දළදා වහන්සේ සිංහරාජ අඩවියේ සඟවයි

දළදා වහන්සේ මෙරටට වැඩම කරවීමෙන් අනතුරුව එහි ඉතිහාසය වරින් වර එක්‌තරා ප්‍රමාණයකට ලියෑවී තිබුණ ද සමහර අවස්‌ථාවල දී ඒ පිළිබඳ ප්‍රමාණවත් හෝ පූර්ණ විස්‌තර දක්‌නට නොලැබේ. උදාහරණයක්‌ වශයෙන් දළදාවේ ඉතිහාසය ලියෑවුණු දාඨාවංශය නමින් පැරණි ග්‍රන්ථයක්‌ ඇතත් අනුරාධපුර යුගයේ පැවැති දළදා පෙරහැර ගැන කිසිදු විස්‌තරයක්‌ එහි සඳහන් නොවේ. ඒ පිළිබඳ මනා විස්‌තරයක්‌ දක්‌නට ලැබෙන්නේ ක්‍රි. ව 412 දී පමණ අනුරාධපුර අභයගිරි විහාරයේ වැඩ සිටි චීන ජාතික ෆාහියන් හිමියන්ගේ ගමන් විස්‌තරයේ ය. මෙරට ප්‍රධාන වංසකථාව වන මහාවංසයේ ද දළදාව පිළිබඳ සඳහන් කෙරෙන්නේ ඉතාමත් මඳ වශයෙනි. මේ අතර යුද්ධ කලකෝලාහල පැවැති හා විදේශීය බලයට රට නතුව පැවැති කාලවල දී රටේ ඉතිහාසය ලියෑවීම අතහැරී ගොස්‌ සිද්ධීන්ගෙන් ශත වර්ෂ කීපයක්‌ ගතවීමෙන් පසු සොයා ගත් තොරතුරු අනුව මහාවංසය රචනා කර තිබීමද සිදු වී ඇත. මේ තත්ත්වය වඩාත් දක්‌නට ලැබෙන්නේ දඹදෙණි සමයෙන් පසු කාලයේ දීය. එහෙයින් එම කාලයේ ඉතිහාසය පිළිබඳ තවමත් අවුල් සහගත තත්ත්වයන් හා විවිධ අදහස්‌ පවතී.

කුරුණෑගල සමයේ දී දළදා සිරිත නමින් ග්‍රන්ථයක්‌ ලියෑවී දළදා විස්‌තර සඳහන් වී ඇතත් ඉන් පසු ඒ පිළිබඳ තරමක්‌ හෝ විස්‌තර දක්‌නට ඇත්තේ කෝට්‌ටේ සමයේ රචිත සංදේශ කාව්‍ය වලය. ඒවායේ ශ්‍රී ජයවර්ධන "පුරයේ තිබූ දළදා මැඳුරක්‌ ගැන සඳහන්ය. අනතුරුව දොන් ජුවන් ධර්මපාල ක්‍රිස්‌තියානි ආගම වැළඳ ගැනීමත් සමග දියවඩන නිළමේ වූ හිරිපිටියේ රාළ විසින් දළදාව සීතාවක රාජ්‍යයේ දෙල්ගමු විහාරයට ගෙන ගිය බව දැනට ප්‍රසිද්ධ ප්‍රවෘත්තිය යි. එහෙත් මෙකී පුවතට හාත්පසින් වෙනස්‌ පුවතක්‌ අඩංගු

