සදාකාලික අගේ සබඳ ඔහු කපුගේ

විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ සත්වැනි සැමරුම වෙනුවෙන්

ගුණදාස කපුගේ නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා දැයෙන් සමුගත්තේ අප්‍රේල් මස 03 වැනිදාය. ඒ අදින් සත් වසරකට පෙර ය. ඔහුගේ වියෝව පිළිබඳව ව

න සත්වැනි සැමරුම එළැඹෙන මොහොතේ රටම උණුසුම් ය. ඒ දේශපාලනයෙනි. කපුගේ ජීවත් ව සිටියානම් අද ඔහු නියෝජනය කරනු ඇත්තේ කුමන පිල ද? නොඑසේ නම් බොහෝ කලාකරුවන් මෙන් ඔහුත් නිහඬ ව සිටී ද? එය මේ මෙහොතේ කපුගේ පිළිබඳ ආවර්ජනයක යෙදෙන බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන සාධාරණ පැනයක්‌ වනු නොඅනුමාන ය. කෙසේ වෙතත් අපගේ අරමුණ විය යුත්තේ එම පැනයට පිළිතුරු සෙවීම නොවේෘ විවාදයට ලක්‌ විය හැකි එම අවිනිශ්චිත පිළිතුරට වඩා කලාව සහ ජීවිතය වඩාත් හරවත් ඉසව්වකට යොමු කළ හැකි බොහෝ දේ ගුණදාස කපුගේ නම් වූ කලාකරුවාගේ භාවිතය තුළින් අපට උකහා ගත හැකි නිසා ය.

ගුණදාස කපුගේ නම් වූ කලාකරුවා කරළියට පිවිසෙන්නේ ප්‍රියානන්ද විඡේසුන්දරයන් විසින් රචිත

"දෑස නිලුපුල් තෙමා - කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා - ඉකිබිඳ,
හඬනු මල් මාලියේ"........

ගීතයත් සමග ය. එම ගීතයත් සමග එක දිගට ඔහු අතින් බිහිවුණු ප්‍රේම ගීතාවලිය නිසා ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟීමට කපුගේ ට එතරම් කාලයක්‌ ගතවූයේ නැත.

කලාව හුදු රසය දනවන්නක්‌ පමණක්‌ නොවේ. කලාව තුළින් කිසියම් වූ මතවාදයක්‌ හෝ මානව අත්දැකීමක්‌ නියෝජනය වෙයි. එම මතවාදය හෝ අත්දැකීම ජනතාවගේ චින්තනය හරවත් ධනාත්මක දිසාවකට යොමුකරවන්නක්‌ විය යුතුය. ගුණදාස කපුගේ සැබෑ කලාකරුවෙක්‌ බවට පත් වූයේ මෙම සත්‍ය අවබෝධ කරගත් පසුව ය. මුල් යුගයේ දී තමා නිර්මාණය කළ ප්‍රේම ගීතාවලිය පිළිබඳ ව කනගාටුවෙන් කතා කළ කපුගේ, එම ගීත ප්‍රචාරය නොකරන ලෙස විද්යුත් මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ ය.

"සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු - එකම ගඟකට ගලන...."

ගීතයේ සැබෑ මෙහෙවර පිළිබඳ ව නව මං සොයා ගිය කපුගේ ට ඉහත පදවැල් ඇස ගැටුණේ පුවත් පතකිනි. දර්ශන මේදිස්‌ විසින් රචනා කොට පළ කරන ලද කාව්‍ය රචනාව කපුගේ ගේ නිර්මාණ හැකියාව මගින් ජනතාව ඥනනය කරන අපූරු ගීතයක්‌ බවට පත් විය. පහසුවෙන් අලෙවි කළ හැකි, වැඩි ලාභ ඉපයිය හැකි දේ වෙනුවට ජනතාවට දිය යුතු දේ දීමට පුරෝගාමීව කටයුතු කළ සංගීතවේදියා විශාරද ගුණදාස කපුගේ ය. අදත් හෙටත් ඔහු ගැන ආඩම්බරයෙන් කතා කළ හැක්‌කේ එබැවිණි.

"හෙළන සුසුම සැඩ සුළඟ යි - ගලන කඳුළ සැඩ වතුරයි,
දුකින් වෙලී අන්ධකාරයේ - යනමේ ගමනේ...."

