ඔබේ සම පැහැපත්ව හා නිරෝගීව තබා ගන්නේ කෙසේද?

අද ලිපියෙන් ඔබගේ සම සම්පූර්ණ ලෙස පිsරිසිදු කරගන්නේ කෙසේද යන්න මම පැහැදිලි කරන්නෙමි. මෙයට පෙර මාගේ ලිපිවලින් ඔබට තිබෙන්නේ කුමන වර්ගයේ සමක්‌දැයි සොයා හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කර ඇත. එබැවින් සම පිරිසිදු කිරීමේ රූපලාවන්‍ය නිෂ්පාදන (Skin Cleanse) තෝරා ගැනීමේදී ඔබගේ සමට ගැලපෙන නිෂ්පාදනය තෝරා ගැනීම මූලිකව වැදගත් වේ.

දිනපතා ඔබගේ සම මත බාහිර පරිසරයෙන් කොතෙකුත් අපද්‍රව්‍ය තැන්පත් වෙනවාද? තෙල්, වාහන දුම්, කුණු, දුහුවිලි, රසායන ද්‍රව්‍ය ආදිය මෙන්ම මේකප් ද්‍රව්‍ය ද ඒ අතර වේ.

මෙයට අමතරව අපගේ සම තුළින් නිපදවන අපද්‍රව්‍ය ද ඇත. මෙවැනිම සමේ සීබම් ග්‍රන්ථි (Sebum Glands) මගින් නිකුත් කරන තෙල්මය ද්‍රව්‍යය. මෙය සීබම් තරලය ලෙස හඳුන්වයි. මේවා ට්‍රයිග්ලිසරයිඩ නමැති රසායන ද්‍රව්‍ය කාණ්‌ඩයට අයත් වේ. මෙය සමට ආරක්‍ෂාව ලබාදෙන අතර වියළි සමක්‌ ඇති විට සීබම් ස්‍රාවය අඩුවෙන් සිදු වේ. එවිට සමේ රැලි ඇතිවීම ඉක්‌මන් කරවයි. මෙම පිටවන සීබම් තරලය සමේ සිදුරු තුළ සමහර අවස්‌ථාවල සිරවීමක්‌ සිදු වේ. මෙය උයසඑeයෑads ලෙස හඳුන්වන අතර මෙහි මතුපිට ඔක්‌සිකරණය වීමෙන් කළු පැහැයක්‌ ඇති වේ. මෙසේ සිබම් තරගලය සම මතුපිට පැතිරීම නිසා ඉතා පහසුවෙන් කුණු දුහුවිලි සම මත පහසුවෙන් තැන්පත් වීම සිදුවේ. තවද සීබම් තරලය මත පහසුවෙන් බැක්‌ටීරියා වර්ධනය වීම ඇතිවීමට ඇති හැකියාව ඉතා ඉහළයි.

සීබම් තරලයට අමතරව ශරීරයේ ස්‌වේද ග්‍රන්ථිවලින් දහදිය පිටවීම ද සිදුවේ. මෙසේ සම තුළ නිපදවන සමට හිතකර හෝ අහිතකර ද්‍රව්‍ය මගින් සමට හානි වන ලෙස හැසිරීමක්‌ සිදුවිය හැක.

