පහේ හපනුන්ට මෙවරත් මහජන බැංකුවෙන් ශිෂ්‍යත්ව

වත්මන් ළමා පෙළ අප රටේ හෙට දින සම්පතයි. දැයේ අනාගත වගකීම් පැවරෙන්නේද මේ දරුවන්ටය. ඉසුරුමත් හෙට දවසක්‌ නිර්මාණය වන්නට නම් ළමා සම්පත බුද්ධිමය වශයෙනුත්, අධ්‍යාත්මක ලෙසිනුත් පෝෂණය වී සිටීම අත්‍යවශ්‍ය වේ. ගුණ නැණෙන් පොහොසත් දරුවන් නිසා ජාතියේ අනාගතය ද සෞභාග්‍යමත් වෙයි. සෑම බුද්ධිමත් මවකගේත්, පියකුගේත් ඒකායන අරමුණ වන්නේද තම දූ පුතුන්ගේ අනාගතය දීප්තිමත් වනු දැකීමය.

ශ්‍රී ලාංකීය සෑම දෙමාපියකුගේම මෙවන් අපේක්‍ෂා මල්පල ගන්වන්නට මහජන බැංකුව නිබඳවම කටයුතු කරයි. ගෙවුණු දශක පහකට ආසන්න කාලය පුරාම මෙරට ළමා පරපුරට සුරක්‍ෂිත හෙට දවසක්‌ ගොඩ නගා දෙන්නට මහජන බැංකුව ක්‍රියා කරමින් සිටින්නේ ජාතික හා රාජ්‍ය බැංකුවක සැබෑ වගකීම හා යුතුකම ඉටු කරමිනි.

දෙමාපිය බලාපොරොත්තු ඉටුකර දීම සඳහා අලුත උපදින කිරි කැටියාගේ සිට වයස අවු( 18 දක්‌වා වන පාසල් වියේ සෑම දූ පුතකු වෙනුවෙන්ම පුංචි අවධියේ සිට මුදල් ඉතිරියට මං පෙත් විවර කර දීමේ පුරෝගාමී ජාතික මෙහෙවරක්‌ ඉටු කළේ මහජන බැංකුව විසිනි. එදා ළමා ඉතිරිකිරීමේ ගිණුමෙන් හා ළමා ස්‌ථිර තැන්පතු ගිණුමෙන් ආරම්භ කළ මෙම ඉතුරුම් ක්‍රමය පසුව "ඉසුරු උදාන" හා "සිසු උදාන" ගිණුම් තුළින් ළමා පරපුරේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. ඒ නිසාම දෙමාපියන් ඇතුළු ළමා පෙළ තමන්ගේ ආදරණීය සහ ජනප්‍රිය බැංකුව බවට මහජන බැංකුව පත්කර ගැණින.

මෙලොව එළිය දකින කිරිකැටියාගේ සිට වයස අවු( 05 දක්‌වා වන පෙර පාසල් සිඟිත්තා දක්‌වා ඉසුරු උදාන ගිණුම තුළින් විවිධාකාර තෑගි සමඟ ඉහළ පොලී අනුපාත ලබා දෙන්නේ අද සිඟිත්තා හෙට දින රටේ ජීවනාලිය බවට පත් වන බව මහජන බැංකුව දන්නා නිසාය. උපතේ සිට අවු( 05 දක්‌වා වන ඕනෑම සිඟිත්තකු වෙනුවෙන් ආරම්භක තැන්පතුව බැංකුවෙන් තිළිණ කරමින් "ඉසුරු උදාන" ගිණුම් විවෘත කරන එකම මූල්‍ය ආයතනය ද මහජන බැංකුවේ "නිදහසේ උපත" තේමාව යටතේ සෑම ජාතික නිදහස්‌ දිනයක්‌ම මුල්කර ගෙන පෙබරවාරි මුල සතියේ දී අලුත උපදින සෑම දරුවකු වෙනුවෙන්ම රු. 500/} ක්‌ වටිනා "ඉසුරු උදාන" තිළිණපතක්‌ බැගින් තෑගි කිරීම ද මහජන බැංකුවේ තවත් ප්‍රජා සත්කාරයකි.

වයස අවු( 05 සිට 18 දක්‌වා දරුවන් වෙනුවෙන් "සිසු උදාන" ගිණුම ක්‍රියාත්මක කරන්නේ ද පාසල් වියේ සිට දරුවන් ඉතිරි කිරීමට දිරිමත් කර, උසස්‌ අධ්‍යාපන අවස්‌ථාව වන විට සැලකිය යුතු තැන්පත් මුදලක හිමිකරුවකු බවට දරුවා පත්කිරීමේ අරමුණ ඇතිවය. අද මෙරට අධ්‍යාපනය ලබන ලක්‍ෂ 40 ක්‌ පමණ වන මුළු සිසු පරපුරෙන් හරි අඩකටත් වඩා "සිසු උදාන" ගිණුම් හිමි දරුවන් බවට පත්ව තිබෙන්නේ මෙරට බහුතර දෙමාපියන් මහජන බැංකුවේ මෙම ඉතුරුම් ක්‍රමයේ ඇති ප්‍රතිලාභ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන බැවිනි.

