එකම කඹයෙන් පේරගසක එල්ලී
තරුණයාත් තරුණියත් දිවි නසා ගනිති


කරුණාරත්න ගමගේ - පොලොන්නරුව

වයස අවුරුදු දහ අටේ තරුණියකට සහ අවුරුදු විස්‌සක තරුණයකුට දිවි එපාවීමේ පුවතක්‌ පොළොන්නරුව, බකමූණ පොලිස්‌ වසමේ නිකපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

බකමූණ නිකපිටිය සමුපකාර ප්‍රාදේශිකය පිටුපස පේරගසක එකම කඹයකින් එල්ලී මියගොස්‌ සිටි තරුණයාගේ සහ තරුණියගේ මළ සිරුරු (27 දා ) උදේ ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.

මෙසේ මිය ගොස්‌ තිබෙන්නේ බකමූණ, නිකපිටිය යාය 505 අංක 626 ලිපිනයේ පදිංචි ගම මැදගෙදර මහේෂ් ජනක ආරියරත්න (20) සහ බකමූණ, නිකපිටිය, යාය 505 අංක 39 බාරේ ලිපිනයේ පදිංචි හල්ගහවෙලේ ගෙදර චම්පිකා චන්ද්‍රdකුමාරී (18) යන දෙදෙනා බව බකමූණ පොලිසිය කියයි.

මොවුන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකිරීම සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යවා ඇතැයි බකමූණ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිහාල් ජයතිලක මහතා "දිවයින" ට පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.