ඔබ දන්නා පරිදි, අපගේ සමේ පහළම පිහිටි සෛල ස්‌ථරයක්‌ (Germinative layer) මගින් සමට අලුතින් සෛල නිපදවනු ලබයි. සමේ මතුපිටින් පිහිටි සෛල ස්‌ථරය මළ සෛල ලෙස පවතී. අලුතින් නිපදවන සෛල අපට දැකබලා ගැනීමට හැකිවන්නේ බාහිරින් පිහිටි මළ සෛල ඉවත් වූ පසුය. සමේ නව සෛල ස්‌ථරයක්‌ නිපදවීම සඳහා දින 28-30 පමණ ගතවේ. සම මතුපිට ඇති මළ සෛල ස්‌ථරය ඉවත් කිරීමෙන් නව සෛල නිපදවීම උත්තේජනය වීමක්‌ සිදුවේ. සාමාන්‍යයෙන් මළ සෛල 40000 ක්‌ 50000 ක්‌ පමණ දිනකට ඉවත් වෙයි. මෙම මළ සෛල ස්‌ථරයක්‌ සම මත පැවතීමෙන් අප කොතරම් රූපලාවන්‍ය ආලේපන භාවිත කළත් එහි ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වන අතර සමේ අවපැහැ ගැන්වූ ලප ලෙස දිස්‌වේ. මෙම මළ සෛල එකිනෙක තද බදාමයකින් බැඳී පවතින නිසා පහසුවෙන් ඉවත් කළ නොහැක. තවද සමේ සිදුරු තුළ ඇති ස්‍රාවයන් හා මළ සෛල ද ඉවත් කිරීම සාමාන්‍ය සේදුමකින් සිදු නොවේ. ඉහතදී විස්‌තර කළ පරිදි ඔබේ පැහැපත් අලුත් සමක්‌ සෑම විටම වැසී පවතින බව ඔබට පැහැදිලි වනවා ඇත. එසේ නම් පැහැපත් සම මගින් ප්‍රියමනාප බවක්‌ ලබාගන්නේ කෙසේද?

මේ සඳහා කළ යුත්තේ සමේ ඇති අනවශ්‍ය කුණු, දුහුවිලි, මළ සෛල තෙල් Black heads & Whiteheads හා ඉවත් කිරීමයි. මේ සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග ගණනාවක්‌ පවතී.

ෆේස්‌ වොෂ් (Face Wash)

මෙමගින් සමේ ඇති කුණු දුහුවිලි ඉවත් කළ හැක. මෙහි සබන් රහිත නිසා සමට හිතකර සේදීමකට වඩාත් සුදුසුයි. විශේෂිත වූ ශාකසාර ද්‍රව්‍ය උදා : Tee Tree Oil කළාඳුරු, කොහොඹ, කහ, වෙනිවැල්, රෝස තෙල් හා ඇල්ෆා හයිෙඩ්‍රාක්‌සි ඇසිඩ් ZH මගින් තදින් බැඳී ඇති කුණු, දුහුවිලි, මළ සෛල ඉවත් කිරීමක්‌ සිදුකළ හැක. මෙහිදී කොහොඹ, කහ, වෙනිවැල් වැනි ස්‌වාභාවික ශාකසාරවල පිරිසිදු කිරීමේ ගුණය ක්‍ෂුද්‍ර ජීවී නාශක හැකියාව හා සම ආරක්‍ෂා කිරීමේ ගුණය මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ඔබේ සමට ලබාදෙයි.

ෆේස්‌ ස්‌ක්‍රබ් (Face scrub)

ස්‌ක්‍රබ් මගින් සිදු කරනුයේ එහි පවතින කුඩා අංශු (Scnrubbing Particle) මගින් සමේ ඇති තදින් බැඳී ඇති කුණු, දුහුවිලි, අනවශ්‍ය තෙල් සහ Whities heads ඉවත් කිරීමයි.

ස්‌ක්‍රබ් එකක්‌ තෝරා ගැනීමේදී සමට හිතකර ස්‌වාභාවික Scrubbing Particles කොහොඹ, කෝපි, සුදු හඳුන්, කහ, බඩඉරිඟු, වෙනිවැල්, උක්‌දඬු, කොකුම් පොතු ආදිය අඩංගු නිෂ්පාදන තෝරා ගැනීමට ඔබ උනන්දු වන්න. මෙහිදී සම පිරිසිදු කරනවා පමණක්‌ නොව සමට පෝෂණය හා ආරක්‍ෂාව සපයා සමේ පැහැපත් බව වඩාත් වැඩි කරයි. සැමවිටම සමට ගැලපෙන නිෂ්පාදනයක්‌ තෝරා ගැනීම වඩාත් වැදගත් ලෙස සලකන්න.

