අදීන ජන සංස්‌කෘතික උරුමය පිළිබිඹු කරන
මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය

කොග්ගල මහා ප්‍රාඥයා නමින් ජගත් කීර්තියට පත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් පාරම්පරික නිවස පිහිටා ඇති ගිංපතලිය නමැති ඉඩමේ පිහිටි ජන කෞතුකාගාරය, මෙම වසරේ සිය එකුන් තිස්‌වන සංවත්සරය සමරයි. මාර්ටින් වික්‍රමසිංහයන් සිත තුළ පැවති අදහසක්‌ මල් ඵල ගන්වමින් එක්‌දහස්‌ නවසිය අසූඑක වසරේ

ඇරැඹුණ මෙම ජන කෞතුකාගාරය වූ කලී වැවෙන් උපන් සිංහල සභ්‍යත්වය අරභයා ඔහු ලියූ කියූ දෑ සියල්ල සම්පිණ්‌ඩනය කොට තැබූ සැමරුම් නිකේතනයක්‌ වැන්න.

පැරැණි යුගයේ සිට මෑත අතීතය දක්‌වා මෙරට ජීවත් වූ ජනකායගේ විශේෂයෙන් ගැමි ජනතාවගේ ජීවන ක්‍රමය ගැන පැවසෙන, ආගමික ඇදහිලි විශ්වාස පිළිබඳ පූජා භාණ්‌ඩ, උපභෝග, පරිභෝග වස්‌තූන්, බලි තොවිල් ශාන්ති කර්ම, කෙළි සෙල්ලම් සඳහා යොදාගත් උපකරණ, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම ආදිය මගින් පැවසෙන කතා පුවත වූ කලී අද්විතීය ජන උරුමයක විසිතුරු පුරාවෘත්තයයි. සිංහල සංස්‌කෘතියේ තිරසර බව හා අදීනත්වය රැකුණේ වී ගොවිතැනින් එකට බැඳුණු ගැමි ජනකාය නිසා බව මාර්ටින් වික්‍රමසිංහයෝ නොයෙක්‌ වර සඳහන් කළහ. සිංහලයා පොදු ජනකායක්‌ නොහොත් එකම කාර්යයක්‌ උදෙසා එකම අදහසකින් බඳිනු ලැබූ ජනකායක්‌ ලෙස පළමුව සැදුණේ වැව කැණීමත් වී ගොවිතැනත් නිසාය. සිංහලයාගේ ස්‌වාධීනත්වයටත්, ශක්‌තියටත් දෙස්‌ කියන කර්මාන්තයන් අතර වැව් හා වී ගොවිතැන පළමුවන තැන ගනී. වැව් කැණිය හැක්‌කේ පවුලක්‌ කුලයක්‌ වශයෙන් ජීවත් වන අතළොස්‌සක්‌ විසින් නොවේ. යම්කිසි පොදු හැඟීමක්‌ හා අපේක්‌ෂාවකින් එකට බැඳුණ ජනකායක්‌ විසිනි. වික්‍රමසිංහයන්ගේ මේ කියුම, කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය සමුදයාර්ථයෙන් පිඳුකොට දැක්‌වීමක්‌ වැන්න. කෞතුක වස්‌තූන්ගේ සංයුතිය හා අනුපිsළිවෙළ විභාග කර බැලීමේදී මෙය මොනවට හෙළිවෙයි. බුදු සමය විසින් හික්‌මවන ලද ජනකායක්‌ වැව් කැණ එහි දියෙන් ගොවිතැන් කිරීමෙන් සාමූහිකව ගොඩනැංවූ සභ්‍යත්වය ස්‌වාධීන වූත්, ධාර්මික වූත් එකකි. ඔවුන් නිර්මාණය කළ ගේදොර උපකරණ, ඇඳුම් ආයිත්තම්, ගමන් බිමන් රැකීරක්‌ෂා ආදියේ දී පරිහරණය කළ උපකරණ, විවේකය විනෝදය ගත කිරීමට උපයෝගී කොටගත් භාණ්‌ඩ ආදියෙන් ගැමි ජනකායගේ ස්‌වාධීන කුසලතාව ප්‍රකට වෙයි. පාරම්පරික ගැමි තාක්‌ෂණය හා බැඳුණු මානව දැනුම ඒකරාශි කොට රැගෙන එය අනාගත පරපුරට හඳුන්වා දෙන අයුරින් විධිමත්ව සැකසී ඇති කොග්ගල සුවිසල් ජන කෞතුකාගාරය ප්‍රදර්ශන මැදිරි පහකින් සමන්විත වෙයි. වැවෙන් උපන් සභ්‍යත්වය සංකේතවත් කරන බිසෝකොටුව, බෝධිය, සෙල්ටැම් ආදී ආකෘතීන් හා අතිශය විරල සිත්තම්වලින් සැරසුණ ධාතු මංජුසාව කේන්ද්‍ර කොටගෙන ඒ වටා පෙළ ගැසුණු කෞතුක වස්‌තු දැක්‌ම ඇරැඹෙන්නේ බෞද්ධාගමික සංකේත හා ජන ඇදහිලි නිරූපණය කෙරෙන භාණ්‌ඩයන් ගෙනි. ඉන් අනතුරුව ආදිකාලීන යුගයේ සිටම පැවත එන දිවයිනේ ගැමි ජනතාවගේ ප්‍රධාන වෘත්තීන් වන කෘෂිකර්මාන්තයට හා ධීවර කර්මාන්තයට හා අදාළ දුර්ලභ ගණයේ කෞතුක භාණ්‌ඩ රැසක්‌ දැකගත හැකිවෙයි. ආදිකාලීන ගැමියන් පරිහරණය කළ මෙහි ඇති ඇතැම් භාණ්‌ඩ ජන කවි සාහිත්‍යයේද නොමඳව වර්ණිතය. වාංපතුල්, දිය හොල්මන, සොකඩය ඉන් කිහිපයකි.

