දිවයින පුරාම ක්‍රියාත්මක
කුඩා දරුවන් පැහැර ගන්නා කල්ලියක්‌!

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කුඩා දරුවන් පැහැරගෙන යන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම ඒ පිළිබඳව පොලිස්‌ මූලස්‌ථානයේ ක්‍රියාත්මක දුරකථන අංක 2436161 වෙත දැනුම් දෙන ලෙස පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කුඩා දරුවන් පැහැරගෙන යන කල්ලියක්‌ දිවයින පුරා ක්‍රියාත්මකව සිටින බවට ලැබෙන තොරතුරු අනුව තමා මෙම ඉල්ලීම් කරනු ලබන බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම කල්ලිය පිළිබඳව මෙතෙක්‌ පොලිසියට පැමිණිලි ලැබී නැතත් ජනතාව අතර එවැනි කල්ලියක්‌ පිළිබඳව තොරතුරු ඇතොත් ඒ පිළිබඳව දැනුම්දීමෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට පහසු වන බවද හෙතෙම කීවේය.

කුඩා දරුවන් පැහැර ගැනීම් හා පැහැර ගැනීමට තැත්කිරීම් පිළිබඳ සිද්ධීන් රැසක්‌ පසුගිය කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපකින් වාර්තා වී තිබුණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.