රජරට රාවය
කොහොම කලක්‌ යාවිද දරු පැටවුන්ට !

තමන්ගේ දූ දරුවන්ගේ අනාගතේ ගැන රජරට ජනයාට දැන් ලොකු බයක්‌ දැනිලා. ආයෙත් ත්‍රස්‌තවාදී කැරැල්ලක්‌වත් එනවද, එහෙම නැතිනම් වකුගඩු මාරයාගේ, ඩෙංගු මාරයාගේ ඇල්ම බැල්ම වැඩි වෙලාද කියලයි විපරම් කෙරුවේ.

ඒක නෙවෙයි අපේ දරුවන්ටත් හේන් කොටන්නයි, කුඹුරු වපුරන්නයි තමයි හැමදාටම උරුම". රජරට පුරාවට තමන්ගේ දරුවො ගැන කතා කරන වැඩි දෙනෙක්‌ එහෙමයි කියන්නේ.

අපි උන්ගේ ඇස්‌ පාදන්න හැම දුකක්‌ම විඳිනවා. මහ පොළොවත් එක්‌ක ඔට්‌ටුවෙලා උපයන හැම තුට්‌ටු දෙකක්‌ම වියදම් කොරන්නෙත් එA වෙනුවෙන්... එAත් කෝ එA කිසිදේකින් ඵලක්‌ තියෙනවයෑ." මැසිවිල්ලේ අරුත හොයද්දියි කරුණු කරුණා එAත්තු ගියේ. මේ කියන්නේ රජරට පාසල් අධ්‍යාපනේ කඩාවැටිලා කියන එකයි. විභාගවලට ඉදිරිපත් වෙන ළමයි වැඩිහරියක්‌ ඒවයින් අසමත් වෙලා. ඒක ඉතින් ළමයින්ගේ වරදක්‌ විතරයෑ ගොඩනැඟිලි තියෙන තැන්වල ඩෙස්‌ පුටු නෑ. ඩෙස්‌ පුටු තියෙන තැන ඇති තරමට ගුරුවරු නෑ. සමහර ඉස්‌කෝලවල ඇති තරම් ගුරුවරු හිටියත් අවශ්‍ය කරන විෂයන්වලට ගුරුවරු නෑ. රජරට කලාපෙ පුරාවට මෙහෙම ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් අධ්‍යාපනේ කඩාවැටිල කියන එකට අමුතුවෙන් උපහැරණ උවමනා නෑ. තවත් පැත්තකින් අධ්‍යාපනේට හෙනහුරා පාත්වෙන්න හේතුවක්‌ වෙලා තියෙන්නේ මහ තැන ඉඳල පහළට තියෙන පරිපාලනේ දුර්වලතා. තියෙන සම්පත්වලින් වත් ප්‍රයෝජනයක්‌ ගන්න බැරි කාරණේ ඒකයි. රජරට අධ්‍යාපන දේහය ඉහඳ තියල තියෙන්නේ මේ දේශපාලනේ හින්දයි කියලයි ජනයා පෙන්වලා දෙන්නේ. වැරදි අඩුපාඩුකම් කොච්චර පෙන්නල දුන්නත් එAව හරි ගස්‌සන්න හැබෑ වුවමනාවක්‌ මේ කිසිම කෙනකුට තියෙන බවක්‌ පේන්න නෑ. පසුගිය කාලෙ කොටි තර්ජන හින්දා දරුවන්ට හරිහැටි අධ්‍යාපනේ කරගන්න බැරි වුණා. එAක ඉතින් සාධාරණ ප්‍රශ්නයක්‌. දැන් ඉතින් කොටි කලබල නැතත් අධ්‍යාපනේ අඩාලයි. ගම්වල ඉස්‌කෝලවල ගුරුවරු නෑ අඩුපාඩු එමටයි කියල වැඩි හොඳට නගරෙ ඉස්‌කෝලවලට එනවා. ඒවයේ තියෙන්නෙ හරි හරි ප්‍රශ්න. ඈත දුෂ්කර වැලිකන්ද පැත්තෙ ඉඳලා පවා පොළොන්නරුවේ නගර ආසන්නේ තියෙන ඉස්‌කෝලෙට පසුගිය දවසක ළමයි ආවේ උසස්‌ පෙළ පන්තිවලට ඉස්‌කෝලේ පහසුකම් හොඳයි. ඒවා ලබන්න සල්ලි ඕන. ඩෙස්‌ බංකුවලට ගාස්‌තුව රුපියල් පන්සීයයි. ඉදිරි අවුරුදු දෙකක්‌ දක්‌වා වාර පරීක්‍ෂණ විභාග පවත්වනවට රුපියල් පන්සීයයි. ඉස්‌කෝලෙට ආරක්‍ෂක වියදම් ඒකටත් පන්සීයයි. මේ විදියට එක ළමයකුගෙන් විතරක්‌ රුපියල් එක්‌දාස්‌ පන්සීයක මුදලක්‌. හොයල බැලුවම ඒ ඉස්‌කෝලෙ උසස්‌ පෙළ පන්තිවලට ඇතුළත් වෙච්ච ළමයි දෙසීයක්‌ මේ විදියට සල්ලි ගෙවලා. මේ කිසිම ගෙවීමක්‌ වෙනුවෙන් මුදල් භාරදුන්නු බවට රිසිට්‌ පතක්‌ වත් නෑ කියලයි ඒ දරුවන්ගේ දෙමවුපියෝ කියන්නේ. මේ අවුරුද්දෙයි ගිය අවුරුද්දෙයි දෙකේම මේ විදියට අයථා මුදල් එකතු කිරීම් කරල. මේ සල්ලි කන්දරාවල් නිසියාකාරව බැංකුගත කිරීමක්‌ වත් වෙලා නැති බවත් කියවෙනවා. විය පැහැදම් කරපු විදියකුත් දැනගන්න නෑ. උතුරු මැද පළාතේ අධ්‍යාපනේ කරවන හැම කෙරුමෙකුටම මේ අවනඩුව කියලා තියන්නේ කියලයි ආරංචිය. කොයි හැටි වුණත් පසුගිය කාලේ උයාගත්තු බත් මුට්‌ටියත් උස්‌සගෙන කැලෑවේ හැංගුණු ජනයා ජීවත්වෙන ප්‍රදේශයක්‌ පොළොන්නරුවේ වැලිකන්ද කියන්නේ. රජරට ඒ වගේ කොටි ත්‍රස්‌ත තර්ජිත ගම්මාන එමටයි. ඒ වගේ ගම්වලින් අකුරු කරන්න නගරෙට එන දරුවන්ගෙන් පවා මේ විදියට සල්ලි ගරන එක මොනතරම් නින්දිත වැඩක්‌ද කියලයි හැමෝම කියන්නේ.

