සංස්‌කරණය : නාරද නිශ්ශංක

රයිගම් ටෙලි සම්මානලාභීන්


විශිෂ්ටතම නළුවා ජයලත් මනෝරත්න
නිළිය දුලිකා මාරපන

ජනප්‍රියතම දීර්ඝ ටෙලි නාට්‍යය "ඉතිං ඊට පස්‌සේ"
 

සම්මාන දහයක්‌ හිමිකර ගනිමින් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය ලෙස ලලිත් රත්නායක අධ්‍යක්‍ෂණය කළ"අරුංගල්" රයිගම් ටෙලි සම්මානයෙන් පුද ලැබීය.

වසරේ ජනප්‍රියතම දීර්ඝ ටෙලි නාට්‍යය ලෙස "ඉතිං ඊට පස්‌සේ" රයිගම් සම්මානයෙන් පුද ලබද්දී විශිෂ්ටතම නළුවා සහ නිළිය ලෙස ජයලත් මනෝරත්න (අරුංගල්), දුලීකා මාරපන (ඉසුරු භවන) සම්මානයෙන් පුද ලැබීය. "ඉසුරු භවන" ටෙලි නාට්‍ය සඳහා සම්මාන නවයක්‌ හිමි වූ අතර එය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයද විය.

අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මානයෙන් පුද ලද නිර්මාණ සහ කලා ශිල්පීන් මෙසේය.

ජූරියේ කුසලාන සහතික

දක්‍ෂිකා කුලතුංග - "ඔබ කවුද?" ටෙලි නාට්‍ය (ස්‌වාධීන රූපවාහිනිය), සසංක අමරවීර - "ඉසුරු භවන - මාධ්‍යරූප හා සජීවීකරණය සඳහා (ජාතික රූපවාහිනිය), ශනුද්‍රි ප්‍රියසාද් - "කඩදහි මල්" (ස්‌වර්ණවාහිනී), නදී චන්ද්‍රසේකර -"රිදී ඉට්‌ටංකරය" (ජාතික රූපවාහිනිය), විපුල විතාන ගමගේ - "මහෝඝය" (ජාතික රූපවාහිනිය), විල්මන් සිරිමාන්න - "ඉසුරු භවන" (ජාතික රූපවාහිනිය), ජයන්ත රණවක - "තෙරණි ගීතය" (අංග රචනය) "ස්‌වාධීන රූපවාහිනිය)

ළමා රංග කුසලතා ඇගයීමේ සම්මානය

මෞලි ෆර්ඩිනැන්ඩු - අරුංගල් (ස්‌වාධීන රූපවාහිනිය)

විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාටය -තුසිත ද සිල්වා "මෙහෙව් රටේ" (ස්‌වාධීන රූපවාහිනිය)

ජූරියේ විශේෂ කුසලතා සම්මානය - සුසිරන්ද සිල්වා "ඉසුරු භවන" (ජාතික රූපවාහිනිය)

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය - වසන්ත විට්‌ටච්චි "ඉසුරු භවන" (ජාතික රූපවාහිනිය),

විශිෂ්ටතම කලා අධ්‍යක්‍ෂණය - ඇහැලියගොඩ සෝමතිලක - "රිදී ඉට්‌ටංකරය (ජාතික රූපවාහිනිය),

විශිෂ්ටතම ශ්‍රව්‍ය පටිගත කිරීම

යොෂාන්ත නෙල්සන් "අරුංග ල්" (ස්‌වාධීන රූපවාහිනිය)

විශිෂ්ටතම ආලෝකකරණය හා කළමනාකරණය - ධම්මික දිසානායක - "අරුංගල්" (ස්‌වාධීන රූපවාහිනිය)

විශිෂ්ටතම සංස්‌කරණය - තරංග කුමාරසිංහ - "අරුංගල්" (ස්‌වාධීන රූපවාහිනිය)

විශිෂ්ටතම සංගීත අධ්‍යක්‍ෂණය

සරත් වික්‍රම - "අරුංගල්" (ස්‌වාධීන රූපවාහිනය)

විශිෂ්ටතම ගීත රචනය - කුමාර ලියනගේ - "අරුංගල්"

විශිෂ්ටතම ගායකයා - සුනිල් එදිරිසිංහ - ෙද්‍රdaණි (ජාතික රූපවාහිනිය),

විශිෂ්ටතම ගායිකාව - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ - "ඔබ කවුද" (ස්‌වාධීන රූපවාහිනිය)

විශිෂ්ටතම සහාය නළුවා - රංජිත්ද සිල්වා - "ඉසුරු භවන" (ජාතික රූපවාහිනිය),

විශිෂ්ටතම සහාය නිළිය - අවන්ති අපොන්සු "ඉසුරු භවන"

නැගී එන නළුවා - සුමිත් රත්නායක - "අංගානි" (ජාතික රූපවාහිනිය), "ඔබ කවුද" (ස්‌වාධීන රූපවාහිනිය)

නැගී එන නිළිය - උදයන්ති කුලතුංග - රිදී ඉට්‌ටංකරය" - රන් සෙවනැලි, සිතක මහිම

ජූරියේ විශේෂ කුසලතා - ගිරිරාඡ් කෞෂල්‍ය - "ඉසුරු භවන" දිමුතු චින්තක - "ඉසුරු භවන",

විශිෂ්ටතම හාස්‌යෝත්පාදක රංගනය - ප්‍රියන්ත සෙනෙවිරත්න - "ඉසුරු භවන" (ජාතික රූපවාහිනිය),

විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය - සොඳුරු වසන්තය (ස්‌වාධීන රූපවාහිනිය) දිශාන්ති රත්නායක,

ජනප්‍රියතම දීර්ඝ ටෙලි නාට්‍ය - ඉතිං ඊට පස්‌සේ" - චන්දික විඡේසේන (ස්‌වාධීන රූපවාහිනිය)

ජනප්‍රියතම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය - ඉසුරු භවන - ජනක සුරංජිත්ද, සුසිරන්ද සිල්වා

ජනප්‍රියතම නළුවා - මේනක රාජපක්‍ෂ

ජනප්‍රියතම නිළිය - නෙහාරා පීරිස්‌

සම්මානනීය නාලිකාව - ස්‌වාධීන රූපවාහිනිය

විශේෂ ප්‍රණාම - නන්දා ජයමාන්න, බන්දුල විතානගේ

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය - සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ

විශිෂ්ටතම තිර රචනය - "අරුංගල්" - ලලිත් රත්නායක

විශිෂ්ටතම නළුවා - ජයලත් මනෝරත්න - "අරුංගල්"

විශිෂ්ටතම නිළිය - දුලීකා මාරපන - "ඉසුරු භවන"

විශිෂ්ටතම අධ්‍යක්‍ෂණය - "අරුංගල්" ලලිත් රත්නායක (අධ්‍යක්‍ෂ)

විශිෂ්ටතම ටෙලි නාට්‍යය - අරුංගල් - සමන් ප්‍රියංකර (නිෂ්පාදක)

අජිත් අලහකෝන්
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.