ශ්‍රී ලංකාව අවට යුද නෞකා මුර සංචාර වැඩි කරයි

ලසිත දුමින්ද

නාවික සැතපුම් 200 ක්‌ පමණ වන විශේෂ ආරක්‌ෂක කලාපයේත් හා ඉන් ඔබ්බට දිවෙන මහාද්වීපික තටාකයේත් ආරක්‌ෂාව සඳහා යුද නෞකා මුර සංචාර වැඩි කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

මෙමගින් අනෙකුත් ජාතීන් හෝ නෞකා අදාළ කලාපයේ සම්පත් සූරා කෑම වැළැක්‌වීම අරමුණු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා ඉරිදා "දිවයින සංග්‍රහය"ට පැවැසීය.

ඉකුත් කාලයේ රටේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් නීති විරෝධී අවි ජාවාරම් වැළැක්‌වීමට මෙම මුර සංචාර ඉවහල් වූ බව පෙන්වා දුන් නාවික හමුදා ප්‍රකාශක අතුල සෙනරත් මහතා එහිදී අවි නෞකා කීපයක්‌ විනාශ කිරීමට හැකිවූ බවද කීවේය.

මේ වනවිට නැවත ත්‍රස්‌තවාදය ඇති වීම වැළැක්‌වීමටත් සහ අදාළ විශේෂ ආරක්‌ෂක කලාපයේත්, ඉන් ඔබ්බට දිවෙන මහාද්වීපික කලාපයේත් ආරක්‌ෂාව සඳහා නාවික හමුදාව සතු යුද නෞකා මුර සංචාර වැඩි කර තිබේ.

රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය 2009 ප්‍රගති වාර්තාවේ දක්‌වා ඇති පරිදි නාවික හමුදාවේ 2010-2014 දක්‌වා වූ පස්‌ අවුරුදු සංවර්ධන සැලැස්‌ම යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.