හෙට කැබිනට්‌ රැස්‌වීම කිලිනොච්චියේදී

අනුර බාලසූරිය, රනිල් ධර්මසේන

කැබිනට්‌ මණ්‌ඩලය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (14 දා) පෙරවරුවේ කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේදී රැස්‌වීමට නියමිතය.

උතුරු පළාතේදී අමාත්‍ය මණ්‌ඩලයේ රැස්‌වීමක්‌ පැවැත්වෙන ප්‍රථම අවස්‌ථාව මෙය වනු ඇත.

ඉදිරියේදී කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම් වරින්වර කොළඹින් බැහැර පළාත් මට්‌ටමින් රැස්‌වීමට ජනාධිපතිවරයා අදහස්‌ කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිලිනොච්චියේදී පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්‌වීමක්‌ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉන් අනතුරුව ඉරණමඩු ප්‍රදේශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක්‌ ද පැවැත්වීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.