ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපෑම් කරන්න කාටවත් බෑ
ජනාධිපති ටයිම්ස්‌ ඔෆ් ඉන්ඩියා පුවත්පතට කියයි

කීර්ති වර්ණකුලසූරිය

කිසිම කෙනෙකුට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ ටයිම්ස්‌ ඔෆ් ඉන්ඩියා පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වමින් ප්‍රකාශ කර ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කලින් පැවසුවේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්‌තවාදියා ප්‍රභාකරන් කියලයි. මම ප්‍රභාකරන්ව පරාජය කළාම වෙනස්‌ කතාවක්‌ කියනවා. යම් ලෙසකින් බින්ලාඩන් පරාජය වුනාමත් මේ අය මේ කතාවම කියාවි යෑයි රාජපක්‍ෂ මහතා තවදුටත් සඳහන් කර තිබේ.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ චීන කම්කරුවන් 25000 ක්‌ ශ්‍රී ලංකාවේ සිටින බව පැවසීම අසත්‍යයයක්‌ බවත් චීන දන්ත කාර්මිකයන් දිගු කලක්‌ තිස්‌සේ මෙරට සිටින බවය.

උතුරු නැගෙනහිර සිංහල ජනතාව සිටියා ප්‍රභාකරන් ඔවුන්ව පන්නා දැම්මා. ඔවුන්ට උතුරු නැගෙනහිරට යැමට අවශ්‍ය නම් එය කළ හැකිය. සරත් ෆොන්සේකා සම්බන්ධව සිද්ධියට අධිකරණ විසඳුමක්‌ දිය යුතුයි. ඔහු නිදහස්‌ වූවොත් මා ඒ ගැන තැකීමක්‌ කරන්නේ නැහැ. යුද ජය්‍රහණයෙන් පසු සෙබළුන් සංඛ්‍යාව 200000 ක්‌ම වැඩි කිරීමට ඔහු යෝජනා කළා. මා ඔහුගෙන් ඒ ගැන විමසුවාම ඉන්දියාවෙන් තර්ජනයක්‌ ඇතිවන බව කියා සිටියා යෑයි රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ජනාධිපතිගේ බලතල වෙනස්‌ කිරීමේ යෝජනා ඇතැයි පැවසූ ඒ මහතා තමාට පාර්ලිමේන්තුවට යැමට අවශ්‍යව ඇත්තේ ජනතාව හමුවීමට යෑයිද කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.