මූන්ගේ කමිටුවට එරෙහිව මිහින්තලේ
තරුණයෙක්‌ එක්‌දින උපවාසයක්‌ අරඹයි


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා උපදෙස්‌ ලබා ගැනීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඉවත් කරගන්නා ලෙසට බල කර සිටිමින් මිහින්තලේ තරුණයකු මිහින්තලේ නගරයේදී ඊයේ (11 දා ) එක්‌දින උපවාසයක නිරත විය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මිහින්තලේ නගර ශාඛාවේ උප ලේකම්වරයා වශයෙන් කටයුතු කරන මිහින්තලේ මිස්‌සක මාවතේ පදිංචි විසිහත් හැවිරිදි ලසන්ත නිර්මල මාරඹගේ නමැති තරුණයෙක්‌ නගර මධ්‍යයේ පිහිටි වටරවුම අසල වූ කොහොඹ ගසක්‌ යටට වී මෙලෙස උපවාසයේ නිරතව සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.