"සිසු උදාන" ගිණුමේ ශේෂය ඉහළ යන ප්‍රමාණයට සරිලන අයුරින් ඒ සඳහා පිරිනැමෙන තෑගිවල වටිනාකමද ඉහළ යයි. "සිසු උදාන" සියලු ත්‍යාග දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට ඉතා ප්‍රයෝජනවත් තෑගි වේ. සිසු උදාන" කුසලතා ප්‍රණාම ශිෂ්‍යත්ව ක්‍රමය තුළින් අපොස (සා. පෙළ) විභාගයෙන් ජාතික හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් විශිෂ්ට කුසලතා දක්‌වන දරුවන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීමට ද මහජන බැංකුව කටයුතු කරයි. එමගින් උසස්‌ පෙළ අධ්‍යාපනයට ආර්ථික සහනයක්‌ ලබාදෙමින් දෙමාපියන්ගේ ආර්ථික බර සැහැල්ලු කිරීම අරමුණු කෙරේ.

මේ අයුරින් රටේ හෙට දින සම්පත වෙනුවෙන් විවිධ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නංවන මහජන බැංකුව මෙවර 2010 වසරේ පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්‌කම් දක්‌වන දරුවන්ටත්, විභාගය සමත් දරුවන් අතරින් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගන්නා දරුවන්ටත් ශිෂ්‍යත්ව පිරිනැමීමට සූදානමින් සිටී.

විභාග දෙපාර්ත මේන්තුවෙන් තහවුරු කළ ප්‍රතිඵල මත සියලුම දිස්‌ත්‍රික්‌කවලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්‌ථාන හිමිකර ගන්නා ශිෂ්‍යත්ව හපනුන්ට පිළිවෙලින් රු. 15,000/} රු. 12,500/} හා රු. 10,000/} බැගින් වූ මූල්‍ය ශිෂ්‍යාධාර "සිසු උදාන" ගිණුම් තුළින් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරයි. මෙම විශේෂ ශිෂ්‍යත්වවලට අමතරව මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය වන විට මහජන බැංකුවේ කුමන හෝ ශාඛාවක රු. 2,500/} ක අවම ශේෂයකින් යුත් "සිසු උදාන" හෝ ඕනෑම බාලවයස්‌කාර ඉතුරුම් ගිණුමක්‌ පවත්වාගෙන ගිය දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූයේ නම් එම දරුවන්ට ද සාමාන්‍ය ශිෂ්‍යත්ව අයදුම් කිරීමට අවස්‌ථාව ලැබේ. ඒ අනුව 2010 වසරේ පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසු උදාන ගිණුම් හිමි දරුවන් මහජන බැංකු ශාඛාවලට භාර දෙන ශිෂ්‍යත්ව අයදුම්පත් අනුව කුසපත් ඇදීමේ ක්‍රමයට තවත් ශිෂ්‍යත්ව 800 ක්‌ පිරිනැමීමට මහජන බැංකුව විධි විධාන යොදා තිබේ. එසේ කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා දරුවන් 800 දෙනකුට රු. 5,000 බැගින් වූ ශිෂ්‍යාධාර මුදලක්‌ බැගින් එම දරුවන් නමින් ඇති "සිසු උදාන" ඉතුරුම් පාස්‌ පොත්වලට බැර කිරීමට මහජන බැංකුව විසින් කටයුතු කරනු ලැබේ. විශේෂ දිනුම් ඇදීමක්‌ මගින් මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලබන අතර දිවයින පුරා පිහිටි 328 ක්‌ වූ මහජන බැංකුවේ ප්‍රධාන ශාඛා සියල්ලටම දිනුමක්‌ බැගින් හිමිවන පරිදි මෙම දිනුම් ඇදීම සිදු කෙරේ. ඊට අමතරව දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙනුවෙන් තවත් ශිෂ්‍යත්ව 472 ක්‌ පිරිනැමීමට ද මහජන බැංකුව කටයුතු කරයි.

මෙවර පහේ ශිෂ්‍යත්ව හපනුන් බවට පත්වන්නේ ගුණ නැණෙන් පිරිපුන් දරුවන්ය. ඔවුන් බුද්ධිමත් හා ප්‍රඥවන්ත ළමුන් ලෙසින් හා වයසින් මුහුකුරා යමින් පවුල හා සමාජය ගුණවත් කරයි. අනාගත යහපත් පුරවැසි භූමිකාවට ජීවය දෙන්නේද මේ ළමා පෙළමය. මෙබඳු සමාජ සත්කාරයකට උරදෙමින් දරුවන්ගේ හෙට දවස උදෙසා අද දවසේ ඉතිරි කිරීමේ අර්ථවත් බව දෙමාපියන් වෙත සන්නිවේදනය කිරීම මහජන බැංකුවේ අපේක්‍ෂාවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.