පැරණි ලියවිල්ලක්‌ මෑතක දී සොයාගෙන තිබේ. මහා විජයබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස සොයා ගැනීමට මුලික වූ විෙද්‍යාදය විශ්ව විද්‍යාලයයයේ පුරාවිද්‍යා අංශයේ ආචාර්යවරයෙකු ව සිටි කඹුරුපිටියේ වනරතන නාහිමියන් විසින් මෙම ලිපිය සොයා "ගෙන ඇත. මේ ලිපියට අනුව කෝට්‌ටේ දළදා මැඳුරෙන් දළදාව ඉවත් වූයේ ධර්මපාල සමයේ නොව ක්‍රි. ව. 1468 දී පමණ එනම් සවැනි පැරකුම්බා කාලයේ පැවැති සිවිල් යුද්ධ සමයේ දී ය. යාපනයේ සිට කෝට්‌ටේ පාලනය අයත් කරගැනීමට පැමිණි සපුමල් කුමරු හා ඔහුගේ මලණු අම්බුලුගල කුමරු අතර පැවැති සටන් සමයේ දළදාව සිංහරාජ අඩවියේ ගල්ලෙනක සඟවා ඇත. ලිපියේ සඳහන් වන්නේ සයවැනි පැරකුම්බා නිරිඳුන්ගේ මුණුබුරු වූ පින් ඇති චන්ද විභූෂණ ජයබා නිරිඳුන් සමග යුද වැද උන් වහන්සේ නැසුවා වූ උත්තර දිසාවේ නල්ලූර් නම් දේසයේ මහීපාලයන් වූ සෙම්බගප් පෙරුමාල් කුමරිඳුන්ගේ අම්බුලුගල කුමරිඳුගේ සැහැසි ක්‍රියාවලිය හේතුවෙන් බියට පත් ව කලකිරුණා වූ දේශවාසී මාමක ස්‌ථවිර සිංහල තෙරුන් වහන්සේලා ද ඈපාවරුන්ද එකතුව මහා සංඝ රත්නයේද උපකාර ලබාගෙන ජයවර්ධනපුර බද උපෝසථාරාමයට රහසේ රැස්‌ව කතිකා කරගෙන දේශයේ ඇතිව තිබෙන්නාවූ කලකෝලහාල ආදියෙන්........... දළදා ස්‌වාමීන් වහන්සේට ඇතිවිය හැකි අතුරු උපද්‍රවයන් ගැන සලකා දළදා මැඳුරේ පැන් පොඩොත්තු කරණ නිළමේ රාජකාරිය දැරුවා වූ කිරිපිටයේ පුංචි බණ්‌ඩාර නිලමේ හා මහානායක උන්නාන්සේගේ උපදෙස්‌ පරිදි දළදා වහන්සේ සමග රන්මුවා කරඬුව ද ............ රන්පිළිම වහන්සේලා ද මඬුල්ලේ දීපංකර ස්‌ථවිරයන්ට භාරකර දී තනි නොතනියට යාපහුවේ සුමේධ තෙරණුවෝය වීදාගම සුමන සාමණේර කැබිලියපොල සාමණේර, උදම්විට සාමණේර පුවක්‌දණ්‌ඩාවේ ගණින්නැහේ හා ආවතේව කාරයන් තුන්දෙනෙක්‌ .......... පිටත් කර මහ හිමයේ අනේකවිධ කරදර විඳ ගමන්කර සිංහරාජ අඩවියට පැමිණ.... කටාරං සහිත ගල් බිං ගෙයක්‌ තිබෙනවා දැක...... සධාතුක කරඬු සහිත පිළිම වහන්සේලා එහි තැන්පත් කොට කටාරං දොරටුව ගල් තබා වසා ආරක්‍ෂාව සලස්‌වා එහි කලක්‌ වසන ලදී. මෙසේ දීර්ඝ ව විස්‌තර සඳහන් කරන මෙම ලියවිල්ල අනතුරු ව අම්බුලුගල කුමාරයා අටවැනි පරාක්‍රමබාහු නමින් රජ වූ පසු ධාතූන් වහන්සේලා වැඩ සිටින තැන දැනගෙන එහි පැමිණ රටේ කලකෝලාහල අවසන් වනතුරු තව කලක්‌ එහිම ආරක්‍ෂා කරන ලෙස දන්වා ඊට නුදුරින් මාවුල්දෙණ අසල කුඩා ධාතු මැඳුරක්‌ කරවා දළදාව එහි තබන ලදී. පසු ව රජ පැමිණි ධර්ම පරාක්‍රමබාහු රජු පරසතුරු උවදුරු වැඩි නිසා ධාතූන් වහන්සේ හා ධන සම්භාරය කොළඉන්න විහාරයට වැඩම කරවන ලදී. කෝට්‌ටේ බුවනෙකබා රජු එහි පැමිණ එහි ධාතු මැඳුරක්‌, ලැගුම් ගෙයක්‌, සාලාවක්‌ හා පොකුණු තුනක්‌ කරවන ලදී. පසුව ඔහු පරංගීන්ට පක්‍ෂව කටයුතු කළ නිසා දළදා සඟවා තබා මායාදුන්නේ කුමරු කල රම්මලේ සිට හැඹිලියපිටිය, කොලෑන, ගොඩවෙල මැද්දෙන් දෙල්ගමු විහාරයට වැඩම විය. පසුව විමල ධර්මසූරිය රජතුමා දළදාව සෙංකඩගලට ගෙන්වීය. මෙම ලියවිල්ලේ මුල් පිටපත සොයාගෙන නැති අතර මෙය බුද්ධවර්ෂ 2230 දී (ක්‍රි.ව. 1687 දී මුල් ලිපියෙන් පිටපත් කරගත් බව සඳහන් කර තිබේ.

