රාවණ පරපුරේ අභීත නායකයා
කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර

ජලිත අමරසිංහ

"ඔටුනු නොපලන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු" මැයෙන් මා විසින් "දිවයින" බදාදා අතිරේකයට" සපයන ලද ලිපියේ දොන් කොස්‌මෝ විඡේසේකර පරපුර පිළිබඳව සඳහන් කරුණු පිaළිබඳව යම් අදහසක්‌ ඉදිරිපත් කර ඇති අහුංගල්ලේ දෙ.ද සොයිසා මහතාට පිළිතුරක්‌ ලෙස දොන් කොස්‌මෝ විඡේසේකර යුද මුදලිතුමාට ඇති ඥතිත්වය හා සම්බන්ධතාවය පිළිබඳව ප්‍රථම කොට මා ඉතා සතුටට පත්වෙමි. එමෙන්ම ඉහත සඳහන් පරපුරට අයත් බොහෝ පිරිසක්‌ අද දක්‌වා ශ්‍රී ලංකා ධරණීතලයේ ජීවත් වේ. ඉහත සඳහන් ලිපියේද රාවණා පරපුර පිළිබඳව දොන් කොස්‌මෝ විඡේසේකර යුද මුදලිතුමාට තිබූ උරුමය පෙන්වා දීමට අදහස්‌ කරන අතර එම ලිපියේ අඩංගු කරුණුවලට එම පරපුරේ වීරවරයන්ගේ කරුණු ඉතා ලුහුඩින් ඉදිරිපත් කළ අතර, නමුත් ඔබ විසින් එම කරුණුවල නිවැරදිතාව පිළිබඳව නගා ඇති ප්‍රශ්නාර්ථය මා විසින් ඔබ වෙතට යොමුකරමි. මන්දයත් ඉහත කරුණු පිළිබඳව පුලුල් පර්යේෂණයක යෙදුණු මා මේ සඳහා දොන් කොස්‌මෝ විඡේසේකර පරපුරට සෘජු සම්බන්ධයක්‌ ඇති ශීSSS්‍ර ලංකාවේ සුප්‍රකට ආචාර්යවරයෙක්‌ ඇසුරු කරමින් තොරතුරු සපයාගතිමි. එනම් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හා කළ සාකච්ඡා ඒ මහතා ලියූ ග්‍රන්ථද පරිශීලනය කළෙමි.

මෙයට අමතරව කිසිදු විජාතික රුධිරයක්‌ සමග මිශ්‍ර නොවූ රුධිරයක්‌ ඇති කිවුලේ ගෙදර පරපුරේ වීරත්වයද ඉතා ලුහුඬින් මේ ලිපියෙන් පෙන්වා දෙමි. මේ සඳහා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට කරුණු ලුහුඬින් දක්‌වා සිටිමි.

යක්‍ෂ වංශයේ ඇද වැටීම පෙන්වාලන රක්‌ඛ ඉලෝනිලොව පුස්‌ථකයට අනුව

යගු කෝරානමන්ඨික දසශීර්ෂ ශ්‍රී රාවණ

උපේන්ද්‍රමිනික (ඉන්ද්‍ර ගුප්ත ඉරුගල් බණ්‌ඩාර දෙවි.)

පුතුන් 02

රවි ශෛලාශූ + කෛවේසස්‌ථාන

මෙම පෙළපත් දෙකට අයත් සූර්යය වංශිකයෝ ලක්‌දිව විජය නම් කාලිංග වංශිකයාගේ ආක්‍රමණය තෙක්‌ ශ්‍රී ලංකාව පාලනය කළහ.

මහා පාලි හෙවත් කුවේණියගේ අනුවණකම නිසා ලක්‌දිව යක්‍ෂ පාලනය බිඳ වැටුණු අතර බුදුන්ට සමකාලීන රජකු වූ කාල භද්‍ර රජු විජයගේ ආක්‍රමණයේදී ඉතා අවාසනාවන්ත ලෙස මහාමේඝ වනයේ පිහිටි කාල ප්‍රාසාදය නම් මාලිගාවේ විවාහ මංගල උත්සවයකදී මරණයට පත් විය.

