56 දී දිවි නසාගත් වික්‍රමසිංහ නම් ලිබරල්වාදියා

මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ වර්තමානයේ ස්‌ථාපිතව පවතින අදහස්‌ මේ යුගයේ බොහෝ චින්තනමය මිථ්‍යාවල උපත වූ ජාතික චින්තනය සමඟ බද්ධ වී තිබේ. වික්‍රමසිංහ තම ජාති(ක)වාදී පටු චින්තනය තුළ ස්‌ථානගත කිරීමට ගුණදාස අමරසේකර හා නලින් ද සිල්වා දිගුකාලීනව ගත් උත්සාහය පසුගිය කාලයේ වර්තමාන පරපුරෙහි ඌන සංවර්ධිත න්‍යායික මොළ කබල් මත දිගින් දිගටම රැව් පිළිරැව් දීමේ ෙ€දවාචකය නිමා වී ඇත්තේ කුමාරතුංග මෙන්ම වික්‍රමසිංහ පටු දේශීය චින්තනයක්‌ කෙටුම්පත් කළ සිංහල - බෞද්ධ න්‍යායවාදීන් බවට පත් කිරීමෙනි. මෙය ව්‍යාපාරයකි. ප්‍රකාශකයත් ප්‍රචාරකයත් හා විධිමත් සංවිධාන සහිත නිශ්චිත චින්තන ව්‍යාපාරයකි. පාර්ලිමේන්තුවේ සිට බිම් මට්‌ටම දක්‌වා ව්‍යාප්ත වූ මෙම ව්‍යාපාරයේ මාර්ටින් වික්‍රමසිංහගේ චින්තනයද ප්‍රබල කාර්ය භාරයක්‌ ඉටුකරන අතර එතන දී වික්‍රමසිංහ තමන්ගේ මල්ලට දා කපා ගැනීමටත්, ඒ ඔස්‌සේ වර්තමාන පරපුර චින්තන පරපුර චින්තනමය අන්ධකාරය වෙත රැගෙන යැමටත්, තරුණ පරපුරට ලැබිය යුතු පුළුල් ජාත්‍යන්තරවාදී දැනුම් පදනම් අහෝසි කිරීමටත් ශෝචනීය වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙමින් පවතියි. අද දවසේ අප විසින් වික්‍රමසිංහට කියවිය යුත්තේ එම මහා ගණ"ඳුරින් දුරුවීම සඳහා තරුණ පරපුර වෙත එල්ල කළ යුතු ප්‍රභාසාර වූ ආලෝක කදම්භයක්‌ නිර්මාණය කර ගැනීමේ චින්තනමය අවකාශය සපුරාලීම සඳහාය. මේ ලිපිය එවැන්නකට පදනම් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් රචනා වන්නකි.

20 වැනි සියවසේ ආරම්භක යුගය

ආනන්ද කුමාරස්‌වාමි, උඩකැන්දවෙල සිරි සරණංකර හිමි, කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන් ආදී විවිධ මතධාරී සමාජ සංස්‌කෘතික චින්තකයන්ගේ මැදිහත්වීමෙන් ඇරඹි චින්තනමය විප්ලවයක්‌ 20 වැනි සියවසෙහි මුල් දශකවල අප අතර විය. ලිබරල්වාදය ජාතිකවාදය මෙන්ම සමාජවාදය උපයෝගී කොට ගනිමින් විවිධ විෂය ක්‌ෂේත්‍රවල ඔවුන් ආරම්භ කළ දෘෂ්ටිමය අරගලය 56 න් ඇරඹෙන ඊනියා දේශීය සංස්‌කෘතික යුගයට වඩා පුළුල් හා සංකීර්ණ චින්තන පදනමක්‌ සහිත එකක්‌ යෑයි පෙන්වා දිය යුතුය. ඉන්දීය නිදහස්‌ අරගලය මෙන්ම රුසියාවේ සමාජවාදී විප්ලවය යටත් විජිත අධ්‍යාපනයෙන් ලද ලිබරල්වාදී දෘෂ්ටිමය දායාදයද මෙම පිරිසගේ සංකල්පීය පදනම සකස්‌ කළ අතර මාර්ටින් වික්‍රමසිංහ තරුණ ලේඛකයකු ලෙස තම ගමන අරඹන්නේ මෙවන් දෘෂ්ටිමය පසුබිමක්‌ තුළය.

