උතුරේ බෙදුම්වාදය පිළිබඳ යළිත් රහස්‌ සාකච්ඡා

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ බෙදුම්වාදය යළි ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ද්‍රවිඩ සංධානයේ හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකයන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මෙම රහස්‌ සාකච්ඡාවේදී ද්‍රවිඩ සංධාන නියෝජිතයන් විශ්වවිද්‍යාල සිසුන්ට පවසා ඇත්තේ එක්‌ රටක්‌ හා ජාතීන් දෙකක්‌ යන පිළිවෙත තමන් පිළිගන්නේ නැති බවත් එකම අරමුණ ස්‌වයං පාලනය බවත්ය.

ද්‍රවිඩ පක්‍ෂ යළිත් වරක්‌ විශ්වවිද්‍යාල සිසුන්ව රට දෙකඩ කිරීමේ සංකල්පයට යොමු කරනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.මෙම රහස්‌ සාකච්ඡාවල තොරතුරු රැසක්‌ විශ්වවිද්‍යාල සිසුන් විසින් හෙළි කර ඇත.

 
Powered By -