සාමාන්‍ය තැපෑලෙන් ලිපි යවන්නේ
ජනගහනයෙන් සියයට 11 යි


ප්‍රියදර්ශන ලියනගේ

තැපැල් දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍ය තැපෑලෙන් ලියුමක්‌ යවන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 11 ක්‌ තරම් අඩු පිරිසක්‌ බව තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය මගින් සිදුකරන ලද සමීක්‍ෂණයක්‌ මගින් හෙළිවී ඇත.

1978 පෙර තැපැල් දෙපාර්තමේන්තුව මගින් සාමාන්‍ය තැපෑලෙන් ලියුමක්‌ යෑවූ සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 90 ක්‌ පමණ වූ අතර නවීන තාක්‌ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථන විශාල වශයෙන් ජනතාව අතරට පැමිණීමත් සමග තැපෑලෙන් ලිපි යවන සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදුකරන තැපැල් කටයුතු වලින් සියයට 75 ම ව්‍යාපාරික තැපැල් කටයුතුවලට අයත් වන බවත් සාමාන්‍ය තැපැල් කටයුතු වලින් ජනතාව ඈත්වීම තැපැල් දෙපාර්තමේන්තුවේ අනාගතයට සෘජු ලෙසම බලපාන බවත් තැපැල් හා විදුලි සංදේශ ඇමැති ජීවන් කුමාරතුංග මහතා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.