|
|
|
|

අපද්‍රව්‍ය
කළමනාකරණයේදී ගැටලු රැසක් මතුවී තිබෙනවා
ඇමැති ඩලස්
අලහප්පෙරුම
ප්‍රභාත් විතාන
ශ්‍රී ලංකාවේ දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 7000 ක් එකතු වන
බව යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙයින් ටොන් 600 ක් කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන්ද ටොන් 1500
ක් බස්‌නාහිර පළාතෙන්ද එකතු වන බවත් ඉතිරිය ශ්‍රී ලංකාවේ
අනිකුත් ප්‍රදේශවලින් එකතුවන බවත් අලහප්පෙරුම මහතා කියා
සිටියේය.
අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව මේ වන විට කැබිනට්
මණ්‌ඩලයේ පවා සාකච්ඡා කරන බවත් කී ඇමැතිවරයා අපද්‍රව්‍ය
කළමනාකරණයේදී මතුවූ නොදියුණුකම් නිසා මේ අර්බුදය උග්‍රවී
තිබෙන බව ප්‍රකාශ කළේය.
යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ
පෙරේදා (29 වැනිදා) පෙරවරුවේ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර
අධ්‍යයන කේන්ද්‍රයේදී තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන්
සභාව හා ලර්න් ඒෂියා ආයතනය එක්‌ව නාගරික ඝන අපද්‍රව්‍ය
මෙහෙයුම් සහකාරු තනතුර සඳහා ජාතික නිපුණතා ප්‍රමිතිය
එළිදැක්‌වීමේ උත්සවයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඇමැතිවරයාá
අපේ සමාජය සාම්ප්‍රදායිකව නොසලකා හරින ප්‍රශ්නයක් තමයි මේ
අපද්‍රව්‍ය. ඒ නිසා අද මෙය වැදගත්කමකින් ඉහළ ජාතික
ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ආකල්පමය වශයෙන් සමස්‌ත
සමාජයම වෙනස් කිරීමට කටයුතු කරන දවසක් ලෙස අද දවස
හඳුන්වන්න පුළුවන්. එමෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ
නිරතව සිටින සම්පත් දායකයන්ට පිළිගැනීමක්, ගෞරවයක්
ලබාදෙන අවස්‌ථාවක් ලෙසත් මෙම අවස්‌ථාව හඳුන්වන්න පුළුවන්.
අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී අපේ පාර්ශ්වයෙන් මතුවූ
නොදියුණුකම් නිසා මේ අර්බුදයට අද අප මුහුණදී තිබෙනවා. අපේ
ගෙදර තියෙන කුණු ටික බෑග් එකකට දමා පාරෙන් තියන්නයි අපි
පුරුදුවෙලා සිටින්නේ. අපි හිතනවා එයින් අපේ ගෙදර කුණු
ප්‍රශ්නය ඉවරයි කියලා. නමුත් ඒක රටේ බරපතල ප්‍රශ්නයක්
ඇතිවන බව තේරුම් ගන්නේ නැහැ. ගෙදර ප්‍රශ්නය රටට දෙනවා.
ගෙදර සුද්දයි. ඒත් රටම කිළිටුයි.
මේ ප්‍රශ්නය විසඳීමෙහිලා කටයුතු කරන ඒ පිරිස, සේවක
කණ්‌ඩායම් අපේ සමාජයේ ඉතාමත් දරුණු ලෙස පාච්චලයට ලක්‌වූ
පිරිසක් බව කියන්න ඕනෑ. මීට දශක දෙක තුනකට පමණ පෙර කැළි
කසළ ඉවත් කිරීමේ යෙදුණ පුද්ගලයන් ජනවාර්ගික කණ්‌ඩායමක්
ලෙස වෙන් කර තිබුණා. අන්න එහෙමයි අපේ සමාජය ඔවුන්ට
සැලකුවේ. නමුත් දියුණු රටවල තත්ත්වය ඊට වඩා හාත්පසින්ම
වෙනස් බව කියන්න ඕනෑ.
මේ තත්ත්වය තේරුම්ගත් තෘතියික අධ්‍යාපන කොමිසම හා රාජ්‍ය
නොවන සංවිධාන සමග එක්‌වී මේ ගැන පරීක්‍ෂණ කටයුතු සිදු කළේ.
