බුද්ධිමත් සිනමාවකට බුද්ධිමත් සංවාදයක්‌ ඕනෑ...
ස්‌තුතියි නැවත එන්න චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ
සුමිත් රෝහණ තිත්තවැල්ගල


විදානේ (හේමසිරි ලියනගේ) බලා සිටින්නේ වැස්‌ස වැටෙන තුරුය. ඔහුගේ හදවතට යම් හෝ සහනයක්‌ දැනෙන්නේ රණවිරුවන්ගේ ඉදිරි ගමන ගැන ගුවන් විදුලියෙන් අසන විටය. ගැබිනි මවක්‌ වන නිර්මලා (දමිතා අබේරත්න) බලා සිටින්නේ යුද්ධයට ගිය සැමියා යළි නිවසට පැමිණෙනතුරුය. ටිකිරාගේ (රමිදු බෙනරගම) ලෝකය තම පියාය. ඔහු පෙර මඟ බලන්නේ පියා එනතුරුය. කීර්තිරත්න (ජගත් බෙනරගම) දෙලොවක අතරමංවී ඇත. දරුවන්ට සිප් සතර දිය යුතුය යන දැඩි හැඟීමෙන් සිටින හේමරත්න (බිමල් ජයකොඩි) අතැඟිලි තරම් ළමයින් සිටින පාසලකට කොටු වී තිබේ. එම පාසලේම ගුරුවරියක වන මල්කාන්ති (ජයනි සේනානායක) පෙර මඟ බලන්නේ තම ජීවිතයට සිකුරු තරුව පායන තුරුය. යුද්ධයෙන් බැට කෑ ළමෝ අධ්‍යාපනය ලැබීමට පෙරුම්පුරති. පියවතී (මන් දස්‌ මිත්‍ර මුදු තෙපුලි සිල්වා) අලුත් ගුරුවරයා (සම්පත් ජයවීර) ග්‍රාමාරක්‍ෂකයා (අසේල ජයකොඩි) යන අයද සිටින්නේ වෙන් වෙන් වූ හුදකලා අරමුණුවලය. තමන්ටම ආවේනික වූ මානසික තත්ත්වයන් මත ක්‍රියා කරන චරිත ඇත. නමුත් එකිනෙකට ගලාගෙන යන කතාවක්‌ නැත. ඔවුන් එකිනෙකා හා කතා කරන්නෙත් තම තමන්ගේ ලෝකවල සිටය. "ස්‌තුතියි නැවත එන්න" චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සුමිත් රෝහණ තිත්තවැල්ගල කියන්නේ තමන්ට උවමනාකර තිබුණේ එවැනි නිර්මාණයක්‌ කිරීමට බවය.

සසර සුවහස්‌, සඳගිර, අරුණලු කිරණ, සපිරිවර යන ටෙලි නාට්‍ය ඔබේ නෙතු අබියසට ගෙන ආ සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ මෙය කුළුඳුල් චිත්‍රපටයයි. මේ අපි ඔහු සමග කළ කතා බහකි.

"ස්‌තුතියි නැවත එන්න" චිත්‍රපටය නිර්මාණය වූයේ කුමන තේමාවක්‌ යටතේද?

මේකෙන් කතා කෙරෙන්නේ යුද්ධයේ ඇති ෙ€දනීය තත්ත්වය පිළිබඳවයි. මං හිතනවා මීට කලින් කවුරුවත් මෙතරම් ගැඹුරින් මේ පිළිබඳව කතා කළේ නෑ කියලා. මීට පෙර කතා කෙරිලා තිබෙන්නේ එක්‌ චරිතයක්‌ හෝ දෙකක්‌ පමණයි. නමුත් මම වයස අවුරුදු නවයේ දරුවාගේ සිට අවුරුදු හැත්තෑවේ වැඩිහිටියා දක්‌වා චරිත හයක්‌ පිළිබඳව මෙහිදී කතා කළා. ඒ ඒ අයට යුද්ධයේ තත්ත්වය දැනුණේ කොහොම ද කියන එක කතා කරන්නයි මට උවමනා වුණේ.

