ෆොර්ක්‌ලන්ත අර්බුදය නැවතත් උග්‍ර අතට

ෆොර්ක්‌ලන්තය පිළිබඳව ආජන්ටිනාව සහ බ්‍රිතාන්‍ය අතර දැන් නැවත වරක්‌ අර්බුදකාරී තත්ත්වයක්‌ පැනනැඟෙමින් පවතින අතර ආර්ජන්ටියානු ජනාධිපතිනි ක්‍රිස්‌ටිනා ෆර්නැන්ඩස්‌ ද කර්ච්නර් විසින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්ත පළකර සිටියද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එය තරයේ ප්‍රතික්‍ෂ්ප කර ඇත.

කැනඩාවේ ටොරන්ටෝහි මේ දිනවල පැවැත්වෙන ජී 20 සමුළුවට දෙරටම සහභාගි වන අතර ආර්ජන්ටියානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැති සමග සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වූයේ එහිදීය.

ෆොර්ක්‌ලන්තයේ ස්‌වෛරීභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය ස්‌ථාවරයේ කිසිම වෙනසක්‌ වී නොමැති බව කැමරන් ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය. දෙරට අතර මෙම අර්බුදය ඇති වූයේ ෆොර්ක්‌ලන්තය අවට මුහුදේ ඛනිජ තෙල් කැනීම සඳහා ගත් තීරණයක්‌ මතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.