විද්වත් මණ්‌ඩලය පත්කළේ අතරමැදියන් යොමුකරන
යුද අපරාධ චෝදනා විභාග කිරීමට නොවේ
ජගත් මහ ලේකම් ශ්‍රී ලංකාවට දන්වයි


කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ විද්වත් මණ්‌ඩලය පත්කළේ අතරමැදියන් විසින් යොමුකරන යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය නොකිරීමට බව මහ ලේකම් බෑන් කී මූන් මහතා ඊයේ (12 වැනිදා) ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී ඇත මෙම විද්වත් මණ්‌ඩලය විසින් තමාට වාර්තා කරන කරුණු හා මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ රජයටත් ශ්‍රී ලංකා රජය විසින් පත් කළ සංහිඳියාව හා සහජීවනය කොමිසමටත් වැදගත්වනු ඇතැයිද මහලේකම්වරයා තවදුරටත් පවසා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉහත කරන ලද ප්‍රකාශයත් සමඟම විද්වත් මණ්‌ඩලයට සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටි ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්‍රකුමාර් සහ ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියාදාමය බිඳ වැටී ඇත.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ වාහනවල එක්‌සත් ජාතීන්ගේ ධජය පෙන්නුම් නොකරන ලෙසටත්, කාර්යාලයේ සේවක යන් හෝ නිලධාරීන් එ. ජා. සංවිධානයේ ලාංඡනය සහිත ඇඳුම් භාවිත කිරීමෙන් වළකින ලෙසත් නියෝග ලැබී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.