ඔබගේ කුළුඳුල් චිත්‍රපටය සඳහාම මෙවැනි තේමාවක්‌ තෝaරාගත්තේa ඇයි?

යුද්ධය කියන දේ අපේ ලේ ඇට මස්‌ නහරවලට කාවැදිලා ඉවරයි. යුද්ධයේ තිබුණු ෙ€දනීය තත්ත්වය අපේ මනසේ තවමත් හොල්මන් කරනවා. ඒ ෙ€දනීය තත්ත්වය මට දැනෙන විදියට මා ලබා තිබෙන අත්දැකීම් හරහා මෙම චිත්‍රපටියෙන් ඉදිරිපත් කළා.

මේ වනවිට චිත්‍රපටයේ තත්ත්වය කොහොමද?

හොඳයි, පළමු දින දොළහට දාසයදහස්‌ අටසිය හැත්තෑ පස්‌ දෙනකු බැලුවා.

චිත්‍රපටය රූ ගත කිරීම්වලදී වෙච්ච විශේෂ සිදුවීම් මොනවාද?

රූගත කිරීම් කළේ අනුරාධපුරේ. එහෙට මාස අටකින් වැහැලා තිබ්බේ නෑ. එක දර්ශනයක්‌ තිබුණා හේමසිරි අයියා සන්හිඳක්‌ ළඟට ගිහින් අත් ඔසවා හැඟුම්බරව "කෝ වැස්‌ස" කියා අහන. එතැනට තෝරා ගත්තෙත් ඇත්තම සංහිඳක්‌. එම රූගත කිරීම ඉවර වෙනකොටම මහ වැස්‌සක්‌ ඇදහැළුණා. ඒක ආශ්චර්යයක්‌ වගේ. ඩබ්ලිව්. ඒ. සිල්වා මහත්තයා කියල තියෙනවා වගේ මේවායේ මොකක්‌ හෝ බලයක්‌ තිබෙනවා කියා මට හිතුණා.

ස්‌තුතියි නැවත එන්න නිර්මාණය කිරීමේදී ඔබ මුහුණදුන් අභියෝග මොනවාද?

චිත්‍රපට සංස්‌ථාව සමග වැඩකිරීමේදී අපට මුහුණ දෙන්න වුණු තත්ත්වය මෙහිදී කිව යතුයි. අප ඉල්ලා තිsබූ ලක්‍ෂ 30 ක මූලික ණය මුදල ඔවුන් ලබාදුන්නේ නෑ. චිත්‍රපටය රීගල් මණ්‌ඩලයේ ප්‍රදර්ශනය කිරීමට අපට ලැබී තිබුණේ 2010 පෙබරවාරි මාසයේ දීයි. නමුත් චිත්‍රපට සංස්‌ථාවේ ක්‍රියා පිළිවෙත නිසා ඒ අවස්‌ථාව අපෙන් ගිලිහී ගියා. මෙහිදී හොඳ නිර්මාණවලට චිත්‍රපට සංස්‌ථාවෙන් ණයක්‌ අතදීමක්‌ කෙරෙන්නේ නෑ. පෝස්‌ටරයේ කටවුට්‌ එකේ සිට අපෙන් මුදල් ගන්න එක තමයි කරන්නේ. නව සභාපතිsවරයා යටතේ ලක්‍ෂ තුනක ණය මුදල අපට ලැබුණේත් ප්‍රදර්ශනය වෙන්න දවසකට කලින්. නවක නිර්මාණකරුවන්ට මෙහෙම කරන්න එපා කියන එක අප කිව යුතුයි.

රණවිරුවන්ගේ මෘත දේහ සීල් තැබූ පෙට්‌ටිවලින් ගමට එන දර්ශන ඇතුළත් චිත්‍රපටවලට පසුගිය කාලයේ ජාතිෙද්‍රdaහී ලේබලය ඇලවුණා. ඔබගේ චිත්‍රපටයේත් එවැනි දර්ශන තිබෙනවා. මේ ගැන මොකද කියන්න තියෙන්නේ.

