සැමරුම්
අපවත්වී 99 වසරක්‌ සපිරෙන
මහාප්‍රාඥ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ


පෘතුගීසි - ලන්දේසි - ඉංගී්‍රසි අධිරාජ්‍යයන් තුනකට යටත්ව ජාතික/ ආගමික/ අධ්‍යාපනික නිදහස අහිමිව වහලුන් සේ ජීවත් වූ සිංහල බෞද්ධයන් නඟා සිටුවීමට පහළ වූ යුග පුරුෂයාන කෙනෙක්‌ ලෙස හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් හැඳින්වීමට සුදුසුය.

1827 ජනවාරි 20 වැනිදා හික්‌කඩුවේදී උපත ලැබූ දොන් නිකොලොස්‌ අබේවීර ගුණවර්ධන කුල කුමරුවා විශ්ව කීර්තියට පත්වන මහා පඬිරුවනක්‌ වන්නේ යෑයි ජ්‍යෙතිෂය පිළිබඳ විශේෂඥයකු වූ ගුණවර්ධන රාළහාමි (පියතුමා) දැනගත් මොහොතේ සිට එයට මංපෙත් එළිපෙහෙළි කිරීමට ළමාතැනිය සමඟ කථිකා කරගත්තේය. උගතකු - පොහොසතකු කිරිමට එකල තිබුණේ එකම ක්‍රමයකි. එනම් දරුවා බෞතිෂ්ම කොට ක්‍රිස්‌තියානි මිසනාරී පාසලකට යවා හොඳ ඉංගී්‍රසි උගතකු කිරීමය. එහෙත් දකුණු සිරිලක සිංහල බෞද්ධකම රැකගන්නට සටන් කළ පරපුරකට අයත් ගුණවර්ධන රාළහාමිට එය කරන්නට සිත් නොදින. මේ අතරතුර කවදත් තමුන් හිතවත්ව ඇසුරු කරන හික්‌කඩුවේ තිලකාරාමයේ වැඩ සිටි පූජනීය අරුක්‌ගොඩ රේවත හිමිපාණන් හමුවී තම පුතුගේ අනාගත වාසනාව ගැන කතා බහ කළ ගුණවර්ධන රාළහාමිට දුරදිග බලා හොඳ යෝජනාවක්‌ කිරීමට උන්වහන්සේ කල්පනා කළහ.

එහෙනම් රාළහාමි නිකොලොස්‌ කොලු පැටියා ලෝක ප්‍රසිද්ධ තොටගමුවේ ශ්‍රි රාහුල හාමුදුරුවන් වාගේ ලොකු උගතෙක්‌ කරවමු. ඉක්‌මණින්ම මං වැඩපිළිවෙළක්‌ කතා බහ කරන්නම්. දෙදෙනාම ජ්‍යෙdතිෂය ගැන විශේෂඥයන් වූ නිසා වඩාත් හොඳ ග්‍රහයෝගයක්‌ ඇති දරුවාට දසවස්‌ පිරෙන දාට තොටගමුවේ විජයබා පිරිවෙනේදී පැවැදි කිරීමට ගත් තීරණයට අනුව හික්‌කඩුවේ සුමංගල නමින් සාමනේර ජීවිතයට ඇතුළත් කරන ලදී.

හික්‌කඩුවේ සුමංගල පෙඩි හාමුරුදුරුවන්ට හොඳ අධයාපනයක්‌ ලබා ගැනීම ඉතාම දුෂ්කර විය. හික්‌කඩුවේ තිලකාරාමයේදීත්, තොටගමුවේ පිරිවෙනේදීත් වසර හතරක්‌ මූලික බණ දහම්, ශබ්ද ශාස්‌ත්‍ර, භාෂා මැනවින් ප්‍රගුණ කොට රත්මලානේ පුරාණ විහාරයේ වැඩ සිටි විශ්ව කීර්තිධර මහා පඬිවරයෙක්‌ වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්ට මේ අති දක්‌ෂ ශිෂ්‍යයා භාරදෙනු ලැබීය.