තරුණ වික්‍රමසිංහ

එම යුගයේ ජනප්‍රිය කතිකාව තුළ පැවති ජාතිවාදී හා භාෂාවාදී අරමුණුවලට පටහැනි වූ වික්‍රමසිංහ තම චින්තනමය ගමන ඇරඹුවේ පුළුල් චින්තන අවකාශ සඳහා විවර කරන ලද සංවාදාත්මක නිර්භය අදහස්‌ සමුදායකිනි. විද්‍යාව දර්ශනය වාග් විද්‍යාව, ආගම, ජනශ්‍රැතිය මත නොවන වෛද්‍ය විද්‍යාව යනාදී විෂයන් පිළිබඳ පවා ජාත්‍යන්තර Æණයකින් සන්නද්ධව ඔහු කටයුතු කළ ආකාරය 1919 දී පළ කළ ශාස්‌ත්‍රීය ලේඛන නම් ග්‍රන්ථයෙන් පෙනී යයි. වික්‍රමසිංහගේ එකතු කළ කෘතිවල 14 වැනි වෙළුමේ අන්තර්ගත මෙම කෘතියේ ඔහුගේ විවෘත චින්තනය හා පටු ජාතිවාදී ප්‍රවේශවලින් ඔබ්බට සිංහල සාහිත්‍යය ගෙනයැමේ ප්‍රබල අවශ්‍යතාවක්‌ දැකිය හැකිය. සිංහල භාෂාවේ දුර්වලතාව නම් නිබන්ධයේ ඔහු මෙසේ පවසයි.

