ රටවල ගාස්‌තුව ඉහළයි. දැන් අපිට ඕවට සහන දීල තියෙන්නේ මාලදිවයින, සිංගප්පූරුව වගේ රටවල් විතරනේ. අපිත් ඉහළ නංවමු. දැන් අපේ ඇමැතිවරු ප්‍රභූ වීසා බලපත්වලින් පිටරට ගියාම වී.අයි.පී. ලෝන්ච් එක පාවිච්චි කරලා යන්නේ ලොකු මුදලක්‌ රජයේ මුදල්වලින් ගෙවලයි. ඔන්න ඔය නිමල් සිරිපාල ඇමැතිතුමා විතරයි සාමාන්‍ය කවුළුවෙන් සාමාන්‍ය මිනිස්‌සු එක්‌ක පිටවෙලා ලංකාවට ඒ අනවශ්‍ය වියදම ඉතිරි කරලා දෙන්නේ.

මේ කතාවට සමහර ඇමැතිවරුන්ට ලැඡ්ජා හිතිනි.

නැහැ සර්. අපිත් පිටරට ගියාම වී.අයි.පී. ලෝන්ච් එක පාවිච්චි කරන්නේ නැහැ. ඇමැතිවරු කිහිප දෙනෙක්‌ම කීහ.

හරි හරි. ඔයාලා ඕක ගණන් ගන්න ඕන නැහැ. මම කිව්වේ ඔයාලට නොවේ. මේ රටේ වැඩිපුරම රට යන ඇමැතිවරු දෙන්නයි ඉන්නේ. ඒ දෙන්නගෙන් එක්‌කෙනෙක්‌ වී.අයි.පී. ලෝන්ච් එක පාවිච්චි කරන්නේ නැහැ කියලයි මම කිව්වේ.

මේ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා ජනාධිපතිතුමන්ට ඔහු ගැන ලියවුණු පොතක්‌ පරිත්‍යාග කළේය. අජන්ත අගලකඩ නම් මාධ්‍යවේදියා පුවත්පතකට ලියූ මෛත්‍රිපාල සිරිසේන ගැන චරිත කතාවක්‌ ඇසුරින් සකස්‌ කරන ලද මෙම පොත "ඇත්තයි සත්තයි" යනුවෙන් නම්කර තිබිණි. ඒත් සමග

95 න් පසු මහවැලිය කියා පොතක්‌ද පිරිනැමුණි.

පොත අතට ගන්නා ගමන් ජනාධිපතිවරයා මෛත්‍රීට සුබපතමින්... මම දැක්‌කා ඊයේ හරි අපූරු ඇඩ් එකක්‌ පත්තරවල තියනවා. හරි ලස්‌සනයි මෛත්‍රී... කීවේය.

අලූත් සාහිත්‍යය

මේ දිනවල පොත් එළිදැක්‌වීම් බොහෝය. මැතිවරණ ඡන්ද සටන මහත් උණුසුම් වී ඇති මේ වකවානුවේ බොහොමයක්‌ම ඇත්තේ සාමාන්‍ය පොතපත නොව මැතිවරණයට අදාළව ලියෑවුණු හේ එය ඉලක්‌ක කරගෙන ලියෑවුණු පොතපතය. එක්‌කෝ හිටපු මැති ඇමැතිවරුන්ගේ චරිත කතාය. ජීවිත කතාය. නැතහොත් ඔවුන්ගේ දෘෂ්ඨියෙන් ලියෑවුණ පොත්පත්ය. එසේත් නැත්නම් ඉදිරි දර්ශනය ගැන ලියෑවුණු පොත්පත්ය. ඒත් නැතිනම් පසුගිය කාලයේ තමන්ගේ වැඩ කිඩ ගැන ලියෑවුණ පොත්ය.

