පෙයාර්ස්‌ 50 වැනි සංවත්සරයට මිලියන 2.5 ක මුදල් ත්‍යාග පිරිනමයි

යුනිලීවර් ශ්‍රී ලංකාහි වඩාත් ආදරණීය ළදරු නිෂ්පාදනයක්‌ වන පෙයාර්ස්‌ තම 50 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.

පෙයාර්ස්‌ 50 වැනි සංවත්සරයේදී තම ලෙන්ගතු පාරිභෝගිකයන් වෙත රුපියල් මිලියන 2.5 ක්‌ වටිනා ත්‍යාග පිරිනැමීමද සිදු කෙරිණි.

මේ පිළිබඳ මාධ්‍ය හමුවක්‌ පසුගියදා කොළඹදී පැවැත්විණි.

ළදරු සනීපාරක්‍ෂණ වෙළෙඳපොළේ වඩාත් හුරුපුරුදු නාමය බවට පත්වූ පෙයාර්ස්‌ 1960 වසරේදී ටැල්කම් පුයර ලෙස ශ්‍රී ලංකාවට පළමුවෙන්ම හඳුන්වාදෙන ලදී. එදා සිට විශේAෂයෙන් ළදරු ආරක්‍ෂක අවශ්‍යතා සපුරමින් විශාල පරාසයක නිෂ්පාදනයන් හඳුන්වාදෙන ලදී. එසේ හඳුන්වාදුන් නිෂ්පාදන ලෙස ළදරු සබන්, තෙල්, ශැම්පු, පුයර සහ කොලෝන් ළදරුවන් සුවයෙන් තැබීම සඳහා අවශ්‍ය ගුණත්වය හා කැපවීම සහිත නිෂ්පාදනයන් ලෙස මෙරට දස දහසක්‌ මව්වරුන්ගේ විශ්වාසය දිනාගනු ලැබීය.

සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ සමරන පෙයාර්ස්‌ මෙම වසර මුලදී "වාසනා මල්ල" පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන දියත් කරනු ලැබීය. පෙයාර්ස්‌ දවටන 3 ක්‌ එවන ලද පාරිභෝගිකයන්, රුපියල් මිලියන 2.5 ක්‌ වටිනා මුදල් ත්‍යාග ලැබීමේ අවස්‌ථාවට එක්‌වීමටසුදුසුකම් ලැබීය. යුනිලීවර් නිල තොරතුරුවලට අනුව දිවයිනේ සෑම පළාතකින්ම 50000 කට අධික අයදුම්පත් සංඛ්‍යාවක්‌ මේ සඳහා ලැබී ඇත.

වෙළෙඳ නාමයක්‌ වශයෙන් පෙයාර්ස්‌ නිරන්තරයෙන්ම ලාංකේය ළදරු ආරක්‍ෂාව වෙනුවෙන් විවිධ පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල ළමා හා මාතෘ අංශයන්හි සෞඛ්‍යාරක්‍ෂණ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව 2002 වසරේදී "පෙයාර්ස්‌ සුරැකි දෑත්" ව්‍යාපෘතිය දියත් කෙරිණි. මේ දක්‌වා පෙයාර්ස්‌ සුරැකි දෑත් ව්‍යාපෘති 16 ක්‌ දියත් කර ඇති අතර රටපුරා ළමා හා මාතෘ වාට්‌ටු නවීකරණ හා අලුත්වැඩියා කිරීම වෙනුවෙන් කර ඇති දළ ආයෝජනය රුපියල් මිsයන 32 කි. "මව්පියස" නමින්ද පෙයාර්ස්‌ පාරිභෝගිකයන් වෙත දැනුම සමග ත්‍යාග ලබාදීමේ වැඩසටහනක්‌ පයොර්ස්‌ විසින් දියත් කර ඇත.

1960 වසරේ ටැල්කම් නිෂ්පාදනයක්‌ හඳුන්වා දුන් දිනයේ සිට මේ වන විට පෙයාර්ස්‌ සුමුදු බවක්‌ සහ ඉහළ රැකවරණය සලසමින් සම හා හිසකෙස්‌ සඳහා වන සම්පූර්ණ ළදරු ආරක්‍ෂක නිෂ්පාදනයන් හඳුන්වාදීම දක්‌වා වර්ධනයවී ඇත. වෙළෙඳ නාමයක්‌ වශයෙන් පරම්පරා ගණනාවක්‌ පුරා ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනූ අයුරින්ම ඉදිරි අනාගතයටත් එම තත්ත්වය පවත්වාගෙන යැමට පෙයාර්ස්‌ සහතික වෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.