ජ්‍යෙdතිෂයෙහි මෙන්ම හස්‌ත රේඛා ශාස්‌ත්‍රයෙහිදී කෙළ පැමිණි ප්‍රාමාණිකයකු වූ නාහිමියෝ මේ පොඩි නමගේ අල්ලේ රේඛා පිහිටීම අනුව අනාගත ලෝකය බබළවන මහා පඬිවරයෙක්‌ වන බව දැන ඊට අවශ්‍ය මාර්ගෝප දී මෙහෙයවීම් සිදු කළහ. ගුරු හිමියන්ගේ උපදෙස්‌ පරිදි ත්‍රිපිටකයේ අවශ්‍ය හැම කොටසක්‌ම කට පාඩම් කිරීමත් පාලි භාෂාවෙන් කතා කිරීමට හා රචනා ලිවීමට දක්‌ෂයකුවීමත් ටික කලකින් ප්‍රගුණ කොට ගුරු ගෞරවාදරයට ලක්‌ වූ සුමංගල සාමනේරයන් වහන්සේට ඊළඟට ලැබුණු උපදේශය වූයේ වැල්ලවත්තේ පදිංචි ද්‍රවිඩ උගතකු ළඟට ගොස්‌ ඉංගී්‍රසි භාෂාවේ විශාරදයකු වීමට ඉගෙන ගන්නා ලෙසය. එයද ඉතා මැනවින්, එහෙත් විවිධ දුෂ්කරතා මැද සඵල කරගන්නට උන්වහන්සේට හැකි විය. වාහන නොමැති එකළ මුහුදු වෙරළ දිගේ සැතපුම් ගණනාවක්‌ පයින් යැමට ද ආහාර නොමැති දිනවල කොප්පරා කෑලි කීපයක්‌ හකුරු සමඟ වළදා වතුර බී කුස පුරවා ගන්නටත් සිදුවිය.

තරුණ සුමංගල යතිවරයාට උපසම්පදාවීමට සුදුසු කල් පැමිණි හෙයින් මල්වතු විහාරය සංඝ සභාවට තම ශිෂ්‍ය පුත්‍රයාගේ සුවිශේෂ දක්‌ෂතා පෙන්වීමට ඉටාගත් වලානේ ශ්‍රී සිද්ධාර්ථ පඬිහිමියෝ පාලියෙන් පද්‍ය බන්ධනයක්‌ කොට මහානායක හිමිපාණන්ට පිළිගන්වන්නට නියම කළහ.

උපසම්පදාපේක්‌ෂකයාගේ මිහිරි කඩහඬින් ගැයූ මේ රමණීය පද්‍ය බන්ධනය අසා සිටි විංශද්වර්ගික කාරක සංඝ සභාව අතිශයින් සතුටට පත්ව ක්‌ෂණික පද්‍ය බන්ධනයක්‌ කරනන්ට නියම කළාය. ඒ අනුව හිමිවනම ගැයූ අගනා පාලි පද්‍ය පන්තිය පසුකාලීනව පාඨ-ග්‍රන්ථවලට ද ඇතුළත් කරනු ලැබීය.

පාලි, සිංහල, සංස්‌කෘත, ඉංගී්‍රසි භාෂා පිළිබඳ විශාරදයකු වූ සුමංගල හිමියෝ තම සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ බාලාවතාර නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයට ලියූ සුබෝධිකා ටීකා ග්‍රන්ථයෙනි. විHdකරණය ප්‍රියජනක විෂයක්‌ ලෙස සිසුන්ට හැඟීමක්‌ ඇති කිරීමට මේ කෘතිය මහත් සේ ඉවහල් විය. මේ වන විට රත්මලාන පරම ධම්ම ෙච්තිය පිරිවෙනේ ජනප්‍රිය ගුරුවරයකු සේම දක්‌ෂ කථිකයකු ලෙසද කීර්තියට පත්ව සිටි සුමංගල හිමියන්ට ප්‍රධාන දායක පිරිසකගේ ආරාධනාවක්‌ අනුව කොටහේනේ පරමානන්ද විහාර පිරිවෙනේ ඉගැන්වීමට වැඩම කරන්නට සිදුවිය. මේ යුගය ලංකාවේ ශාස්‌ත්‍රීය වාද රාශියකින් හා බෞද්ධ, කිස්‌ත්‍රිතියානි ආගම් - දර්ශන වාද රාශියකින් මහත් ආන්දෝලනයක්‌ ඇති වූ කාල පරිච්ඡේදනයක්‌ විය. ගිහි - පැවිදි බෞද්ධ උගතුන් සේම වත් පොහොසත්කම් ඇති ජාති හිතෛෂීන් විශාල වශයෙන් රැස්‌ කරවා ක්‍රිස්‌තියානි අධිරාජ්‍යවාදීන්ගෙන් රට, ජාතිය, ආගම හා බෞද්ධ අධ්‍යාපනය රැක ගත යුත්තේ කෙසේ දැයි නිතර සාකච්ඡා විදුවිය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වැදගත් පියවර දෙකක්‌ ගැනීමට තීරණය කෙරිණි. පළමුවැන්න බෞද්ධ පාසල් හා පිරිවෙන් ආරම්භ කොට සිංහල බෞද්ධයන් උගතුන් කිරීමට මං සැලසීමයි.