මේවා අතරින් පසුගිය කාලයේ වැඩියෙන් කැපී පෙනුණේ විමල් වීරවංශලා, චම්පික රණවකලා ලියූ පොත්පත් වීම විශේෂත්වයකි. ඊට හේතුව ඒ වායේ ගැබ් වී තිබුණේ රට හදන රට ගොඩනඟන යම් යම් දර්ශන මත පදනම්ව තිබෙන කරුණු කාරණා හා ආකල්පවලින් ඒ පොත්පත් සංයුක්‌ත වී තිබීමය.

මෙබඳු තවත් එක්‌ පොතක්‌ පසුගිය 25 වැනිදා මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී එළිදුටුවේ හෘද සාක්‍ෂියේ මාලිමාව යන නමිනි. විමල් එම පොත දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක, ඕමාරේ කස්‌සප, මාදුළුවාවේ ධම්මිස්‌වර, මල්වානේ චන්ද්‍රරතන ඇතුළු මහා සඟරුවනට හා ආචාර්ය ගුණදාස අමරසේකරයන්ට පිළිගන්වමින් ජනසභා ගත කළේය.

මෙහිදී ප්‍රධාන දේශනය පවත්වමින් ගුණදාස අමරසේaකරයන් ලාංකිකකරණය හා ඔහුගේ දක්‍ෂතා පිළිබඳ අපූරු දේශනයක්‌ කළේ බටහිර සුදු සම ඇති අය ගල් ගුහාවල ම්ලේච්ඡව සිටින සමයේ ලාංකික තරුණ පරපුර කළ ගැමිකම් මොනවට ගෙනහැර පාමිණි

මේ අතර පසුගිය 25 වැනිදා සවස කොළඹදී ඉදිරි දැක්‌ම 2020 නම් පොතක්‌ ද එළිදැක්‌වූයේය. මේ පොත චම්පික රණවක විසින් ලියා තිබුණේ රටේ ඉදිරි සංවර්ධනයට මේ රටේ උගතුන් බුද්ධිමතුන් හා වෘත්තීයවේදීන් එක්‌ව රට ඉදිරියට ගෙන යා යුත්තේ මොන මාර්ගය ඔස්‌සේ ද යන පණිවිඩය රටට විග්‍රහ කරමින්ය.

චම්පික මෙම පොත ලියා තිබුණේ 1997 දී අබ්දුල් කලාම් ඉන්දියාව 2020 දී කෙබඳු රටක්‌ විය යුතුදැයි මගපෙන්වමින් රටේ සකස්‌ කළ වැඩපිළිවෙළ ආදර්ශයට ගනිමිනි. 1950 වන විට ලංකාවට බොහෝ පිටුපසින් සිටි රටවල් වන ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, කොරියාව වැනි රටවල් අද වන විට අප රට පසුකරමින් ගව් ගණනක්‌ ඉදිරියට පැමිණ සිටින්නේ රටේ සංවර්ධනයට එරටේ උගතුන් හා බුද්ධිමතුන් සහභාගි කරගන්නට සකස්‌ කළ දේශීයවාදී වැඩපිළිවෙළ නිසාය. චම්පික මෙම පොත ලියා ඇත්තේ එම දර්ශනය රට පුරා ප්‍රචලිත කරන්නටය.

මෙම පොත පිටවන අවස්‌ථාවට නාමල් රාජපක්‍ෂ ද සහභාගි වීම විශේෂත්වයක්‌ වූයේය. එහිදී ඔහු සභාව අමතා අපූරු කතාවක්‌ කීවේය.