ජය ශ්‍රී මහා බෝධිය පිහිටි භූමි භාගයේ කාල ප්‍රාසාදය තිබූ අතර පසුකාලීනව කාල භද්‍ර රකුන්පති මහා කලු බණ්‌ඩාර දේවතාවා ලෙස ලංකාවාසීන්ගේ ගෞරවයට පත්විය. ඉතිහාසය නොදත් රචකයන් මේ අසහාය යක්‍ෂ වාංශික නරදේවයා එලාර රජු ලෙස සඳහන් කරමින් ලිපි පළකිරීම ජාතියේ අවාසනාවකි. එදා අනුරාධපුරයේදී මිය ගිය මහා කාල භද්‍ර රකුන්පති අදද ලක්‌වාසීන්ගෙන් වැඳුම් ලබමින් ජාතියේ මුදුන්මල්කඩ බඳු ජයශ්‍රීමහ බෝධීන් වහන්සේ ආරක්‍ෂා කිරීම මොන තරම් ආශ්චර්ය ජනකද, කාල ප්‍රාසාදය පිළිබඳව ඉඟියක්‌ වංසත්ථප්පකාසිනී ග්‍රන්ථයේ පහළොස්‌වන පරිච්ඡේදයේ 12, 13 ගාථාවන්ගෙන් හමු වේ.

තතථ රාජඝරේ රම්මේ මාඤපීඨානි සාධුකං

සාධුනී සන්ථරාපෙත්වා වසථෙත්ථ සුඛං ඉති

මෙහි තතථ් රාජඝරේ රම්මේ යනු - උයනෙහි රජුන්ට සුදුසු වන සේ ඉදිකරන ලද මනරම් රජගෙහි යන අර්ථයයි.

බුදුන් වහන්සේට සමකාලීන කාලභද්‍ර රකුම්පතිගේ නම සඳහන් අනුරාධපුර මහාමේඝ වනයේ පිහිටි කාල ප්‍රාසාදය පණ්‌ඩුකාභය පුත් මුටසීව රජුගේ පටන් දෙවන පෑතිස්‌ස රජු දක්‌වා වසර 236 කාලයක්‌ පසුව මිහිඳු මාහිමියන් ප්‍රධාන ථේරවාදී බුදු සසුනට පූජා කරන ලදී. අනුරාධපුර මහාවිහාරය පටන්ගන්නා ලද්දේ එම කාල ප්‍රසාදය ප්‍රධාන නිල නිවාස කරගෙනය. එම ස්‌ථානයේ භික්‍ෂු මධ්‍යස්‌ථානය රිටිගලින් පැමිණි පරපුරට අයත් මහා අරිට්‌ඨ සෙනෙවි පැවිදි වීමෙන් පසු ලංකා ශිෂ්‍ය භික්‍ෂූන්ට මිහිඳු මාහිමියන් පවරන ලදී. කාල ප්‍රාසාදය පිළිබඳව ඉඟියක්‌ ම. ව. 15 පරිච්ඡේදයේ 11-13 ගාථාවන්ගේ වේ.

නමුත් මෙම රමණීය රාජගරයේ නම එහි සඳහන් නොවන අතර මේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක්‌ ඉදිරිපත් කළ අභාවප්‍රාප්ත අප හා පර්යේෂණයන්ගේ නියෑලි රාජකීය පණ්‌ඩිත නාගොඩ ආරියදාස සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා රාවණා රාජ ග්‍රන්ථයේ 106 - 107 පිටුව මෙසේ පෙන්වා දේ.

තිස්‌සරාමාහිමි කාරේසි රාජා ථේරස්‌ස ආදි තෝ

පාසාදංසීඝමුච්ඛාය සුක්‌ඛාපෙත්වාන මත්තිකා

පාසාදෝ කාළකාභාසෝ ආසි සෝ තේන තං තහිං

කාළප්‍රාසාද පරිවෙනමිටි සඛමුපාගතං

(පා(මා(ව( 15 පරි 222 - 223 ගාථා)

"දෙවනපෑතිස්‌ රජ තෙමේ ශීඝ්‍ර ලෙස (වහා ගිනි සුලින් මැටි වියලා පළමුවෙන් තිස්‌සරාමයෙහි මිහිඳු ස්‌ථිවිරයන් වහන්සේට පිරිවෙනක්‌ කර වූයේය. ඒ ප්‍රාසාද තෙමේ කළු පාට වූයේය. එහෙයින් ඒ මන්දිරය කාල ප්‍රාසාද පිරිවෙන යන නමට පැමිණියේය.

