වෝග් ජුවලර්ස්‌ ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රයට නව අරුතක්‌ එක්‌ කරයි

ප්‍රභාත් විතාන

වෝග් ජුවලර්ස්‌ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට "මනාලියන්ගේ සිහින ලෝකය" සහ මනාලියන් සඳහාම වෙන් කෙරුණු "මනාලියන්ගේ කැදැල්ල" හඳුන්වා දුන්නයේ.

ශ්‍රී ලංකාවේ ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රය නව අරුතක්‌ එක්‌ කරමින් හඳුන්වාදුන් "මානාලියන්ගේ සිහින ලෝකය" විශිෂ්ට ලෙස මංගල සිරියෙන් අලංකාර ස්‌ථානයක්‌ වනඅ තර මනාලියකවීමට සූධානම්වන යුවතියකට සිය ආදරවන්තයා, පවුලේ ඥාතීන් සහ මංගල ඇඳුම් සැකසුම් ශිල්පියා සමග මෙම ස්‌ථානයට පැමිණ නිවිසැනසිල්ලේ නව මාදිලියේ ස්‌වර්ණාභරණ නිර්මාණ සමූහය අතුරින් තමන්ට යෝග්‍ය හා කැමති මෝස්‌තර තෝරා ගැනීමයට හැකියාව ලැබේ. මෙම ස්‌ථානය මංගල උත්සවයක අනුරූ සිරිය ගෙනෙන ආකාරයෙන් සැරසිලි කොට ඇති අතර අලංකාර මංගල කේක්‌ ආකෘතියක්‌ පවා එහි ඇති හෙයින් එය දිවියේ සොඳුරුතම දිනය මවා දැක්‌වීමක්‌ ලෙස සඳහන් කළ හැකියි.

"මනාලියන්ගේ සිහින ලෝකය"ට යාබදව "මනාලියන්ගේ කැදැල්ල" පිහිටා ඇත. පෞද්ගලිකත්වය සුරැකෙන අයුරින් නිර්මාණය කොට ඇති මෙහි විශේෂත්වය වන්නේ ඒ තුළදී මනාලියකට තමන් තෝරා ගන්නා ස්‌වර්ණාභරණ පැළඳගෙන තම මංගල ඇඳුමින් සහ රූපලාවන්‍යයෙන් සැරසී තම දිවියේ ප්‍රීතිමත්ම දිනයේ මනාලිය ලෙස දොරට වඩින ආකරය ගැන පෙරහුරුවක්‌ ලැබීමට හැකිවීමයි.

විශිෂ්ටත්වයේ උරුමයෙන් අඩසියවසකට ආසන්න කාලයක්‌ අගතැන්පත්ව සිටින වෝග් ජුවලර්ස්‌ අද ගෙදර දොර රැව්දෙන නාමයක්‌ බවට පත්වී තිබීම සතුටට හේතු වන බව වෝග් ජුවර්ස්‌ කළමනාකාර අධ්‍යක්‍ෂ අනුර හේමචන්ද්‍ර මහතා පැවසීය.

ඒ වගේම අපේ අවුරුදු 50 ක ඉතිහාසය දිහා බැලුවොත් වෝග් ජුවලර්ස්‌ ආයතනය සෑම විටම අලුත් දෙයක්‌ ඉදිරිපත් කිරිමට උත්සාහ ගත්තා. අපේ ආරම්භයම ඊට හොඳ උදාහරණයක්‌ වෙනවා. අපේ ආරම්භය වුණේ මේ ස්‌ථානය නොවෙයි. ඒ කොළඹ පිටකොටුවේ. නමුත් ස්‌වර්ණාභරණ කිව්වොත් හෙට්‌ටිවීදියයි මතක්‌ වෙන්නේ. නමුත් දිවංගත සභාපතිතුමාගේ අරමුණ වූයේ මේ තත්ත්වය වෙනස්‌ කරන්නයි. අන්න එහෙමයි ආරම්භය වුණේ.

එය ආරම්භ කිරීම සාර්ථක වුණා. ඒ වගේම අලුත් දෙයක්‌ වුණා. ඒ වගේම කලාව සම්බන්ධයෙන්ද වෝග් ජුවර්ලස්‌ අලුත් දෙයක්‌ කළා. 1966 සහ 1968 වසරවල අපි පැවැත් වු ස්‌වර්ණ සංඛ සම්මාන උළෙල සඳහන් කළ හැකියි. කලාව වෙනුවෙන් ස්‌වර්ණාභරණ ආයතනයක්‌ අනුග්‍රහය දැක්‌වු පළමු උළෙල එයයි.

එමෙන්ම 1995 වසරේ ලෝක රූ රැජින වූ ඓශ්චර්යා රායි ලංකාවට ගෙන ඒමේ අනුග්‍රහය දැක්‌වූයේ අප සමාගමයි. එයත් අලුත් දෙයක්‌ වුණා. 2005 වසරේදී අපි ෂීධ 9001ථ2000 සම්මානය ලබාගත් ලංකාවේ ප්‍රථම ස්‌වර්ණාභරණ ව්‍යාපාරය බවට පත් වුණා. ඒ වගේම 2008 වසරේදී ෂීධ 9001ථ2000 සම්මානය ලබාගත් ආසියාවේ ප්‍රථම සවර්ණාභරණ ආයතනය බවට පත්වුණා.

එමෙන්ම 2010 අපි ඉදිරිපත් කර තිබෙනවා "මනාලියන්ගේ සිහිනය ලෝකය" සහ "මනාලියන්ගේ කැදැල්ල". මෙයත් අලුත් දෙයක්‌. මේ අප කළ අලුත් දෙවල්වලින් කීපයක්‌ පමණයි යෑයි කියා සිටියේය.

වෝග් ජුවලර්ස්‌ සභාපතිනි චන්ද්‍රා හේමචන්ද්‍ර මහත්මිය හා කළමනාකාර අධ්‍යක්‍ෂ අනුර හේමචන්ද්‍ර මහතා විසින් වෝග් ජුවලර්ස්‌ නවතම වෙළෙඳ තානාපතිනි මෙලීසා සොලමන්ස්‌ වෙත නව මංගලාභරණ මෝස්‌තර නාමාවලියේ ප්‍රථම පිටපත පිළිගැන්වීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.


ඡායාරූපය - දිමුතු ප්‍රේමරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.