බ්‍රිතාන්‍ය අගමැති ඉන්දියාවේ

බැංගලෝරය - ඒ. පී

ඉන්දියාවේ නිල සංචාරයක්‌ සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ විශාල දූත පිරිසක්‌ පැමිණ සිටිති. බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ මෙය දෙරට අතර ඇති වෙළෙඳ සබඳතා වැඩිකර ගැනීම ප්‍රධාන කොටගෙන කෙරෙන සංචාරයක්‌ බවය.

ඉන්දියාවේ වර්ධනය වෙමින් ඇති ආර්ථිකයෙන් බ්‍රිතාන්‍යයටද වාසියක්‌ අත්කර ගැනීමට හැකිවනු ඇතැයි එම දූත පිරිසේ විශ්වාසයයි.

තමා ඉන්දියාවට පැමිණීමෙන් පසු දෙරට අතර පෙර පැවති සබඳතා නැවත ශක්‌තිමත් කර ගැනීමට හැකිවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවදුරටත් පැවසීය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.