(සිංහල මහා වංශය 15 පරි 77 පිටු)

ශ්‍රී සුමන්ගල මාහිමි බතුවන්තුඩාව පරිවර්තනය

එක වරුවකින් ගොඩනැගූ මේ කුඩා වරිච්චි ගෙය හැඳින්වීමට ප්‍රාසාද පිරිවෙන යෑයි එකම තේරුමක්‌ ඇති වචන දෙකක්‌ යෙදුවේ මන්ද?

"පාසාද, ප්‍රාසාද" යන පාලි සංස්‌කෘත සිහල වචනවලට ශබ්ද කෝෂවල දී ඇති තේරුම් මෙසේය.

ප්‍රාසාද - a lofty platform (විශාල වේදිකාවක්‌)

a building on high foundation (උස පදනමක්‌ මත ගොඩ නගන ලද විශාල ගොඩනැගිල්ලක්‌)

a palace (රජමාලිගාවක්‌)

ප්‍රාසාද i. the top story of a lolty building (දැවැන්ත ගොඩනැගිලි උඩුමහලක)

ii. palace මාලිගාව, මන්දිරය,

ඊ ඩෙව්ඩ්ස්‌ පාලි ඉ( ශ( කෝෂය මෝනියර විලියම්ස්‌ ස( ඉ( ශබ්ද කෝෂය)

උපුටා ගැනීම 106 - 107 පිටුව (ශ්‍රී ලංකා රාවණ රාජධානිය)

මහා වංශයේම 15 පරිච්ඡේද 57- 79 ගාථා අනුව ලංකාව පෙර ඔජදීප ලෙස හැඳින්වූ අතර කකුසඳ බුදුන්වහන්සේ පෙර මහා තිත්ත ලෙස මෙම උයනේ අභය රජුගේ ආරාධනයෙන් ඒ බුදුරජුන්ගේ සීරීස බෝධි ශාඛාව රෝපණය කරවූ බව මිහිඳු මාහිමියන්ගේ මුවින් ප්‍රකාශ කරන ලද බව සඳහන් වේ. මේ විජය මෙහි එන කාලයේදී මහා කාල භද්‍ර (මහා කාල රජු වාසය කළ පුරයට සීරීස වස්‌තුපුර යන නම යෙදුනේ කුමක්‌නිසාදැයි වැටහෙනවා ඇත. මහා වංශ කතුවරයා පවා මෙරට මනුෂ්‍ය ජනාවාස පෙර බුදුවරුන්ගේ කාල වලදීද පැවති බව තහවුරු කරනු ලබයි. රාවණා රජුගේ රවිශලොශ කුමරුගේ පෙළපතින් පැවත ආ කාල භද්‍ර රකුම්පති මරණයෙන් පසු කලුබණ්‌ඩාර දේවතාව ලෙස ආදිකාලයේ හෙළයන් දේවත්වයෙන් වන්දනාවට ලක්‌ කළහ. අලුත් දෙවියන්ගේ මඩු යාගය ඉපැරණි හෙළ දේවතාවන් පිදීමට භාවිතා කළ පැරණි යාග කර්මයකි. එමෙන්ම ඉපැරණි හෙළයන් වන්දනා මානයට පාත්‍ර වීම පිළිබඳව ක්‍රි. පූ. 543 - 505 අතර පාලනයේ යෙදුණු පඬුවස්‌දෙව් රජ යුගයෙ ඇරඹුනා යෑයි ඇතැමුන් සිතන කොහොඹ කංකාරිය පිළිබඳව අධ්‍යයනය යෙදීමෙන්ම ඉතිහාසය පෙන්වා දිය හැක.

කොහොඹ කංකාරියට අයත් කතා 5 ක්‌ අවධානයට ලක්‌ කළ විට

කුවේණි කතාව, දඬු මොණර කතාව, සීතා යක්‌කම, මහයක්‌කම, මලයයක්‌කම ඉතිහාසයේ ජීවත් වූ චරිත ගණනාවක්‌ පිළිබිඹු කරන කොහොඹ කංකාරියේ බණ්‌ඩාර වර්ගයා, මලය රාජ බණ්‌ඩාර වැද්දන්, යකුන් 206 ක්‌ පිළිබඳව සටහන් කෙරේ.

එහි දෙවිවරු මෙසේ බෙදා ඇත.