"සිංහල භාෂාව ලෝකයේ භාෂාවන් අතුරෙන් ඉතා ජ්‍යෙෂ්ඨ පŒක්‌තියේ තබා සැලකිය යුතු මධුර මනොහර කොමල භාෂාව වකැයි එහි ගුණවර්ණනා කරන්නන් විසින් ප්‍රකාශ කරනු ලැබේ. සිංහල භාෂාවෙහි උසස්‌කම පෙන්වීමට ඔවුන් විසින් මනසින් ගලපන ලද අලôකාර වාග්මාලාවන් මිස කිසිම සාක්‌ෂි යුක්‌තියක්‌ දක්‌වනු නොලැබෙත්. ඉංගී්‍රසි ආදී වර්තමාන අපරදිග භාෂාවන් සමග සමකොට බලතොත් සිංහල භාෂාව ඉතාම දුර්වල භාෂාවකැයි කියයුතු සේ අපට වැටහේ. සිංහල භාෂාවේ දක්‌නට ලැබෙන දුර්වලතා අප විසින් මෙහි විස්‌තර කරනු ලැබෙත්. සිංහල භාෂාවේ පොත්පත් පිළිබඳ ඇත්තා වූ මහත් වූ අඩුපාඩු සම්පූර්ණ කරලීම සඳහා උත්සාහයක්‌, ඊට ශක්‌ති ඇති ධනවත් උගත් සිංහලයන් තුළ ඇති කරලීමට මෙය උපකාර වන්නේ යයි සිතන සිංහල භාෂාවට මහත් ඇල්මක්‌ අප තුළද තිබේ. වර්තමාන කාලයෙහි අපරදිග භාෂාවන් උගත් ඇතැම් "ජාති හිතෛෂීන් විසින් සිංහල භාෂාවටද දක්‌වන ගෞරවය මුඛාරූඪ හිස්‌ ගෞරවයකි. සිංහල භාෂාවට සැබෑ ඇල්මක්‌ ඔවුන් තුළ නැත්තේ "ජාතිහිතෛෂීන්" මෙන් පෙනී සිටිය යුතු බැවින් ඔවුහු මහත් මතයට බියෙන් ඊට වචනයෙන් ගෞරව කරත්. අප රට භික්‌ෂුන් වහන්සේලා තුළද සිංහල භාෂාවට සැබෑ ඇල්මක්‌ නැත්තේ උන්වහන්සේලා පාළි සංස්‌කෘතාදී භාෂාවන් ඉගෙනීමෙන් ව්‍යාවෘත වෙත්. මේ විශාල ලෝකය ගැන තබා ලôකාව ගැනවත් හරිහැටි තොරතුරු නොවිමසන ඇතැම් අය සිංහල භාෂාව උසස්‌ යයි සම්පූර්ණ යයි කියමින් ගර්ජනා කරන නමුත් දිනෙන් දිනම සිංහල භාෂාව අභාවප්‍රාප්තවේගන යන්නේය. සිංහල භාෂාවේ උසස්‌ බලය වර්ණනා කරමින් සිටීම නිෂ්ඵලයි. සිංහල පොත්පත් පිළිබඳ අඩුපාඩු සම්පූර්ණ කරලීම සිංහල භාෂාව කෙරෙහි කා තුළත් සමාන ගෞරවයක්‌ හා ඇල්මක්‌ ඇතිවීමට හේතුවකි. භාෂාවේ චිරස්‌ථිතිය පතා උගතුන් විසින් සිංහල පොත් සුලභ කිරීමෙහි උත්සාහ ගතයුත්තේය. සද්ධර්මාලංකාරය නම් ප්‍රචලිත මධ්‍යකාලීන ගද්‍ය කෘතිය මෙන්ම එවකට නිදහස්‌ චින්තකයකු ලෙස ප්‍රකට වූ හර්බට්‌ ස්‌පෙන්සර් එකම තලයක තබා තම නිබන්ධය අරඹන වික්‍රමසිංහ තම න්‍යායික රාමුව නිර්මාණය කරන්නේ නූතන වාග් විද්‍යා මූලධර්ම මත පිහිටමිනි. එනම් භාෂා යනු එහි ප්‍රකාශිත ශක්‌තිය හා සන්නිවේදන විභවතා අනුව එකිනෙක වෙනස්‌ විය හැකි ශක්‍යතා සහිත දෙයක්‌ මිස ඒ තමන්ගේ හෝ තම රටෙහි භාෂාව නිසා අවිවාදයෙන් පිළිගත යුqතු ගෞරව කළ යුතු පූජා භාණ්‌ඩයක්‌ නොව යන්න ඔහු පෙන්වා දෙයි."

ඉංගී්‍රසි භාෂාවේ ප්‍රකාශිත ශක්‌තිය සිංහලට වඩා වැඩිය යන සාපේක්‌ෂ සත්‍යය වික්‍රමසිංහ විසින් පිළිගැනෙන්නේ ව්‍යාජ ජාති හිතෛෂී චින්තනය සහේතුකව විවේචනය කරමිනි. භාෂාව පිළිබඳ හෙළ හවුලේ පාරිශුද්ධවාදී චින්තනයේ මෙන්ම 56 දී අන්තගාමී ලෙස පිළිගන්නා ලද සිංහල පමණයි යන ව්‍යාජය සමග සසඳන කල වික්‍රමසිංහගේ මතය වර්තමානයටත් වඩා අතිශයින් ප්‍රගතිශීලී එකකි. අනාගතයට ආලෝකය විහිදුවන පටු ජාතිවාදී චින්තනයේ පදනම දෙදරවන එකකි.

