සමනලී ළඟදීම පතිකුලයට

පරම්පරාවෙන් ලද දායාදයක්‌ ලෙසට රංගනයට පිවිසි සමනලී ෆොන්සේකා පිළිබඳ වඩාත් කතාබහට ලක්‌ වුයේ ආකාස කුසුම් විත්‍රපටයේ රඟපෑ බට්‌ටී ලෙසින් එලෙසින් සිනමාව තුළත්, ටෙලිනාට්‍ය තුළත් කැපී පෙනෙන චරිත කිහිපයක්‌ම රඟපෑ සමනලී පසුගිය වසරක පමණ සිට සිටියේ විදේශ ගතව. ඒ ඇයගේ උසස්‌ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. පසුගිය දා ඒ කටයුතු හමාර කරන්නටත් පෙර ඇය නැවත හදිස්‌සියේම ලංකාවට පැමිණියා. ඒ සමනලීගේ විවාහ උත්සවය වෙනුවෙන්.

ටෙලිනාට්‍යක රූගත කිරීමකදී හමු වී වසර තුනකට පසුවයි සමනලී හා ගයාන් ලක්‌රුවන් මේ මස අවසානයේදී විවාහ දිවියට ඇතුලු වන්නේ. රංගන ශිල්පියෙකු සහකරු ලෙස තෝරාගැනීමත් මෙහිදී විශේෂ වනවා. විවාහයෙන් පසුව නැවත ඔස්‌ටේ්‍රලියාවට ගොස්‌ ඉතිරි අධ්‍යාපන කටයුතුවල වැඩ අවසන් කර නැවත ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන සමනලී මේ දිනවල නම් වැඩිපුරම වෙහෙසෙන්නේ විවාහ උත්සවයේ වැඩකටයුතු වෙනුවෙන්.

ශ්‍රියාණි චිත්‍රපට අධ්‍යක්‍ෂණයට

ශ්‍රියානි අමරසේන ප්‍රවීණ රංගන ශිල්පිණියක්‌ අතර සිටින කලාකාරිණියක්‌. මේ දිනවල ස්‌වාධීන රූපවාහිනියෙන් විකාශය වන ස්‌වයංජාත ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වී සිටින ඇය රංගන ශිල්පිණියක්‌ සේම චිත්‍රපට නිෂ්පාදිකාවක, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරියක්‌ ලෙසටත් ක්‍ෂේත්‍රයේ ජනප්‍රියයි. මේ දිනවල ඇය පිළිබඳ දැනගන්නට ලැබෙන අලුත්ම ආරංචිය නම් චිත්‍රපටයක්‌ අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන බවයි.

පළමු වතාවට ශ්‍රියාණි අමරසේන විසින් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන මෙම චිත්‍රපටයේ තිබෙන තවත් සුවිශේෂී කරුණක්‌ නම් එහි තිර පිටපත රචනා කර ඇත්තේද ඇය විසින්මයි. ස්‌වාභාව සෞන්දර්ය අලලා ලියා තිබෙන මෙම තිරපිටපත චිත්‍රපටයත් ලෙසට නිර්මාණය කිරීමේදී විශේෂිත වු තාක්‍ෂණික ක්‍රම වේදයක්‌ උපයෝගී කර ගැනීමටත් ඇය බලාපොරොත්තු වනවා. ඒ ඩිජිටල් තාක්‍ෂණය ඔස්‌සේ. පළමු නිර්මාණ අධ්‍යක්‍ෂණය තුළින්ම සිනමා ප්‍රේක්‍ෂකයා හට නැවුම් අත්දැකීමක්‌ ගෙන හැර පෑමට සූදානම් වන ශ්‍රියාණි අමරසේන කලා කාරිණිය ඉදිරි මාස කිහිපයම ඒ වෙනුවෙන් වෙන් කිරීමට මේ දිනවල සැළසුම් කරනවා.


ශෂී

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.