අලුත් කොහොඹ දෙවි

පරණ කොහොඹ දෙවි

මහා කොහොඹ දෙවි (දසරොලන මන්ඨක මහාගිරි සෙන්පති හෙවත් රාවණා සොයුරු කුඹුක්‌කන්)

වලියක්‌ තුන් කට්‌ටුව

ඉරුගල් බණ්‌ඩාර දෙවි - රාවණා පුත් මේඝනාද ( හෙවත් ඉන්ද්‍රගුප්ත)

කන්දෙ බණ්‌ඩාර දෙවි

කුඩාගුරු

අලෙල මලෙල රාම තීර්ත වීර මුණ්‌ඩ තුන් කට්‌ටුව

කලුබණ්‌ඩාර දෙවි -කාල භද්‍ර රකුන්පති, මහා කාල

වැදියක්‌ කඩවර

වැදියක්‌ 36 දෙනා

මෙලෙයි ගුරු 7

මහගුරු

කඩවර තිස්‌ එක්‌ වැදියක්‌ සමග 32 කි.

කොළඹ කංකාරිය උඩරට යක්‌දෙස්‌සන් අතර තිබූ රංගන කලා උළෙලක්‌ වූ අතර නමුත් අද එය ගුරු පරම්පරා කිහිපයකට සීමා වී ඇත. සතර කෝරලය/ සත් කෝරලය/ උඩු නුවර/ යටි නුවර/ හාරිස්‌පත්තුව/ යටි රාවණය/ උඩුරාවණය/ මාතලේ/ හේවාහැට

ඉතා ප්‍රකටව පැවැති යක්‌ ශාන්ති කර්ම උඩරට යක්‍ෂ වාංශික, රදළ ප්‍රජාවගේ ඇද වැටීමත් සමග සහමුලින් විනාශයට පත් විය.

පුරාණයේ හෙළ ජනතාවට මහාචාර්යවරුන්ගෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය නොවූහ. මන්ද යත් ඔවුන් ඉතිහාසය මනා ලෙස දැන සිටි අය වූහ.

නුවර කලාවිල මාතලේ දිසාව තමන්කඩුව වෙල්ලස්‌ස බිම්තැන්න සොරබොර ආදී වාසී ප්‍රදේශවල කිරි අම්මා ඇදහීම. අම්මා දෙවි පිදීම, කුඩා පොල කිරිඅම්මා පිදීම, මහා පාලී (කුවේනි ආත්මය වශයෙන් සැලකේ) ඉතා ප්‍රකටව පැවතියේය.

මහ ලොකුවෝ කිරි අම්මා

නිල්ගල කිරි අම්මා පිදීම ඉපැරණි ආදී වාසීන්ගේ සම්ප්‍රදායකි. ලග්ගල/ ලොග්ගල/ යක්‌කුරේ/ හොබරගල/ හෙළ වංශිකයන් පිදුම් ලද බව පහත කවියෙන් දැක්‌වේ.

නිරාමුල්ලේ ගල්කුල මත ලගින්නේ

ඊරි ඔරුව පිට සක්‌මන් කරන්නේ

අමු මස්‌ අමු ඊරි නිතරම බුදින්නේ

ගලේ යකයි කිරි අම්මයි වඩින්නේ

හිරියාල හත් පත්තුව කුරුණෑගල යක්‍ෂ වංශයේ ආදි මුතුන්මිත්තන් පිදීම 17 පලක සිදු වූ අතර ඕමුන ගලේද, හෙන්නාන ගලේද, කොක්‌කාගල ගලේද, අඹරගල මාවහෙල, දනකිරිගල, යක්‌කුරේ හොබර ගල, ලොග්ගල, රිටිගල ආදීවාසීන් වන වැදි ජනතාව ගලේ යකා හෙවත් ගලේ බණ්‌ඩාර දේව වන්දනාව පවත්වා ඇත. වත් හිමි පුවත පටලවා ගැනීම නිසා ගලේ බණ්‌ඩාර මුස්‌ලිම් මවකට ජාතකව උපන් බවට ගෙන එන පුවත 1848 වීදිය පැලැන්තියේ යුව රජ ලෙස සත් කෝරලයේ කිරුල පැළඳි 1848 නිදහස්‌ සටනේ පුරෝගාමියා වූ වීර හඟුරන්කෙත ඩිගිරාලගේ මරණයෙන් පසු ඉංග්‍රීසි පෙළපතක අනුග්‍රහයෙන් ඇති වූ දොරටියාවේ රටේ රාල වැනි දේශ දොdaහීSS බලවේග ගලේ බණ්‌ඩාර දේවාලයේ කපු පරම්පරා ඇති කිරීමෙන් පසු ගොතන ලද පුවත්ය. නමුත් ගලේ යකා, ඉදිගොල්ලේ යකා, ඊරි යකා වශයෙන් ආදිවාසීන් වැදි ජනයා පිදුම් කළ, ඇලුම් කළ රාවණ පරපුරේ කේවේපස්‌ථාන වංශයට අයත් රාවණා රජුගේ පරපුරේ අයකු බව ගෝරා බිග්‍රය නම් මහාවංශයට වඩා පැරණි මන්ත්‍ර පුස්‌තකය සාක්‍ෂි දරයි.