වික්‍රමසිංහ මෙහිදී හුදු පාළි හා සංස්‌කෘත ඉගෙන ඒ දෛනික ව්‍යවහාරයෙන් ඉවත් වී ගුඩු බණ දෙසන භික්‌ෂු ප්‍රජාවද විවේචනය කිරීමට පසුබට නොවෙයි. 40, 50 දශකවල විද්‍යාලංකාර චිත්තනය ප්‍රගතිශීලී මාවතකට රැගෙන යමින් යක්‌කඩුවේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් කරළියට පැමිණි ජනවහර හා සබැඳි භාෂා ව්‍යවහාරයට මේ යුගයේම පදනමක්‌ දැමීමට ඔහු සමත් වෙයි. හුදෙක්‌ ජාත්‍යානුරාගය පමණක්‌ ජාතික නිදහස උදෙසා මෙහෙවරක්‌ නොකරන බව මෙහිදී වික්‍රමසිංහ අවධාරණය කරයි.

භූතෝන්මාදය

මෙම ලිපි සංග්‍රහයේම එන භූතෝන්මාදය නමැති රචනයේ දී ඔහු Hහිඑeරස්‌ නමැති රෝග තත්ත්වය පිළිබඳ තීක්‌ෂණ විග්‍රහයක්‌ ඉදිරිපත් කරයි. Hහිඑeරස්‌ යනනට එම යුගයේ ඔහු සැපයූ භූතෝන්මාදය නමැති වචනය වර්තමානයේ අර්බුදකාරී විය හැකි වෙනත් එවැනි විෂය ප්‍රදේශ සමඟ සිංහල මාධ්‍යයෙන් ලිපි රචනා කිරීමට ඔහු ගත් උත්සාහය ඔහුගේ සංකීර්ණ න්‍යායික ප්‍රගතිශීලිත්වය මැනවින් අඟවන උදාහරණයකි.

මානව විද්‍යාව භෞතික විද්‍යාව ආදිය ඔස්‌සේ එම යුගයෙන් බහුතර මතුපිට ජාතික වීරයන් පළ නොකළ එහෙත් එම යුගයට නොව වර්තමානයට පවා අත්‍යවශ්‍ය වන අදහස්‌ පළ කිරීමට තරුණ වික්‍රමසිංහ සමත් විය.

"භූතෝන්මාදය" මේ ලිපියේ "මනෝවශීකරණය හා පිස්‌සන් ආවේශ කිරීම" යන අනුමාතෘකාව යටතේ ඔහු ලියූ පහත ඡේදය විද්‍යාව හා දේශීය සමාජය තුළ පැවති චාරිත්‍ර වාරිත්‍ර අතර පැවති සම්බන්ධය ව්‍යාජ දේශීයත්වය කින් තොරව දැකීමක්‌ ලෙස හඳුන්වා දිය හැකිය.

"ගම්බද පළාත්වල ස්‌ත්‍රියකට භූතෝන්මාදය හටගත් කල වහා සමර්ථ යකැදුරෙක්‌ කැඳවා ආතුරයා "ආවේශ" කරන්නේය. තොවිලයක්‌ නටා යථොක්‌ත රෝගියා "ආවේශ" කොට අමනුෂ්‍යයා එලවා රෝගය සුවකිරීම වෙන කිසිවක්‌ නොව මනොවශීකරණය කොට ඉක්‌බිති චිත්තාරාධනයෙන් (Sමටටැsඑසදබ) රෝගය සුවකිරීම වේ. අප රට මිනිසුන් අතර පවත්නා තොවිල් කිරීමෙන් හා පිරිත්කීම් ආදියෙන් රෝග සුවකිරීම වර්තමාන අපරදිග ශාස්‌ත්‍රඥයන් විසින් සොයා ගන්නා ලද ඡිහජයද-එයෑර්චැමඑසජි නම් මානසික රෝග පිළියම් ක්‍රමය වේ. අප රට මනුෂ්‍යයන් අතර හා ලෝකයේ අන්‍ය ශිෂ්ටාdර අශිෂ්ටාචාර රටවල මනුෂ්‍යයන් අතර යක්‌ෂ ප්‍රේත භූතාදීන් ගැන ඇති ළාමක විශ්වාසය උඩ ඇතිවී තිබෙන රෝග පිළියම් අපරදිග ශාස්‌ත්‍රඥයන් සැබෑ ශාස්‌ත්‍රීය අත්තිවාරමක්‌ උඩ පිහිටුවා වර්තමාන අපරදිග වෛද්‍ය ශාස්‌ත්‍රයෙහි උසස්‌ අංගයක්‌ මෙන් ඇතුළත් කොට ඇත්තේය. 11 වෙනි වෙළුම - 122 පිටුව

