නෙදර්ලන්තය ඉදිරියට ස්‌ලෝවැකියාව ඉවතට

ජගත් පාපන්දු ශූරතා පූර්ව - අර්ධ අවසන් පූර්ව තරග යටතේ ඊ කාණ්‌ඩයේ අවසන් තරගය වූ නෙදර්ලන්ත - ස්‌ලෝවැකියා තරගයෙන් ගෝල 2-1 ක ජයක්‌ වාර්තා කළ නෙදර්ලන්ත කණ්‌ඩායම අදාළ අර්ධ අවසන් පූර්ව වටය සඳහා ඊයේ සුදුසුකම් ලැබීය.

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි මෝෂස්‌ මබීඩා ක්‍රීඩාංගනයේ ක්‍රීඩා ලෝලීSන් 60,000 ක්‌ ඉදිරියේ පැවැති මෙම තරගයේ 18 වැනි මිනිත්තුවේදී නෙදර්ලන්ත මැදපෙළ දකුණු ක්‍රීඩක ආයෙන් රොබෙන් විසින් සිය කණ්‌ඩායමේ ජයග්‍රාහී ගමනට මුල පිරූ අතර තරගයේ 83 වැනි මිනිත්තුවේදී මැද පෙළ ක්‍රීඩක වෙල්සි ෂ්නයිඩර් විසින් සිය කණ්‌ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කරන ලදී.

ජයග්‍රාහී නෙදර්ලන්ත කණ්‌ඩායම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක්‌ ඉටු කළ ආයෙන් රොබෙන් මැදපෙළ දකුණ ස්‌ථානායේ ක්‍රීඩා කළ ද ඔහුගේ පන්දු පාලනය වම් පාදයෙන් වීම සුවිශේෂත්වයක්‌ බව තරග විස්‌තර විචාරකයෝ හුවා දැක්‌වූහ.

මේ අතර එම කණ්‌ඩායමට ලැබුණු යෙලෝ කාඩ් අවවාද දෙකෙන් එක්‌ අවවාදයක්‌ රොබෙන්ට වීම තවත් විශේෂත්වයකි. හෙතෙම තරගයේ 31 වැනි මිනිත්තුවේදී පන්දුව අතින් ඇල්ලීම හේතුවෙන් එම අවවාදය ලැබීය. රොබෙන් කණ්‌ඩායමට කැඳවන ලද්දේද එම ස්‌ථානයේ නිත්‍ය ක්‍රීඩක රෆායල් වැන්ඩවාට්‌ ආබාධයකට ලක්‌ව සිටීම හේතුවෙනි. මෙය රොබෙන්ගේ තුන්වැනි ජාත්‍යන්තර තරගය වේ.

නෙදර්ලන්තය මෙම තරගයට සුදුසුකම් ලැබීම සඳහා අදාළ පූර්ව වටයේදී ඩෙන්මාර්කය ගෝල 2-0 වශයෙන්ද, ජපානය 1-0 වශයෙන්ද සහ කැමරූන් 2-1 වශයෙන්ද පරදා අපරාජිතව ඉදිරියට පැමිණි අතර කණ්‌ඩායමේ අර්ධ අවසන් පූර්ව තරගයේදී අද අලුයම පැවැති බ්‍රසීල - චිලී තරගයේ ජයග්‍රාහකයා ජුලි 2 දා මුණගැසෙනු ඇත.

ස්‌ලෝවැකියානු කණ්‌ඩායමේ එකම ගෝලය තරගයේ අතිරේක කාලයේ තුන්වැනි මිනිත්තුවේදී (93) පෙර පෙළ ක්‍රීඩක රොබට්‌ විටෙක්‌ විසින් වාර්තා කරන ලදී.

ජගත් පාපන්දු ශූරතාව ප්‍රතිඵල සාරාංශය

පූර්ව-අර්ධ අවසන් පූර්ව වටය

ජුනි 26දා-

උරුගුවේ-ද.කොරියාව (2-1)

ඝානා-ඇ.එ.ජනපදය (2-1)

ජුනි 27දා-

ජර්මනිය-එංගලන්තය (4-1)

ආර්ජන්ටිනා-මෙක්‌සිකො (3-1)

ජුනි 28දා-

නෙදර්ලන්aතය - ස්‌ලෝවැකියාව (2-1)

තරගාවලියේ ඉදිරි තරග

(ශ්‍රී ලංකා වේලාවෙන්)

ජුනි 29දා-

පැරගුවේ - ජපානය ප.ව. 7.30 බ්‍රසීලය - චිලී රාත්‍රී 12.00

ජුනි 30දා-

ස්‌පාඤ්ඤය-පෘතුගාලය රාත්‍රී 12.00

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.