පුලිඳු, වනසර, ලැව්, මිලිඳු, සබර දානී, මලදරු, සැරට්‌, බැද්දා, වැද්දා, ලෙස නම් රැසකින් පුරාණ ආදි වාසියා හඳුන්වා ඇත. මන්දාරම් පුවතට අනුව විමල ධර්මසූරිය රජ කඩවන් මුරය වැදි හමුදාවට බාර දී ඇත. දෙවන වන රාජසිංහ විජය පාල කුමරුගේ සටනේදී විජය පාල කුමරුගේ හමුදාවේ වැදි සේනාවකින් සමන්විතව ඇත. මඩකලපුවේ පුලින්ද වැද්දා කෘෂි ආර්ථිකය නැන්වූ ප්‍රධානියා බව නාඩු ලිපිය සාක්‌කි දරයි. කෝට්‌ටේ බුවනක බාහු රජුගෙන් පොම්පරිප්පුවේ එරියාවේ පනික්‌කි වැද්දා" සිංහ ප්‍රතාප මුදියන්සේ" ලෙස නම්බු නාමයක්‌ද ලබා ඇත. මන්දාරම් පුවතේ වැදි ගම් 300 ක්‌ සටහන් වේ.

වරිග සභාව අධ්‍යනයේදී ආදි වාසියා කුල දහසකට බෙදී ඇත.

උදාහරණ කිහිපයක්‌ නම් දෙහිගමවරුගේ, බොන්ඩිවරුගේ, සොරබොර වැවවරුගේ, ගිරාඳුරුවරුගේ, සීතල වන්නියවරු වරුගේ, හේන බැද්දවරුගේ, තමන් කඩුවවරුගේ, නමුත් වර්තමානයේ පහත සඳහන් වරිග පමණක්‌ දක්‌නට ලැබේ.

ගල් ඔය, මොරොන්ද වර්ගය - වර්තමාන නායක මහ බණ්‌ඩලාගේ රන්දුනු වන්නියා

උනාපාන වරිගය - නායක උනාපාන වරිගයේ සුදු බණ්‌ඩියා

ඌරු වරිගයේ - නායක වන්නියලත්තෝ

තලා වර්ගයේ - නායක තලා බණ්‌ඩලාගේ ගොබා

ගොන්නානිගල වර්ගය ධුමරක්‌ඛ්‍ර පබ්බත (දිඹුලාගල)- නායක අමරසිහ ඇත්තෝ

අද වැදි රාජ්‍යයේ මුල් තැන දඹාන බවට පත් වූවද එය කරේ එල්ලා යන පොරෝ පොඡ්ජකට සීමා වී ඇත. අද වන විට කිරිකොරහ බලිය පමණක්‌ දක්‌නට ලැබේ. එහි ප්‍රධාන දෙවියා කතරගම දෙවියන් වන අතර කතරගම දේව වන්දනාව ඉන්දියාවෙන් ලංකාවට ලැබුවක්‌ නොවන අතර කන්දසාමී හෝ මුරුගන් වන්දනාවක්‌ නොවන බව ඉතා වගකීමෙන් ඉදිරිපත් කළ හැක. එය ආදි වාසීන් වන්දනා කළ කන්දේ යකා ඊතලේ යකා කතරගම දෙවියන් ලෙස නවීන සමාජයට ලැබුණු ප්‍රාග් යුගයේ වන්දනා ක්‍රමවේදයකි. 1818 වලපනේ දිසාවේ කිවුලේ ගෙදර අලුත් බණ්‌ඩාරගේ ඇද වැටීමෙන් පසු ඉංග්‍රීසින් කතරගම දේවාලයේ සිහල කපු පරම්පරා ඉවත් කර ඉන්දියානු ද්‍රවිඩයන්ට ලබා දී කතරගම දේවාලය හා ආදිවාසීන් සිරිත් විරිත් විකෘති කර අසංවර නර්ථන අංග ඇතුළත් විගඩම් කතරගම දේවාලයේ වැඳුම් ක්‍රමවේදයක්‌ දේවාලයේ ගොඩනගා ඇත. එමෙන්ම දකුණු ඉන්දියානුවන් කතරගම දේවාලයේ බලයේ සිටිමින් කතරගම දේව වන්දනාව මුරුගන් බවට පත්කර හින්දු දේව කතා ගොඩනගා ඉපැරණි හෙළ ඉතිහාසය වළ දැමීම සිහල ජාතියට සිදු වූ බලවත් අවාසනාවකි.