අඩ සඩකලේ මං පැදයන ගොන් පැටියා

දඩබඩ කළේ ගෙල බැඳි සොකඩා කැටියා

උණ දඬු කපන තැන උණ දඬු රිකිල්ලා

වතුර ගලන තැන හොල්මන් කුරුල්ලා

ගැමියන් අතින් නිමැවුණු ඇතැම් භාණ්‌ඩයක්‌ අරභයා ජන කවියන් කියූ මෙබඳු ජනකවි නිදසුන් ඒ භාණ්‌ඩ අසල දක්‌නට ලැබීම එහි කෞතුක අගය වැඩිවීමට හේතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉපැරැණිම වෙස්‌ මුහුණු කට්‌ටලය හා බලි ශාන්ති කර්මවලදී යොදා ගැනුණු විස්‌කම් බලිය පිළිබඳ එකම නිදසුන අද දැකිය හැක්‌කේ කොග්ගල ජන කෞතුකාගාරය තුළදීය. එය වූ කලී ප්‍රතිමා ඇඹීම පිළිබඳව පැරැණි ග්‍රාමීය බලි ඇදුරන් තුළ පැවති අපූරු නිර්මාණ ශක්‌තියට දෙස්‌ දෙන්නකි. රූකඩ ප්‍රදර්ශනයට අලුතින් එක්‌ කෙරුණු වෙස්‌සන්තර ජාතකය, විදුර ජාතකය නිරූපණය වන රූකඩ ඉදිරිපිට, රූකඩ රංගයක්‌ ඉදිරිපත් කරන ආකාරය දැක්‌වෙන ආකෘතිය නරඹන්නන්ගේ දැනුම, කුතුහලය හා ආස්‌වාදය වඩවන සුලුය.

ජන කෞතුකාගාරයේ සිවුවන මැදිරිය සපුරා වෙන්වී ඇත්තේ යකඩ වානේ හා පිත්තල කර්මාන්තයට අදාළ කෞතුක භාණ්‌ඩ සඳහා ය. එම ඒකකයට මෑතදී එක්‌ කෙරුණ, ලංකාවේ ඉපැරැණි වානේ තාක්‌ෂණය පිළිබිඹු කරන ආකෘතිය හා ඒ පිළිබඳ ලිත තොරතුරු අධ්‍යාපනික වටිනාකමින් ඉතා උසස්‌ වෙයි. නිරිත දිග මෝසම් සුළං බලයෙන් ක්‍රියාත්මක වුණු සමනළ වැව කඳු වැටියේ පැවති ඉපැරැණි දැවැන්ත උදුනක ස්‌වරූපය කෙබඳු ද යන්න සියෑසින් දැක ගැනීමේ අවස්‌ථාව දැන් කොග්ගල ජන කෞතුකාගාරය තුළ පවතී. එම ප්‍රදේශයෙන් හමුවුණු, ගැමි ශිල්පීන් අතින් නිමැවුණු දුර්ලභ ගණයේ, වානේ විදින තොරපනයක්‌ හා වානේ පණ පෙවීම උපයෝගී කොටගත් ගල් ඔරුවක්‌ ද ප්‍රදර්ශනයට තබා ඇත.

