චුට්‌ටක්‌ රණ්‌ඩුවෙන්නවත් අපිට ඉඩක්‌ නැහැ...
ගයාත්‍රි ඩයස්‌

ඇය යළිත් රංගනයට පිවිසෙන්නේ දසවසරක නිහැඩියාවකින් පසුවයි. අරුමය නම් මෙතරම් දිගු කලකට පසුවත් ඇයව පිළිගන්නට ඔබේ සිතේ ආදරය ලෙංගතුකම අපමණ වීමයි. ඇත්තටම ඔබ ඇය එනතුරු බලා සිටියාදැයි මට වරෙක සිතෙන තරම්.

ගයාති ඩයස්‌ රෑ රැජිනක්‌, නිළියක්‌, රූපලාවන්‍ය ශිල්පිනියක්‌ ලෙස ප්‍රකට චරිතයක්‌. නමුත් සැබෑවටම බොහෝ දෙනා ඇළුම් කරන්නේ ගයාත්‍රි තුල ජීවත් වන නිළයට වීම නිසාම..... ඈ සිනමාවෙන් හා ටෙලිනාට්‍යයෙන් ඔබට ලංවන්නට තීරණය කළාද.

ඇත්තමට මම අවුරුදු දහයකින්වත් රඟපාල නැහැ. මම රඟපෑවේ ටෙලිනාට්‍ය 6-7 පමණ ප්‍රමාණයක්‌ ඒ හැම දෙයක්‌ම කළේ මාස හතක විතර කෙටි කාලයකින් නමුත් මම රඟපෑමට සමුදීලා බොහෝ කාලයක්‌ ගෙවුන පසුවත් මිනිසුන් මාව පිළිගත්තේ නිළියක්‌ විදිහට..... නැවත රංගනයට එත්දිත් ඔවුන්ට මා ගැන තිබුණ මතකය මට හරිම සතුටක්‌.

නිළියක්‌ විදිහට පියවර කිහිපයක්‌ තබා එම ක්‍ෂෙත්‍රයට නැවතීමේ තිත තිsයල හිත හදාගන්න ගයාත්‍රිට පහසු උණාද එදා නතර වෙන්න ඇති වූ හේතු කාරණාව අද වෙත්දී බලරහිත වුණේ කොහොමද අපි ඇයට යොමු කළේ දිගු පිළිතුරක්‌ ඇවැසි පැණයක්‌.

මම ක්‍ෂේත්‍රයට ආපු අලුතම විවාහ වුණා. ඒ කාළේ බොහෝ දෙනා පැවසූ දෙයක්‌ තමයි සැමියා හා බිරිඳ දෙදෙනාම මෙම ක්‍ෂේත්‍රයේ කටයුතු කිරීම විවාහ දිවියට ගැටළු ඇති වෙන්න පුළුවන් කියන ඒක. ඒ කාලේ ජීවිතයේ අත්දැකීම් අඩුයි. ඉතින් මම තීරණය කළා මගේ සැමියාගේ කලා දිවියට ඇවැසි පසුබිම සකසා දෙමින් මගේ රඟපෑමට සමුදෙන්න...... ඒත් දැන් කාලය ගතවෙලා දරුවො හදල කාලයක්‌ එක්‌ක අපිත් පරිනත වෙලා. එදාට වඩා ජීවිතයේ කටයුතු කළමනාකරණය කරගන්න දැන් අපිට පුළුවන්. ඒ වගේම මට බොහෝ අවස්‌ථාවල රඟපෑමට ආරාධනාත් ලැබුණා. ඒ අනුවයි මම සුවඳ දැනුනා ජීවිතේ චිත්‍රපටය හා පබළු ටෙලි නාට්‍යයේ රඟපාන්න තීරණය කළේ.

කාරනා කටයුතු එසේ නමුත් අද ඇය බොහෝ කාර්ය බහුල කාන්තාවක්‌. ඒ ඇගේ වෘත්තිය, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය තුළයි. සැබෑලෙසම උස්‌මහත් වෙන දියණියන් දෙදෙනෙකුගේ මවක්‌, බිරිඳක්‌ ලෙස මෙම කාර්යබහුල ජීවිතයෙන් යුතුකම් වගකීම් ගිලිහෙන්නට නොදී රැකගන්න ගයාත්‍රිට පුළුවන්ද?