1818 සිංහලේ නිදහස්‌ සටනේ අසහාය නායක වලපනේ දිසාවේ කිවුලේගෙදර පරපුරේ වර්තමාන ආධිතමයා කේවේසස්‌ථාන බණ්‌ඩාර ඝෘෂිතුමාය. පුලස්‌තිපුරයේ පහළ වූ අසහාය මහා පරාක්‍රමභාහු රජුගේ පුරෝහිතයා එතුමාය. කිවුලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර රචිත සිවා ලිත අත් පිටපතක්‌ මෙහි සඳහන් වේ. මේ අනුව එතුමාගේ පුතා ලංකාපුර බවද එහි පෙන්වා දේ. ලංකාපුර සෙනෙවි ඇතුළු ඒ පෙළපත මහා වංශයට අනුව පහත සඳහන් වේ.

ලංකාපුර - දේවලංකා පුර - ගෝකර්න දණ්‌ඩනායක

නමුත් කාලිංඝ මාඝ ආක්‍රමණය නිසා නැවත වනාන්තරගත වීමට සිදුවන කේවිසස්‌ථාන පරපුර දිඹුලාගල යක්‌කුරේ පළාතේ සිට පුලස්‌තිපුර හරහා වන්නියටත් වෙල්ලස්‌ස ඌව බින්තැන්න මොණරාගල දක්‌වා කටුක ජීවන රටාවක්‌ ඔස්‌සේ සංක්‍රමණය වූ බව පෙළපත් සිවා ලිත පුස්‌ථකයේ සඳහන්ය. හේන් ගොවිතැන කුඹුරු ගොවිතැන ජීවිකාව කරගන්නා වූ ඔවුන්ගේ පාරමිතාව බෞද්ධ ගොවි පරපුරක්‌ ලෙස මෙන්ම ආදි මුතුන්මිත්තන්ගේ පිදීමේ පුරාණ චාරිත්‍රයද අඛණ්‌ඩව ආරක්‍ෂා කර ගත්හ. වර්තමාන වැදි සමාජය පවා නොදන්නා වූ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවැත්වූ බඹුරා යකම් නම් අප්‍රකට පූජා රටාවක්‌ පිළිබඳව තොරතුරු ඇත. මෙහිදී පිදුම් ලැබූ ආදි මුතුන් මිත්තන් වන්නේ බමුඹුරා යකා- වනගත යකා රාහුයකා දොලේ යකා- ඉහත පූජාවේදී උලත් කඩුවත් දුන්නත් යොදා ගෙන කන්ද (කතරගම දෙවි ඊරි යකා, වනගත යකා, වෙත මන්ත්‍ර ජප කොට ගල මතට ආරාධනා කර යක්‌ පංගුව පිදීමට භාර වෙති. එමෙන්ම කඩවර බණ්‌ඩාර ලෙස ආදිවාසී කේවේසස්‌ථාන වංශික ප්‍රබල යක්‍ෂ වංශික පාලකයෙකුද, වන්දනාවට ලක්‌කර ඇත.