මම මෙහිදී අනුගමනය කළේ මධ්‍යස්‌ථ පිළිවෙතක්‌. රණවිරුවත්, ඔහුගේ පවුලත්, සාමාන්‍ය ජනතාවත්, සමාජයත් කියන අංශ හතර ගැනම මම කටයුතු කළේ බොහොම පරෙස්‌සමෙන්. හමුදා සොල්දාදුවාගේ මානසික මට්‌ටම කොතන ද තියෙන්නේ එක රැකගෙන කොහොමද නිර්මාණයක්‌ කරන්නේ කියන එක මම නිතරම හිතුවා. එහෙම නැතුව රණවිරුවන්ට පහර ගහලා ජනප්‍රිය වෙන්න මගේ කිසිම අරමුණක්‌ තිබුණේ නෑ. මට එහෙම උවමනාවක්‌ නෑ. මට ඕන වූයේ රණවිරුවන්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, ළමා ළපටින්, වැඩිහිටියන් හා සමාජය මුහුණ දෙන දුක්‌ක දෝමනස්‌සයන් පිළිබඳව කතා කරන්නයි. යුද්ධයේ ෙ€දනීය තත්ත්වය හරහා සමාජයේ ඇතිවන කඩාවැටීම ලෝකයට කියන්නැයි ඒ හරහා මට උවමනා වූණේ.

මෙම චිත්‍රපටයේ තේමාව බැලුවිට මෙය විදේශීය චිත්‍රපට උළෙලවල් අරමුණු කරගෙනම නිර්මාණය වූවක්‌ බවට ඇතැමුන් තර්ක නගනවා. ඒ ගැන මොකද කියන්නේ?

පැහැදිලිවම මට එහෙම වුමමනාවක්‌ තිබුණේ නෑ. නමුත් ආසියානු සිනමා කේන්ද්‍රයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ඈස්‌ලි රත්නවිභූෂණ මහතාත් චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ මහතාත් චිත්‍රපටය බැලීමෙන් පසු මාව මේ සම්බන්ධයෙන් දිරිමත් කළා. ඒ අනුව ඉන්දියානු කේරළ, ජපානයේ කුකෝකා, කොරියාවේ පූසාන්, ස්‌විට්‌සර්ලන්තයේ ලෝකානෝ වැනි සිනමා උළෙලවල් ඇතුළු තවත් කීපයකට මෙම චිත්‍රපටය ඉදිරිපත් කළා.

මෙම චිත්‍රපටයේ සංකීර්ණ දෙබස්‌ යොදාගෙන තිබෙනවා. ඒවා ප්‍රේ‍රaක්‍ෂකයා සරළව ග්‍රහණය කර ගනියි කියා ඔබ විශ්වාස කරනවාද?

ඇතැම් විට දෙබස්‌ ග්‍රහණය කර ගැනීමේදී සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට යම් ගැටලුවක්‌ මතුවෙන්න පුළුවන්. නමුත් ඒ සෑම දෙබසකම පැහැදිලි තේරුමක්‌ තියෙනවා. නොකියා කියන පිළිවෙළටයි මා ඒවා යෙදුවේ. බුද්ධිමත් සිනමාවක්‌ ගොඩනගන්න එවැනි දෙබස්‌ අත්‍යවශ්‍යයි කියා මා හිතනවා. මට මුහුණ දෙන්න වෙච්ච ෙ€දනීය සිදුවීම් හරහා ඇතැම් විට මේක මගේ පළවැනි චිත්‍රපටයත් අවසාන චිත්‍රපටයත් වෙන්න පුළුවන්. නමුත් බුදAධිමත් සිනමාවක්‌ ගොඩනැගිය යුතුයි.

ඔබ ලියූ නවකතාව ගැන යමක්‌ කිව්වොත්?

මෙම චිත්‍රපටයේ තිරපිටපත යොදාගෙන මම නවකතාවක්‌ නිර්මාණය කළා. තිර පිටපතකින් නව කතාවක්‌ ලියවෙච්ච තුන්වැනි අවස්‌ථාව මේකයි. මගේ චිත්‍රපටය වගේම නව කතාවත් රසවිඳින්න කියලා මම ජනතාවට කියන්න කැමැතියි.


අනුරාධ හිරිපිටියගේ
ඡායා - සුජාතා ජයරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.