සමකාලීන සමාජය සමකාලීන චින්තනයට ඔබ්බෙන් දැකීම

තමා විසූ යුගයේ සමාජය ද ඒ යුගයේ විද්වතුන් අතර ඇති වූ අන්තර් - සංවාද ද හුදු යුගයේ සීමාවට ඔබ්බෙන් තබා විශ්ලේෂණය කිරීමටත් අභිනව න්‍යායික රාමුවක්‌ නිර්මාණය කරගැනීමටත් වික්‍රමසිංහ තුළ විශාල දක්‌ෂතාවක්‌ තිබූ බව නිරීක්‌ෂණය කළ හැකිය. එය ගැඹුරින් විග්‍රහ කර බලතොත් බොහෝ විෂය ප්‍රදේශවලින් ලැබූ අන්තර් ශික්‌ෂණයෙහි ප්‍රතිඵල ලෙස විග්‍රහ කළ හැකි අතර පහත සඳහන් වෙන්නේ ඒ සඳහා කදිම උදාහරණයකි.

මෙය අප විසින් උපුටා ගැනෙන්න් වික්‍රමසිංහ රචනා කළ හික්‌කඩුවේ නායක මාහිමියෝ හා වර්තමාන සාහිත්‍යයේ ආරම්භය නමැති ලිපියෙනි.

"ආගම් වාදය, කුලවාදය හා දේව පූජා වාදයද ගද්‍යයට වස්‌තු සැපයූ කාලයෙහි සිංහල ගද්‍යය දියුණු විය. ඒ වාද නැවතුණු පසු ගද්‍ය රචනයට උගතුන් උනන්දු කෙළේ නවකතාවයි. නව කතාව සිංහල ගද්‍යයට අරමුණක්‌ වන්නට පෙර පැරණි අද්භූත කථා සිංහලෙන් කියන්ට වෑයම් කළ කිහිප දෙනෙක්‌ වූහ. බෙන්තොට ඇල්බර්ට්‌ සිල්වා ලවා සිංහලයට නැඟු අරාබි නිසොල්ලාසය පළ කරවූ ඇන්. ඇස්‌. ප්‍රනාන්දු වණිගසේකර මුදලිඳු, හික්‌කඩුවේ නායක හිමියන් හා මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ද නිසා බෞද්ධයන් අතර හටගත් පිබිදුමට රුකුල් දුන්නෙකි. අගනා සිතියම් සහිතව ජාතක කථා පිළිවෙලින් පළ කරනු පිණිස සඟරාවක්‌ද අරඹනු ලැබීය. ගම්වලද පැතුරුණු ඒ සඟරාව කුඩාවියෙහිදී කියවූ මා එය ඇරඹූ දුරදක්‌නා නුවණැතියන්ගේ නම් දැන් මතක්‌ කරන්ට තැතනීම කළුවර කාමරයක ඇතැයි සිතාගත් කළු බළලකු අල්ලන්ට අතපත ගාන කණකුගේ වෑයම වැන්නයි හැඟේ. හික්‌කඩුවේ නායක හිමියන්ගේ ශූර ගෝලයකු වූ වේරගම බණ්‌ඩාර මහතාගේ, ඉරි සිත්තම් සහිත, සම්බුද්ධ චරිතය දකුණු පළාතේ ගැමි ගෙවලට බෙහෙවින් පිවිසි පොතකි. එය මෙකල වුවද මුද්‍රණයෙන් පැතිර විය යුතු බුදු සිරිතකැයි මම සිතමි. වේරගම බණ්‌ඩාර පඬිතුමාගේ පදනීතිය" පරදවන සරල වියරණයක්‌ මේ තාක්‌ ලියන ලදැයි කිය හැකිද? ඔහුගේ ශබ්ද මුක්‌තාවලිය එකල පළ කරනු ලැබූ සිංහල කෝෂයකි. මා දහඅට වැනි වියෙහිදී කියු වූ ඔහුගේ කාමවිද්‍යා ග්‍රන්ථයේ නම මට මතක නැත. අයථා ශුක්‍ර මෝචනය හා කාමරෝග පිළිබඳ විස්‌තර ඇතුළත් ඒ පොත ඔහු ලියුවේ කුමක්‌ නිසාදැයි මට නොවැටහිණ, එය ඇතැම් ඉංගිරිසි ලේඛකයන්ගේ පොත් ද ඇසුරෙන් ලියවුණක්‌ විය යුතුය."