චම්පික අයියා ඉතා වගකීමකින් දුර කල්පනා කරල හොඳට හිතල මතල වැඩ කරන කෙනෙක්‌ බව මම දන්නවා. මම ඒක දැනගත්තේ අපේ තාත්තගෙන්. තාත්ත 2005 ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක්‌ හැටියට සූදානම් වන මොහොතේ දවසක්‌ අරලියගහ මන්දිරයේ කාමරයක්‌ ඇතුළේ මේසයකට වෙලා වරු ගානක්‌ තිස්‌සේ මොනවද ලියන කෙනෙක්‌ මම දැක්‌කා. මම ඇහුවා තාත්තාගෙන් කවුද ඒ මොනවද ඔච්චර ලියන්නේ කියලා. එදා තමයි මම. චම්පික අයියා කවුද කියල දැන ගත්තේ. ඒ විදියට ඒ ලියල තියෙන්නේ අපේ තාත්තට මේ රට හදන්න පාර කියන මහින්ද චින්තන වැඩපිළිවෙළයි කියන එකත් මම පස්‌සේ කාලෙක දැනගත්තා.

මේක ඔබතුමාට තෑග්ගක්‌

මට මොකටද තෑගි. කෝ ඔයාලයි වැඩිහිටියෝ. එයාලට එන්න කියන්න.

මෙයාලට ඔබතුමා "රන් පියවර" බැංකු ගිණුම් ඇරල දෙනකොට කැට දෙකක්‌ දුන්නනේ. එයාල ඒ දෙකම පුරවලා ඔබතුමාට ගෙනත් දෙන්න ඕන කියල පොරේ. මම ඒකයි එක්‌ක ආවේ...

මේ කතාව නිසා ඇමැතිවරයාගේ ඇස්‌ දිළිසෙන්නට පටන් ගත්තේය.

මේක මට මිල කරන්න බැරි තෑග්ගක්‌. මම මේක ගන්නම්. ඔයාලට ස්‌තුතියි කී ඇමැතිවරයා එය බාර ගත්තේ ඒ දරුවන් දෙදෙනාගේ ගිණුම් අංක ඇතුළු අනෙකුත් විස්‌තර ලබාගන්නා ලෙස ලේකම්වරයකුට පවසමිනි.

පසුගිය සතියේ අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයාටද ද හරි අපූරු දෙයකට මුහුණ පාන්නට ලැබිණි. රෑ පාන්දර වනතුරු මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නිරතවී සිටි ඔහුට පාන්දර හොඳටෝම නින්ද ගොස්‌ තිබිණි. හිටි හැටියේම සේවකයෙක්‌ පැමිණ ඔහුට නැගිට්‌ටවූයේ ප්‍රදේශයේ හාමුදුරුවරු කණ්‌ඩායමක්‌ ගෙදරට වැඩම කර ඇමැතිවරයා හමුවන්නට බලාපොරොත්තුව සිටින බව කියමිනි.

ඇමැති අනුර වහා මුහුණ සෝදාගෙන උන් වහන්සේලා හමුවන්නට ගියේය.

අපි ආවේ ඔබතුමාට සුබ පතන්න. ඔබතුමා ඊරියගොල්ල මහත්මයාගේ පරම්පරාවේ කෙනෙක්‌. එතුමන්ගේ නමත් තියාගෙන ඔබතුමාගේ ගෞරවයක්‌ ආරක්‍ෂා කරගෙන දේශපාලනය කළා. ඉදිරියටත් අපේ පළාත් නියෝජනය කරන්න ඔබතුමාලා වගේ අය යන්න ඕන. අපි ඔබට ආශිර්වාද කරනවා.

එසේ කියූ උන් වහන්සේලා ආපසු ගියේ ඇමැතිවරයාට පිරිත් නූල් බැඳ ආරක්‍ෂා ගාථා කියා සුබ පැතීමෙන් අනතුරුවය.