කෞතුකාගාරයේ මෑතදී විවෘත කෙරුණු පස්‌වන මැදිරියේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ වැඩි වශයෙන් ගැමි කතුන් අතින් නිමැවුණු ඉපැරැණි, ගෘහස්‌ථ කර්මාන්තයට අයත් අත්කම් භාණ්‌ඩයන් ය. මෙහි දැක්‌වෙන රේන්ද, පන් පැදුරු, පතුරුවලින් නිමැවුණු භාණ්‌ඩ සමින් නිමැවුණ රබන්, බෙර ආදී තූර්ය භාණ්‌ඩ ගැමි නිර්මාණ ශිල්පීන්ගේ වෙසෙස්‌ සමත්කම්ය.

මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ සංයුතිය සැකසී ඇත්තේ, එය නැරැඹීමට පැමිණෙන සෑම තරාතිරමකම ජනයාට අධ්‍යාපනය, විවේකය හා මානසික ප්‍රබෝධය ලබා ගැනීමට අවකාශ සැලසෙන පරිද්දෙනි. කෞතුකාගාරය නරඹා අතීත ජනකාය සතුව පැවති ජීවිත පරිඥනය පිළිබඳ දැනුමෙන් සිරස පුරවා ගෙන පිටතට පැමිණෙන්නා හාම නෙතට හමුවන්නේ මනරම් තුරුලිය ගොමුවලින් හා තණ තලාවෙන් වැසීගිය කෞතුකාගාර සංරක්‌ෂිත පරිසරයයි. පොල් රුප්පා, යටින් වැටී ඇති පටු මං පෙත් ඔස්‌සේ ඉදිරියට යන නරඹන්නන්ට අනතුරුව හමුවන්නේ ආයත චතුරස්‍රාකාරව අඩි දෙසීයක්‌ දිගට විහිද යන තවත් සුවිසල් ගොඩනැඟිල්ලක එක පෙළට ප්‍රදර්ශනය වන පැරැණි යාන වාහන ඔරු පාරු යාත්‍රා සමූහයයි. අලි කරත්තයේ සිට දිගින් අඩි 40 ක්‌ හා පළලින් අඩි 9 ක්‌ වන මහා මා දැල් පාරුව දක්‌වා ඇති විවිධ තරාතිරමේ ගැල් සහ ඔරු පාරු අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ ගමන් බිමන් හා වෘත්තීන් ගැන සිහිපත් කරනවාත් හැර ඔවුන් සතුව පැවැති ශිල්පීය ඥනයද ප්‍රකට කරවයි.

මාර්ටින් වික්‍රමසිංහ උපන් පාරම්පරික නිවස අපට සිහිපත් කරවන්නේ වසර දෙසීයකට පමණ පෙර පැවැති ග්‍රාමීය ප්‍රභූවරයකුගේ නිවසයි. ආරච්චි ගෙදර, ඔපිසර ගෙදර, ගුරු ගෙදර, වෙද ගෙදර නමින් එ දවස හැඳින්වූ මෙබඳු නිවාස සියල්ල අද වන විට අභාවයට පත්ව ගොසිනි. පැරැණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‌ෂණ පිළිබිඹු කෙරෙන මෙම වික්‍රමසිංහ පාරම්පරික නිවස, දෙවෙනි ලෝක යුද සමයේ කොග්ගල අහස්‌ නැව් තොටුපළ පිහිටවූ සුද්දන්ගේ සිත් ගත්තකි. එම නිවස අද ශේෂව පැවතීම ජාතියේ භාග්‍යයක්‌ වෙයි.

මාර්ටින් වික්‍රමසිංහයන් මියයන විට එතුමා උපන් නිවස හා අක්‌කර දෙකක පමණ භූමි භාගයකට හිමිකම් කී මෙම පරිශ්‍රය අද වන විට අක්‌කර අටක තුරුලිය ගොමුවෙන් හා ඊට අනුරූපව ඉදිවුණු ගොඩනැඟිලි කිහිපයකින් හෙබි මනරම් උයනක සිරිය උසුලයි. කාල නිර්ණය මෙපමණැයි කියා නිශ්චය ලෙස කිය නොහැකි ඉපැරැණි බෝධිය, මාර්ටින් වික්‍රමසිංහ සමාධිය, පැන් පවස නිවාලමින් විවේක සුව ලබාදෙන අම්බලම ජන කෞතුකාගාර පරිශ්‍රයට මෙන්ම නරඹන ජනතාවටද මහත් ආශ්වාදයක්‌ම වන්නේය.