මම හැමදාමත් විශ්වාස කරපු දෙයක්‌ තමයි. කාන්තාවක්‌ නිකම්ම නිවසට වී සිටිය යුතු නැහැ කියන කරුණ. ඒ අනුව කුමක්‌ හෝ දෙයක නිරත වෙන්න තිබූ කැමැත්ත හා රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයට තිබූ මගේ දක්‍ෂතාවය මත මේ වෘත්තියට යොමු වුණේ විනෝදාංශයක්‌ විදිහට අද වඩාත් දියුණු වෙලා මගේ නිවසට ශක්‌තියක්‌ වෙලා තියෙනවා. මේ වන විට නුගේගොඩ මාලබේ, කිරිබත්ගොඩ යන ස්‌ථානවල මම රූපලාවන්‍යගාර පවත්වා ගෙන යනවා මම බොහෝ සෙයින් කාර්යය බහුල වෙලා. ඇත්තටම මට ගෙදර රැඳෙන්න ලැබෙන කාලය ඉතා සීමිතයි. ඇතැම් වෙලාවට මට වඩා මගේ සැමියා නිවසේ රැඳී ඉන්න අවස්‌ථා තියෙනවා. මේ කාර්යය බහුලත්වය නිසා දරුවන් දෙන්නට මාත් සමග රැඳෙන්න ලැබෙන කාලය අඩුයි. හැකි සෑම වෙලාවකම මම උත්සාහ කරනව දරුවන් වෙනුවෙන් කාලය ඉතිරි කරගන්න.....

ගයාත්‍රිගේ සැමියා කලා ලෝකයේ ජනප්‍රිය හා කාර්යබහුල කෙනෙක්‌. ජනප්‍රිය අයගේ පවුල් ජීවිත හා බැඳෙන කටකතා එමටයි. චන්න ගයාත්‍රි යුවලගේත් පවුල් ජීවිතයේ දෙදරා යැම් ගැන ඇති කට කතාවට පසුබිමක්‌ තියෙනවාද?

දෙන්නෙක්‌ එකට එකතුවෙලා ජීවත් වෙත්දී විවිධ මත ගැටුම් නොගැලපීම් ඇතිවීම් සාමාන්‍ය දෙයක්‌. ඕක ඕනම සැමියෙක්‌ බිරිඳක්‌ මුහුණ දෙන අත් දැකීමත්. ඉතින් අපි දෙන්න අතර උනත් එවැනි නොගැලවීම් මත ගැටුම් ඇතිවීම් සාමාන්‍ය දෙයක්‌. එවැනි පුංචි සිද්ධිවලට කෑගහල රණ්‌ඩු වෙන්න ගැටුම් ඇති කර ගන්නවත් අපිට වෙලාවක්‌ නැහැ. අපි දෙන්නම කාර්යබහුල නිසා. ඇත්තටම දෙදරලා වෙන්වෙලා යන්න තරම් අපි දෙන්නගේ පවුල් ජීවිතයේ ප්‍රශ්නයක්‌ නැහැ.......

ගයාත්‍රිගේ පුංචි දූවරු දෙදෙනා පිළිබඳවත් අපි ඇගෙන් විමසුවා

ලොකු දුව මලිෂා මියුසියස්‌ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙන ගන්නව. චුටි දුව දූ ආෂා රෝයල් ඉන්ටිටියුට්‌ පෙර පාසලේ ඉගෙන ගන්නව එයාට තවම අවුරුදු 4 යි.

ගයාත්‍රිගේ ඉදිරි රංගන කටයුතු .......

"ඇත්තටම රඟපෑමට ලොකු කාලයක්‌ වෙන් කරන්න මට හැකියාවක්‌ නැහැ. නමුත් මට ගැලපෙන චරිත තෝරාබේරාගෙන ඉදිරියේ දීත් රඟපාන්න බලාපොරොත්තු වෙනවා....

කාන්තාවන් සුන්දර කරන සුන්දර චරිතයක්‌ වන ගයාත්‍රි ඩයස්‌ගෙන්........ කාන්තාවකගේ සොඳුරුතාවයේ රහස පිළිබඳවත් අපි විමසුවා.

පිsරිසිදු කම තමයි ප්‍රධානම කරුණ පිරිසිදුකම හා පිළිවළ තුළින් 60% ක්‌ පමණ තමන්ගේ සුන්දරත්වය. රැකගන්න කාන්තාවට පුළුවන්. ඉතිරි 40% තමයි රූපලාවන්‍ය සත්කාර මගින් ලබාගත යුතු වන්නේ. ඇත්තටම හැම කන්තාවක්‌ම තමන් විශේෂ කෙනෙක්‌ විදිහට සලකා ජීවත් වීම අවශ්‍යයි. තමන්ගේ අනන්‍යතාව, පෞර්ෂය තුළින් ඕනෑම කෙනෙකුට තමන්ගේ සොඳුරුබව ඉස්‌මතුකරගත හැකියි.


ධම්මිකා සුරංජි පතිරණ
ඡායා- සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.