මහගමසේකර යනු අග්‍රගණ්‍ය ගීත රචකයෙකි. ඔහුගේ ගේය පද ගායනා කිරීම සෑම ගායකයෙක්‌ටම ආභරණයක්‌ මෙන් ම අභියෝගයක්‌ ද විය. අවස්‌ථාවන් කොතෙකුත් තිබිය දීත්, කපුගේ ගායනා කළේ මහගමසේකරයන් විසින් රචිත ඉහත ගීතය පමණකි.

සංගීතඥයෙක්‌ ලෙස ගොඩනඟා ගත් පෞරුෂය මගින් බොහෝ ගීත රචකයන් තමාට අවශ්‍ය දිසාවට යොමුකර ගැනීමට කපුගේ සමත් විය. ඒ අනුව නිර්මාණය වූ ගීත රාශියකි. මායාවකට ලක්‌කර ඇති සැබෑ ජීවිතය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමට එම ගීත අදටත් සමත් ය.

"ලෙළි තළන නුඹෙ අතට - රන් මුදුව ගොරහැඩිද දොaනි,
සෙනසුරුට පෙම් බඳින දොනි....."

මේ එක්‌ උදාහරණයකි. සමාජ අසාධාරණය හමුවේ තම භද්‍ර යෞවනය දියකර හරින තරුණියක ගේ ෙ€දනීය අත්දැකීම රත්න ශ්‍රී ගේ එම ගීතයෙන් අපූරුවට විවරණය වෙයි.

"උතුරු කොනේ - නුඹ හිනැහේ සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ - නුඹ හිනැහේ සෙනෙහෙලතා නංගියේ...."

ගුණදාස කපුගේ නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවා සතුව තිබූ නිවැරැදි පෙරටුගාමී සමාජ දැක්‌ම පිළිබඳ ව "උතුරු කොනේ" ගීතය හොඳ උදාහරණයකි. චන්ද්‍රd වාකිෂ්ඨ විසින් රචිත එම ගීතය මගින් විශාරද කපුගේ ජාතික සමගිය පිළිබඳව සමාජ අවධානය යොමු කළේ 1970 දශකයේ දීය. ඒ ජාතික සමගිය අභියෝගයක්‌ වන බව බොහෝ දෙනෙක්‌ නොසිතූ කාලයක ය. ජාතික ප්‍රශ්නය නිසා බෙදී වෙන්ව ගිය ජනතාවගේ දැක්‌ම නිවැරැදි කිරීමට ද කපුගේ තම ගීතය යොදා ගත්තේ වරක්‌ දෙවරක්‌ නොවේෘ

"තල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ....
"සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී"
වැනි ගීත ඒ අතරින් කිපයකි.

විශාරද ගුණදාස කපුගේ තම නිවැරැදි දේශපාලන දැක්‌ම පිළිබඳ නොබියව ඉදිරිපත් වූ කලාකරුවෙකි. කිසිදු බලපෑමකට හෝ ආත්ම වාසියකට ඔහු තමා දැරූ මතය වෙනස්‌ කළේ නැත. ඒ පිළිබඳ ඉදිරිපත් කළ හැකි උදාහරණ බොහෝය. එහෙත් ඒ සියල්ල පසෙක තබා කපුගේ පිළිබඳව අවධාරණය කරගත යුතු කරුණු කීපයක්‌ වෙයි. කපුගේ යනු පැරැණි දෙයක්‌ වෙනුවට අලුත් දෙයක්‌ ලොවට එක්‌කළ කලාකරුවෙකි. ඔහු බොහෝ විට උත්සාහ කළේ නරක දෙයක්‌ වෙනුවට හොඳ දෙයක්‌ දීමට ය. සත්වසරකට පෙර ඔහු දැයෙන් සමුගන්නේ තවත් හොඳ දෙයක්‌ සමාජයට එකතු කිරීමට උත්සාහ ගනිමින් සිටි අවස්‌ථාවකදීය. කපුගේ සිය භාවිතය තුළින් පසක්‌ කළ පෙරටුගාමී සමාජ දැක්‌ම

නිවැරැදිව ග්‍රහණය කර ගැනීම සහ ඒ ඇසුරින් වඩාත් යහපත් දෙයක්‌ සමාජය වෙනුවෙන් ඉටුකිරීම විශාරද ගුණදාස කපුගේ වෙනුවෙන් කළ හැකි උසස්‌ම උපහාරය වනු ඇත.


ලයනල් අතුකෝරල
 

 
Powered By -