දේශපාලන සදාචාරය

අද දේශපාලනය තුළ බොහෝ දුරට කතා බහ වන වචනයකි දේශපාලන සදාචාරය. මේ මනාප ක්‍රමය නිසා ඇතිවී තිබෙන අමනාපය තුළ දිස්‌ත්‍රික්‌කයේ එකම කණ්‌ඩායමේ අපේක්‍ෂකයෝ ද බොහෝ දෙනෙකු සිටින්නේ අමනාපවය. ඒ අමනාපය නිසා දේශපාලනයෙන් තුරන්ව යන සදාචාරය නැවත දේශපාලනය තුළට කැන්දාගෙන ඒමේ ව්‍යාපෘතියක්‌ ගැන කතා කරන අයද සිටිති. මෙසේ කතා කරන අය අතර චම්පික රණවක, විමල් වීරවංශ, රත්නපුරයේ කරුණාරත්න පරණවිතාන වැනි අය කැපී පෙනිනි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැටියට සිය පදනම ආරක්‍ෂා කර ගන්නට වෙහෙසෙන පිරිසක්‌ද සිටිති. ඔවුන් කතා කළේ බොහෝ දුරට ඔරිජිනල් ශ්‍රී ලංකා පිරිසක්‌ ගැනය....

මෙබඳු කතාවක්‌ ගැන තවත් කතාවක්‌ අපට අහන්නට ලැබුණේ අරලියගහ මන්දිරයෙනි.

අරලියගහ මැඳුරේ පසුගිය සතියේ ලොකු ජනහමුවක්‌ තිබිණි. බන්දුල ගුණවර්ධන සංවිධානය කළ මෙම හමුවට හෝමාගම ආසනයේ ඡන්ද දායකයන් 5000 ක්‌ පමණ පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා මේ සඳහා සහභාගි වන්නට පැමිණෙන විට මූණට මූණ ගැසුණේ ගාමිණී තිලකසිරිවය.

ආ... ගාමිණී....... කොහොමද? මට ආරංචි වුණා මිනිස්‌සුන්ට කපාගෙන යනවයි කියලා. මොකද ඒ....

අනේ නැහැ සර්....

එහෙම දේවල් අහන්න තියන්න එපා...

එසේ කියමින් ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා එදා ජනතාව අමතා කතා කළේද මනාප නිසා අමනාප වන අපේම පිරිස ගැනය. ඔරිජිනල් ශ්‍රී ලංකා විතරක්‌ හොයන්න එපා. රටට ආදරේද නැද්ද වැඩ කරල තියෙනව ද නැද්ද වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන දේවලුත් හොයන්න. ජනපතිවරයා කීවේය.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පිරිසක්‌ සමග කතා කරමින් සිටියේය. එතන බැසිල්, ඡේ.ආර්.පී. සූරියප්පෙරුම, ජැක්‌සන් ඇන්තනී, භාෂ්වර සේනාංක ගුණරත්න ඇතුළු කිහිප දෙනෙක්‌ම උන්හ. මේ කතාබහට හේතුව සැපයූ පුද්ගලයා වූයේ එරංග සේනාරත්න නම් ගම්පහ පුරපති වරයාය. ඔහු පසුගිය සතියේ ශ්‍රීලනිපය හා එක්‌ වූයේය. පිරිස කතා කළේ ගම්පහ සංවර්ධනය කරන ආකාරය ගැනය.

ගම්පහට මිනිස්‌සු ගෙන්නගන්න ඕන. ගම්පහ නගරය විචිත්‍රවත් කරල රාත්‍රියේදීත් මිනිස්‌සු ඇදෙන, රැඳිල ඉන්න නගරයක්‌ බවට පත්කරන්න ඕන. එරංග කීවේ ගම්පහ දියුණු පුරවරයක්‌ කරන සැලසුම් රැසක්‌ විස්‌තර කරමිනි.

ඉස්‌සර සිංහල රජ කාලේත් නගරවල රාත්‍රි ලයිෆ් එකක්‌ තිබිල තියෙනවා නේද ජනාධිපති ඇසුවේය.

ඔව්... ඒ කාලේ දවල්ට වෙනම රජ කෙනෙක්‌. රාත්‍රි කාලයේ මේ දේවල් බලා ගන්නත් වෙනම රජ කෙනෙක්‌ ඉඳල තියනවා. ජැක්‌සන් එසේ කියමින් රාත්‍රි කාලයේ රජකම් කර නිශාචර රජුට එදා කී නමද හෙළි කළේය.