මේ ලියවිල්ල මෙන් ම එහි සඳහන් වන ස්‌ථාන පිළිබඳ අධ්‍යයනය කර ඇති ආචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමි පවසන්නේ මෙම ලිපියේ සඳහන් කරුණු බොහෝ දුරට විශ්වාස කළ හැකි බවය. එසේ ම එම ස්‌ථාන නැරඹූ උන්වහන්සේ පවසන්නේ එකී ස්‌ථානයේ එවැනි ගල් ගෙයක්‌ ද ආසන්න ව කී ස්‌ථානවල පැරණි ගොඩනැඟිලිවල නටබුන් ද දකින්නට ඇති බව ය. විශේෂයෙන් පොළොන්නරු යුගයේ සිට දළදාවේ අයිතිය ලබා ගත්තෙකු ශ්‍රී ලංකාවේ රජු ලෙස පිළිගැනීම නිසා මෙරට අල්ලා ගැනීමට තැත් දැරූ විදේශිකයන් ද රාජ්‍යය සඳහා යුද වැදුණ දේශීය අධිපතීන් ද දළදාව පැහැර ගැනීමට තැත් දැරීම නිසා එවැනි යුද කලකෝලාහල අවස්‌ථාවල දී දළදාව සඟවා තැබූ අවස්‌ථා කීපයක්‌ ම දළදා ඉතිහාසයේ සඳහන් වේ. පොළොන්නරු යුගයේ මහ පැරකුම්බා රාජ්‍ය ලබා ගැනීමට කළ සිවිල් යුද්ධයේ දී දළදාව රුහුණට ගෙන යැමත්. මාඝගේ ආක්‍රමණය අවස්‌ථාවේ කොත්මලය ප්‍රදේශයට ගෙන යැමත් ඉංග්‍රීසීන් උඩරට සමග යුද වැදුණ අවස්‌ථාවේ දළදා සඟවා තැබීමත් ඊට උදාහරණය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සවැනි පැරකුම්බා ගෙන් පසුව උදාවන්නේ ද රටේ එවැනි ම යුද වාතාවරණයකි. පැරකුම්බාගේ මුණුපුරු ජයබාහු මරා යාපන පෙදෙසේ පාලනය ගෙන යමින් සිටි සෙම්ගපබ්පපෙරුමාල් හෙවත් සපුමල් කුමරු කෝට්‌ටේ රාජ්‍ය බලය අල්ලා ගැනීමත් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සතර කෝරළයේ සිටි ඔහුගේ මලණු අම්බුලුගල


අනූෂි තිසාරා කාරියවසම්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.