විරෝධතාවයට එරෙහි පාර්ශ්ව බෑන් කී මූන්ට සාවද්‍ය වාර්තා යවලා

"තමන්ට අයිති නැති දේවල් ගැන කතා කරන එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් මේ රටට අවශ්‍ය නැහැ. ඔවුන් තමන් වැඩ කරන රටේදී සීමාව එක්‌මවා යැමෙන් වැළකීමට ප්‍රවේශම් විය යුතුයි. එසේම ඔවුන් මේ රටේ ආගන්තුකයන් බව අමතක නොකළ යුතුයි." - හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් (1999 ඔක්‌තෝබර් 6)

"වීරවංශ ජංගම දුරකථනයෙන් ඇමතුවේ කාටද කියා අපි තවදුරටත් පරීක්‍ෂා කරනවා." - එක්‌සත් ජාතීන්ගේ නිලධාරියෙක්‌ (2010 ජූලි 12)

(We are still checking to see who weerawansa called - U.N ufficial)

හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් මෙයට වසර 11 කට පෙර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවකට සහභාගි වී ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බ්‍රිතාන්‍යයේ බී.බී.සී. සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය. මෙහිදී එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් සම්බන්ධයෙන් හෙතෙම දැඩි දෝෂාරෝපණයක්‌ කරනු ලැබීය. මේ එම ප්‍රකාශයයි. "එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ට රටේ අභිමතය පරිදි මිස කිසිවක්‌ බල කළ නොහැකියි. එක්‌සත් ජාතීන්ගේ මෙහෙයවීම්වලට ශ්‍රී ලංකාව ද සාමාජික ගාස්‌තුවක්‌ ගෙවයි. අපි ද එක්‌සත් ජාතීන්ගේ පද්ධතියේ හාම්පුතුන් වෙමු. ඒ නිසා ඔවුන් හැසිරිය යුත්තේ අදාළ කාර්යයට උචිතවයි. රට පුරා සංචාරය කරමින් අදාළ නැති දේ ගැන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් අපට අවශ්‍ය නැහැ."

කදීර්ගාමර් මහතා එදා මේ අන්දමට එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ අනිසි ක්‍රියාදාමයන් ගැන චෝදනා කරද්දී ඔහුගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවට අවමානයක්‌ බවත් රටේ කීර්ති නාමයට හානිකර යෑයි විරුද්ධ පක්‍ෂය හෝ කිසිදු දේශපාලනඥයෙක්‌ පැවසුවේ නැත. කදීර්ගාමර් ජෝකර් කෙනෙක්‌ යෑයි කියා සිටියේද නැත.

එහෙත් කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේදී මහලේකම් බෑන් කී මූන්ට එරෙහිව සිදුවූ විරෝධතාව මෙරට ඇතැම් දේශපාලන පාර්ශ්ව එන්.ජී.ඕ. මාධ්‍යකරුවන් විසින් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවට සිදුවූ අගෞරවයක්‌ ලෙසිනි. එසේ වුවත් එක්‌සත් ජාතීන්ගේ නිලධාරීහු තම බලතල ඉක්‌මවා ක්‍රියා කරන බව දැන් සනාථ වී ඇත. "අපි වීරවංශ ජංගම දුරකථනයෙන් ඇමතුවේ කවුරුන්ට ද කියා පරීක්‍ෂා කරන්නෙමු" යෑයි කළ ප්‍රකාශය ඊට නිදසුන්ය. ඔවුන් දැන් සොයන්නේ ඔහු ආරCසක ලේකම්වරයාට දුරකථන ඇමතුමක්‌ දුන්නාද යන්නයි. එසේම රාජපක්‍ෂ රජයට රුසියාව සහ චිනය සහය ලබාදීමත් ප්‍රශ්නයක්‌ බවද එක්‌සත් ජාතීන්ගේ නිලධාරියෙක්‌ පවසා ඇත. (The problem he said is Russia and China both of which have expressed support for the Rajapaksa Govt)

එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවය මැද ද්‍රොහීන් හා චරපුරුෂයන් කීප දෙනෙක්‌ ද සැඟවී සිටියහ. ඔවුන්ට පැවරී තිබූ රහසිගත මෙහෙයුම වූයේ එකී විරෝධතාවට සහභාගි වන්නන්, රජයේ ඇමැතිවරු හා ඊට සහය දක්‌වන්නන් ගැන එක්‌සත් ජාතීන්ගේ නිව්යෝර්ක්‌ කාර්යාලයට දැනුම් දීමයි. මොවුන් බෑන් කී මූන්ට එරෙහිව විරෝධතාකරුවන් නැඟූ ප්‍රකාශ පවා පටිගත කළහ. මෙය තහවුරු වූයේ එක්‌සත් ජාතීන්ගේ නිව්යෝර්ක්‌ කාර්යාලයේ අරක්‌ගෙන සිටින මැතිව් රසල් ලී නමැත්තාට කොළඹ සිට වාර්තා රැසක්‌ ලබාදීමයි. මේ අතර පසුගිය අඟහරුවාදා දහවල් ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ගේ විරෝධතාවයක්‌ පැවැත් වූහ. ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් වෙත සිය දැඩි විරෝධය දක්‌වමින් කොටි ඝාතක සමාගම විනාශ කළ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට ක්‍රියා නොකරන්නැයි කියා සිටියහ. මහලේකම් විසින් පත් කළ විද්වත් මණ්‌ඩලය අහෝසි කරන ලෙස ද ඉල්ලීමක්‌ ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක්‌ භාරදීමට උත්සාහ කළත් එය ප්‍රතික්‍ෂේප විය. එහෙත් පසුව එම කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරීන් විසින් එකී සංදේශය භාරගනු ලැබීය. එසේ වුවත් මෙයට පෙර ස්‌විස්‌ කොටි ජාලය විසින් ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව විරෝධතා පවත්වමින් ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශ භාරදී ඇත්තේ එහි නිලධාරියකුටය.

ස්‌විස්‌ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ජිනීවා එක්‌සත් ජාතීන්කේ කාර්යාලය තුළ කොටි හිතවාදීන් ද සේවය කරන බව අනාවරණය වී ඇත. මේ අතර මෙකී ශ්‍රී ලාංකික විරෝධතාවය කඩාකප්පල් කිරීම සඳහා ලන්ඩනයේ සිටින අතරමැදියකු ද දැරූ උත්සාහය මුළුමනින්ම අසාර්ථක විය. මුළු යුරෝපයේම කොටින්ට එරෙහිව විරෝධතා පැවැත්වූයේ තමන් බවට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ මේ අතරමැදියා ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්‌ කරමින් ජිනීවා උද්ඝෝෂණය අවලංගු කර ඇතැයි පවසා තිබේ. එහෙත් පසුගියදා ලන්ඩනයේ ප්‍රන්ට්‌ ලයින් සමාජයේදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වූ මාධ්‍ය සමුළුව සම්බන්ධයෙන් මොහු මුනිවත රැක්‌කේය. මෙවන් තොරතුරු හෙළිවෙද්දී කැනඩාවේ ශ්‍රී ලාංකික සංවිධාන හතක්‌ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වෙත සංදේශයක්‌ යවමින් විද්වත් මණ්‌ඩලය පත් කිරීම තුළින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ කටයුතුවලට සෘජුව මැදිහත්වී ඇතැයි චෝදනා කරනු ලැබීය.

"එක්‌සත් ජාතීන්ගේ මහලේකම් මෙලෙස විදේශ බලවේගවලට යටවී ක්‍රියා කරන්නේ නම් වහාම හයිටි දූපතේ සිටින ශ්‍රී ලංකා භට සේනාව ඉවත් කරගත යුතු යෑයි අපි ශ්‍රී ලංකා රජයට අවිවාදයෙන් කියා සිටින්නෙමු" යෑයි ද එකී සංවිධාන විසින් සඳහන් කර ඇත. (We call upon the Sri Lankan Govt to withdraw our SriLankan troops in Haiti) එහෙත් මෙරට ඇතැම් දේශපාලනඥයන් විසින් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය අනුමත කරද්දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපති ජෝන් ආර්. බෝල්ටන් පවසන්නේ බෑන් කී මූන් තම ක්‍රියාදාමය සහ බලය පිළිබඳ වැරදි පණිවිඩයක්‌ මත ක්‍රියා කරන බවයි. (Ban mis chief at the U.N) "බෑන් කී මූන් තම පෞද්ගලික තීරණ මත විමර්ශන පැවැත්වීමට අදහස්‌ කරනවා"යෑයි ජෝන් බෝල්ටන් විසින් වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පත වෙත ප්‍රකාශයක්‌ කරමින් පවසා ඇත. (Ban Ke Moon is seriously considering launching such an inquiry by his own personal decision)

මෙලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපතියා පවා බෑන් කී මූන් සිය පෞද්ගලික තීරණ අනුව ක්‍රියා කරන බව පවසද්දී මෙරට පාර්ශ්වයන් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය අනුමත කිරීම විහිළුවක්‌ නොවේද? මේ අන්දමට ඇමරිකාව සහ නෝර්වේ ප්‍රමුඛ බෑන් කී මූන් යුද අපරාධ ගැන හඬ නඟද්දී ජර්මනියේ ද ස්‌පිජල් නමැති (German weekly spiagel) සඟරාව දෙවැනි ලෝක සංග්‍රාමයේදී නෝමෑන්ඩ් සටන ගැන තොරතුරු හෙළි කරමින් ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාව කලින් අදහස්‌ කළාට වඩා මහා පරිමාණයෙන් යුද අපරාධ කළ බව හෙළි කර ඇත. මේ තොරතුරු හෙළිකර ඇත්තේ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වූ ඇන්තනි බිවර්ය. (Anthony Beever reveals that the allied Soldiers commited war crimes to a much greater extent than was previously realized)

එහෙත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කළාද? මේ අතර ශ්‍රී ලංකාව එAකාධිපති පාලන ක්‍රමයක්‌ වෙත ඇදී යන බවත් ලෝක මාධ්‍ය එA කෙරේ නෙත් වසාගෙන සිටින බවටත් ශ්‍රී ලංකාවේ සාමය නම්වූ ව්‍යාජ සංවිධානයක්‌ පිහිටුවාගෙන සිටින බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් මෝටිමෝර් විසින් ප්‍රචාරය කර ඇත. ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන් 14 ක්‌ ඝාතනය කර ඇති අතර විස්‌සක්‌ තම බිරියන් සමග විදේශ රටවලට පැනගොස්‌ ඇති බවත් මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා විසින් ප්‍රකාශ කර තිබේ.

මෙලෙස එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් මෙරටට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ විකාශනය කිරීම පුදුමයක්‌ නොවේ. දේශීය එන්.ජී.ඕ. 969 ක්‌ද විදේශ එන්.ජී.ඕ. 309 ක්‌ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙම එන්.ජී.ඕ. සංවිධාන සිය පාලනයට ගැනීම නිසා කිසිදු රැකියාවක්‌ නොකරන මෙම එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු බරපතල ප්‍රශ්නයකට මුහුණ පා තිබේ. ඉන්දීය රජය මෑතකදී එරට කිසිම එන්.ජී.ඕ. සංවිධානයක්‌ මානව හිමිකම් ලේබලය යටතේ ලියාපදිංචි කිරීම තහනම් කරනු ලැබීය. (No more merchan dising with human rights by
N.G.O.) කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිර තමන්ට අයත් යෑයි සිතමින් නන්දිකඩාල් කලපුවේ මසුන් ඇල්ලීමේ හිමිකම චීනයට නොදෙන්නැයි රජයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ විනෝ නොහාරලිංගම් නමැති දේශපාලකයෙක්‌. එහෙත් රජය ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සාහ කළ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම්වලට ඉඩදිය යුතුද?

මේ අතර නල්ලූර් පොයින්ට්‌ පේදුරු මාර්ගයේ ඉදිකර තිබූ තිලීපන් නමැති කොටි ත්‍රස්‌තවාදියාගේ ස්‌මාරකය ඉවත් කර තිබේ. මෙයට වසර ගණනකට පෙර උතුර නැගෙනහිරින් සියලුම පොලිස්‌ සහ ආරක්‍ෂක කඳවුරු ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කරන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලමින් මොහු උපවාසයක්‌ ආරම්භ කරනු ලැබීය. ආරක්‍ෂක හමුදාව සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී බරපතල තුවාල ලැබූ තිලීපන්ට ජීවත්වීම සඳහා වැඩි කලක්‌ නැතැයි අනාවරණයවීම නිසා ප්‍රභාකරන් විසින් ඔහුව උපවාසයකට යොදවා තිබිණි.

තිලීපන් ස්‌මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටි හිතවාදීහු වඩාත්ම කම්පනයට පත්වූහ. එය සනාථ වූයේ සිංහල කල්ලියක්‌ තිලීපන් ස්‌මාරකය විනාශ කළ බව කියමින් විදේශ රටවල ප්‍රචාරය කිරීම නිසාය. මේ අතර අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි නඩු විභාග ප්‍රසිද්ධයේ පැවැත්විය යුතු යෑයි යුරෝපා සංගමයත්, ඇමරිකාවත් ශ්‍රී ලංකාවට පවසද්දී නෝර්වේ අධිකරණය මෑතකදී අසුවු ත්‍රස්‌තවාදීන්ට එරෙහි නඩු විභාග පවත්වන්නේ රහසිගතව යෑයි හෙළි විය. (The Norwegian court treats the Terrorist issue behind close doors) මේ සතියේ ආරක්‍ෂක කරළිය පිළිබඳව විමර්ශනය කිරීමේදී දිගු දුර විහිදුම් බළකාය පාවාදීමට සම්බන්ධ හිටපු පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පලගේ ලිපිගොනුව පොලිස්‌ කොමිසමෙන් අතුරුදන්වීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක්‌ කිසිදු පියවරක්‌ ගෙන නැතැයි හෙළි විය.

