2010 මැයි 18 අගහරුවාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
දිවුලපිටියේදී
තිදෙනෙක්‌ මරුට
දිස්‌ත්‍රික්‌ක තුනක
1,75,000 ක්‌
මහ වැස්‌සෙන්අනාථ වෙති
මාර්ග රැසක්‌ යටවෙයි
නිවාස 160 කට හානි


දිවයිනට ඇදවැටෙන අධික වැසි නිසා පුද්ගලයන් තිදෙනෙක්‌ මියගොස්‌ දිස්‌ත්‍රික්‌ක තුනක පවුල් හතළිස්‌ දහසකට අයත් පුද්ගලයන් එක්‌ලක්‍ෂ හැත්තෑ පන්දහසක්‌ පමණ විපතට පත්ව සිටිතියි වාර්තා වේ. අධික වර්ෂාවේ ගංවතුරේ දිය නෑමට ගිය දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙක්‌ මෙසේ මියගොස්‌ සිටිති.

 


 
පිංතූරය - සුජාතා ජයරත්න


බෙංගාල බොක්‌ක ආශ්‍රිත
කැළඹිලි ස්‌වභාවයක්‌
ඉදිරි දිනවලත් මහ වැසි

දැනට පවතින පෙර මෝසම් තත්ත්වයට අමතරව
 ...


කොළඹ නගරය අවට වැසි ජලයෙන් යටවී තිබූ අයුරු ...




 

  
 
  • විපතට පත් අයට සහන සලසන්න
    - ජනපති කියයි

    අධික වර්ෂාවෙන් පීඩාවට පත්වූ කොළඹ, ගම්පහ, කළුතර දිස්‌ත්‍රික්‌කවල ජනතාවට වහාම සහන සේවා සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

     
  • දිස්‌ත්‍රික්‌ක 6 කට නායයැම් අවදානම

    මේ අතර රත්නපුර, කළුතර, ගාල්ල, කොළඹ, ගම්පහ දිස්‌ත්‍රික්‌කවල නායයැම් සහ පස්‌ කඳු කඩාවැටීමේ අවදානමක්‌ ඇති බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නයායැම් අංශය අනතුරු අඟවයි.

 
  • පානදුරේ නිවාස 3000 ක්‌ වර්ෂා ජලයෙන් යටවෙයි

    කළුතර දිස්‌ත්‍රික්‌කයට ඇදහැළුණ ධාරානිපාත වර්ෂාව නිසා කළුතර හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකේ නිවාස 3000 ක්‌ පමණ ඊයේ 17 උදේ වන විට වතුරින් යටවී ඇතැයි කළුතර දිසා ලේකම් එස්‌. හපුආරච්චි මහතා ඊයේ (17 වැනිදා) දහවල් "දිවයින" ට කීය.

 


 
  • යුද ගිනි නිවුණු රටක දේශපාලන යාන්ත්‍රණයේ වගකීම!

    ශ්‍රී ලංකාවේ පිට පිටම මැතිවරණ පෝලිමක්‌ තබා ඡන්ද අපේක්‍ෂකයෝත්, රජයත්, මහජනතාවත් හොඳටම හෙම්බත් වී සිටිති. ඡන්ද අපේක්‍ෂකයෝ හෙම්බත්වී ඇත්තේ තමන් සතුව තිබූ අඩුම කෝටියකට ආසන්නව වැය කළ මුදල් ආපසු ලබාගන්නේ කෙසේද යන්න ගැන කල්පනා කරමිනි. පරාජිත වූවෝ ඊටත් වැඩිය හෙම්බත්වී ඇත්තේ තමන් ඡන්දය වෙනුවෙන් වැය කළ මුදල ඇමැතිකමක්‌ හෝ නියෝජ්‍ය ඇමතිකමක්‌ හෝ අඩුම මන්ත්‍රී තනතුරවත් නැතිව එම මුදල් ආපසු උපයා ගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි.

  

  


 
  • ඉනිම නිමයි..?

    එදින වසර 1999 ක්‌ වූ ජූලි මස 07 වැනිදා විය. දිනය බදාදාවකි. වේලාව පෙ.ව. 9 කණිසම ඉක්‌මවූවා පමණි. මගේ කාර්යාලය දුරකථනයද මගේ රාජකාරි අරඹන්නැයි සංඥවක්‌ දීමක්‌ වශයෙන් දොa නාද වන්නට විය. එහි එක්‌ අන්තයක මගේ අංක "1" ඔත්තුකාරයෙක්‌ විය. "නියම කතාවක්‌ තියෙනවා. සියයට සියයක්‌ම හරි. චෙක්‌ කරලා බලන්න"යි කියූ හෙතෙම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක ධුරයට සනත් ජයසූරිය පත් කිරීමට තීරණය වී ඇතැයි සඳහන් කළේය.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.