දෙවැන්න වූයේ නායක, කතෝලික, ක්‍රිස්‌තියානි පූජකවරුන් හා මුහුණට මුහුණ ලා වාද කොට ඔවුන් පරාජය කිරීමය. එවැනි පියවරක්‌ ගැනීමට සිදුවූයේ මිෂනාරි පාසල්වල ඉගෙන ගන්නා සිංහල බෞද්ධ පවුල්වල දරුවන් ලවා බුද්ධ චරිතයත්, බුද්ධ ධර්මයේ ඉගැන්වීමුත් උපහාසයට ලක්‌ කරමින් බුදු සමයට නින්දා කිරීමට පූජා ප්‍රසාදි මිසනාරි පූජකතුමන්ලා දිගින් දිගටම ක්‍රියා කිරීමය.

එකල තිබූ කුඩා පුවත්පත් සංඛ්‍යාව හා පූජා උත්සව, දේශනා මගින් සෑහෙන ප්‍රචාරයක්‌ ලබාදී බෞද්ධ, ක්‍රිස්‌තියානි මහා වාද 05 ක්‌ සූදානම් කරවු ශ්‍රී සුමංගල හිමියෝ එහි ප්‍රධානත්වයට වඩාත් සුදුසු මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් පත්කළහ. උන්වහන්සේ දක්‌ෂ කවියකු සේම ඒ එන විටත් වාද විවාද කිරීමේ ශූරයකු ලෙස නම් දරා සිටියහ. 01. 1865 වර්ෂයේ පෙබරවාරි 08 වැනිදා බද්දේගමදී ගනේගමදී, 02. 1866 පෙබරවාරි 07 වැනිදා සත්කෝරළේ උනන්විටදීද, 03. 1871 ජුනි 07 වැනි දින ගම්පොළ දීද, 04. 1873 අගෝස්‌තු 08 පානදුරේදීද, 05. 1899 සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ තොටළඟ, ඔරුගොඩවත්තේදීද පැවැත්වූ සුප්‍රසිද්ධ බෞද්ධ, ක්‍රිස්‌තියානි ආගමික වාද පංච මහා වාද ලෙස නම් කැරිණි.