එහෙත් මේ ලිපිගොනුව අතුරුදන්වීමට අදාළ තොරතුරු මාධ්‍යවලට ලබාදුන්නේ යෑයි සැකකරමින් පොලිස්‌ කොමිසමේ සිටි ලිපිකරුවන්ව මාරු කර යවා තිබේ. මේ කැකිල්ලේ තීන්දුව දී ඇත්තේ ලිපිගොනුව අතුරුදන් කළ නිලධාරීන්ය.

මෙයට අදාළ තොරතුරු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් වසන් කර ඇතැයි ආරංචි මාර්ග දන්වයි. වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි ලෙස උත්සාහ කළ ද්‍රවිඩ දේශපාලකයකු වූ මනෝ ගනේෂන් නමැත්තා මේ සතියේදී යළි මතුවිය. වැලල්වත්ත ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාව පොලිසියේ ලියාපදිංචි විය යුතු යෑයි කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති හා වැල්ලවත්ත පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කර ඇති නියෝගය ද්‍රවිඩ ජනතාවට කරන වෙනස්‌කමක්‌ ලෙස ඔහු විසින් පවසා තිබේ. එහෙත් උතුරේ පිරිස්‌ විශාල වශයෙන් පැමිණ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින බවට බුද්ධි අංශවලට වාර්තා වී තිබේ. කොටි සංවිධානය බලවත්ව සිටින සමයේ කැනඩා, බ්‍රිතාන්‍ය කොටි එAජන්තවරු ආයෝජකයන් මුවාවෙන් මෙරටට පැමිණ මහල් සංකීර්ණ රැසක්‌ ඉදිකර ඇත්තේ ද වැල්ලවත්ත හෙවත් කොටි අඩවිය ලෙස හැඳින්වූ ප්‍රදේශයේයි. මෙයට කලකට පෙර කොටි ත්‍රස්‌තයෙක්‌ වැල්ලවත්තේ මහල් සංකීර්ණයකින් බිමට පැන සිය දිවි නසා ගනු ලැබීය.

මේ නිසා රටේ ජාතික ආරක්‍ෂාව පතා පොලිස්‌ බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය ඉවත දැමීමට මේ දේශපාලකයා ගන්නා උත්සාහය ව්‍යාර්ථ කළ යුතුය. මේ අන්දමට පසුගිය කාලයේ කොළඹ එක්‌ ද්‍රවිඩ දේශපාලකයෙක්‌ කොළඹ නගරයේ ලැඟුම්හල් පරීක්‍ෂා කිරීම සඳහා පොලිසිය ගත් ක්‍රියාමාර්ගය වළක්‌වා ඊට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්‌පතිව මාරු කර යෑවීමට ක්‍රියා කර තිබිණි.

තමිල්නාඩුවේ වයිකෝ සහ නෙඩුමාරන් යන කොටි හිතවාදීහු පසුගිය බදාදා චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූප ගිනි තබමින් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට දැරූ උත්සාහය නිසා තමිල්නාඩු පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය. මෙකී කොටි හිතවාදීහු බෑන් කී මූන් වෙත සහය පළ කරමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ජාත්‍යන්තර අධිකරණය ලවා දඬුවම් කළ යුතු බවත් චෙන්නායි නුවරින් සිංහල මහකොමසාරිස්‌ කාර්යාලය පන්නා දැමිය යුතු බවටත් පවසා තිබේ. මෙයට පෙර කොටි හිතවාදී සිමන් නමැති චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා එකදු සිංහලයකුටවත් ඉන්දියාවේ ජීවත්වීමට ඉඩදෙන්නේ නැති බවට පැවසීම නිසා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇත. මේ අතර එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට එරෙහිව පත් කළ විද්වත් මණ්‌ඩලයට එක්‌සත් ජාතීන්ගේ කිසිම ආයතනයකින් අනුමැතිය දී නැතැයි අනාවරණයවේ.

