AVIVA NDB හි අලෙවි තාරකාව ඩී. ජී. ඒ. ස්‌වර්ණා

ඩොලර් මිලියනයේ වටමේස සමුළුවේදී ඔදච දෙ එයෑ ඕඉකැ ගෞරවය හිමිකර ගැනීම ලොව රක්‌ෂණ අලෙවි වෘත්තිකයන් අතර දුලබ ජයග්‍රහණයකි. පසුගියදා අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය නියෝජනය කරන AVIVA NDB හි අලෙවි තාරකාව වන ඩී. ජී. ඒ. ස්‌වර්ණා මහත්මිය මෙම විශිෂ්ට සම්භාවනාවට පාත්‍ර විය. මෙහි විශේෂත්වය වනුයේ මෙම සමුළුවට සහභාගිවූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද ඇය වීමයි.

ඇයගේ ජයග්‍රහණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරමින් AVIVA NDB හි කළමනාකාර අධ්‍යක්‍ෂ ෂාරූෆ් මහතා මෙසේ පැවසීය. "කැපවීම හා උනන්දුව මෙන්ම සත්කාරකත්වය තුළින් ස්‌වර්ණා මෙසේ විශිෂ්ටත්වයට පත්වීම මාහට ඉමහත් සතුටට කරුණක්‌ බව පැවසිය යුතුයි. ඇගේ ප්‍රශංසනීය ක්‍රියාකාරිත්වය තුළින් සිය සේවාලාභීන් වෙත සෞභාග්‍යය සහ සිතේ සැනසුම ලබාදීමට ඇය සැබවින්ම සමත්ව තිබෙනවා. ඇගේ ජයග්‍රහණය අති විශිෂ්ට වූවක්‌ වන්නේ ඇය ලොව රක්‌ෂණ අලෙවි ක්‍ෂේත්‍රයේ ඉහළම ජාත්‍යන්තර තත්ත්වයන් පවා අභිබවා යැම නිසයි. ඇය අපට මහත් ආඩම්බරයක්‌.

මේ පිළිබඳව සියසතුට පළ කරමින් AVIVA NDBහි අධ්‍යක්‍ෂ බෙදාහැරීම් උපුල් විෙ-සිංහ මෙසේ පැවසීය. "MDRT සම්මන්ත්‍රණයට සහභාගිවීම මගින් අපගේ විශිෂ්ටතම වෙලත් ප්ලෑනර් වෘත්තිකයන් වෙත අලෙවිය සම්බන්ධ සිය නිපුණතාවන් සහ තාක්‌ෂණික හැකියාවන් වර්ධනය කරගැනීමේ අවස්‌ථාව උදා වෙනවා. මෙම අත්දැකීම ඔස්‌සේ ප්‍රශස්‌ත ක්‍රියාකාරකම් මෙරටට ආදේශ කරමින් සිය රක්‌ෂණවර හිමියන් වෙත මෙන්ම සමස්‌ත දේශය වෙතම වඩාත් උසස්‌ තත්ත්වයේ සේවාවක්‌ සිදුකිරීමේ හැකියාව මේ සමග ඔවුනට හිමි වෙනවා."

ඩොලර් මිලියනයේ වට මේස සමුළුව (MDRT) යනු රක්‌ෂණ අලෙවි වෘත්තිකයන්ගේ ප්‍රමුඛතම සංගමය වන අතර එය ජාතීන් 80 කට අයත් 31,500 ක සාමාජිකත්වයක්‌ සහිත ස්‌වාධීන ජාත්‍යන්තර ආයතනයකි. MDRT සාමාජිකයන් විශිෂ්ට ගනයේ වෘත්තීය දැනුමක්‌, අතිශය සදාචාර සම්පන්න චර්යාවක්‌ සහ ප්‍රශස්‌ත සේවාලාභී සත්කාරයක්‌ ප්‍රකට කරති. MDRT සාමාජිකත්වය ලොව විශිෂ්ටතම අලෙවි වෘත්තික පිරිසක්‌ වශයෙන් සැලකේ.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ස්‌වර්ණා මහත්මිය විසින් විශිෂ්ටතම මූල්‍ය සේවා උපදේශකවරයාට (ජීවිත) හිමි සම්මානය AVIVA NDB හි කළමනාකාර අධ්‍යක්‍ෂ ෂා රූෆ් මහතා අතින් ලබාගන්නා අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.