කඩොලාන පැළ රෝපණ ව්‍යාපෘතියක්‌

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) මීගමුව ප්‍රාදේශීය පර්යේෂණ ආයතනය කඩොල් කැලේ කඩොලාන පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක්‌ වත්තල ලියෝ සමාජය සහ හැටන් නැෂනල් බැංකුව කොළඹ නගර ශාඛාවේ අනුග්‍රහය යටතේ සිදු කෙරිණි, කුරන මහා විද්‍යාලය, විද්‍යාලංකාර ජාතික පාසල, හරිස්‌චන්ද්‍ර මහා විද්‍යාලය, සහ ශාන්ත මරියා යන මීගමුව නගරාශ්‍රිත පාසල්වල සිසුන් මෙම ව්‍යාපෘතිය යටතේ දැනුවත් කිරීමද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්‌ථාවට නගර ශාඛාවේ කළමනාකරු එස්‌. සිවගිරි, වත්තල ලියෝ සමාජයේ සභාපති හෂාන් ගුණතිලක, උප සභාපති රෝෂාන් රණවන, මීගමුව නාරා ප්‍රාදේශීය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි එම්. ගම්මන්පිල පර්යේෂණ සහකාර ඩබ්. ඒ. සුමනදාස යන මහත්වරු සහ අන්තර්ජාතික දේශගුණික නියාමක ඇන්මරී රොෂෙල් වැන් ඩොට්‌ මහත්මියද එක්‌ වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.