ෂහ්... මාරයිනේ. අදත් එහෙම නගරයක්‌ හදාගත්න නම් මට මේ අගමැති පොරයෙන් ගැලවෙන්න තිබුණ. බැරිද එහෙම තනතුරක්‌ හදාගන්න. ජනාධිපතිතුමා ඇඟට පතට නොදැනී කිව්වේ සිටියවුන් සියල්ලෝම හිනස්‌සවමිනි.

මේ අතර නාමල් රාජපක්‌ෂ පසුගිය 24 වනදා තංගල්ලෙහි පැවැත්වෙන රැස්‌වීමකට එන්නැයි ඩිලාන් පෙරේරාට ආරාධනා කළේය.

ඩිලාන් ගිය පසු එදින සවස නාමල් ඩිලාන්ට විශේෂ ස්‌තුතියක්‌ කරමින් සිටියේ වැඩකටයුතු බහුල මේ දිනවල වැඩ අරගෙන තංගල්ලේ පැමිණීම ගැනය.

මේ අතර ඩිලාන් ගොස්‌ සිටියේ බදුල්ලේ ගොවි සංවිධානවල නියෝජිතයන් කිහිප දෙනෙකු සමගය. මේ නියෝජිතයෝ තමන්ට ඇති ගොවි ප්‍රශ්න කිහිපයක්‌ම නාමල් හමුවේ තැබුවේය.

එදින රාත්‍රියේ නාමල් ඩිලාන් ඇතුළු පිරිස මේ ප්‍රශ්න ජනාධිපතිවරයාටද කියා පෑවේය.

පසුවදා ජනපතිවරයා වැලිමඩ පැවති රැස්‌වීමක්‌ අමතන්නටද ගියේය. වැලිමඩදී ජනාධිපති තුමන් කීවේ කලින් ආ ඩිලාන්ලා තමන්ට දැනගන්නට සැලැස්‌වූ ගොවි ගැටලු ගැනය. ඊයේ ඩිලාන් මට මේ ප්‍රශ්න කිව්වා. යන සඳහන හේ කරනු ලැබුවේය. මට ඔබගේ ප්‍රශ්න ගැන අවබෝධයක්‌ තියෙනවා. ඉතා ඉක්‌මනින් මම ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා.

අනිත් එක මනාප වලට කවුරුවත් ගහ ගන්න එපා. මනාප වැඩිකරගෙන ලැයිස්‌තුවේ එක වුණ පලියටම මම කාටවත් ඇමැතිකම් දෙන්නේ නැහැ. මට ඕන එකවෙන අය නොවෙයි. හොර බොරු නැති අවංක හොඳට වැඩ කරන ජවසම්පන්න වැඩකළ හැකි අය.

මේ කතාවත් සමගම බොහෝ දෙනෙක්‌ එක එක දේ ගැන සිතන්නට පටන් ගත්හ.

මේ අතරතුර මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය බදාදා රාත්‍රියේ වැඩ රාජකාරි ඉවර වී ගෙදර ආවේ පසුදා අලුයම යාමයේය. මහන්සියට පුටුවේම නින්ද ගොස්‌ සිටි ඇමැතිවරයා ඇහැරුණේ ආරක්‍ෂක නිලධාරීන් සමග පුංචි දරුවන් දෙදෙනෙක්‌ කතා කරන සද්දය ඇසීය.

ඇයි මේ පොඩි අය...

ඔබතුමා හමුවෙන්නට ඕනලු...

මොහොතකින් ඇමැතිවරයා ඒ දරුවන් දෙදෙනා හමුවට ආවේය. පුංචි දරුවන් දෙදෙනා සිසාමුසු මුහුණින් පැමිණ ඇමැතිවරයා අත ලොකු කැට දෙකක්‌ තැබුවේය.

නාගසේන
 

 
Powered By -