නිවහල් ජීවිතය සහ මෝසම් වර්ෂාව

මේ ලෝකයේ පහළ වූ භයානකම ත්‍රස්‌තවාදියාගේ මළසිරුර ගිය අවුරුද්දේ මැයි මාසයේ අද වැනි දවසක උතුරේ නන්දිකඩාල් කලපුවෙන් සොයාගන්නා ලදී. ශ්‍රී ලංකාව නැවත වතාවක්‌ ඒකීය රාජ්‍යයක්‌ බවට පත්වීම පිළිබඳ ශුභ පණිවුඩය මේ මළසිරුර මගින් ප්‍රකාශ විය. මළ සිරුරක්‌ යනු අශුභ නිමිත්තකි. එහෙත් ප්‍රභාකරන්ගේ සිරුර අපට ශුභ නිමිත්තක්‌ම විය. තිස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ කොළඹ හා වෙනත් නගරවල මිනිසුන් තුළ වූ "මහ පාරේ මරණ භය" ප්‍රභාකරන්ගේ මළ සිරුර දැකීමත් සමඟම නිමාවට පත්විය. තර්ජිත ගම්මානවල ජීවත් වූ අහිංසක දුප්පත් ගොවි ජනයාට තවදුරටත් මහ කැලය තුළ රැය ගතකිරීමට අනවශ්‍යය. ප්‍රභාකරන්ගේ ජීවිතය බේරා දෙන ලෙස ඇතැම් රටවල් බරපතල බලපෑම් කරද්දීත් ඒවාට අවනත නොවුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේත් රණවිරුවන්ගේත්a ධෛර්යයට ස්‌තුති වේවාෘ අපි දැන් නිවහල් මිනිසුන් වෙමු.

***    ***   ***     ***

මේ වහින්නේ අකල් වැස්‌සක්‌ නොව අන්තර් මෝසම් වැස්‌සකි. සිංහල අවුරුදු දවසේ ලිප ගිනි මොළවන නැකත ආසන්නයේදී ඇතැම් පළාත්වලින් පටන්ගත්a මේ වැස්‌ස දැන් එහි ඉහළම අවස්‌ථාවට සම්ප්‍රාප්ත වී මුළු මහත් කොළඹ නගරයත් තදාසන්න ප්‍රදේශ කිහිපයකුත් යට කර දමා ඇත. මෙබඳු අන්තර් මෝසම් වැසි අතීතයේ තිබූ බවත් කාලගුණ විපර්යාස නිසා අතුරුදන්ව ගිය බවත් කාලගුණ විද්‍යාඥයන්ගේ මතය ය. අවුරුදු බොහෝ ගණනකට පසු බක්‌මහ අකුණු මෙවර අප්‍රියෙල් මාසයේදී පටන් ගත්තේය. කලක පටන් බක්‌මහ අකුණු පුපුරන්නට පටන්ගත්තේ එක්‌කෝ මාර්තු මාසයේදී ය. නැතහොත් කිසිදු හේතුවක්‌ නැතිව මැයි මාසය අගදී මහ දවල් ය. දශක ගණනාවක්‌ තිස්‌සේ අවුල් ජාලයක්‌ බවට පත්ව තිබූ සෘතු සහ මෝසම් වර්ෂා යළි යථා තත්ත්වයට පත්වීමෙන් පෙනී යන්නේ නිසි කළමනාකරණයක්‌ ඇතිව කටයුතු කළොත් කෘෂිකර්මය ගොඩ දමා ගත හැකි බවය. මහ වැස්‌සෙන් මොළය පෙඟී යැම නිසා අප පිස්‌සු විකාර ලියන බව නොසිතන්න. මෙයට අවුරුදු පනහකට පමණ පෙර කැලණි මිටියාවත යනු ඉතා සශ්‍රීක ගොවි බිමකි. පහත රටට ගැලපෙන සියලු එළවළු වර්ග මේ සාරවත් මිටියාවතේ වගා කරන ලදී. කරත්තවලින් තොටළඟට ගෙනැවිත් විකුණන ලද එම කෘෂි නිෂ්පාදන කොළඹ නගරය පුරා බෙදාහරින ලදී. මේ අන්තර් මෝසම් වැස්‌ස අවසාන වන මැයි මස තුන්වැනි සතියේ පටන් නිරිතදිග මෝසම පටන් ගත්තේය. මෙයට අවුරුදු 50 කට පෙර මෙසේම වට වර්ෂාවලින් කැලණි මිටියාවත යට විය. ඒ බව දන්නා ගොවියෝ කල්තබා නෙළාගත් අස්‌වැන්න සුදුසු පරිදි ගබඩා කර ගැනීම හෝ විකිණීම සිදුකරයි. මේ මිටියාවතේ උළු මෝල් බහුලව පැවැතිණ. උළු මෝල් හිමියෝ ගඟ ගලන ස්‌වභාවයෙන් මහ වැසි සහ ගංවතුර අත ළඟ බව දැනගෙන පුළුස්‌සන ලද උළු උස්‌ බිම්වලට ගෙනවුත් තැන්පත් කළහ. අද කැලණි මිටියාවතේ කීර කොටු ස්‌වල්පය අතීත කෘෂිකාර්මික ශ්‍රී විභූතියේ නටබුන් වෙයි. ඊට අමතරව මේ මිටියාවත පුරා කසිප්පුකාරයෝත් කුඩුකාරයෝත් අද පැතිර සිටිති. එය අතීත ශ්‍රී විභූතියට අයත් නැත. කෙසේ වුවද කොළඹට මෙවර වට මහ වැස්‌ස නිසා කාර් කරේ තබාගෙන යැමට ජනයාට සිදුවිය. කොළඹ පදික වේදිකාවේ කඩ පෙළ (මේ කඩ පෙළ එක්‌ පැත්තක්‌ කිලෝමීටරයක්‌ පමණ දිගින් යුතු විය.) රජය මගින් කඩා ඉවත් නොකරන ලද්දේ නම් ජලගැලීමේ ප්‍රතිඵල තවත් දරුණු වීමට ඉඩ තිබිණ. වැස්‌සේ ඇති වරදක්‌ නැත. වරද ඇත්තේ මිනිසුන් අතය. සියලු දෙනාම කොළඹ පදිංචි වීමට කැමැත්තෙන් සිටිති. ඒ නිසා ජනගහන තදබදය හට ගෙන ඇති අතර අනවශ්‍ය ඉදිකිරීම් බහුල වී තිබේ. හැම නගර සභා ඡන්දයකදීම, හැම ප්‍රාදේශීය සභා ඡන්දයකදීම, හැම මහ මැතිවරණයකදීම තම ආධාරකරුවන්ට ආණ්‌ඩුවේ ඉඩම් අල්ලා ගැනීමට ඉඩ දීම පවතින ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ගේ පුරුද්දය. මේ කැත පුරුද්ද නැවැතුණු දවසට ලංකාවේ හැම නගරයක්‌ම වැහි කාලයට යහපත් තැනක්‌ වනවා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.