අදහස්‌ වික්‍රමසිංහ තුළ සැඟ වී තිබූ බව මෙයින් හෙළිවේ. විෙද්‍යාaදය මුල්කොටගෙන රටෙහි ඇති වූ ශාස්‌ත්‍රීය ප්‍රබෝධයේ ස්‌වරූපය ගැමි සමාජය වෙත බලපෑම් ඇති කළ ආකාරය පිළිබඳ වික්‍රමසිංහගේ අවධානයට යොමු වී ඇත. වේරගම බණ්‌ඩාරගේ පදනීතිය සම්බන්ධයෙන් වික්‍රමසිංහ පවසන මතය කෙතරම් තාර්කිකද?

56 න් පසු සිදුවූ ෙ€දවාචකය

56 පෙරළිය ප්‍රගතිශීලී වේශයෙන් පැමිණියද පුළුල් චින්තන අවකාශයක්‌ පටු චින්තන අවදාශයක්‌ බවට පරිවර්තනය කළ ෙ€දනීය අවස්‌ථාවක්‌ විය. එහිදී බොහෝ ලිබරල්වාදීන් හා පුළුල් ජාතිකවාදීන් පටු ජාතිවාදීන් බවට පත් වූ අතර මාර්ටින් වික්‍රමසිංහටද එම ෙ€දවාචකයකට මුහුණ පෑමට සිදු විය. බමුණු කුලයේ බිඳ වැටීම නමැති ඔහුගේ සුප්‍රකට ලිපිය එම ෙ€දවාචකයේ ප්‍රධාන සංධිස්‌ථානය වූ අතර ඉන් පසු වික්‍රමසිංහ තම පුළුල් ලිබරල් ආස්‌ථානවලින් ක්‍රමයෙන් පටු ජාතිවාදී ආස්‌ථානවලට පල්ලම් බැසගිය ආකාරය නිරීක්‌ෂණය කළ හැකිය. පේරාදෙණිය නවකථාවේ ප්‍රගතිශීලිත්වයට එරෙහිවීම සහ ඩී. එච්. ලෝරන්ස්‌ බැහැර කිරීමේ අගතිය මේ පල්ලම් බැසීමේදී කැපී පෙනෙන අගතීන් දෙකකි.

සමාලෝචනය

මේ මොහොතේ මාර්ටින් වික්‍රමසිංහ යනු 56 පසු මාර්ටින් වික්‍රමසිංහ වන අතර ඒ චරිතය කරළිය තුළ වඩම්මාගෙන යනු ලබන්නේ ජාතික චින්තනවාදීන්a විසිනි. අපි එම පටු කියවීමට ඔබ්බෙන් ගෞරවනීයව සිටින ලිබරල් මාර්ටින් වික්‍රමසිංහ වෙත නෙත් හෙළමු.

එය වත්මන් තරුණ පරපුර සිරගත වී ඇති ගණ"ඳුර බිඳීමේ එක්‌ අරගලයක්‌ වනු ඇත.

චින්තක රණසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.