2010 ජුලි 13 අගහරුවාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
ව්‍යවස්‌ථා සංශෝධනයට කමිටුවක්‌
පාර්ලිමේන්තුවට
වග කියන විධායක අගමැතිවරයෙක්‌

මනාප ක්‍රමයත් අහෝසියි
17 වන සංශෝධනය ගැනත් අවධානය


ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයේදී දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක අගමැති ධුරයක්‌ ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ

 


හෙට කැබිනට්‌ රැස්‌වීම කිලිනොච්චියේදී

කැබිනට්‌ මණ්‌ඩලය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14 දා) පෙරවරුවේ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේදී රැස්‌වීමට නියමිතය.
උතුරු පළාතේදී අමාත්‍ය මණ්‌ඩලයේ රැස්‌වීමක්‌ ...


සිනාසෙමින් එක්‌වී
සිනාසෙමින් විසිරයති


ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ පොදුජන එක්‌සත් පෙරමුණේ නියෝජිතයින් සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නියෝජිත පිරිස අතර ඊයේ (12 වැනිදා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් පසු අවස්‌ථාවකි මේ.


ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදා භාරයේම තබන්න

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පලා ආ සෙබලුන්ට වැටුප් හා නවාතැන් සපයමින් ඔවුන්ගේ රාජකාරී ඉටුකිරීම වළක්‌වා රාජපාක්‌ෂීය භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු ...
 


 




 

  
 
 
  • සංවර්ධන ව්‍යාපෘතිවල වියදම අඩු කරන්න
    සිවිල් ආරක්‍ෂක සෙබළු සූදානමින් සිටිනවා

    අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌


    කැබිතිගොල්ලෑව ප්‍රදේශය ඉතා දුෂ්කර ගම්මානයක්‌ ලෙස දැනගෙන හිටියා. මේ ගමට ත්‍රස්‌තවාදය නිසා තවත් දුක්‌ගැහැට විඳිමින් විශාල විනාශයක්‌ වුණා. අපිට කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බයෙන් මියගිය පිරිස කිසිදා අමතක කරන්න බැහැ. දැන් ත්‍රස්‌තවාදය අවසන් වී ඇති නිසා ගමේ පිරිස්‌ බයෙන් සැකෙන් තොරව ජීවත්වීම පිළිබඳ අපිට ලොකු සතුටක්‌ දැනෙනවා.

 


 
  • වී මිල අඩුවීම හේතු සහ සුරක්‍ෂිතතාව

    වී අලෙවිය පිළිබඳ මේ දිනවල විශාල අර්බුදයක්‌ පවතී. ඒ සාධාරණ මිලකට වී විකුණාගත නොහැකි නිසා ය. ජුනි, ජුලි, අගෝස්‌තු යනු වී වගාවට අදාළ පසු අස්‌වනු කාල සීමාවයි. ගොවියන්ට වී සඳහා ඉහළ මිලක්‌ ලැබෙනුයේ මෙම කාල සීමාව තුළදීය. එය මෙතෙක්‌ පැවත ආ සාමාන්‍ය සම්ප්‍රදායයි. එහෙත් මෙවර එය වෙනස්‌ විය. වී සඳහා වන මිල මේ වනවිට දිනෙන් දින පහත වැටෙමින් පවතී. දිවයිනේ වාර්ෂික වී අස්‌වනු ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් මිලියන 3.8 - 4.00 අතර වෙයි. එම අස්‌වැන්නෙන් වැඩි ප්‍රමාණයක්‌ මිලදී ගනු ලබන්නේ වී මෝල් හිමියන් සහ අතරමැදි ගනුදෙනුකරුවන්ය.
     
  • සෝමාවතියට හෝටලයක්‌

    සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි සෝමාවතිය මහා සෑරදුන් පිහිටි පුද බිමේ සිට කිලෝමීටර් 04 ක්‌ පමණ දුරින් නැගෙනහිරින් මහවැලි ගඟ ආශ්‍රිතව සෝමාවතිය මහ විල්ලුව මධ්‍යයේ දැවැන්ත හෝටල් සංකීර්ණ 02 ක්‌ ඉදි කර ඇත. විශාල කොන්ක්‍රීට්‌ කුළුණු මත ඉදි කර ඇති මෙම හෝටල් සංකීර්ණ මහල 04 කින් පමණ සමන්විතය. මෙම හෝටල් සංකීර්ණයට පිවිසීම සඳහා සෝමාවතිය පුදබිම දක්‌වා විහිදී ඇති මාර්ගයේ සිට කිලෝමීටර් 3.5 ක්‌ පමණ දිග, අඩි 40 ක්‌ පමණ පළලින් යුත් මාර්ගයක්‌ විල්ලුමය පරිසර පද්ධතිය මධ්‍යයේ විල්ලු පරිසරය ගොඩ කර තනා ඇත.

  

  • ලිබියාවේ රැකියාලාභීන්ට
    මහජන බැංකුවෙන් ණය පහසුකම්


    ශ්‍රී ලංකාව හා ලිබියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සවිමත් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියානු රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට එරට රැකියා අවස්‌ථා සඳහා ඉඩකඩ ලබා දී තිබේ. මේ අනුව ගොඩනැඟිලි ඉදි කිරීමේ කර්මාන්තයට අදාළව මේසන්වරුන්, වඩු බාස්‌ වරුන්, විදුලි කාර්මිකයන්, විදුලි කාර්මික සහයකයන් ආදී මනා වෘත්තිය නිපුණතාවයක්‌ ඇති වෘත්තිකයන්ට ලිබියාවේ රැකියා මාර්ග ගණනාවක්‌ විවර වී ඇත.

  


 
  • ස්‌පාඤ්ඤය තරම් ජගතෙක්‌ නැති තරම්

    මිලියන 16 ක්‌ වූ ස්‌පාඤ්ඤ ජනතාව රතු සහ කහ වර්ණයෙන් සැරසී සහ නිවසක්‌ නිවසක්‌ පාසා ජාතික ධජය ඔසවාද, මිලියන 46 ක්‌ වූ නෙදර්ලන්ත ජනතාව හා එම පූජක පක්‍ෂය දොඩම් පැහැයෙන් සැරසී රට පුරා දේව මෙහෙය පවත්වමින්ද, 84,490 ක්‌ වූ ප්‍රේක්‍ෂක ජනතාවගේ සජීවී සහභාගිත්වයෙන්ද සහ මිලියන 700 ක පිරිසක්‌ රූපවාහිනී තිරය ඉදිරියේදී සැදී පැහැදී නැරඹීමට සූදානම් වූ ලොව විශිෂ්ඨතම විනාඩි 90 අපූරු රංගනය තවත් විනාඩි 30 කින් දීර්ඝ වී අවසානයේ ස්‌පාඤ්ඤයට සොම්නසද නෙදර්ලන්තයට දොම්නසද උරුම කර දෙමින් අවසන් විය.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.