උතුරු මැද පළාත අධ්‍යාපන වැරදිවලට හොඳම නම් දරාපු පළාතක්‌ නේ. පසුගිය කාලේ අර වැරදි ගොඩක්‌ එක්‌ක ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරල තිබුණෙත් මේ පැත්තෙන්නේ කියලා රජරට ජනයා මේ වෙලාවෙත් මතක්‌ කරලා දෙනවා. ඒ වැරදි ප්‍රශ්න පත්‍ර හදන්න මුල් වෙච්ච අධ්‍යාපන නිලධාරීන්, නිලධාරිනියන් වැඩ තහනම්වලට ලක්‌වෙලා දවසෙන් දෙකෙන් ආපසු තනතුරුවලට ඇවිල්ල. ඒව සිද්ධ වෙන්නෙත් දේශපාලන ආනුභාවයෙන්මයි.

අහිංසක දරුවන්ගෙන් අසාධාරණ විදියට, නීති විරෝධීව සල්ලි එකතු කරපු කාරණේ පසුගිය දවසක උතුරු මැද අධ්‍යාපන නිලධාරීන් පිරිසක්‌ අහම්බෙන් මේ ඉස්‌කෝලෙට ආපු වෙලේ දරුවන්ගෙන් දැනගත්තා. හොයල බලනකොට කාරණේ ඇත්ත. හොරේ අතටම අහු වුණා. එහෙම වුණත් එAකට විරුද්ධව නීතිය ක්‍රියාවේ යෙදවෙන්නේ නැත්තේ ඇයි කියලා රජරට ජනයා විමසන කාරණයක්‌. පස්‌සෙන් පහු හොයලා බලද්දී අර කලින් කියාපු වැඩ තහනම ඉවත් කරවගෙන අධ්‍යාපන කලාපෙ මුල් පුටුවක ඉන්න වළලු දාපු අතක මෙහෙයෑවීමෙන් තමයි වැරදි මුදල් එකතුව නීතිගත වෙලා තියෙන්නේ. එA මඟපෙන්වීම යටතේ, එකතු කරපු මුදල් බැංකුවෙ තැන්පත් කරලා. ඉස්‌කෝලෙ නගා හිටුවන කමිටුව කියල එකකින් කලින් ගත්තු තීරණයකට අනුවයි මේ විදියට සල්ලි එකතු කළේ කියල වාර්තාත් හදලා.

තමුන්ගේ බඩගෝස්‌තරේ වෙනුවෙන් අහිංසක දරුවන්ගේ ඉහ මොළ හූරගෙන කන එක ගුරුකමටත් නිගා දෙන වැඩ බවයි මෙහි ජනයා පෙන්වා දෙන්නේ.


ගමරාළ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.