ඩීප් ක්‌ලෙන්සර්ස්‌ (Deep Cleanses)

ඩීප් ක්‌ලෙන්සර්ස්‌ මගින් සිදුවන්නේ සමේ ඉතා තදින් එකට බැඳී ඇති මළ සෛල, සමේ සිදුරු තුළ සිරවී ඇති සීබම් තරලය Black heads & Whiteheads ඉවත් කර සමේ ප්‍රත්‍යස්‌තාවය ඉහළ දමා සම ප්‍රකෘතිමත් කිරීමයි. මෙම නිෂ්පාදනවල AH හා ස්‌වාභාවික ශාකසාර මගින් මනා ශෝධනයක්‌ ලබා දී පෝෂණය, ආරක්‍ෂාව මෙන්ම පැහැපත් බව ද වැඩි කරයි.

ෆොaරේව මගින් අලුතින්ම හඳුන්වා දෙන කොහොඹ සහ බීජ ක්‌ලෙන්සික්‌ මිල්ක්‌ ඕනෑම සමකට ගැලපෙන ලෙස දිගු කාලීන විද්‍යාගාර හා ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණ ගණනාවකට පසු ඔබ වෙත ඉදිරිපත් කර ඇතතේ වඩාත් ආරක්‍ෂාකාරී ප්‍රතිඵලදායක නිෂ්පාදනයක්‌ ලෙසයි.

මෙහි කොහොඹ සහ කහසාරයේ අද්විතීය පිරිසිදු කිරීමේ හැකියාව, සමට පෝෂණය දීමේ ගුණය විෂබීජ නාශක හැකියාව ආදී විශේෂිත ගුණ මගින් සම මනාව පිරිසිදු කර සැඟවුණු ඔබේ රූසපුව මතු කර දෙයි. සමේ අවපැහැ ගැන්වීම්, කළු ලප ඉවත් කර ඒකාකාරී ලෙස සම පැහැපත් කරයි. මෙහිදී ඵ්නැමච පහසුවෙන් ඉවත් කිරීම ද සිදු වේ. සමට හිතකර වන අගයකින් යුත් මෙමගින් මේ අත්‍යවශ්‍ය තෙතමනය මනාව රැකදෙයි.

ඉහත විස්‌තර කළ රූපලාවන්‍ය සත්කාරවලට අමතරව Cයෑපසජ්ක ඡැeකසබට නමැති නවීන ක්‍රමවේදය මගින් ද සමේ පැල්ලම්, ලප ආදිය ඉවත් කිරීම ද සිදුකරයි.

ඔබගේ සමේ කුණු දුහුවිලි හා අපද්‍රව්‍ය ඉවත් කළ පමණින් රූසපුව ඒකාකාරී ලස පවත්වා ගැනීමට හැකි නොවේ. හොඳින් දිනපතා පිsරිසිදු කරගත් සමේ විවෘත වූ සිදුරු ප්‍රකෘතිමත් කර වැසීම සඳහා ඇස්‌ටි්‍රජන්ට්‌ස්‌ අඩංගු ටෝනර් එකක්‌ භාවිත කළ යුතුයි. එසේම නිරතුරුවම සමේ ස්‌වාභාවික තෙතමනය රැකගැනීම සඳහා සුදුසු මොයිචරයිසර් එකක්‌ භාවිත කළ යුතුය. සමේ පැහැපත් බව (සුදුවීමට) වැඩිකර ගැනීම සඳහා සුදුසු මොයිචරයිසර් එකක්‌ භෘවිත කළ යුතුය. සමේ පැහැපත් බව (සුදුවීමට) වැඩිකර ගැනීම සඳහා සුදුසු ෆෙයානස්‌ ක්‍රීම් එකක්‌ භාවිත කරන්න. දිවා කාලයේදී සූර්යාලෝකයෙන් (UVB) සිදුවන හානිය වැළැක්‌වීමට සුදුසු සන්කන්ට්‍රොaල් එකක්‌ භාවිත කරන්න.

ඔබේ ගැටලූව අපිට ලියන්න - මීවිත, උපාලි පුවත්පත් සමාගම,
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි චාන්දනී බණ්‌ඩාර
සටහන - චාමරි බණ්‌ඩාර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.