ඉහත ඌව වෙල්ලස්‌සට පැමිණි කිව්ලේගෙදර පරපුර ඇදහූ ප්‍රධාන දෙවියා කතරගම දෙවි හෙවත් ඊතලේ යකා කන්දේ යකාය. සිහල රාජ වංශය හින්දු කරණයෙන් මුදා ගැනීම සඳහා විල්බාවේ භික්‍ෂු වෙස්‌ ගන්වා කතරගමට කැඳවා ගත් කිවුලේගෙදර කතරගම දේවාලයේ කපු පරම්පරාව සමග නැවත රාවණ පෙළපතක්‌ ඇති කිරීමට උත්සාහ ගත් මහා නර දෙටුවකි. නමුත් ඌවේ නිදහස්‌ සටන වෙත ඈ¹ගත් රදළයන් අතර ඇති වූ අසමගිය 1818 නිදහස්‌ සටනේ අසාර්ථකත්වයට බලපෑ අතර ඉන් කතරගම සිහල කපු පරම්පරාවද ජාතියට අහිමිවීමකට ලක්‌විය. කතරගම දේව වන්දනාව අතීතයේ මුරුගන් වන්දනාවක්‌ නොවූ අතර මේ සඳහා ඔවුන් භාවිතා කළ මන්ත්‍ර මෙන්ම යක්‍ෂ අක්‌ෂර ඇතුළත් කන්ද කුමාර යන්ත්‍රයද සාක්‍ෂි දරයි.

ඕං සරවණ භව නම(

ඕං රාවණ භව නම(

ශ්‍රී වික්‍රම රාජසිංහ නම් ද්‍රවිඩ සම්භවයක්‌ ඇති රජු සිහසුනෙන් එලවා දමා ඇහැලේපොල රජවීමට දැරූ උත්සාහයෙන් අහිමි වූ නිදහස නැවත දිනාදීමට රජෙකු නැති සිහලයට ගොවිගම වැසියකුට සිහසුන ලබාදී ඔටුනු පළඳවා හත් කෝරලේ අභීත වාරියපොල ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් දළදා වහන්සේගේ ලබාගෙන බේදබින්න වූ රදළ ප්‍රජාව නැවත රාවණ ධජයට පෙළ ගැස්‌සූ මේ අභීත රණවිරුවා මරුවල්ලියේ සිහල අවසන් සටන්කරුවා පමණක්‌ නොව බණ්‌ඩාර රාජාවලියට උරුමය හිමි වූ රාවණා පෙළපතේ අවසාන නියමුවාණන් බව ජාතිහිතෛෂී දැහිතකාමීන් අදත් ගෞරවයෙන් සිහිපත් කරයි. කිවුලේ ගෙදර ග්‍රාමයේ ලක්‌දිව අවසන් දළදා පූජාව පැවැත්වූ අතර කැප්පෙටිපොල සිහල සේනාව වෙත සම්බන්ධ කර ගැනීමේ පුරෝගාමියා වූයේද කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාරය. නමුත් අවාසනාවට සත්‍ය මතුවීමට ඉඩ නොතබා රදළ ප්‍රජාව අතර ඇති වූ අසමගිය නිසා ඉතා ෙ€ද ජනක පරාජයකට ලක්‌ වූ 1818 නිදහස්‌ සටනද එමෙන්ම කිසිදු උඩරට මහා කැරැල්ලක්‌ ඇති නොවූ බව අවධාරණය කළ යුතුය. සිහල සටන් පෙරමුණ මනාව සංවිධානය කළ ඌවේ කිවුලේ ගෙදරගේ පෙරමුණ සැමවිටම සිහල සේනාවට ජය ගෙනදුන් බව නොරහසකි. එනම්

1. ශ්‍රී ලංකාවේ මුල්ම ඔත්තුකරුවා (ජෝන් ඩොයිලිගේ තනතුර දැරූ ටොල්ෆි විලියම් හූනියම් කර 1817 දී උමතුව මිය යැමට සැලැස්‌වීම.

2. හඡ්ජි මුහන්දිරම් ඇතුළු පිරිස මරා දැමීම

3. බදුල්ලේ ඒජන්ත තැන මරා දැමීම (බුටාවේ රටේ රාලගේ පෙරමුණේ හිටි රාළ නම් දුනුවායාගේ හී පහරින් විල්සන් මරා දමන ලදී)

4. තිබ්බටු ගොඩදී ජෝන් කෙනඩි හා භාෂා පරිවර්තක ඩැනියල් දසනායක මරා දැමීම.

5. ඌව වෙල්ලස්‌ස අවසන් මොහොත දක්‌වා සතුරා අතට පත් නොකිරීම.

