නුගේගොඩ බීමතින් රිය පදවන්න මින් පසු කිසිදු ඉඩක්‌ නැහැ
- පොලිස්‌ අධිකාරි දේශබන්ධු තෙන්නකෝන්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මින් ඉදිරියට නුගේගොඩ පොලිස්‌ කොට්‌ඨාසයේ බීමත්ව රිය පදවන රියෑදුරන්ට කිසිදු ගැලවිල්ලක්‌ නොමැති බව නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මේ අතර පසුගිය සතියේ 20 වැනිදා හා 23 වැනිදා යන දින දෙකේ නුගේගොඩ කොට්‌ඨාසයේ පොලිස්‌ වසම් දහතුනේ සිදු කරන ලද රථවාහන සෝදිසි මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ රියෑදුරන් එකසිය එකොළොස්‌ දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි නුගේගොඩ කොට්‌ඨාස පොලිස්‌ අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

මෙම බීමත් රියෑදුරන් පැය හයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී අත්අඩංගුවට ගෙන ඇත. බීමත්ව රිය පැදවූ රියෑදුරන් එකසිය එකොළොස්‌ දෙනාගේ වාහන ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.