බෞද්ධ පක්‌ෂයෙන් ඉදිරිපත් කළ කරුණු බිඳ දමන්නට ක්‍රිස්‌තියානි පක්‌ෂය අපොහොසත් වීමත්, ක්‍රිස්‌තියානි ආගමික තර්ක බෞද්ධ පක්‌ෂය විසින් පහසුවෙන් නිෂ්ප්‍රභා කිරීමත් නිසා වාද පහෙන්ම පරාජය අත්වූයේ ක්‍රිස්‌තියානි පක්‌ෂයටය. ඒ අතරේ පානදුරාවාදයේ සියලු විස්‌තර ඇතුළත්ව ඉංගී්‍රසියෙන් මුද්‍රණය කළ ග්‍රන්ථය ලොව පුරා උගතුන් අතර ඉක්‌මණින් ජනප්‍රිය විය. ආගම්, දර්ශනවාද, ශාස්‌ත්‍රාබිලාෂින් මේ ග්‍රන්ථය කියවා ලංකාවේ මහා උගතුන් හමුවීමට පැමිණි වාර බොහෝය. එසේ පැමිණි උගතුන්, වියතුන් අතුරින් අපට අතිශයින් වැදගත් පුද්ගලයා ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ මහත්මයාණන්ය.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් සිංහල බෞද්ධ ජනතාවගේ අධ්‍යාපනය නගා සිටුවීමට ගත් මහා උත්සාහයක්‌ ලෙස මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙන පිහිටුවීම සැලකිය යුතුවේ. කොළම අවට විසූ සිංහල බෞද්ධ ප්‍රභූන් එක්‌කොට විද්‍යාධාර සභාව නමින් ශක්‌තිමත් සංවිධානයක්‌ පිහිටුවා 1873 වසරේදී කැලෑබද ප්‍රදේශයෙන් ඉඩමක්‌ මිලට ගෙන ශාලාවක්‌ තනවා ශිෂ්‍යයන් හතක්‌ දෙනෙකුගෙන් විෙද්‍යාදය පිරිවෙන ආරම්භ කරන ලදී. වැඩිකල් නොගොස්‌ එය ලංකාවේ ප්‍රබලතම මහා විද්‍යා ස්‌ථානය බවට පත්විය. මේ හා සමගාවීව 1875 වසරේදී රත්මලානේ ධර්මාලෝක හිමියන් ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනද ශ්‍රී ලංකාවට මහා උගතුන්, විද්වතුන් සේම නිදහස්‌ සටනේ නායකත්වයට සුදුසු දේශපාලනඥයන්ද බිහිකළ මහා විද්‍යස්‌ථානයක්‌ බවට පත්විය. විචාරක උගතුන් වැඩිවෙත්ම ධර්ම ශාස්‌ත්‍රීය වාදයන් රැසක්‌ද පැන නැඟුනි.

භික්‌ෂු, භික්‌ෂුනී විනයට සම්බන්ධ පාරුපනවාදය (ඒකාංශ, උභයාංශ සිවුරු පෙරවීම) අධිමාස වාදය (අවුරුද්දකට පුරපසලොස්‌වක්‌ පෝය දහතුනක්‌ වූ විට පොහෝ පවුරනු දින නියම කිරීම) පොහොය සීමා නිර්නය පිළිබඳ සීමා විභාග වාදය, නිර්මාණ වාදය, භාෂා සාහිත්‍යංව්‍යාකරණය පිළිබඳ න ණ ල ළ වාදය, සවුසද්ධම් වාදය වැනි ශබ්දිත වාද සහ කාර්තික වාදය, නෛස්‍යායික වාද රැසක්‌ද මෙකල උගත් සමාජයේ ධර්ම ශාස්‌ත්‍ර විනෝදයට මහත් රුකුලක්‌ විය.

වාද කිරීම, දර්ශන ශාස්‌ත්‍රයේ අංගයකි. හේතු, යුක්‌ති, තර්ක, විතර්ක මගින් ප්‍රතිවාද මතය ප්‍රතික්‌ෂේප කිරීම වාදයක පරමාර්ථය වුවද තම මතය වැරදි බව ඔප්පු වූ විට නිවැරදි මතය පිළිගන්නට දෙපක්‌ෂයම සූදානම් වූ වාදයට එළඹිය යුතුය. විරුද්ධ මතවාදීන් සමග කෝලාහල කිරිම වාදකරුවෙකුගේ ස්‌වාභාවය නොවිය යුතුය. බුරුමයෙන් හා සියම් රටෙන් වැඩම කළ නාහිමිවරුන් සමග පාලි භාෂාවෙන් වාද කළ ශ්‍රී සුමංගල මාහිsමියෝ උන්වහන්සේලාගේ වැරදි මත සහේතුකව ඛණ්‌ඩනය කිරීමෙන් ජාත්‍යන්තර කීර්තිධර පඬිවරයෙකුගේ තත්ත්වයට පත්වූහ. මේ නිසා ඇතිවුණු නායකත්වයේ සුවිශේෂ ගුණාංග මත හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ශ්‍රී පාද ස්‌ථානයේ නායක පදවියටත්, පැල්මඩුල්ලේදී පැවැත්වුණු ත්‍රිපිටක සංගායනාවේ මූලාසනයටත් පවත්කරන ලදී.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ චරිතයේ සුවිශේෂ දක්‌ෂතා රැසක්‌ මතුව ආවේ සෙන්පති ඕල්කට්‌ තුමාගේ පැමිණීමත් සමඟය. 1880 මැයි 17 වැනිදා ගාලු වරායට සැපත් වුණු ඕල්කට්‌ පරමිඥනාර්තවාදියා සුමංගල මාහිමියන් සතියක්‌ තිස්‌සේ කළ ධර්ම සාකච්ඡාවකින් පසු මැයි 25 වැනිදා ගල්ලේ වැලිවත්තේ ශ්‍රී විජයානන්ද විහාරස්‌ථානයේදී පන්සිල් සමාදන් ව බෞද්ධයෙක්‌ බවට පත්විය. ඔහු පරම විඥනාර්ථ සමාගමේ ශාඛාවක්‌ ඉන්දියාවේ බොම්බායේ පිහිටුවා විවිධ සේවා ඉටුකර, ලංකාවට පැමිණියේ පරමවිඥනාර්ථවාදය ව්‍යාප්ත කිරීමට වුවද හික්‌කඩුවේ නාහිමියන් නිසා බුද්ධාගම වැළඳගෙන බෞද්ධ පරමවාඥනාර්ථවාදියෙක්‌ වූවා පමණක්‌ නොව අහිංසක සිංහල බෞද්ධයන්ගේ පරම නිදහස වෙනුවෙන් කැපවූ ජාතික නායකයෙක්‌ද විය.