6. තමා පත්කළ විල්බාවේ රජු ඉංග්‍රීසි අත්අඩංගුවට පත් වීමට ඉඩ නොතබා ආරක්‍ෂා සහිතව පිටත් කිරීම, විල්බාවේ රජු 1831 දක්‌වාද අල්ලා ගත් බවට සාධක නොමැත. නමුත් ඉංග්‍රීසීන් 1831 දී විල්බාව අල්ලා ගත් බවට කරන ලද නඩු විභාගයද විවාදාත්මකය.

7. සටන් බිමේදී යටත් නොවීම ( සතුරාට යටත් නොවීම මරුවල්ලියේ සටන් කලාවේ තේමාව වේ.)

ඌව වෙල්ලස්‌ස අසහාය රණශූර කිවුලේ ගෙදර කිසිවෙකුටත් යටත් නොවූ අතර බිබිල ගල්තලාවේදී නිළ තෙරපුමක්‌ මගින් සියදිවි හානි කරගත් බව අවධාරණය කරමි. එමෙන්ම මේ අසහාය රණ ශුරයා අත්අඩංගුවට ගත නොහැකි වූ ඉංග්‍රීසි යුද උපායක්‌ ලෙස කිවුලේ ගෙදර සිරුර මහජනයාට දෙසැම්බර් 18 වැනිදා එල්ලා පෙන්වන ලදී. හැකිනම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට කිවුලේගෙදර පිළිබඳව නඩු විභාගයක්‌ සිදු වූ බවට ඔප්පුකර පෙන්වන ලෙස සමස්‌ත දෙස්‌ විදෙස්‌ විද්වතුන්ට අභියෝගයක්‌ද ඉදිරිපත් කරමි. ඊට අදාළ වාර්තා එංගලන්තයේ ඇත්නම් ඉදිරිපත් කළ හැක. උඩරට මහ කැරැල්ල රචිත තෙන්නකෝන් විමලානන්ද මහතා ඉංග්‍රීසි ලිපි ලේඛන පමණක්‌ ඉදිරිපත් කරමින් රචනා කළ උඩරට මහ කැරැල්ල නම් ග්‍රන්ථයෙන් පමණක්‌ උඩරට නිදහස්‌ සටන පෙන්වා දීම ජාතිහිතෛෂීSන් ලෙස පිළිගත නොහැකි අතර එතුමාගේ පෙර උත්සාහය අගය කොටද සලකමි, නමුත් වෙල්ලස්‌aසේ සැබෑ සටනේ පරපුර අද දක්‌වා ජීවත් වේ. ඔවුන් ඌවේ බණ්‌ඩාර පරපුර අදටත් දේවත්වයෙන් ජාතියේ මුර දේවතා යකුන් පුදති. ඔවුන් කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙයියෝ කිවුලේගෙදර අලුත් දෙවියෝ /පහළ වලව්වේ කිවුලේගෙදර දෙයියෝ/ කිවුලේගෙදර දිසා බණ්‌ඩාර දෙයියෝ/ පටබැඳි අලුත් දෙවියෝ/ කිවුලේගෙදර අප්පුහාමි දෙවියෝ/ කිවුලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර දෙවියෝ/ කිවුලේගෙදර පරපුර ගොඩනැගු කිරි වෙහෙර රජමහා විහාරයද දළදා වහන්සේ සඟවා තැබූ කිවුලේගෙදර පරපුරේ උරුමයන්ද අදත් කිවුලේගෙදර ග්‍රාමයේ විනාශ නොවී පවතී.

1816 කිවුලේගෙදරට විරුද්ධව චෝදනා කළ දුල්ලෑවේ දිසාවේ වලපනේ දිසාවේ පදවිය හොබවන ලද දේශදොdaහියකි. පසුව අධිකාරම් ගරු නම්බු නාම ලැබූවකි. ඉතිහාසය හා පුරා විද්‍යාව යනු විෂයන් දෙකක්‌ වන අතර ඉතිහාසයේ සියලු පුවත් කිසිදා පුරා විද්‍යාවෙන් තහවුරු කළ නොහැක. එය ලිපියකින් ග්‍රන්ථයකින්, මතයකින්ද , වළ දැමිය නොහැකි අතර ඉතිහාසය කාලයාගේ වැලිතලාවෙන් වැළලෙනු ඇත. නමුත් පුරා විද්‍යාවට හෝ උගතාට ඉතිහාසය සීමා කළ නොහැක.



 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.