|
|
|
|
|

යාපනයේ සුළු හා මධ්‍ය පරිමාණ
කර්මාන්ත ක්‍ෂේත්‍රය සවි බල ගැන්වීමට
NDB බැංකුව දායකත්වය ලබාදෙයි
පසුගිය වසර ගණනාවක් තිස්‌සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත
ක්‍ෂේත්‍රය සවිබල ගැන්වීම NDB බැංකුව සිය මෙහෙවරෙහි ප්‍රමුඛතම
කටයුත්තක් සේ ක්‍රියාත්මක කර ඇත. මේ අනුව නව්‍ය ව්‍යවසායකයින්
රැසක් සිය ව්‍යාපාරික ගමන් මගේ ඉදිරියට පැමිණ ඇති අතර ඔවුන්ගේ
ජීවිත ද සුබදායි ලෙස පරිවර්තනය වී ඇත. භෘඊ බැංකුව නිරන්තරයෙන්ම
විශ්වාස කරනු ලබන්නේ දැනුමින්, ප්‍රාග්ධනයෙන් පිරිපුන්
ව්‍යවසායකයන් සවිබල ගැන්වීම තුළින් දේශීය ආර්ථිකය තුළ සුබදායී
වෙනසක් ඇති කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය තුළ වඩාත් යහපත්
වෙනසක් ඇති කළ හැකි බවයි.
නව ශාඛා 5 ක් ආරම්භ කරමින් සිය සේවාවන් උතුරු නැගෙනහිර
පළාත්වලට පසුගිය කාර්තු 02 තුළ ව්‍යාප්ත කළ NDB බැංකුව, ශ්‍රී
ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රය සඳහා මූල්‍ය සේවා සපයන
ප්‍රමුඛතම ආයතනයක් ලෙස ස්‌ථාපිත වී ඇත. පශ්චාත් යුද සමයෙන්
පසු යළි ගොඩනැඟෙන දේශයේ ධීවර, කාර්මික, හෝටල් හා සංචාරක,
කෘෂිකාර්මික, ප්‍රවාහන හා වෙළෙඳ ඇතුළු සියලුම සුළු හා මධ්‍ය
පරිමාණ කර්මාන්ත ක්‍ෂේත්‍රයන් හට මෙම නව ශාඛා මගින් මූල්‍ය
සේවා සපයනු ලබයි. මෙම මූල්‍ය සේවාවලට අමතර විවිධ වූ විෂය
ක්‍ෂේත්‍රයන්ට අදාළ වූ දැනුම ලබාදීමේ අරමුණින් මූල්‍ය හා
ගිණුම්කරණය, කළමනාකරණය, කුසලතා ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු
සුළු හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රය සමග අත්වැල් බැඳගන්නා විෂය
පථයන්හි දැනුම බෙදාහදා දීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබයි.
උතුරු නැගෙනහිර සංවර්ධනය උදෙසා NDB බැංකුවේ දායකත්වය පිළිබඳ
අදහස් දැක්‌වූ එහි ප්‍රධාන විධායක නිලධාරි රසල් ද මෙල් මහතා
මෙසේ සඳහන් කළේ, ආර්ථික සංවර්ධනය සඳහා ඉමහත් දායකත්වයක්
ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට භෘඊ
බැංකුව නිරන්තරයෙන්ම කැපවී සිටින බවයි. තවදුරටත් අදහස්
දැක්‌වූ ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය. භෘඊ බැංකුව නිරන්තරයෙන්ම
කටයුතු කරනු ලබන්නේ ජනතාවගේ එදිනෙදා ජීවිතයට වෙනසක් එක්
කිරීමටයි. ජීවන තත්ත්වය වෙනස් කිරීමට නම් ජීවන මාර්ගය සඳහා
නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. වසර 30 ක යුද්ධයෙන් පසු උතුරු
හා නැගෙනහිර දැන් යළි පිබිදෙමින් සිටිනවා. ව්‍යාපාරික ප්‍රජාව
හා සමාජයේ ජීවිත හඳුනන බැංකුවක් ලෙස යටිතල පහසුකම් හා මානව
ප්‍රාග්ධන සංවර්ධනය කිරීමේ කාර්ය භාරය වෙනුවෙන් අප බැඳී
සිටිනවා.
ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම අරමුණින්ම භෘඊ බැංකුව
පසුගියදා යාපනයේදී "NDB දිවි අරුණ" මූල්‍ය සේවාව හඳුන්වා දෙන
ලදී. .භෘඊ දිවි අරුණ" පිළිබඳ අදහස් දක්‌වමින් භෘඊ බැංකුවේ
සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳ කටයුතු හා විශේෂිත වෙළෙඳ කටයුතු
ප්‍රධානී රා- අබුබකර් මහතා සඳහන් කළේ යුද සමයෙන් පසු ව්‍යාපාර
ගොඩනැංවීමේ අරමුණින් කටයුතු කරනු ලබන ව්‍යවසායකයන්ට මෙය
ශක්‌තියක් වනු ඇති බවයි. ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ නම්‍යශීලී
ආපසු ගෙවීමේ සැලසුම් හා අනෙකුත් විශේෂිත පහසුකම් යටතේ මෙම
ව්‍යාපෘතිය මගින් සුළු පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය
ලබාදීමට කටයුතු කරනු ලබන බවයි. මෙහි මුල් අදියර ලෙස ධීවර
කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කළ NDB බැංකුව, යාපනය ප්‍රදේශයේ
ධීවර කාර්මිකයන් සඳහා මූල්‍ය ප්‍රතිපදාන ලබාදෙන ලදී. මේ මගින්
ධීවර ආම්පන්න හා බෝට්‌ටු මිලදී ගැනීමට ඔවුන්ට අවශ්‍ය පහසුකම්
සලසා ඇත.
|
|
|
|