අප රටේ පැරැණි යුගයේ ජීවත් වූ ගැමි ජනකාය අතර පැවැති සාමකාමී සාමූහික සරල දිවි පෙවෙත ගැන අවබෝධයක්‌ අද වෙසෙන ජනතාවට ලබාගත හැක්‌කේ පොත පතින් පමණි. එයද සැබෑ ජීවිතයම නොව ලේඛකයකු සතු වන පරිකල්පනයේ පිළිබිඹුවක්‌ විය හැකිය. පැරැණි ජීවිතය පිළිබඳව පොතින් පතින් ලබන දැනුමට වඩා විශාල දැනුමක්‌ කෞතුකාගාරයකින් උකහාගත හැකිය. මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නැරැඹීමට පැමිණෙන ගුරුවරුන්, සිසු දරුවන්, වැඩිහිටියන් දකින්නේ පැරැණි ගැමි ජනකාය අතින් නිර්මාණය වුq ඔවුන් අතපත ගා පරිහරණය කළ භාණ්‌ඩයන්ය. එහෙයින් කෞතුකාගාරය තුළ ඔවුන් ගත කරන කාලය ඇතුළත ඔවුන් ජීවත් වන්නේ සත්‍ය දේවල් වටාය. ඒ අතීත ජීවිත සත්තාව, ඔවුන් තුළ මානසික ප්‍රබෝධය හා ප්‍රඥස්‌වාදය වඩයි. එහෙයින් කෞතුක භාණ්‌ඩයන් පිළිබඳ තොරතුරු විමසා ලබා ගන්නා දැනුම විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයක්‌ ද වන්නේය.

මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය හා එහි පරිසරය පිsළිබඳ විසිනව වසක්‌ පුරා ලියෑවුණු ප්‍රශස්‌තීන්ගෙන් එහි තබන ලද සටහන් පොත් පිරී ඇත. ජාතියට මහ මෙහෙයක්‌ කළ ශාස්‌ත්‍රවන්තයකු අරභයා ආසියාවේ දක්‌නට ලැබුණු සොඳුරුතම කෞතුකාගාරය මෙය බව විදේශිකයන් කිහිප දෙනකු තැබූ සටහන්වලින් කියෑවෙයි. නිබඳ ලඹ දෙන ඵල රස බුදින විහඟ කැල නඟන පිළිරැවින් ජන කෞතුකාගාර පරිසරය සජීව ප්‍රබෝධයකින් හැමදා වෙලී පවතී. සුදු නිල ඇඳුමින් සැරසීගත් දහස්‌ ගණන් පාසල් දරුවන් කෞතුකාගාර පරිශ්‍රය පුරා සැරි සරමින් පරිසරයේ ප්‍රබෝධය සිත් සේ විඳිති. යාන වාහන ඝෝෂාවෙන් තොර පරිසරයේ නිහැඬියාව මඳකට හෝ බිඳෙන්නේ පීත්ත පටියක්‌ වැනි රේල් පාර දිගේ ඉඳ හිට ඇදී යන රේල්ලුවකින් පමණි.

විසි නව වසරක අතීතය දෙස හැරී බැලීමේදී මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය අද ලබා ඇති දියුණුව හා ප්‍රබෝධය ජාතියේ ආඩම්බරයට හේතුවක්‌ වනු නොඅනුමානය. රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ කිසිදු ආධාරෝපකාරයක්‌ නොලබා වික්‍රමසිංහයන්ගේ දූ දරුවන්ගේ බහුතර සංයුතියෙන් සැදුම්ලත් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්‌ඩලය මගින් මෙතරම් සුවිසල් කෞතුකාගාරයක්‌ නඩත්තු කොට පවත්වාගෙන යැම ජාතියේම ගෞරවය ලැබීමට සුදුසු වන උදාර මෙහෙවරක්‌ බව පවසන්නේ ඔවුන්ගේ නිහඬ නිහතමානි කැපකිරීම ගැන ඉත සිතින්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.