එදා සමාජයේ කුණු අදින්නා යෑයි කියූ අයට අද සිට අපද්‍රව්‍ය
මෙහෙයුම් සහායක නමින් නව වෘත්තියක් නිර්මාණයවී තිබෙනවා.
මේ වෘත්තිය කරන ඔබට මේ වෙනුවෙන් විදේශගතවීමට පවා හැකියාව
ලැබෙනවා. එමෙන්ම වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින්
ලබාදෙන භඪූ2 සහතිකය ඔබට හිමිවෙනවා. මෙය ජාත්‍යන්තරව
පිළිගත් සහතිකයක්. එමෙන්ම ඔබට ඉන් ඉදිරියට ගොස් භඪූ2
මට්‌ටමේ සිට භඪූ4 දක්‌වා පාඨමාලා හැදෑරීමේ අවස්‌ථාවත්
උදාවෙනවා.
එමෙන්ම මේ වෘත්තිය පිළිබඳව සමාජයේ තියෙන ආකල්පය වෙනස් කළ
යුතුයි. එහෙම නැතිව මේ වෘත්තීය පුහුණුව රටේ දැවැන්ත
පිළිගැනීමකට ලක් කරන්න බැහැ. අද රාජ්‍ය අංශයේ හා පෞද්ගලික
අංශයේ නොයෙක් වෘත්තීය පුහුණු ආයතන ගණනාවක් තියෙනවා.
නමුත් මේවායින් තමුන්නාන්සේලාට ලැබෙන පොදු සමාජ පිළිගැනීම
කුමක්‌ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් කියූ
කතාවක් මට මෙහිදී මතක් වෙනවා. ඔහු මා සමග පැවසුවා
ඇමරිකාවේ කැලිෆොaනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා
අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර ඔහු පවිත්‍රතා සේවකයකු
ලෙස කටයුතු කළ බව. මම ඇහුවා වෙනත් රැකියා තියෙද්දී ඇයි ඒ
රැකියාව කළේ කියලා? ඔහු කියනවා ඒ රැකියාව තමයි වැඩිම
ආදායමක් ලබන්න පුළුවන් රැකියාව කියලා. ඇයි අපේ සමාජයටත්
එහෙම කරන්න බැරි. අපි සාම්ප්‍රදායිකව සමාජය දිහා බලන නිසයි
අපට එහෙම කරන්න බැරි.
මේ අපද්‍රව්‍ය සම්පතක් කියලා විශ්වාස නොකරන සමාජයක්
තිබෙන නිසා මේ සේවක මහත්වරුන්ට ඉතාමත් අඩු සැලකිල්ලක්
සමාජයෙන් ලැබෙන්නේ. ඒත් අර මහාචාර්යවරයා මට කියනවා එතුමාගේ
ශිෂ්‍ය ජීවිතය පුරාම වෙනත් වෘත්තියකට යන්න පුළුවන්කම
තිබුණත් ගියේ නැහැ කියලා. අන්න ඒ සමාජ තත්ත්වය අපේ රටෙත්
ඇතිකළ යුතු කාලය දැන් එළැඹ තියෙනවා. ඒ සඳහා තියෙන
නිර්ණායකයන්, මිණුම් දඬු කුමක්‌ද? අර මහාචාර්යවරයා සහ
අපද්‍රව්‍ය සේවකයා තමයි මිණුම් දණ්‌ඩ වෙන්නේ. ඒ නිසා අද
අපට එළැඹිලා තියෙන්නේ ඒ සඳහා හොඳ අවස්‌ථාවක්.
මෙහිදී ලර්න් ඒෂියා ආයතනයේ දැනුම සහ සවර්ධන විශේෂඥ
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය හා තෘතියික
හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ටී.
ඒ. පියසිරි මහතාද අදහස් දැක්‌වීය.
මෙම අවස්‌ථාවට යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්.
හේවාපතිරණ, ජාතික තරුණ සේවා සාභාවේ සභාපති නීතිඥ කපිල
පියුම් පෙරේරා යන මහත්වරු සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්
පැමිණි ප්‍රාදේශීය සභා සභාපතිවරු හා නගරාධිපතිවරුද සහභාගි
වූහ.
|
|
|
|