බදුල්ලේ වෛද්‍යවරියක්‌ ඩෙංගු රෝගයෙන් මියයයි

චමින්ද සිල්වා සහ බදුල්ල සමරකෝන් බණ්‌ඩා

ඩෙංගු රෝගය වැළඳීමෙන් බදුල්ල මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ලක්‌මාලී විඡේනායක (31) මහත්මිය ඊයේ (11 වැනිදා) පෙරවරුවේ මියගොස්‌ ඇත. මියගිය වෛද්‍යවරිය බදුල්ල මහා රෝහලේ සේවයේ නිරතව සිටියදී දින තුනකට පමණ පෙර ඩෙංගු රෝගය වැළඳී එහි දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

ඩෙංගු රෝගය වැළඳීමෙන් මීට පෙරද වෛද්‍යවරයකු මියගිය අතර මේ වනවිටත් බදුල්ල රෝහලේ හෙදියක්‌ ද ඩෙංගු රෝගය වැළඳීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බදුල්ල රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

මේ වසරේ මුල්මාස හය තුළ ඩෙංගු රෝගයෙන් 150 කට ආසන්න පිරිසක්‌ මියගොස්‌ ඇති අතර 20,000 කට ආසන්න පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.