මේ දෙපළගේ සේවා ව්‍යාප්ත කිරීමට ඇප කැපවී ඉදිරිපත් වූ තවත් තරුණ නායකයෙක්‌ වූයේ දොන් ඩේවිඩ් හේවා විතාරණ වීරයාය. පසුව ඔහු අනගාරික ධර්මපාල නමින් ජාතිකත්වයට හා ආගමික ප්‍රතිපත්ති ගරු කිරීමට මෙහෙය වූ ප්‍රධාන බෞද්ධ නායකයා විය. බුද්ධගයාව බේරා ගනිව් යෑයි සටන් මෙහෙයවීමෙන් ඉන්දියාවේ බුද්ධාගම රැකගන්නට තම ජීවිතය කැප කළ එතුමා බරණැස ඉසිපතනයේ දී පැවැදි උපසම්පදාව ලබා සිරි දේවමිත්ත ධම්මපාල හිමියන් බවට පත්වූහ. අධ්‍යාපනයෙන් පහළටම ඇද වැටී සිටි සිංහල - බෞද්ධ දරුවන්ගේ අනාගතය සරුසාර කිරීමට හික්‌කඩුවේ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මරදානේ ආනන්ද විද්‍යාලය ආරම්භ කළ අතර ඔල්කට්‌තුමා පරම විද්‍යානාර්ථ සමාගමද අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රධානත්වයෙන් මහ බෝධි සමාගමද ලංකාව පුරා බෞද්ධ පාසල් ආරම්භ කිරිමේ මහා සටනක්‌ ගෙන ගියහ. අද ලංකාව පුරා ප්‍රධාන නගරවල බෞද්ධ නම්වලින් හඳුන්වන බොහෝ පාසල් පිහිටුවීමට නායකත්වය ලබාදුන්නෙa අතිපූජ්‍ය හික්‌කඩුවේ මාහිමිපාණන් වහන්සේය. අද අප මේ ජීවත්වන ශ්‍රී ජයවර්ධනපුර විෙද්‍යාදය විශ්වවිද්‍යාලය මීට පනස්‌ වසරකට පෙර ආරම්භ වූයේද අතිගරු හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේගේ විෙද්‍යාදය යන ඓතිහාසික නාමයට ගෞරව කිරීමක්‌ වශයෙනි.

1911 අප්‍රේල් 29 වැනි දින අපවත් වී වදාළ ධර්ම ශාස්‌ත්‍ර ලෝකයට ආලෝකය සැපයූ මහා සූර්ය දිව්‍යා රාජයාණන් බදු වන්දනීය පූජනීය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ (100) සිය වැනි ගුණ සමරුව යෙදෙන 2011 වසරේ අප්‍රේල් 29 වැනි දිනට අතිඋත්කර්ෂවත් ලෙස සැමරීමට එක්‌ වන්නැයි ඔබ හැම දෙනාටම ආරාධනා කරමි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී අද දින(29 වැනිදා) පැවැත්වීමට
නියමිත ගුණසමරු දේශනය ඇසුරිනි

මහාචාර්ය ආරියපාල පෙරේරා

 
Powered By -