මෙයට පෙර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලෙයි ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් මණ්‌ඩලයත් පත් කිරීමට දැරූ උත්සාහය පරාජය විය. ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා මූලස්‌ථානයට (Pacom) අයත් පර්ල් හාබර් නමැති ඇමරිකානු යුද නෞකාව පසුගිය 14 වැනිදා සුහද සංචාරයක්‌ සඳහා යෑයි දක්‌වමින් ත්‍රිකුණාමල වරායට සම්ප්‍රාප්ත විය.

මෙකී නෞකාවේ මැරයින් භටයන් 500 ක්‌ ගොඩබිමට ගෙන යාහැකි ගොඩබිම් යාත්‍රා කීපයක්‌ ද වේ. 2009 වසරේ මැයි මාසයේදී ඇමරිකානු බලධාරීහු කොටි ඝාතක කණ්‌ඩායම සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන්ව බේරා ගැනීම සඳහා මුලතිව් වෙරළ වෙත එවීමට සූදානම් කර තිබුණේ මෙවන් ගොඩබිම් යාත්‍රායි. (Landing crafts) සුදු කොඩි කතාව සම්බන්ධයෙන් හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව චෝදනා ඉදිරිපත් වූයේ ද මේ සතියේයි. මේ සුදුකොඩි කතාවේ නිර්මාතෘ වෙන කිසිවෙක්‌ නොව මෙරටින් පැන ගිය බොම්බඩියර් නමැති මාධ්‍ය අඳබාලයායි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයත්, එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ටත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවීමට සාධකය වූයේ මේ බොම්බඩියර් නමැති ද්‍රොහියාගේ සාවද්‍ය ප්‍රකාශයයි. කොටි සංවිධානය විනාශ වූයේ මන්දැයි යන්න පිළිඹිබු වන අග්නිදිග ආසියානු බුද්ධි සේවා වාර්තාවක්‌ මගින් හෙළි කර ඇත. මේ වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව පරාජය කළ හැකිය යන දැඩි විශ්වාසයක්‌ ප්‍රභාකරන් තුළ පැවැති අතර එකී මතයට ද්‍රවිඩ ඩයස්‌පෝරාව මුළුමනින්ම සහයවීම නිසා විනාශ වූ බවත්ය. ඉන්දියාවේ කේරළ පොලිසිය ද පසුගිය බදාදා හිටපු කළු කොටි කරාගෙන මැරෙන ත්‍රස්‌තවාදියකු වූ ස්‌ටීවන්ව අත්අඩංගුවට ගනු ලැබීය. කොටි සංවිධානය තමාව මරාගෙන මැරෙන ප්‍රහාරයකට යෙදවීමට තීරණය කර තිබූ බවත් ඊට සම්බන්ධ නොවී 2007 වසරේදී කේරළයට පළා ආ බවත් ඔහු හෙළි කර ඇත.

මේ අතර උතුරු ප්‍රදේශයේ කටයුතුවල නිරත වන දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු යෑයි නියෝග කර ඇත. මෙම නියෝගය සම්බන්ධයෙන් එහි සංවිධාන කොටි වෙබ් අඩවිවලට ප්‍රකාශයක්‌ කරමින් එකී ක්‍රියාදාමය තමන්ට තර්ජනයක්‌ යෑයි පවසා තිබේ. වන්නි මෙහෙයුම ආරම්භවීමට පෙර තමන්ට අවශ්‍ය ලෙස ක්‍රියා කළ කොටින්ව පෝෂණය කළේ මෙකී එන්.ජී.ඕ. සංවිධාන වේ.

ශ්‍රී ලංකා හමුදාව යටතේ රැඳවුම් කඳවුරුවල සිටින කොටි ත්‍රස්‌තවාදීන්ට වධ හිංසා සහ හිරිහැර කෙරෙන බව දන්වමින් බී.බී.සී. සේවාව හඬන්නට පටන්ගෙන තිබේ. තමන්ට මේ පිළිබඳ දුරකථන ඇමතුම් හා ලිපි මගින් දන්වා ඇතැයි බී.බී.සී. යේ ද්‍රවිඩ සේවාව විසින් පවසා තිබේ. එහෙත් බී.බී.සී. ද්‍රවිඩ සේවාව කොටින්ගේ රූකඩයක්‌ යෑයි පසුගිය කාලයේදී සනාථ විය.

පකිස්‌තානයේ ඩෝන් පුවත්පත මේ සතියේදී ප්‍රකාශයක්‌ කරමින් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් වදින හමුදාවන්ට කළ අනතුරු ඇඟවීමක්‌ යෑයි කියා සිටියේය.


කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.