සන්නිවේදන ශක්‌ති මැකෝ සම්මානයෙන් බ්‍රෑන්ටෙල් පිදුම් ලබයි

වසර ගණනාවක්‌ පුරා ලාංකීය සන්නිවේදන ක්‍ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛතම ආයතනයක්‌ ලෙස සුවහසක්‌ පාරිභෝගිකයන් හඳුනාගත් බ්‍රෑන්ටෙල් ලංකා පුද්ගලික සමාගම එහි තවත් සුවිශේෂී සංධිස්‌ථානයක්‌ පසුගියදා (01 වැනිදා) සමරනු ලැබුවේ ශ්‍රී ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමය මගින් පුද කළ සන්නිවේදන ශක්‌ති මැකෝ සම්මානය හිමිකර ගනිමිනි.

පසුගිය 01 වැනිදා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමයේ 5 වැනි සංවත්සර උළෙලේදී බ්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම මෙසේ සම්මානයට පාත්‍ර වූයේ වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන සාධාරණ මිලකට හා ශ්‍රී ලංකාවේ අලෙවියෙන් පසු හොඳම සේවාව පාරිභෝගිකයාට ලබා දෙමින් ලාංකීය සන්නිවේදනයට ශක්‌තියක්‌ වූ නිසාය.

එදා මෙදා තුර බ්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම ලාංකීය ජංගම දුරකථන වෙළෙඳ පොළට හඳුන්වා දුන් ප්‍රමුඛතම වෙළෙඳ නාමයන් ලෙස ඊටෙල් හා ලෙනාවෝ හඳුන්වා දිය හැකිය. දැන් සෝනි එරික්‌සන් ජංගම දුරකථනයන්හි ශ්‍රී ලාංකීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ද බ්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික සමාගමයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.