නොච්චියාගම ඔත්තප්පුවේදී  ජීප් - අත්ට්‍රැක්‌ටර්
ගැටුමෙන් 11 දෙනෙක්‌ තුවාල ලබති


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ නොච්චියාගම එම්. එම්. ජී. ජී. පෙරේරා

අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම - ඔත්තප්පුව ප්‍රදේශයේ දී පෙරේදා (27 දා) රාත්‍රී සුඛෝපභෝගී ජීප් රථයක්‌ හා අත්ට්‍රැක්‌ටරයක්‌ මුහුණට මුහුණලා හැපීමෙන් සිදුවූ අනතුරකින් අත්ට්‍රැක්‌ටරයේ ගමන් කළ එකොළොස්‌ දෙනෙකු තුවාල ලබා ඇත.

පෙරේදා රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව නොච්චියාගම පොලීසිය පවසයි. අනුරාධපුර පොසොන් වන්දනාවේ ගොස්‌ ආපසු අත්ට්‍රැක්‌ටරයෙන් සිය නිවෙස්‌වලට යමින් සිටි නොච්චියාගම ඕලූවැව ප්‍රදේශයේ පදිංචි පිරිසක්‌ මෙම අනතුරින් තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙක්‌ නොච්චියාගම රෝහලට සහ හතර දෙනෙක්‌ අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය හා එහි රියදුරා නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතර රියදුරු ඊයේ (28 දා) නොච්චියාගම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නොච්චියාගම පොලිසිය අනතුර පිළිsබඳව වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.