ඒ ලියා තිබුණේ ඔහු ගැනයි

මානව වංශ කථාවේ "වින්දනය" නම් මාතෘකාව යටතේ ලියෑවුණු පරිච්ඡේදයේ, තද අකුරින් සඳහන් "ජගත් පාපන්දු කුසලාන" නම් ඡේදයේ රන් අකුරින් ලියෑවුණු වාක්‍යයකට "ඇන්ඩී්‍රස්‌ ඉනියෙස්‌ටා" නම ඇතුළත් විය.

ඒ 2010 ජගත් පාපන්දු කුසලාන තරගාවලියේ තීරණාත්මක ගෝලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසිනි.

ස්‌පාඤ්ඤයට මෙම කුසලාන දිනා ගැනීම පිණිස තරග 7කදී ඔවුන් වාර්තා කළේ ගෝල 7 ක්‌ පමණක්‌ වීම විශේෂත්වයකි. ස්‌පාඤ්ඤ-නෙදර්ලන්ත අවසන් සටනේ ගෝලය වාර්තා කළ, ඉතිහාසයේ ප්‍රථම ජගත් පාපන්දු කුසලාන ස්‌පාඤ්ඤයට දිනා දුන් ඇන්ඩි්‍රස්‌ සතුට නම් හැඟීමෙහි, ලොව උපරිමයට ගිය පුද්ගලයා බවට ඒ මොහොතේ පත්වූවා නියතය. තමන් ලෝක ඉතිහාසයට එක්‌වූ එම ගෝලය වාර්තා වූ තැනින් තම ටී-ෂර්ටය ගලවා බැනියමේ ලියා තිබූ වචන පෙළක්‌ ඇනඩී්‍රස්‌ විසින් මුළු ලෝකයටම පෙන්වන ලදී.

ස්‌පාඤ්ඤ බසින් ලියෑවුණු ඒ වචන පෙළේ අරුත කුමක්‌ද?

"ඩානි ජර්ක්‌ හැම විටම අප සමගයි." යනු එහි අරුතයි.

මේ ඩානි ජර්ක්‌ යනු කවුරුන්ද?

ඔහු ඇන්ඩි්‍රලා සමග ජගත් පාපන්දු කුසලාන ජය ගත් කණ්‌ඩායමෙහි සාමාජිකයකු වන්නට යෙදී තිබිණි. නමුත් නොසිතූ මොහොතක ඔහු කණ්‌ඩායමෙන්, ක්‍රීඩාවෙන් මෙන්ම ලොවෙන් ද සමුගෙන යන්නට විය.

ස්‌පාඤ්ඤය සතු වූ සුවිශේෂී ආරක්‌ෂක පෙළ ක්‍රීඩකයෙකු වූ ඩානි (ඩැනියෙල් ජර්ක්‌ ගොන්සාලෙස්‌) වයස 26 ක්‌ තරම් කෙටි කලකින් නොසිතූ මොහොතක නොසිතූ පරිදි මෙලොවින් සමුගත්තේය.

ඉකුත් අගෝස්‌තු 8 වැනිදා ඉතාලියට ගොස්‌ සිටියදී තම පෙම්වතිය සමග දුරකථන ඇමතුමක යෙදී සිටි ඩානිව හෘදයාබාධයක්‌ ලෙසින් පැමිණි මරුවා රැගෙන ගියේ කිසිවකුට අදහා ගන්නට බැරි ලෙසිනි.

වයස අවු( 17, 19, 20 සහ 21 න් පහළ ජාතික කණ්‌ඩායම් නියෝජනය කළ "ඩානි බොහෝ කලක සිට ඇන්ඩී්‍රස්‌ගේ සමීප මිතුරෙකු විය. ඔහු ඇන්ඩි්‍රස්‌ගේ නියත කණ්‌ඩායම් සගයෙකු ද විය. එසේ වීමට ද තිබිණි. එහෙත් දෛව්‍ය හරස්‌ විය.

පිටියේදී කමිසය ගැලවීම යන කහ කාඩ් අවධානයකට හේතුව වන වර ද නොතකා ඇන්ඩි්‍රස්‌ සිය සගයා වෙනුවෙන් එම ඓතිහාසික ගෝලයේ ගෞරවය පුද කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.